කාමෝන්මාදය ඇති කරන ග්‍රහ පිහිටීම්

2064
කාමෝන්මාදය
කාමෝන්මාදය

[ratings]

කේන්ද්‍රයේ 07 වැන්න අධිපතියා 12 වැන්නේ යෝගවී සිටී නම් මානසිකව ලිංගික පීඩන ඇති කරයි. එසේම 12 සහ 07 අධිපතියන් පරිවර්තන යෝගයක සිටී නම් එයද අධිලිංගික පීඩනය ලබාදෙන පිහිටීමකි. විශේෂයෙන් ලිංගික තෘප්තිමත් බව ලබා ගැනීමට ඒ තුළින් පීඩනය ගෙන ඒමය. ඒ අනුව විවාහය ප්‍රමාදවීම් ආදිය මෙයට ඇතුළත් වෙයි. මෙය විශේෂයෙන්ම මනස තුළ ඇති කරන පීඩනයකි.

එසේම ස්‌ත්‍රී කේන්ද්‍රවල චන්ද්‍ර මංගල යෝගය එනම් සඳු – කුජ සංයෝගය හෝ සඳුගේ දෘෂ්ටිය කුජට වැදීම හෝ කුජගේ දෘෂ්ටිය සඳුට වැදීම හෝ පවතී නම් ඇය අධික ලෙස රාගාධික තැනැත්තියකි. කාමිණියකි. විවිධ ග්‍රහ දෘෂ්ටි සහ සංයෝග පවතින ආකාරය අනුව සිත මතුපිට හෝ අභ්‍යන්තරය තුළ පවතිනු ඇත.

යම් ස්‌ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර – කුජ-ශුක්‍ර සංයෝගයක්‌ පවතී නම් එම කාන්තාව පුරුෂ අන්තඃපුරයක්‌ තනාගන්නා කාන්තාවකගේ තත්ත්වය ලබන බව ශාස්‌ත්‍ර නියමයි. එසේම කුජ – ශුක්‍ර- සංයෝගය පවතී නම් ඇයද අධික කාමාශක්‌ති කෙනෙකි. එසේම රවි – කුජ – ශුක්‍ර යන ග්‍රහයින් එක්‌ රාශියක යෝගවී සිටී නම් ඇය කාමයෙන් අන්ධව නරක මාර්ගයේ ගමන් කරන තැනැත්තියකි. එසේම මෙම ග්‍රහ පිහිටීම්වලට සුබග්‍රහ දෘෂ්ඨී ඇතිවීමෙන් එම තත්aත්වයන් මනසේ ගැඹුර තුළ පවතිනු ඇත. එනිසා එවැනි තැනැත්තියක ලෙස නොපෙනෙන නොදැනෙන තත්ත්වයෙන් ජීවත් වේ.

කුජ – බුද – ශුක්‍ර සංයෝගයක්‌ යම් ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක වේ නම් එහි යහපත් බුද්ධි මට්‌ටමක්‌ පවතින නමුත් කාමය සංසිඳුවා ගන්නට ඕනෑම පහත් ක්‍රියාවක්‌ වුවද කිරීමට පෙළඹෙන ගතිය පවතී. එසේම රවි – කුජ – බුද – ශුක්‍ර යන යෝගයක්‌ පවතී නම් හෝ එම හතර දෙනාගේ දෘෂ්ටි එකිනෙකට පතිතවී සම්බන්ධවේ නම් කාමය වෙනුවෙන් බොහෝ දේ වැය කරන පිහිටීමක්‌ වේ.

මෙම ග්‍රහ සංයෝගය තුළ වෙනත් සුබඵල රැසක්‌ පවතී. එසේ නමුත් ලිංගික වශයෙන් පවතින තත්ත්වය බලවත්ය. කාමය තෘප්තිමත් කර ගන්නා පිණිස බුද්ධිමත් භාවයෙන් තොරව ක්‍රියා කරන කෙනෙකි. එසේම කාමය වෙනුවෙන් බොහෝ දේ කැප කරයි. මේවා විශේෂයෙන් පොරොන්දම් විනිශ්චය කිරීමේදී වැදගත්වන ග්‍රහ පිහිටීම් වේ. ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම පිළිබඳ විස්‌තරාත්මක කරුණු රැසක්‌ මෙවැනි ග්‍රහපිහිටීම් තුළින් දැකිය හැකිය.

