ක්‍රිෂ්ණ මූර්ති විද්‍යාත්මක භාව කේන්දරයක්‌ සාදන අයුරු

2388
චතුර්තාම්ශ
චතුර්තාම්ශ

[ratings]

පාඩම – 01

ක්‍රිෂ්ණ මූර්ති භාව කේන්දරයක්‌ සෑදීමට සැරසෙන ඔබ ප්‍රථමයෙන්ම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය යනු කුමක්‌දැයි හඳුනාගත යුතුය. දකුණු ඉන්දියාවේ උපත ලත් මහාචාර්ය කේ. ඇස්‌. ක්‍රිෂ්ණ මූර්ති පඬිවරයා ලෝකයටම නව ජ්‍යෙdතිෂ දර්ශනයක්‌ ඉදිරිපත් කරන ලදී. “නක්‌ෂත්‍ර හා උපස්‌ථාන” රීතිය මෙම රීතිය අනුව ග්‍රහයකු ඔහු තැන්පත් නක්‌ෂත්‍රාධිපති ග්‍රහයාගේ පාලනයට නතුවන හෙයින් ග්‍රහයකු ප්‍රමුඛත්වයක්‌ ලබා දෙනුයේ තමා තැන්පත් නක්‌ෂත්‍රය හා උපස්‌ථානාධිපති තැන්පත් වී සිටින භාවයට හා අයත් භාවයට හෝ භාවයට අයත් කරුණු කෙරෙහිය. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය ගොඩනඟා ඇත්තේ මෙම දර්ශනය මතය. නක්‌ෂත්‍ර හා උපස්‌ථාන රීතිය ක්‍රි. මූර්ති ස්‌ඵුට සහිත ජන්මපත්‍රයක මාර්ගයෙන් නිවැරැදි ජීවිත පලාඵල ප්‍රකාශ කළ හැකි සාර්ථක විද්‍යාත්මක ක්‍රමයක්‌ බව සානාථ වී තිබේ. මේ සම්බන්ධව ඉදිරියේදී සවිස්‌තරව අධ්‍යයනය කිරීමට ලැබේ.

ක්‍රි. මූර්ති භාව කේන්දරයක්‌ සෑදීමේදී පළමුව රාශියේ හා භාවයේ වෙනස මනාව අවබෝධ කරගත යුතුය.

රාශිය

රාශිය රාශි චක්‍රයේ ප්‍රමාණය අංශක 360 කි. මෙම රාශි චක්‍රය අංශක 30 බැගින් සමාන කොටස්‌ 12 කට බෙදා ඇත. එම කොටස්‌ රාශි වශයෙන් නම් කර ඇත. රාශි චක්‍රයේ පළමුවන රාශිය අංශක 0 සිට 30 ද දෙවන රාශිය අංශක 30 සිට 60 ද තෙවන රාශිය අංශක 60 සිට 90 ආදී වශයෙන් අංශක 360 ක්‌ වූ රාශි චක්‍රය නියත වශයෙන් අංශක 30 බැගින් බෙදා ඇත. මෙම රාශි චක්‍රයේ ප්‍රථම රාශිය මේෂ රාශිය ලෙස හඳුන්වනු ලබන අතර ඉතිරි රාශි අනුපිළිවෙළින් වෘෂභ, මිථුන, කටක, සිංහ ආදී වශයෙන් නම් කර ඇත.

ජන්මියෙකු යම්කිසි වෙලාවකදී, යම් ස්‌ථානයක, මෙලොව උපත ලබන මොහොතේදී නැගෙනහිර ක්‌ෂිතිජයෙන් උදාවෙමින් පවතින රාශිය එම ජන්මියාගේ ලග්නය ලෙස එකී රාශි නාමයෙන් හඳුන්වනු ලැබේ.

