කේන්ද්‍රයක ලග්නය වන්නේ ආත්මයයි. එනම් ලැබුවාවූ ජීවිතයයි. භාරතීය බ්‍රාහ්මණ සංකල්පය අනුව මිනිසා උපත ලබනුයේ මහා බ්‍රහ්මයාගෙනි. එනිසා ලග්නය හෙවත් 01 වැනි බ්‍රහ්ම නමින් හැඳින්වෙයි. කේන්ද්‍රයේ දෙවැන්න ධනස්‌ථානයයි. එනම් ආත්මය හෙවත් ජීවිතය පවත්වාගෙන යනු ලබන ස්‌ථානය වෙයි. එය විෂ්ණු නමින් හැඳින්වේ. විෂ්ණු යනු පැවතීම පිළිබඳ සංකල්පයයි. 03 වැන්න ජන්මියාගේ වික්‍රමස්‌ථානය හෙවත් යම් අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට පවතින ධෛර්ය – උත්සාහය වෙයි.
එනිසා 3 වන භාවය තෘෂ්ණාවටද සම්බන්ධ තැනය. තෘෂ්ණාව යනු කෙළවර විනාශය පවතින සිද්ධාන්තයක් බව අප බෞද්ධයන් වශයෙන් දනිමු. භාවත් භාව ඵල වශයෙන් කේන්ද්‍රයේ 08 වැන්නෙන් 08 වැන්නද විනාශයේ ප්‍රතිමූර්තියද වූ 03 වන භාවයමය. එනිසා බ්‍රාහ්මණ සංකල්පයට අනුව විනාශය ගැන කියන 3 වන භාවය ඊශ්වර නම් වෙයි.
ඒ අනුව බ්‍රහ්ම (හටගැනීම) විෂ්ණු (පැවතීම) ඊශ්වර (නැතිවීම) යන ත්‍රී මූර්තිය බව ඉන්දීය බ්‍රාහ්මණ සංකල්පය වෙයි. අප මාතෘකා කරන්නේ විෂ්ණු සංකල්පය වූ පැවතීම යන අර්ථයට යටත්වන කේන්ද්‍රයේ ධනස්‌ථානය පිළිබඳවය. එනම් දෙවන භාවය පිළිබඳවය.
අප අදහන බුදු දහමට අනුව මිනිසා ප්‍රමුඛ සකල සත්වයාම උපදිනු ලබන්නේ හේතූන් අනුවය. එනිසා හේතූන් නැතිව සත්ව හටගැනීමක් නැත. මිනිසා බවට පත්ව බිහිවන්නේද ඇස – කණ – නාසය – දිව – ශරීරය යන පංචස්‌කන්ධය කෙරෙහි ඇලී සිටීමට උපකාර වන රූප – ශබ්ද – ගන්ධ – රස – ස්‌පර්ශ යන පංච උපාදානස්‌කන්ධ හෙවත් තෘෂ්ණාව හේතුව වීමෙනි. එනම් දැකීම නම් ආශාව – ඇසීම නම් ආශාව – සුවඳ විඳීමේ ආශාව – රසවිඳීමේ ආශාව පහස විඳීමේ ආශාව යන ප්‍රධාන ආශාවන් මුල් කොටගත් තෘෂ්ණාව නිසාය.
මෙම ආශාවන් හේතු වීමෙන් නැවත මිනිස් භවය ලැබීමට නම් පිං බලය හෙවත් කුසලකර්ම පැවතිය යුතුය. එසේ පිං බලය මහත්නම් ඒවා යහපත් ලෙස විඳගැනීමේ වාසනාව පවතී. එබැවින් ලැබු මිනිස් භවයට ඥන – ධර්ම – අර්ථ – කාම – මෝක්‍ෂ යන ලෞකික පංච සමාපත්තිය පූර්ණ වශයෙන් ලැබේ.
එය ප්‍රබල මට්‌ටමේද නැතිනම් දුබල මට්‌ටමේද යන්න ප්‍රකාශ වන්නේ කේන්ද්‍රයේ දෙවන භාවයෙනි. එනිසා එය ධනස්‌ථානය ලෙසද හැඳින්වේ. එබැවින් ලැබූ මිනිස් භවයේ පැවැත්ම තීරණය වන්නේ දෙවැන්නෙනි. භව පැවැත්මට ප්‍රධාන ලෙස බලපාන්නේ ආහාරයයි. ආහාරය වෙනුවෙන් දිව සහිත මුඛය සැකසී තිබේ. එනිසා ශරීරයේ මුඛය අයත් වන්නේ කේන්ද්‍රයේ 2 වන භාවයටමය. එහි දිව පිනවීමේ ආශාව පවතී.