රවි – කුජ – බුද – ශුක්‍ර ශනි යන චතුර්ථ ග්‍රහ සංයෝගය කාන්තා කේන්ද්‍රයක පවතී නම් ස්‌ථිර වශයෙන්ම ගණිකා වෘත්තියෙහි නියෑළෙන කෙනකු වේ. රවි හා කුජගේත් ධනස්‌ථානය ලග්නය එකොළොස්‌ වැන්න හා 08 වැන්නේ ස්‌වභාවය අනුව ගණිකා වෘත්තියෙන් ලැබෙන තත්ත්වය හා ආදායම තීරණය වේ.

එය එසේ වන අතර කුජ – බුද – ගුරු – ශනි – ශුක්‍ර යන ග්‍රහ සංයෝගයක්‌ යම් ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක පවතී නම් ඇය හෝ ඔහු ඉතා රහසිගතව කාමයෙහි වරදවා හැසිරෙන අය වේ. එසේම සිකුරු – කේතු සංයෝගය ලග්නයෙහි වේ නම් එයද රහසිගත ලිංගික සම්බන්ධතා පවත්වන යෝගයකි. සිකුරු – කේතු යෝගය බොහෝ විට පළමු ප්‍රේමය බිඳවැටී බලාපොරොත්තු නොවූ වෙනත් විවාහයක්‌ උරුම කරවන යෝගයක්‌ද වේ.

විශේෂයෙන් විවාහ පොරොන්දම් පරීක්‍ෂාවේදී මේ පිළිබඳව වඩාත් විමසිලිමත්වීම අත්‍යවශ්‍ය කරුණකි. විවාහ දිවියේ සතුට මෙන්ම ලිංගික තෘප්තියට බාධක පැවතීම ඇති ග්‍රහ යෝග ඇත්නම් ඒවා තෝරා බේරා ගැනීමට ජ්‍යෙdතිෂඥයා දක්‍ෂ වියයුතුය. වෘෂභ-මිථුන-තුලා- වෘශ්aචික ලග්නවලින් ඉපදුණ අද – සිත – මුල – සියාවස- අස්‌ලිස – අව්විද – කැති – බෙරණ – උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් ලිංගික තෘප්තිය පිළිබඳව වඩාත් උනන්දුවන කාමිණියන් වේ. විශේෂයෙන් “අද” නැකත හිමි අය වඩාත් එයට නැඹුරු අය වේ.

යම් කෙනකුගේ කේන්ද්‍රයේ වාශ්චික රාශිය – ලග්නය හා 08 වැන්නත් ඒවායේ අධිපතියන්ද පීඩාවට පත්ව ඇත්නම් ඔවුන් ලිංගික හැසිරීමේදී අශුභ තත්ත්වයන් ඇතිවී නිරන්තර ලිංගික අසාරත්වය ලබයි. මෙසේ විවිධ මට්‌ටමේ ග්‍රහ පිහිටීම් පරීක්‍ෂා කර බැලිය යුතු අතර සිකුරු – සඳු – බුද ආදී ග්‍රහ පිහිටීම් තීක්‍ෂණව ගැඹුරින් විමසා බැලීමේදී අඹු සැමියන්ගේ ලිංගික තෘප්තිය හීනවී යාම්, අසාරවීම්, බෙලහීනවීම් ආදී තත්ත්වයන් දැකිය හැකිය. විශේෂයෙන් ස්‌ත්‍රී කේන්ද්‍රයට සමගාමී ලිංගික තත්ත්වයක්‌ පුරුෂ කේන්ද්‍රයේද පැවතිය යුතුය.

We found this article from Divaina on 2012/02/17.
Also Sinhala to English Google word to word translation can be found here