කාල සර්ප යෝගයට බිය විය යුතුද?

0
837
කාල සර්ප
කාල සර්ප

[ratings]

කාල සර්ප යෝගය සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ අශුභ ඵල දෙන යෝගයක්‌ වශයෙනි. ග්‍රහයන් හත් දෙනා රාහු සහ කේතු අතර පිහිටා ඇති විට කාල සර්ප යෝගය යෙදේ. රාහු සහ කේතු වක්‍රව ගමන් කරන ග්‍රහයන් යෑයි සලකන හෙයින් අනෙකුත් ග්‍රහයන් රාහුගේ සිට කේතු දක්‌වා පිහිටා ඇති විට කාල සර්ප යෝගය යෙදෙතැයිද නමුත් කේතුගේ සිට රාහු දක්‌වා ඇති රාශිවල අනෙකුත් ග්‍රහයන් පිහිටා ඇති විට එම යෝගය යෙදෙන්නේ නැතැයිද ඇතැම් අය කල්පනා කරති. කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ පිළිගැනීමට ලක්‌ව ඇති මතය නම් විශේෂයක්‌ නොමැතිව රාහු සහ කේතු අතර වේවා කේතු සහ රාහු අතර වේවා සියලු ග්‍රහයන් පිහිටා ඇති විට මෙම යෝගය යෙදෙන බවයි.

මෙම යෝගය යෙදෙන ස්‌ථාන අනුවද යෝගයෙහි ඇති බලපෑම වෙනස්‌ වේ. එනම් කේන්ද්‍රස්‌ථාන 2-8 අතර 3-9 අතර, 5-11 අතර 6-12 අතර ආදී වශයෙනි. මෙම යෝගය 2-8 අතර යෙදුනු විට පීඩාදායක වේ. කේන්ද්‍ර ස්‌ථාන අතර යෙදුනු විට අනෙකුත් අශූභ ඵල ගෙන දෙන යෙදිම් තැන්තම් ශූභඵල ගෙන දේ. මෙම යෝගය 12-6 අතර හෝ 6-12 අතර යෙදුනු විට ඇතැම් අවස්‌ථාවන් හිදී බන්ධනාගාර ගත වීමට පවා ඉඩ ඇතත් අනෙකුත් ශුභ යෝග ඵල ගෙන දීමට ඉඩ සලසයි. ඉන්දියාවේ කීර්තිමත් අග්‍රාමාත්‍ය වරයාවූ ශ්‍රී නේරුගේ කේන්ද්‍රයේ මෙම යෝගය යෙදී ඇත්තේ 12-6 අතරය. ඔහුට දේශපාලන හේතු නිසා බන්ධනාගාර ගතවීමට සිදුවූවත් නිදහස්‌ ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමේ භාග්‍ය තිබුණේය. බ්‍රිතාන්‍යයෙහි අගමැතිවරයකුව සිටි හැරල්ඩ් විල්සන් මහතාගේ කේන්ද්‍රයෙහි මෙම යෝගය යෙදී ඇත්තේ කේන්ද්‍රස්‌ථාන අතරය. සුප්‍රසිද්ධ නීතිඥවරුන්, වෛද්‍යවරුන් සහ කර්මාන්ත අංශයන්හි ප්‍රධානීන්ගේ කෙන්ද්‍රවලට ඇතැම් විට මෙම යෝගය යෙදී ඇති බව දැකිය හැකිය.

මෙයින් පෙනී යන කාරණයක්‌ නම් කාල සර්ප යෝගය යෙදී තිබූ පමණින්ම කෙනකු අභාග්‍ය සම්පන්න යෑයි තීරණය කිරීමට යුහුසුළු නොවිය යුතු බවයි. වෙනත් ශුභ ග්‍රහ පිහිටීම් ඇත්නම්, ඔවුන්ගේ ජීවිත කාලය තුළ කිසියම් ප්‍රමුඛත්වයකට පත්වීමට ඔවුනට වාසනාව බලය තිබේ.

කාල සර්ප යෝගයේ බලපෑම මුළු ජීවිත කාලය තුළම ක්‍රියාකාරී වේ. විශේෂ වශයෙන් රාහුගේ සහ කේතුගේ දශා අතුරු දශාවලදී එහි ක්‍රියාකාරිත්වය අනෙකුත් ග්‍රහ ගෝචර අනුව හැඩ ගැසෙමින් ශුභ හෝ අශූභ හෝ ඵලාපල ලබාදෙයි. රාහු සහ කේතු අතර අනුපිළිවෙළින් ඇති රාශි හතෙහි ග්‍රහයන් පිහිටන්නේ ත්‍රිකෝණ චතුරශ්‍ර ද්වාදශ ආදී වශයෙනි. මෙසේ යෙදෙන ග්‍රහයන්ගේ දෘෂ්ටි නිසා මෙම යෝගයට මාලා යෝගයට සම තත්ත්වයක්‌ද හිමිවේ.

මෙම යෝගය නිසා ඇතිවිය හැකි අශුභ ඵල මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කිරීමට පුළුවන් කමක්‌ නැත. නමුත් මෙම යෝගය යෙදුනු සාමාන්‍ය පුද්ගලයා පවා ක්‍රියාශීලීය, උත්සාහවන්තය, තීක්‌ෂණඥන ශක්‌තියකින්ද යුක්‌තය. අවසානයෙහි ඔහු දුක්‌ ගැහැට හා වේදනාවන් විඳිමින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වූවද කිසියම් උසස්‌ සමාජ තත්ත්වයක්‌ ඇති කර ගැනීමට සමත් වේ.

කෙසේ වූවද කාල සර්ප යෝගයේ අශුභ ඵල මුළුනින්ම නොතකා හැරීමට පුළුවන්කමක්‌ නැත. මෙම යෝගය බලවත්ව පිහිටා ඇතත්, දුර්වලව පිහිටා ඇතත් කටයුතු සඵල වීම ප්‍රමාදකරමින්ද ඉතා දැඩි වෙහෙසක්‌ දරා කටයුතු සඵල කරගැනීමට හේතු වෙමින්ද වෙහෙස තරමට සාර්ථකත්වය අවැදගත්යයි සිතෙන තරමට එය ලඝූකරමින්ද, ක්‍රියාකාරිවෙයි. යහපත් කාර්යයක්‌ සඳහා දරන ලද උත්සාහය අව්‍යාජ සහ අවංක වූවද එහි ප්‍රතිඵලය අවාසිදායක වීමටත් නිෂ්ඵල වීමටත් මෙම යෝගයෙහි බලපෑම හේතුවේ. මෙම යෝගයෙන් ඉපදෙන දරුවන්ට අනාගතයේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි අසමාන තත්ත්වයන්ට සරිලන ආකාරයේ චිත්ත ධෛර්යක්‌ උපදවා ගැනීමට පොහොසත් වන අධ්‍යාපනයක්‌ ලබාදීමට දෙමවුපියන් ක්‍රියා කළ යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here