එනිසා මිහිරි රස බොජුන් වැළඳීමට මුදල් අවශ්‍ය වේ. එනිසාද දෙවැන්න ප්‍රධාන වේ. මුහුණ – කට – බෙල්ල වශයෙන් කේන්ද්‍රයේ දෙවන භාවයට ශරීරාංග වෙන්කර ඇති බැවින් ඇස පිනවීමේ ආශාව – කන පිනවීමේ ආශාවද එයට එක්‌වෙයි. එසේම කුටුම්භ සංරක්‍ෂණ ස්‌ථාන වන්නේද එයමය. එනිසා දරුපවුල නිවසේ බඩුබාහිරාදිය ගැනද දෙවැන්න වග කියයි. මේ සඳහා යම් අබිමානයක් ගොඩනැගීමට සිදුවේ. ඒ සඳහාද මුදල් අවශ්‍ය වෙයි.
සැමියා හා බිරිඳ අතර පවතින සහයෝගය සංවාදය මෙන්ම ඔවුන් ලබන තෘප්තිමත් ශාරීරික පහස සම්බන්ධයෙන්ද දෙවැන්න වග කියයි. එසේම දූ දරුවන්ගේ සහ සම්බන්ධය ඔවුන්ගේ පැවැත්ම ආදිය සම්බන්ධයෙන් ජන්මියා මත පැටවෙන වගකීම ඇත්තේද දෙවැන්න මතය. එසේම ලෝකයා හා සම්බන්ධතාවය පවතින දැන හඳුනා ගැනීම කතාබහ ආදිය ඇත්තේද දෙවැන්නේය. මෙකී සෑම දෙයක් කෙරෙහිම බලපාන මුල සාධකය වූ අතට සාක්‌කුවට බැංකුවට තැන්පත්වන මුදල ගැන ප්‍රධාන වශයෙන් දෙවැන්න බලපායි.
මෙසේ පවතින දෙවැන්නට කේන්ද්‍රයේ තවත් ප්‍රධාන ස්‌ථාන කීපයක සහාය අවශ්‍යවේ. ඉන් ප්‍රධාන වශයෙන් ස්‌ථාන කීපයක් පවතී. ඉන් එකක් කේන්ද්‍රයේ 5 වැන්න වෙයි. පස්‌වැන්න ප්‍රකාශ කරන්නේ ජන්මියාගේ ඥනය – බුද්ධිය හා ප්‍රඥාව ගැනය. දැන උගත් ශිල්ප ශාස්‌ත්‍ර පවතින තැනය. දෙවැන්න වූ ධනස්‌ථානයට ප්‍රතිපාදන සැකසෙන්නේ තමාගේ දැන උගත් කුමක් හෝ දෙයකිනි. මෙම වැදගත් භූමිකාව 5 වන භාවයෙන් විකාශනය වන අතර එහි සාර්ථකත්වයට උරදෙන තවත් ප්‍රධාන ස්‌ථානයක් වෙයි.
එයට භාවත් භාව අනුව 5 වැන්නෙන් 9 වැන්න හෙවත් භාග්‍ය ස්‌ථානය විමසිය යුතුය කේන්ද්‍රයේ 9 වන භාවය නොව 5 වන භාවයෙන් 9 වැන්නය. එනම් ලග්නයයි. එයින් බලන්නේ දෙවැන්නට හෙවත් ධනස්‌ථානයට ප්‍රතිපාදන ලබාදීමට 5 වන භාවස්‌ථානයට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටය. එනම් කොයි අන්දමේ පිං බලයක් රූප ශබ්ද ගන්ද්‍ර රස ස්‌පර්ශ යන ලෞකික සැපයන් විඳීමට කර්ම ශක්‌තිය වී තිබේද යන්නය.
එනිසා 5 වැන්නෙන් 9 වැන්නවූ ලග්නය පිරික්‌සිය යුතුය. ඒ අනුව ලග්නයේ පාපී ග්‍රහයන් සිටීද? නැතිනම් පාප දෘෂ්ටිවලට ලක්‌ව තිබේද? එසේ නැතිනම් ලග්න මැදිකරගෙන පාප ග්‍රහයින් සිටීද? (පාපකර්තරීවීම) යන්න සේම ලග්නාධිපති අශුභ ස්‌ථාන වල සිටීද පාප දෘෂ්ටි පාප සංයෝග වී සිටීද පාප කර්තරීවී සිටීද නීචවී සිටීද දුෂ්ට ස්‌ථානවල සිටීද යන්න සොයා බැලිය යුතුය. එලෙස පීඩාවී ඇත්නම් පිං බලය මෙන්ම පව්බලයද එම ජන්මියා පාලනය කරන බව දත යුතුය.
පව විසින් කරන්නේ ඥන – ධර්ම – අර්ථ – කාම – මෝක්‍ෂ යන ලෞකික පංච සමාප්තිය ව්‍යාකූල කිරීමය. චංචල කිරීමය. කඩින්කඩ බිඳ දැමීමය. එසේ හෙයින් උගත්කමේ හැටියට රැකියාවක් නොලැබී යැමට ඉඩකඩ පවතී. ජීවත් වීමට බොහෝ බාධක කරදර ඇතිකරයි. එසේ හෙයින් අසාර්ථක ජීවන තත්ත්වයක් හිමිවීමට ඉඩකඩ ඇති කරයි.
