කේතු රාශි ගතවූ විට ප්‍රතිඵල

2735
කේතු රාශි
කේතු රාශි

[ratings]

ජ්‍යෙතිෂ වේදයේ රාහු කේතු දෙදෙනා විශ්මය දනවන ග්‍රහයින් දෙදෙනකු බව හඳුන්වා තිබේ. මීට ඉහත රාහු ගැන කෙටි විස්‌තරයක්‌ දැක්‌විණි. කේතු ග්‍රහ වස්‌තුවක්‌ නොවන අතර පෘථිවියට සම්බන්ධතාවක්‌ නැති බව ද පසක්‌ කළ හැකිය. රාශි චක්‍රයේ රාහු-කේතුට ගමන් කිරීමට වර්ෂ 18 ක්‌ ගතවෙයි. එහෙත් කේතුට වර්ෂ 07 කුත් රාහුට වර්ෂ 18 කුත් බෙදා වෙන්කර තිබීම කුකුසකි. කේතු ඝෘණාත්මකවද රාහු ධනාත්මකවද විශ්ව ශක්‌තියෙහි හැසිරේ.

කේතු හඳුන්වා ඇත්තේ මිනිස්‌ හිසක්‌ (ඔටුන්නක්‌ සහිත) නයි ශරීරයක්‌ සහිත සුදු ධූම වර්ණයෙන් යුත්වන කැළැල් සහිත අයකු ලෙසය. රාහු මෙන් කේතුද රාශි චක්‍රයේ ආපස්‌සට ගමන් කරයි. කේතුට රාශියකින් රාශියකට යාමේදී සාමාන්‍යයෙන් වර්ෂ 1 1/2 ක්‌ ගතවේ. කුජ ග්‍රහයාගේ ඵල විපාක වලට සමාන තත්ත්වයක්‌ කේතුගෙන් ලැබේ.

කේතු උච්ච වන්නේ වෘශ්චික, ධනු රාශි දෙකටයි. නීච වන්නේ වෘෂභ, මිථුන රාශි දෙකේදීය. ස්‌වකේෂත්‍ර වන්නේ මීන රාශියේදීය. මිත්‍ර රාශි ලෙස සිංහ, කන්‍යා, තුලා, මකර, කුම්භ යන රාශි පහ සැලකේ. එසේම මේෂ, කුම්භ දෙක සතුරු රාශි ලෙසද හඳුන්වා ඇත. තුලා – මකර රාශි දෙක සම රාශි ලෙස දක්‌වා තිබේ.

වෘශ්චික රාශි ගතවූ කේතු අන් අයගේ කපටිකම්වලට ප්‍රොඩා වලට, රැවටිලි බස්‌වලට අසුවන්නේ නැත. ගුප්ත දේවල් කෙරෙහි දක්‍ෂතා දක්‌වයි. එසේම ශාස්‌ත්‍රීය අංශයටද කේතු වෘශ්චික රාශිගතවීම ශුභ දායකයි. ඔබේ ලග්නය මේෂ නම් කේන්ද්‍රයේ 08 වැන්න වෘශ්චික රාශිය වේ. වෘෂභ නම් 07 වැන්නයි.

කේතු ධනු රාශි ගතවූවිට ආගම දහමට ලැදිවේ. ලෞකික ආශා කෙරෙහි හඹා නොයයි. කපටිකම් නොකරයි. සමාජයට යහපත් දේ කර, කියා දෙයි. ඥන ශක්‌තිය පුබුදුවාලයි. වෘෂභ රාශි ගතවූ කේතු (ලග්නය වෘෂභ නම් කේතු 01) සමාජ කටයුතු වලින් දුරස්‌ වෙයි. ඔබේ කේන්ද්‍රයේ 02-04-07-10 ස්‌ථාන වෘෂභය වී නම් කේතුගෙන් ශුභ ඵල අපේක්‍ෂා කිරීම උගහටය. එහෙත් කේතු මිථුන රාශි ගතව සිටි විට, නෘත්‍ය ගීත, සංගීත ආදී කලා කාමී දේ කෙරෙහි ඇලුම් දක්‌වයි. එහෙත් මෙම සෞන්දර්යය කටයුතු වලින් සෑහීමකට පත් නොවේ.

මීන ලග්න හිමියන්ගේ කේතු ලග්නගතව (01) සිටීම නිසා ශාන්ත පුද්ගලයකු වන්නේය. විරුද්ධ පක්‍ෂය සමඟ ඇති කරගන්නා හිතවත්කම් ආලය ප්‍රේමය දක්‌වා දිවයයි. සමාජය තුළ කැපී පෙනී සිටීමට කැමැත්තක්‌ නැත. සිංහ රාශියේදී කේතු ශරීර ශක්‌තිය හීන කරයි. එහෙත් විවාහයෙන් පසු ජීවිතය සැපවත් වේ. කන්‍යා රාශිගතවූ විට කල්පනා ශක්‌තිය දියුණු වන්නේය. පොත්පත් කියවීමට උනන්දු වේ. ශාස්‌ත්‍රීය කටයුතු වලින් උසස්‌ තැනක්‌ හිමිකර ගනී. ආමාශගත රෝග ඇතිවේ.

කේතු මකර රාශි ගතවූ විට තම වැඩ කටයුතු ක්‍රමානුකූලව කරගනී. හරි හම්බකර ගැනීමට ආශාව වැඩී. උත්සාහ වන්තයි, කුම්භ රාශියේ දී ඥනය දියුණු කරන කටයුතු වල යෙදේ. අන් අයගේ සහයෝගය ලබයි. ගුප්ත ශාස්‌ත්‍රීය කටයුතු වලට දක්‍ෂයි.

තුලා රාශිය තුළ කේතු සිටි විට ආලය ප්‍රේමය වැනි කටයුතු වලට අදාළ දේවල් රහසිගතව පවත්වා ගනී. තීරණ ගන්නේ ඉතා හොඳින් සිතා මතාය. ජන්ම පත්‍රයේ කේතු මකර රාශි ගතව සිටි විට මධ්‍යස්‌ථව කටයුතු කරයි. ශාරීරික ආබාධ වලට ගොදුරු විය හැකිය. මේෂ රාශියේදී කේතුගේ බලය ද අඩුවේ. එඩිතරකමක්‌ පෙන්වන්නේ නැත. හරිහැටි සිතා මතා තීන්දු තීරණ නොගනී. ආගම දහමට ලැදිව කටයුතු කරන්නේ කේතු කුම්භ රාශියේ සිටි විටයි. භාවනා ක්‍රමවල යෙදේ. විනෝදයට රුචියක්‌ නැත.

කේතු ලග්නයේ ගමන් කරන කාලය එතරම් යහපත් නැත. (කේන්ද්‍රයේ 01) ශරීරය කෘශවේ. ලප-කැළැල් ඇතිවේ. බිරිඳටද අසනීප ඇතිකෙරේ. විවාහක අයට අඹුසැමි භේද ඇතිවේ. බිරිඳටද අසනීප ඇති කෙරේ. නිතර තැන් තැන්වල ඇවිදීමට හෝ නිදා සිටීමට කැමැත්ත ඇති කරයි. ණය ගනුදෙනු වලින් නිදහස්‌ විය නොහැකිය. කේතු සිටින රාශිය බලවත් නම් ශුභ ග්‍රහ දෘෂ්ටි වලින් යුක්‌ත නම් මෙකී අපල තත්ත්වයන් උදා නොවේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here