ගමනේ ප්‍රතිඵල කලින් දැනගන්න සුත්‍රය මෙන්න

1364
ගමනේ
ගමනේ

අතීතයේදී, වර්තමානයේ මෙන් ජනයාට ගමන් බිමන් යැමට යානවාහන පහසුකම් තිබුණේ නැත. බොහෝ විට ඔවුන්ට දුර ගමනක්‌ යැමට දින ගණනාවක්‌ ගතවිය. ඒ කරත්තයකින් හෝ පයින් ගමන් කිරීමට එදා සිදුවීම නිසාවෙනි.

තමා බලාපොරොත්තු වන කාර්යය සඵල කර ගැනීමට හැකි හොඳ දිනයක්‌ සොයා බලා එදිනට ගමන පිටත්වීම එදා ජනතාව අතර පැවැති සම්ප්‍රදාය විය. ගමනින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන අතර මගදී ගැහැටක්‌ කරදරයක්‌ නොමැතිව ආපසු පැමිණීමට ඒ නිසා ඔවුනට හැකිවිය.

අද ඉතා ඉක්‌මනින් ගමනක්‌ ගොස්‌ ආපසු ඒමට පහසුකම් ඇත. ගිය දිනයේ බලාපොරොත්තු වූ කරුණ සාර්ථක නොවුවහොත් වෙනත් දිනයක යැමටද හැකියාවක්‌ ඇත. අතීතයේදී එසේ නොවීය. වැදගත් ගමන් බිමන් ගියේ ගුප්ත විද්‍යාවේ හෝ ජ්‍යෙdතිෂයේ උපදෙස්‌ ඉතා ඉහළ පිළිගැනීමකින් යුක්‌තවය. ඒ නිසා එම ගමන සාර්ථක විය.

වැදගත් ගමන් බිමන් වලදී යහපත් ප්‍රතිඵල ලබාගන්නට හැකිවාක්‌ මෙන්ම, එම ගමන සාර්ථක වේද? නැද්ද? යන්න, ගමන පිටත්වීමට පෙර දැනගැනීමට හැකියාවක්‌ ඇත්නම් එය වඩාත් උචිත නොවේද? ඒ සඳහා පැරැන්නෝ ගුප්ත විද්‍යාවේ පිළිසරණ ලබාගත්හ.

ගමනක්‌ යැමට පෙර නියමිත දින ගමන ගියහොත් ලැබෙන ප්‍රතිඵල කලින් දැන ගැනීමට හැකි ගුප්ත විද්‍යා ගණිත ක්‍රමයක්‌ පහත සඳහන් කෙරේ.

ගමන යැමට නියමිත දිනයට උදාවී ඇති නැකත කුමක්‌දැයි සොයා ගන්න. අස්‌විද නැකතේ සිට එම නැකත දක්‌වා ඇති නැකැත් ගණන කීයදැයි ගැන ගන්න.

ඊළඟට එදිනට යෙදී ඇති තිථිය කුමක්‌දැයි බලන්න. පෑලවිය පටන් එම තිථිය දක්‌වා ඇති තිථි ගණන ගැන ගන්න.

නැකත් හා තිථි බලා ගැනීමට පංචාංග ලිතක්‌ උපයෝගී කරගත හැකිය. ඇතැම් දින පොත්වලද නැකත් හා තිථි සඳහන් කර තිබේ.

ඊට පසුව ගමන යැමට නියමිත දවසට ඉරිදා සිට දින කීයක්‌ දැයි ගැන ගන්න.

දැන් නැකත් ගණනත්, තිථි ගණනත්, දින ගණනත් එකතු කරන්න.

එම උත්තරය පළමුව හතෙන් බෙදන්න. එසේ බෙදීමේදී ඉතිරි නැතිවුවහොත් එදින ගමන යැමෙන් හිතට දුකක්‌ ඇතිවීමට හේතු යෙදෙනු ඇත.

මුල් උත්තරය දෙවන වර අටෙන් බෙදන්න. එම බෙදීමේදීද ඉතිරි නොමැති වුවහොත්, එදිනට ගමන යැමෙන් අධික ලෙස මුදල් වැයවීමට කරුණු යෙදේ.