එක්‌කෝ ජීවිතයට අවශ්‍ය මූලික තත්ත්වයන් ගොඩනගා ගැනීමට අධික වෙහෙස අධික කරදරවලට මුහුණ දීමට සිදු වෙයි. එසේම මුළු කාලයම වැය කරමින් ප්‍රමාණවත් වැටුපක් ආදායමක් නොලබන තත්ත්වයට පත්වෙයි. දූ දරු ප්‍රශ්න අඹුසැමි ප්‍රශ්න ගෙදර දොර ගැටලු ආදී තත්ත්වයන් වර්ධනය වනු ඇත.
සමාජ සම්බන්ධ හා බැඳීම් අයහපත් වනු ඇත. අභිමානය පෞරුෂත්වයට හානි පැමිණෙනු ඇත. මේ අන්දමේ තත්ත්වයන් මැද ජීවත්වීමට සිදුකරයි. ලෞකික පංචා සමාපත්තියට අවහිර බාධක ඇතිවන බැවින් මානසික පීඩනය වැඩි වෙයි. විවාහයෙන් පවා දුක් තත්ත්වයන් වැඩි කරයි. තමන් සිතන පතන අන්දමටම බොහෝ දේ ඉටු නොවී යෑයි. ශාරීරික වශයෙන් සෞඛ්‍ය තත්ත්වයන් අයහපත් කරයි. ජීවත්වීමට බොහෝ සේ දුක වැඩි කරයි. නමුත් යම් අන්දමකින් එවැනි තත්ත්වයන් තුළ ජීවත් වීමට ඉඩකඩ සැලසෙයි.
එනිසා පස්‌වැන්නෙන් නව වැන්නවූ ලග්නය හෙවත් තම ආත්ම භාවය ලෝභ ද්වේෂ මෝහ යන අකුසල් මූලයන් වර්ධනය වීම නිසා දූෂිතවීම තව තවත් වැඩිවෙයි. විශේෂයෙන් මේ සඳහා ගුරු – සිකුරු – ශනි ආදී ග්‍රහයින්ගේ පිහිටීම්ද සලකා බැලිය යුතුය. එසේ වන්නේ ප්‍රතිසන්ධි චින්තනයට අකුසල් බර ජනක කර්මයක බල පෑම වැඩිවූ බැවිනි. පින නිසා මිනිස් භවය ලබා යම් පමණකට ජීවිතය ගෙනයා හැකිවීමය. දුක් අධිකව විඳදරාගනිමින් ජීවත් වීමට සැලසීමය.
මෙසේ ලග්නය – ලග්නාධිපති දුර්වල වීම යනු පස්‌වන භාවයෙන් පැවසෙන පිං බලය හීනවීමය. මෙලොව පැවැත්ම සඳහා උපකාර වන දැන උගත්කම කෙසේ ලැබුණත් පිං බලය දුර්වල වීමෙන් දැන උගත්කම ප්‍රභාශ්වර නොවේ. ඉහළ අධ්‍යාපන ප්‍රගතියක් අත්පත් කර ගත් අය පවා එදිනෙදා කම්කරු වෘත්තිවල නියෑළෙමින් යාන්තම් දිවි ගැටගසා ගන්නේ එබැවිනි.
මෙලෙස ජන්ම පත්‍රයක දෙවැන්න යහපත් වීම පැවතුනත් භාවත් භාව වශයෙන් පස්‌වැන්නත්, පස්‌වැන්නෙන් නවවැන්න වන ලග්නයත් දුර්වල වනවිට “පැවැත්ම” අසතුටුදායක වෙයි. මේ සඳහා රවි – ගුරු – සිකුරු – ශනි ආදි ග්‍රහයයන්ගේ තැන්පත් වීම්ද සලකා බලමින් කෙනෙකුගේ දෛවය මූලික වශයෙන් හඳුනා ගත හැකිය.
ඒ අනුව ඒ ඒ ග්‍රහයන්ට අයත් විංශෝත්තරී මහ දශා අන්තර් දශා ආදියෙන් අත්වන තත්ත්වයන් දැකගත හැකි වේ. බුද්ධ දේශනා අනුව හේතූන් නිසා ඵලය ඇතිවේ. මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ සිත – ක්‍රියාව – හා වචනය තුළින් ඇතිකරගත් පව් බලය පිං බලය සමග මිශ්‍රව ක්‍රියා කිරීමය. ඵලය වන්නේ දරිද්‍රතාවය හා පීඩිත ජීවන තත්ත්වයකි. එනිසා පව් බලයත් පිං බලයත් අවබෝධ කොට ජීවත් වීම ඊළඟ භවය යහපත් කරගැනීමට මගක් වනු ඇත.
We found this article from Divaina on 2013/02/08.
Also Sinhala to English Google word to word translation can be found here