[ratings]
පාඩම – 12
පසුගිය පාඩමේදී භාව බෙදීයන ආකාරය සහ ග්‍රහ පිහිටීම් ගැන ඉගෙන ගත්තා, අද අපි ජන්ම නැකත හා දශා ශේෂය සෙවීම ගැන ඉගෙනගත යුතුව ඇත.
ජන්ම නැකත යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජන්මියා උපන් අවස්‌ථාවේදී සඳු සිටි නැකතයි. නිදසුනක් වශයෙන් යමකු උපන් අවස්‌ථාවේදී සඳු සිටියේ බුදට අයත් නැකතක නම් එම ජන්මියාට උපතේදී බුද දශාව හිමිවේ.
අපේ රටේ වැඩිපුර භාවිතවනුයේ විංශොත්තරී මහ දශා ක්‍රමයයි. මෙහිදී පුද්ගලයකුගේ පූර්ණ ආයුෂ කාලය වර්ෂ 120 ක් යෑයි සලකා විංශොත්තරි දශාව ගණනය කර ඇත. රවි, සඳු, කුජ ආදී ග්‍රහයින් නව දෙනාට වර්ෂ 120 බෙදීයන අතර නැකත් 7 ද ග්‍රහයින් නව දෙනා හට නැකත් 3 බැගින් හිමිකර දී ඇත. එය වගු සටහනින් මෙසේ දැක්‌විය හැක.
මහා දශාව දශා අධිපති දශා අධිපතිට හිමි නැකත දශා කාලය
වර්ෂ
රවි මහ දශාව රවි කැති, උත්‍රපල්, උත්‍රසල 6
සඳු මහ දශාව සඳු රෙහෙන, හත, සුවන 10
කුජ මහ දශාව කුජ මුව සිරස, සිත, දෙනට 7
රාහු මහ දශාව රාහු අද, සා, සියාවස 18
ගුරු මහ දශාව ගුරු පුනාවස, විසා, පුව පුටුප 16
ශනි මහ දශාව ශනි පුෂ, අනුර, උත්‍ර පුටුප 19
බුද මහ දශාව බුද දෙට, අස්‌ලිස, රේවතී 17
කේතු මහ දශාව කේතු අස්‌විද, මා, මුල 7
සිකුරු මහ දශාව සිකුරු බෙරණ, පුවපල්, පුවසල 20
මුළු දශා කාලය 120
ජන්ම නැකත සෙවීම
ජන්ම නැකත සකසා ගත යුත්තේ චන්ද්‍ර ස්‌ඵුටය අනුව බව මතක තබාගත යුතුය. චන්ද්‍ර ස්‌ඵුටය අනුව ජන්ම නැකත සොයා ගැනීමට ඉසිකර ග්‍රහස්‌ඵුට ලිතේ 5 වැනි පිටුවේ නවාංශක හා නැකැත් පාද දෙවීමේ චක්‍රය උපයෝගී කරගත යුතුය. මෙම වගුව ඕනෑම ලිතක තිබේ. අපේ ආදර්ශ වෙලාවට අයත් චන්ද්‍ර ස්‌ඵුටය මිථුන අංශක 0 කලා 27 විකලා 29. දැන් ලිතේ 5 වැනි පිටුවේ නැකැත් හා පාද සෙවීමේ චක්‍රයට ගැලපිය යුතුය. මිථුන අංශක 0.27.29 ස්‌ඵුqට තීරුවේ (පළමුවැනි තීරුවේ) අංශක 00.00 සිට 03.20 අතර වූ සංඛ්‍යාවකට අයත් වන බව ඔබට තේරුම්ගත හැකි විය යුතුය. දැන් එම රාශි ස්‌ඵුටයේ සිට කෙළින් තිරස් අතට මිථුන රාශියට අදාළ 4 වැනි තීරුව දෙස බලන්න. (සඳු තැන්පත් වී සිටින්නේ මිථුන රාශිය බැවින්) එම තීරුවේ තු. මුව. 3 යනුවෙන් සඳහන් කර ඇත. එයින් අදහස් කරන්නේ සඳු තුලා නවාංශකයේ මුව සිරස නැකතේ 3 වැනි පාදයේ සිටින බවයි. ඒ අනුව අපේ ආදර්ශ වෙලාවට අදාළ ජන්ම නැකත කුජට හිමි මුව සිරස නැකතේ 3 පාදය බව තේරුම් ගත යුතුයි.