අංශක 360 ක්‌ වූ මුළු රාශි ප්‍රමාණය සමාන කොටස්‌ 12 කට බෙදූ විට එක්‌ රාශියකට නිශ්චිත අංශක 30 බැගින් සමසේ බෙදා ගත්තත් භාවයන් සම්බන්ධයේදී භාවයකට අයත්වන නිශ්චිත අංශක ප්‍රමාණයක්‌ නොමැත. මේ අනුව සමහර අවස්‌ථාවලදී භාවයකට රාශි දෙකක්‌ හෝ තුනක්‌ අයත් වන්නේය. මෙසේ වීමට හේතුව යම්කිසි ජන්මියකු උපත සිදුවන වෙලාව හා භූගෝලීය අක්‌ෂාංශක අනුව සිදුවන වෙනස්‌ වීමයි. නමුත් භාව දොළසේම මුළු ප්‍රමාණය අංශක 360 ක්‌ විය යුතුය.

භාව කේන්දර සැකසීමේදී පළමුවන භාව ස්‌ඵුටය (ලග්න ස්‌ඵුටය) වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ස්‌ඵුටය රාශියේ මුල, මැද හෝ අග යන කුමන හෝ තැනක ලැගුම් ගත හැක. ක්‍රි. මූර්ති ක්‍රම වේදයේ ලග්න ස්‌ඵුටයේ සිට භාව බෙදීම ආරම්භ වේ. ලග්න ස්‌ඵුටයේ සිට දෙවැනි භාව ස්‌ඵුටයේ උදාව දක්‌වා පළමුවන භාවයට අයත් වේ. දෙවැනි භාව ස්‌ඵුටයේ උදාවේ සිට තුන්වන භාව ස්‌ඵුටයේ උදාව දක්‌වා දෙවැනි භාව ස්‌ඵුටයද යන ආදී වශයෙන් භාව බෙදීයයි.

1 සිට 12 දක්‌වා භාව වශයෙන් හඳුන්වනු ලබන අතර රාශි නාමයෙන් භාව හඳුන්වන්නේ නැත. මේ අනුව ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ රාශිය හා භාවය යන දෙක එකක්‌ නොවන බවය. ඔබට දැන් රාශි හා භාව අතර ඇති වෙනස ගැන සුළු වශයෙන් වැටහීමක්‌ ලැබී ඇතැයි සිතමි.

ක්‍රි. මූර්ති භාව කේන්දර සෑදීමේදී ඔබ භාවිත කළ යුත්තේ ඉන්දියාවේ ක්‍රි. මූර්ති පර්යේෂණ ආයතනය මගින් පළ කරන

ෂ මහාබාලගේ ග්‍රහස්‌ඵුට ලිත්

ෂෂ ක්‍රිෂ්මාන්ගේ භාව ස්‌ඵුට චක්‍ර පොත

ෂෂෂ ඇස්‌ට්‍රොලොජිකල් ෙටිබල්ස්‌ ෙµda ඕල්

ෂඪ පංචාග ග්‍රහස්‌ඵුට ලිතක්‌ – ඉසිකර ග්‍රහස්‌ඵුට තුන් අවුරුදු කාණ්‌ඩ ලිතක්‌ 2007, 2008, 2009 සැම පොත්හලකම ඇති අතර එම පොත මිලදී ගත හැකිනම් එය ලාභදායකය. අනෙක්‌ ක්‍රි. මූර්ති පොත් කොළඹ පිටකොටුවේ ප්‍රිටි්‍රරබෑන් පොත්හල හෝ ඉන්දියාවෙන් ගෙන්වා ගත හැක. නමුත් මේ පොත් හැමෝටම සපයා ගැනීමට අසීරුය. ඒ ගැන කලබල විය යුතු නැත. ආදර්ශ කේන්දරය සෑදීමට භාවිත කරන ගණිත වගු චක්‍ර කොටස්‌ අවශ්‍ය අවස්‌ථාවලදී ඉදිරිපත් කරන නිසා අපහසුවකින් තොරව මෙම පාඨමාලාව මැනවින් අවබෝධ කරගත හැකි බව සලකන්න.

ලබන සතියේදී ක්‍රි. මූර්ති භාව කේන්දර සෑදීමේදී භාවිත කරන සම්මත වේලාව ප්‍රාදේශීය වේලාව, අයනාමිශ හා නක්‌ෂත්‍ර කාලය යන කරුණු ඉගෙන ගනිමු.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here