කේන්ද්‍රයක යෙදෙන රෝග කාරක ග්‍රහ පිහිටීම්

2230
කේන්ද්‍රයක
කේන්ද්‍රයක

[ratings]

මෙලොව ජනිත වන සියල්ලෝම එකසේ නිරෝගී නොවෙති. ඉතා කලාතුරකින් නිරෝගී අයෙක්‌ උපදිති. කෙනෙක්‌ උපතින්ම අන්ධයෙකි. තවෙකෙක්‌ ගොළු වෙති. අනෙකෙක්‌ බිහිරි වෙති. තවත් අයෙක්‌ කොර වෙති. මෙවන් රෝග පීඩා ඇතිව ඉපදීම මහා දුකකි. පෙර ආත්මයන්හි කරන ලද පාපකර්ම මේකට හේතුවන බව බුදු දහමෙහි එයි.

නිවැරදි කේන්ද්‍රය යනු පෙර ආත්මයේ කරන ලද කර්මයන් පෙන්වා දෙන කැඩපතයි, කොතරම් ධන සම්පත්, පිරිවර සම්පත් තිබුණත් නිරෝගි සම්පත නැත්නම් පලක්‌ නැත. නිරෝගී බව තරම් සැපයක්‌ හෝ සතුටක්‌ මෙලොව වෙන නැත.

“ආරෝග්‍යා පරමාලාභා- සන්තුට්‌ඨි පරමං ධනං යන බුදු වදනද එය සනාථ කරයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේටද පෙර ආත්මයක කරන ලද ඉතා සුළු පාපකර්මයක විපාක වශයෙන් නොනවතින හිසරදයක්‌ තිබුණු බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ඉහත කී අයුරු කේන්ද්‍රයක සටහන් වන රෝග පීඩාවලට හේතුවන ග්‍රහ පිහිටීම් සමහරක්‌ ගැන පෙන්වා දීමට මෙම ලිපියෙන් උත්සාහ කරමි.

1. කිවි හා කුජ සත්වැන්නේ තිබියදී උපන්නා වාත පීඩා වලින් තැවෙන්නෙකි.

2. කුජ – ශනි දෙදෙනාට සඳු මැදිව සිටියදී සත්වැන්නේ රවි නම් ශ්වාස වණ, ගුල්ම ආදී රෝග ඇත්තෙකි.

3. කටක රැසේ හෝ එම නවාංශකයේ රවිත් සිංහ රාශියේ හෝ එම නවාංශකයේ සඳුත් සිටියදී උපන්නා නිරතුරු උදර රෝග ඇත්තෙකි.

4. රවිසඳු දෙදෙනා සිංහ රාශියේ හෝ එම නවාංශකයේ හෝ සිටියදී උපන්නාද උදර රෝග ඇත්තෙකි.

5. ධනු රාශියේ හෝ එම නවාංශකයේ සිටි චන්ද්‍රයා ශනි- කුජ සමග යෝග වුවත් ඔවුන් විසින් දකිනු ලැබූවන් ඔහු කුෂ්ඨ රෝගයෙන් පෙළෙන්නෙකි.

6. මේෂ, මකර, මීන, කටක යන නවාංශකයක සිටි චන්ද්‍රයාට, ශනි – කුජ යෝග වුවත් ඔවුන් විසින් දකිනු ලැබූවන් භේද කුෂ්ඨ රෝගියෙකි.

7. කුජ, චන්ද්‍ර, ශනි, රවි යන ග්‍රහයන් පිsළිවෙළින් නමය, පහ, තුන එකොළහ යන ස්‌ථානවල යෙදුණු කල අන්ධයකු උපදී.

8. කුජ, චන්ද්‍ර, ශනි, රවී යන ග්‍රහයන් නමය , පහ, තුන, එකොළහ යන ස්‌ථානවල දුබලව සිටියදී ශුභයිනට නොපෙනේනම් බිහිරෙකු හෝ කර්ණ රෝග ඇත්තෙකු උපදී.

9. කුජ, චන්ද්‍ර, ශනි, රවි යන ග්‍රහයන්ගෙන් එකෙකු හෝ වැඩි ගණනක්‌ සත්වැන්නේ වීද එකල උපන්නා දන්ත රෝග ඇත්තෙකි.

10. ගුරු ලග්නයේ දුබලව සිටියදී කුජ සත්වැන්නේ දුබල නම් ඔහු උමතු රෝග ඇත්තෙකි.

11. ලග්නයේ ශනිත් පහ, නවයේ හෝ හතේ කුජත් දොළහේ දුබල කිවි සමග දුබල සඳුත් යෙදී සිටියේ නම් ඔහුද උමතු රෝග ඇත්තෙකි.

12. ලග්නයේ දුබල කුජ යෙදුණේ නම් ඔහු අංග හීනයෙකි.

13. ලග්නයේ දුබල ශනි නම් විවිධ රෝගයන්ගෙන් පෙළෙන කෘෂවූ ශරීර ඇති දන්ත රෝගියෙකි.

14. ලග්නයේ රාහුත්, හතේ චන්ද්‍රයාත් හෝ ලග්නයේ රවිත් හයේ ශනිත් හෝ සිටියදී උපන්නා අභ්‍යන්තර රෝග ඇත්තෙකි.

15. ලග්නයේ සඳුද, අටේ ශනිද සිටියදී උපන්නා දුර්වල ශරීරයක්‌ ඇති උදර රෝගියෙකි.

16. සිංහ ලග්නයෙන් උපත ලබා ලග්නය කිවිද පෙනේනම් හේ අක්‍ෂි රෝග ඇත්තෙකි.

17. යම් කෙනෙකු උපදින කල සිව් කෙදුරේ පාපයෝ වෙත්ද හේ අංග විකලයෙකි. හිරු සඳු දෙදෙන සිව් කෙඳුරෙන් එකක වීද, හේද අංග විකලයෙකි.

18. ජලරාශි ගත සඳු ශනිත් සමග දෙවැන්නටද, හිරු ලග්නයටද ගිය කල්හි දද කුෂ්ට ආදී හමේ රෝග ඇත්තෙකු උපදවයි.

19. කුජගේ රැසක (මේෂ, වෘශ්චික) කුජ හා සිකුරු යෝගවූ කල රක්‌ත දොaෂ නිසා අණ්‌ඩකෝෂ මහත්වීමේ රෝගයට භාජන වන්නෙකු උපදී.

20. රවි ලග්නාධිපතියා සහ දෙවැන්නාධිපතියා සමග හයේ අටේ හෝ දොළහේ නම් ඇස්‌ රෝග ඇත්තෙකු උපදී.

21. කුජ දොළහේ සිටි විට වම් ඇසද, ශනි දොළහේ සිටිවිට දකුණු ඇසද පීඩාවට පත්වේ.

22. දෙවැන්නාධිපතියා ගුරු සමග අටේ නම් ගොළුවෙකි. නැතොත් ගොත ගසන්නෙකි.

23. පහ අධිපති ගුරු සමග හය, අට, දොළහේ නම් කථාවේ දුර්වලයෙකි.

24. කටක, වෘශ්චික, මීන යන රැසක බුද ශනි සිට දුබල සඳුට පෙනුනේද ගොළුවෙකි.

ඉහත කී යෝග වලට අමතරව තවත් බොහෝ යෝග නිසා රෝග තත්ත්ව ඇති කළ හැක. මා විසින් මෙහි සඳහන් කැරුණේ ඉන් ප්‍රධාන වන අවස්‌ථා රැසකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here