කේන්දරේ කොටුවලින් කියවෙන කතන්දරේ

0
1227
කේන්දරේ
කේන්දරේ

[ratings]

ජ්‍යෙති යන්නෙන් අර්ථ දැක්‌වෙනුයේ බැබළීමයි. අහසේ බැබළෙන තාරකා පිළිබඳ අධ්‍යයනය කිරීම තාරකා විද්‍යාවෙන් සිදු කෙරේ. එකී ග්‍රහ තාරකාවලින් ජීවීන්ට සිදුවන ශුභ අශුභ ඵල විපාක පිළිබඳව අධ්‍යයනය කිරීම ජ්‍යෙතිර් විද්‍යාවෙන් නැතිනම් ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයෙන් සිදු කෙරේ.

බොහෝ උගතුන්ට ධනය නැත. බොහෝ ධනවතුන්ට උගත්කමක්‌ නැත. ධනයත් උගත්කමත් යන දෙකම ඇති අයට දරුවන් නැත. මෙයාකාරයෙන් විවිධ අඩුලුහුඬුකම් ඇතිවන්නේ ඇයි. යම් පුද්ගලයෙක්‌ මෙලොවට මව්කුසින් බිහිවූ මොහොතේ අහස්‌ කුසේ ග්‍රහයන් තැන්පත්වී සිටි ආකාරය අනුව මරණය සිදුවනතුරු ජීවිතය ගෙන යන අන්දම පිළිබඳව විශ්ලේෂණයක්‌ කිරීමේ හැකියාව ජ්‍යෙතිෂය ප්‍රගුණ කළ තැනැත්තෙකුට හැකිවේ. එසේ නැතව ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයෙන් ධනය නැති කෙනෙකුට ධනය ලබාදිය නොහැක. මැරෙන අයෙකුගේ මරණය කල් දැමිය නොහැක. එහෙත් මිනිසාගේ සිතට යම් සහනයක්‌ ලබාදිය හැකිය. අනතුරක්‌ සිදුවන කාල වකවානු කල් ඇතිව පෙන්වා දිය හැකිය.

යම් යම් ආගම් හා දර්ශන අනුව සිත දියුණු කරගත් අයටද අනාගතය දැකීමේ ඥනයක්‌ ඇත. එය ජ්‍යෙතිෂ විද්‍යාවෙන් බැහැරව අධි මානසික බලයකින් සිදු වන්නකි.

ලෝකය කිසිම දුකක්‌ කරදරයක්‌ නැති ප්‍රීතිමත් ස්‌ථානයක්‌ යයි සිතන අයකුට ජ්‍යෙතිෂයෙන් වැඩක්‌ නැත. දුක්‌ කරදර තිබෙනවාය කියා සිතන අයට මෙයින් මහඟු පල ප්‍රයෝජන ලබාගත හැකිය.

පරක්‌ තෙරක්‌ නැති සංසාර සාගරයේ සැරිසරන සත්වයාගේ පෙර කරන ලද කුසල් කොතෙක්‌ වේද ඒ හා සමාන සැපසම්පත්ද පෙර කරන ලද අකුසල් නොතෙක්‌වේද ඒ හා සමාන දුක්‌ දොම්නස්‌ද ලබන්නෝය. එක සමාන පිං පව්වලින් යුක්‌තව සත්වයින් දෙදෙනකුගේ ඉපදීමක්‌ මේ ලෝකයෙහි වීම දුර්ලභ දෙයකි. අපි හැමෝම එක වගේ නැත්තේ ඇයි කියා සිතා බලන්නේනම් ජ්‍යෙතිෂයෙන් ඉමහත් පල ප්‍රයෝජන ලබාගත හැකිය. ඒ අනුව යම් ජන්මයකුගේ පින පව පිළිබඳ තතු දැන ගැනීමට ජන්ම කේන්දරය ඉතා වැදගත් සටහනකි.

ස්‌වාභාවික පෙනුම, ශරීරයේ හැඩහුරුකම, අදහස්‌වල උසස්‌ පහත් බව ආදිය ගැනත් හිස පිළිබඳවත් ලග්නභාවයෙන් දැන ගත හැකිය. ලග්නය බලවත් නම් උසස්‌ ජනක කර්මයකින් උපත ලබා ඇති බවකි.

මිල මුදල්, ලෞකික සම්පත්, දියුණුව හෝ පිරිහීම කථිකත්වය, විවාහයෙන් පසු තත්ත්වය, මුහුණ, කට බෙල්ල ආදිය ගැන දෙවැනි භාවයෙන් දැනගත හැකිය.

සහෝදර පල, එඩිතරකම, ඉගෙනීමෙන් ලබන දැනු කන් ඇසීම, ශරීරයේ දෙඅත්, උරහිස හා පපුවේ උඩ කොටස ගැන තුන්වැනි භාවයෙන් දැනගත හැකිය.

ඉඩකඩම්, වතුපිටි, ගෙලවල් දොරවල්, යාන වාහන, මව පිළිබඳ තොරතුරු හා පපුව පිළිබඳව හතරවැනි භාවයෙන් දැන ගත හැකිය.

ඉගෙනීම, ආලය, බුද්ධිය, චරිතය, හෘදය වස්‌තුව පිළිබඳ පස්‌වැනි භාවයෙන් දැනගත හැකිය.

ලෙඩ රෝග, සතුරු කරදර, මෙහෙකරුවන්, සුරතල් සතුන් යටි බඩ හා ගර්භාෂය පිළිබඳව හයවැනි භාවයෙන් දැනගත හැකිය.

විවාහය, හවුල් කටයුතු, ප්‍රසිද්ධ සතුරන්, සමාජ සම්බන්ධතා කාමය, යටි බඩේ පහළ කොටස පිළිබඳ හත්වැනි භාවයෙන් දැනගත හැකිය.

මරණය, ආයුෂ, අන්සතු වස්‌තුව, දුක්‌ දොම්නස්‌ කරදර, ශරිරයේ රහස්‌ ප්‍රදේශය ගැන අටවැනි භාවයෙන් දැනගත හැකිය.

වාසනාව හෝ අවාසනාව, පෙර පින හෝ පව, ආගම ධර්මය, උසස්‌ අධ්‍යාපනය, සිතේ බලය, මතුආත්මය ශරීරයේ කලවා ප්‍රදේශය ගැන නව වැනි භාවයෙන් දැනගත හැකිය.

රක්‌ෂාව, නම්බුව, ගෞරවය,රජයට ඇති සම්බන්ධතා දණ හිස ගැන දහවැනි භාවයෙන් දැනගත හැකිය.

ආදායම, සමාජ සේවය පොත්පත් කියවීම, ශරීරයේ වළලුකර සිට දණහිස දක්‌වා වූ කෙන්ඩ ප්‍රදේශය ගැන 11 වැනි භාවයෙන් දැනගත හැකිය.

නඩු හබ, වියදම, දුක්‌ දොම්නස්‌, ගුප්ත දේවල්, පුණ්‍ය කටයුතු හා ශරීරයේ වළලු කරෙන් පහත පාදය ගැන 12 වැනි භාවයෙන් දැනගත හැකිය.

ඉහත කී භාව දොළහ පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් පසු කරන ලද කර්මයන්හි පල විපාක පිළිබඳව අනාවැකි ප්‍රකාශ කිරීම ජ්‍යෙdතිර්වේදියාගේ කාර්යභාරයයි. එබැවින් ජ්‍යෙdතිර්වේදියා සෘෂිවරයකු බඳුය.

We found this article from Divaina on 2012/02/10.
Also Sinhala to English Google word to word translation can be found here