පළමු උත්තරය තුන්වැනිවර තුනෙන් බෙදන්න. එම අවස්‌ථාවේදී ද ඉතිරියක්‌ නොමැති වුවහොත් එදින ගමනින් මරණය හා සමාන විපත් ඇති කෙරේ.

තුන්වරම වෙන වෙනම බෙදීමේදී කිසියම් හෝ සංඛ්‍යාවක්‌ ඉතිරි වුණි නම් එදින ගමන යැමෙන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවේ. යහපත් ප්‍රතිඵල ලබාගත හැක.

ගමන් බිමන් වලදී බලාපොරොත්තු ඉටුකරගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සැමගේ අපේක්‍ෂාව වේ. මේ සඳහා ජ්‍යෙdතිෂයේ පිහිට ලබාගැනීමෙන් අති විශිෂ්ට ප්‍රථිඵල ලබාගත හැකිවෙයි. ඒ සඳහා අනුගමනය කළයුතු ජ්‍යෙdතිෂ සිද්ධාන්තයන් කුමක්‌දැයි විමසා බලමු.

අස්‌විද, මුව සිරස, පුනාවස, පුෂ, හත, අනුර, දෙට, මුල, සුවන, දෙනම, රේවතී යන නැකැත් යෙදුන දිනයන්හි ගමන් යැමට විශේෂයෙන්ම යහපත් බව ජ්‍යෙdතිෂයෙහි දැක්‌වේ.

* සඳුදා හා සෙනසුරාදා දකුණු දිශාව බලා පිටත්වීමෙන්ද,

* අඟහරුවාදා නැගෙනහිර දිශාව බලා පිටත් පිටත්වීමෙන්ද,

* බදාදා හා බ්‍රහස්‌පතින්දා බස්‌නාහිර දිශාව බලා පිටත්වීමෙන්ද,

* සිකුරාදා, උතූරු දිශාව බලා පිටත්වීමෙන්ද ගමණින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

* උතුර බලා උදය කාලයේද,

* නැගෙනහිර බලා දහවල් ඉරමුදුන් කාලයේද,

* දකුණ බලා සවස්‌ කාලයේද,

* බස්‌නාහිර බලා රාත්‍රි කාලයේද යන ගමනින් ශුභ ප්‍රතිඵල අත්කරගත හැකිවේ.

* ගිතෙල් මිශ්‍ර ආහාරයක්‌ අනුභව කර නැගෙනහිර දිශාව බලාගෙනද,

* ලා බත් හෝ සිසිල් බත් අනුභව කර දකුණු දිශාව බලාගෙනද,

* පිළිහිඬු මිශ්‍ර ආහාර අනුභව කර බස්‌නාහිර දිශාව බලාගෙනද,

* කිරිබත් අනුභව කර උතුරු දිශාව බලාගෙනද, ගමන් ඇරඹීමෙන් ගමනින් යහපත් ප්‍රථිපල හිමිවනු ඇත.

(මෙම ආහාර අනුභව කොට හෝ අනුභව කළායෑයි සිතාගෙන එය සිහිකොට ගමන් ඇරඹීමද ප්‍රමාණවත්වේ.)

* ඉරිදා – සඳුදා – බ්‍රහස්‌පතින්දා දකුණු පය පෙරට තබමින්ද,

* අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා, වම්පය පෙරට තබමින්ද ගමන් පිටත්වීම ගමනේ සාර්ථකත්වයට හේතුවන බව ශාස්‌ත්‍රයෙහි දැක්‌වේ.

ජ්‍යෙdතිෂ සිද්ධාන්තයන් අනුව ගමන පිටත්වන වේලාවට උදාවන තත්කාල ලග්නයේ 3-6-11 යන ස්‌ථානවල පාපග්‍රහයන් සහ 1-4-5-7-9-10 ස්‌ථානවල ශුභ ග්‍රහයන් සිටීමෙන් ගමනින් උපරිම ප්‍රතිඵල ලබාගත හැක.

