[ratings]
සදාකාලිකව ධනවත් අයත් තාවකාලිකව ධනවත් වන අයත්, ධන – නිර්ධන දෙක අතරින් යන අයත්, නිර්ධන අයත් අප සමාජය තුළ සිටිති. කුමන අයුරින් හෝ ධනවතෙක් වීමට හැම කෙනෙක්‌ම කැමැතිය. ලොතරැයිපත් මිලදී ගන්නේද ඒ බලාපොරොත්තුවෙනි. රේස් ඔට්‌ටු අල්ලන්නේද ඒ සඳහාය. කෙසේ වෙතත් ධනය ලැබීමට පිං තිබිය යුතුය. අර්ථාන්විතව පෙර භවයෙහි දන් දුන් අයට මේ භවය තුළ ධනය ලැබීමේ භාග්‍යය උදාවෙයි. මේ භවය තුළ දන් දෙන, නොදෙන ආකාරය අනුව ඊළඟ භවය සකස් වෙයි. මේවා ”කාමාවචර පිං” ලෙස බුදු දහමේ දැක්‌වෙයි.
මේ පිළිබඳව දීර්ඝ දහමක් පවතින නමුත් එය පැහැදිලි කිරීමට යැමෙන් මාතෘකාව වෙනස් වන නිසා අපි මේ ධනයෝග පිළිබඳ ජන්ම පත්‍රයක පිහිටීම් කෙසේදැයි විමසා බලමු. මේ සඳහා ලග්නය හා ලග්නාධිපතියාත්, දෙවැනි භාවය හා එහි අධිපතියාත්, 10 වැන්න, 11 වැන්න සහ එහි අධිපතියනුත් එම ස්‌ථානවල පවතින ග්‍රහ සංයෝග හා දෘෂ්ටිත් සොයා ගැඹුරින් විමසා බැලිය යුතුය. එවිට පෙර භවයෙහි දන් දුන් ආකාරය මැනවින් වටහා ගත හැකිය.
දානය යනු ආහාර, වස්‌ත්‍ර – ධර්ම, ජීවිත (අභය), ශ්‍රම යනුවෙන් දානය වර්ග 06 ක් පවතී. මේ 06 න් වැඩි වශයෙන් දුන් දාන කවරේද යන්න පැහැදිලි කර ගැනීමට ජන්ම පත්‍රයෙන් පිළිවන. ඒ අනුව විවිධ මට්‌ටම් ග්‍රහ පිහිටීමේ නිරීක්‍ෂණය කර බැලිය යුතු වේ. දන් දුන්නත් වෙනත් පාප කර්ම සිදුකර ගෙන තිබුණේ නම් එම දන් දුන් විපාක වශයෙන් පිහිටන ධනයෝගවලට පාප ග්‍රහ දෘෂ්ටි පතිත වී ඒවා අක්‍රීය තත්ත්වයට පත්වී තිබිය හැක.
ලග්නය මෙන්ම චන්ද්‍ර ලග්නයද මේ සඳහා මූලිකව විමසිය යුතුය. විශේෂයෙන් ලග්නාධිපති පීඩාවීම, දුර්වල වීම හරහා ධනය ලැබීමට බොහෝ බාධක ඇති කරයි. දෙවැන්නාධිපතියා පීඩාවීම තිබුනත් ලග්නාධිපතියා මෙන්ම කුජ ග්‍රහයාද බලවත් නම් ධනය උපයා ගැනීමට එතරම් බාධාවක් නැත.
ධන කාරක සිකුරුගේ පිහිටීමද මේ සඳහා වැදගත් වේ. එසේම 5 වන භාවස්‌ථානයද ධනය පිළිබඳ වැදගත් ස්‌ථානයකි. දෙවැනි භාවය හා 11 ස්‌වැනි භාවය ධනය සම්බන්ධ ප්‍රමුඛ ස්‌ථානයන් වුවද 2 වැන්න අධිපතියාට අශුභ දෘෂ්ටි මෙන්ම ඔහු 8-6-11 වැනි භාවාධිපතියෙක් හා සංයෝග වූ විට ධනය ලැබීමට අපහසුතා ඇති කරයි.
2 වැන්නේ ශනි – කුජ වැනි ග්‍රහයකුගේ පිහිටීම ඇති විට ධනය ලැබීමට අපහසු මෙන්ම ධනය වැයවීම ශීSඝ්‍ර කරයි. එසේම 2 වැන්න අධිපති උච්ච තත්ත්වයෙන් හෝ 05, 09 වැනි ත්‍රිකෝණස්‌ථානයක යෝගවී පුණ්‍ය ස්‌ථානාධිපතිගෙන් කුමන හෝ සම්බන්ධයක් සහිතව සිටිය හොත් තමා හම්බ නොකළ විශාල ධනයක් ලැබීමේ භාග්‍යය ලබයි. ඒවා එම ග්‍රහයින්ට අයත් මහා දසා, අතුරු දසා කාලවල ක්‍රියාත්මකවේ. ශනි, කුජ – රාහු ධනය පිළිබඳ අශුභ ග්‍රහයින් වුවත් ජන්ම පත්‍රවල ඔවුන්ගේ සුබවාදී පිහිටීම් අනුව බොහෝ ධනය ලබාදෙන අවස්‌ථා තිබේ.
We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here