[ratings]
පාඩම – 04
පසුගිය පාඩමේදී අපි ක්‍රිෂ්ණ මූර්ති භාව කේන්දරයක් සෑදීමේදී භාවිත කරන නක්‍ෂත්‍ර හා උපස්‌ථාන චක්‍රය පිළිබඳ ඉගෙන ගනිමු. අද අපි ක්‍රි. මූර්ති භාව චක්‍රය තේරුම් ගත යුතු ආකාරය අධ්‍යයනය කරමු.
අද පාඩම සමග ඉදිරිපත් කර ඇති ක්‍රි. මූර්ති චක්‍රය පළකොට ඇත්තේ උත්තර අක්‍ෂාංශ 7 ට අයත් සායන භාව ස්‌ථුට කොටසකි, ශ්‍රී ලංකාවේ සියලුම ගම් නගරවල් උත්තර අක්‍ෂාංශ 6 සිට 10 දක්‌වා විහිදී යන අතර ජන්මියකුගේ උපන් ගම හෝ නගරය අදාළ වන්නේ කුමන උත්තර අක්‍ෂාංශයට දැයි ඔබට ඉතා පහසුවෙන් පංචාංග ලිත්වල ගම් නගර නාමාවලියෙන් සොයාගත හැක.
භාව චක්‍ර පොත්වල සායන භාවස්‌ථුට දී ඇත්තේ උත්තර අක්‍ෂාංශ 5, 6, 7, 8, 9 ආදී වශයෙන් අංශකවලට පමණි. කලා ගණන් චක්‍රවල දක්‌වා නැති බැවින් පහත සඳහන් ක්‍රමය අනුගමනය කිරීම ආධුනිකයන්ට පහසුවනවා ඇත.
යෙදාගත යුතු උතුරු අක්‍ෂාංශ
උත්තර අක්‍ෂාංශක 6.30 සිට 7.30 දක්‌වා උ. අක්‍ෂාංශ 7
උත්තර අක්‍ෂාංශක 7.30 සිට 8.30 දක්‌වා උ. අක්‍ෂාංශ 8
උත්තර අක්‍ෂාංශක 8.30 සිට 9.30 දක්‌වා උ. අක්‍ෂාංශ 9
නමුත් ඔබට අවශ්‍ය වන උත්තර අක්‍ෂාංශ කලා ගණනටම භාව ස්‌ථූට සාදා ගැනීමටද පුළුවන. උදාහරණයක් වශයෙන් උ. අක්‍ෂාංශ 7.10 සඳහා වූ ප්‍රදේශයට පළමුව උ. අක්‍ෂාංශ 7 ට දී ඇති භාව ස්‌ථුට සාදා ගත යුතුය. ඉන්පසු අපට අවශ්‍ය උ. අක්‍ෂාංශ 7.10 සාදාගැනීමට, උත්තර අක්‍ෂාංශ 8 ට අදාළ භාව ස්‌ථුට වෙනම සාදාගෙන ඒ ඒ දෙක අතර වෙනස කලා 10 කට සොයා එම ගණන උ. අක්‍ෂාංශ 7 ට එකතු කළ යුතුයි. මෙම කාර්යයට සැලකිය යුතු කාලයක් ගතවන අතර ඔබ ආධුනිකයෙක් නිසා මෙම ක්‍රියාදාමයට එකවර ප්‍රවිෂ්ට වීමෙන් ගැටලු ඇතිවිය හැකි බැවින් දැනට මා කියාදුන් සරල ක්‍රමය අනුගමනය කරන්න.
දැන් අපි භාව වක්‍රයට අවධානය යොමු කරමු. මෙම චක්‍රයේ භාව ස්‌ථුට හා නක්‍ෂත්‍ර කාලයන් සඳහන් කර ඇත්තේ විනාඩි 4 න් 4 ටය. ක්‍රි. මූර්ති භාව චක්‍රයේ සිරස් අතට ඇති පළමු තීරුවේ දක්‌වා ඇත්තේ නක්‍ෂත්‍ර කාලයයි. 2 වැනි පේළිය හරහට නක්‍ෂත්‍ර කාලයට පසු දක්‌වා ඇත්තේ ලග්න ස්‌ථුට අගයන්ය. ඉන්පසු 2 වන භාවය, 3 වන භාවය, 10 වන භාවය සහ 12 වන භාවවල අගයන් පමණක් සඳහන් කර ඇත. මෙම භාවවල අගයන් සෙවීමෙන් පසු ඉතිරි භාවයන් වන 4, 5, 6, 7, 8 සහ 9 යන භාවවල අගයන් ඉතා පහසුවෙන් සොයාගත හැක. මෙහිදී විශේෂයෙන් ඔබ මතක තබාගත යුතු න්‍යායක් නම් යම් භාවයක අගය එයින් සත්වන භාවයටත් හිමිවන බව. ඒ අනුව ලග්න ස්‌ථුටය තුලා අංශක 10 කලා 40 විකලා 5 නම් ඉන් හත්වැන්නවූ මේෂයටද ලග්න ස්‌ථුට අගය වන අංශක 10 කලා 40 විකලා 5 හිමිවේ. එමනිසා මෙම ස්‌ථුටයන් අමුතුවෙන් සෙවීමට අවශ්‍ය නැත, මෙය වඩාත් පැහැදිලි කිරීමට පහත සඳහන් සටහන බලන්න.
1 වන භාවයේ අගය – 7 වැනි භාවයට සමානය
2 වන භාවයේ අගය – 8 වැනි භාවයට සමානය
3 වන භාවයේ අගය – 9 වැනි භාවයට සමානය
10 වන භාවයේ අගය – 4 වැනි භාවයට සමානය
11 වන භාවයේ අගය – 5 වැනි භාවයට සමානය
12 වන භාවයේ අගය – 6 වැනි භාවයට සමානය
දැන් ඔබට භාව ස්‌ථුට චක්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතැයි සිතමි. ලබන පාඩමේදී සිට ආදර්ශ වෙලාවක් අනුව ක්‍රි. මූර්ති භාව කේන්දරයක් සෑදීම ආරම්භ කරමු.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here