දශා ශේෂය සෙවීම
දශා ශේෂය සෙවීම පිණිස ඉසිකර පංචාංග ග්‍රහස්‌ඵුට ලිතේ 7 වැනි පිටුවේ චන්ද්‍ර සඵුqටය අනුව විංශෝත්තැරී දශා ශේෂය සෙවීමේ චක්‍රයට අවධානය යොමු කරන්න. එම චක්‍රයේ සිරස් අතට තීරු 5 ක් ඇත. එහි පළමු තීරුවේ චන්ද්‍ර සඵුqටය අංශක 00.00 සිට 30.00 දක්‌වා සඳහන් කර ඇති අතර ඉතිරි තීරු 5 න් පෙන්නුම් කරන්නේ රාශි නමයත්, දශා අධිපති ග්‍රහයා හා දශාවට අයත් අවුරුදු, මාස, දින ගණනයි.
දැන් ඔබ කළ යුත්තේ අපේ ආදර්ශ කේන්ද්‍රයේ චන්ද්‍ර ස්‌ඵුටය වන මිථුන අංශක 0.27.29 වගුවේ චන්ද්‍ර ස්‌ඵුටය සඳහන් පළමු තීරයට ගළපා ගැනීමයි. සඳුගේ ස්‌ථුටයට හරියටම සැසඳේනම් ඉතා පහසුවෙන් වගුවෙන් සටහන් කරගත හැක. නමුත් මෙහිදී හරියටම ගැළපෙන අගය සොයාගත නොහැකි වුවහොත් ආසන්නම අඩුම සඳුගේ ස්‌ඵුටය ගත යුතුයි. ඒ අනුව අපේ චන්ද්‍ර ස්‌ඵුටය වන 0.27.29 ට ආසන්න අඩුම අගය වන්නේ චක්‍රයේ අංශක 00.20 බව පෙනී යනවා ඇත. එහි සිට තිරස් අතට එල්ල කිරීමේදී මිථුන රාශිය 4 වැනි තීරුවේ දශා ශේෂය වශයෙන් කුජ මහ දශාව වර්ෂ 3 මාස 3 දින 27 ක් බව දැක්‌වේ. අපේ ආදර්ශ වෙලාවට අයත් චන්ද්‍ර ස්‌ඵුටය වූ මිථුන අංශක 0.27.29 න් අප සොයාගත්තේ කලා 20 ට අදාළ දශා ශේෂය පමණයි. ඉතිරි කලා 7 ට අදාළ දශා ශේෂය සොයාගැනීමට ලිතේ 9 වැනි පිටුවට අවධානය යොමුකරන්න. අදාළ වගු මෙහි දක්‌වා ඇත. මෙය චන්ද්‍ර ස්‌ඵුqටයේ වැඩිවන කලා ප්‍රමාණයන් අනුව දශා ශේෂය සංශෝධන කිරීමේ වගුව නමින් හැඳින්වේ. එම චක්‍රයේ පළමුවැනි තීරුව කලා යනුවෙන් සඳහන් වන අතර දශා අධිපතියන් හා දශා ශේෂයන් පෙන්නුම් කරන තීරු 9 ක්‌ද ඇත. අපේ ආදර්ශ වෙලාවට ජන්මියාගේ දශාව කුජ මහ දශාව බැවින් කලා 7 සිට කුජ තීරුවට හරහට එල්ල කර බැලීමේදී එහි දශා ශේෂය වශයෙන් මාස 00 දින 22 බව සඳහන් වී ඇත. දැන් ඔබ මහ දශා ශේෂය දැක්‌වීම සඳහා කළ යුත්තේ කලා 20 ට ලැබුණු දශා ශේෂයෙන් කලා 7 ට ලැබුණු දශා ශේෂය අඩුකිරීමයි.
එනම්,
ව මා දින
කලා 20 ට ලැබුණු ශේෂය 3 3 27
කලා 7 ට ලැබුණු ශේෂය 0 22 –
3 3 05
මේ අනුව ජන්මියා උපත ලබන විට තිබී ඇත්තේ කුජගේ මහ දශා ශේෂය වර්ෂ 3 මාස 3 දින 5.
මෙහිදී මා ඉතිරි විකලා 29 ට අදාළ දශා ශේෂය අත්හැර දැමුවේ විකලා වලින් අපට ලැබෙන්නේ ඉතා සුළු ශේෂයක් බැවිනි. නමුත් එය විකලා 30 ක් හෝ ඊට වැඩිනම් එය කලා 1 ක් ලෙස සලකා ගණනය කරන්න. විකලා 30 ට අඩුනම් විකලා ගණන අත්හැර දමන්න. ඉහත සඳහන් සියලු ක්‍රියාකාරකම් නැවත නැවත කියවා උවමනාවෙන් තේරුම්ගත යුතුයි. ලබන පාඩමේදී අපගේ ආදර්ශ කේන්දරයට අදාළ නක්‍ෂත්‍ර හා උපස්‌ථාන චක්‍රය භාවිත කර රාශ්‍යාධිපති, නක්‍ෂත්‍රාධිපති සහ උපස්‌ථානාධිපති සොයමු.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here