තත්කාල කේන්දරයේ චන්ද්‍රයා පීඩිතව නොසිටිය යුතුය. එසේම සඳු 2-4-6-8-12 යන ස්‌ථානයකද නොසිටිය යුතුය. සඳු ශුභ දෘෂ්ටි ලබා 5 වැන්නේ සිටීම ගමනට ඉතා යහපත්වේ. බුද ග්‍රහයාද පීඩාවට පත් නොවී සිටීම වැදගත් වනු ඇත. තත්කාල කේන්දරයේ සඳු, ගුරු, සිකුරු ලග්න ගත කිරීමෙන් හෝ කේන්දරගත කිරීමෙන් ලැබෙන වේලාවට යන ගමනින් විශිෂ්ට ප්‍රතිලාබ ලබාගත හැක. තත්කාල කේන්දරයේ බලවත්ම ග්‍රහයාගේ හෝරාවකින් හෝ පංචම කාලහෝරාවකින් ගමන පිටත්වීම ඉහළම සාර්ථකත්වයක්‌ ලබා ගැනීමට හේතුවේ.

ගමන පිටත්වන වේලාවේ උදාවන ලග්නය

* මේෂ නම් අනතුරු, කරදර ආදියටද,

* වෘෂභ නම් සැපය හා සතුට ආදියටද,

* මිථුන නම් බාහිර කරදර පීඩා ආදියටද,

* කටක නම් පොදු වැඩ හෝ සමාජ සේවා කටයුතු ආදියටද,

* සිංහ නම් සියලුම යහපත් වැඩ කටයුතු ආදියටද,

* කන්‍යා නම් අසනීප, ලෙඩ රෝග පීඩාදියටද,

* තුලා නම් සාර්ථකව කටයුතු සපුරා ගැනීමාදියටද,

* වෘශ්චික නම් අනතුරු තුවාල ආදියටද

* ධනු නම් තරගකාරි කටයුතුවලින් ජයග්‍රහණාදියටද

* මකර නම් නින්දා අපහාස අපකීර්තිය ආදියටද

* කුම්භ නම් සතුරු බලවේග හා ව්‍යසන ආදියටද

* මීන නම් වැසි සුළං ආදී ස්‌වභාවික විපත් ආදියටද මුහුණ දීමට සිදුවේ.

* ඉරිදා සහ ජලවක තිථියද,

* සඳුදා සහ සතවක තිථියද,

* අඟහරුවාදා සහ තියවක තිථියද,

* බ්‍රහස්‌පතින්දා සහ විසේනිය තිථියද,

* සිකුරාදා සහ අටවක තිථියද, යෙදී ඇත්නම් වැදගත් ගමනක්‌ යැම ශුභ නොවේ.

* ඉරිදා හා සිකුරාදා බස්‌නාහිරටද,

* සඳුදා හා සෙනසුරාදා නැගෙනහිරටද,

* අඟහරුවාදා හා බදාදා උතුරටද,

* බ්‍රහස්‌පතින්දා දකුණටද

මුහුණ ලා ගමන් ඇරඹීම සුදුසු නොවන බව ශාස්‌ත්‍රයෙහි දක්‌වා තිබේ. එසේ ගිය හොත් විවිධ කරදර බාධාවන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.

පැරණි ගුප්ත විද්‍යා පුස්‌තකයක සඳහන් වී ඇති අන්දමට, තමා උපන් මාසයද, මවු-පිය මැරුණු මාසද, භාර්යාව දරුගැබ්ව නවමස්‌ පිරී සිටින විටද, ඇය දරුවා ප්‍රසූත කර මාසයක්‌ ඇතුළතද, ග්‍රහයින් රාශි මාරුවන දිනවලද, ග්‍රහ යුද්ධ පවතින දිනවලද, ග්‍රහයන් අස්‌න හා වක්‍රවන දිනවලද, සූර්යග්‍රහණ හා චන්ද්‍ර ග්‍රහණ ඇතිවන දිනවලද, දේදුණු පෑයූ දිනවලද, මෛධෘනි (වස්‌දති) ව්‍යාතිපාක යෝග ඇති දිනවලද, රික්‌නා හා ගුලික දෝෂ ඇති දිනයන්හිද, ධූම කේතු පෑයූ දිනවලද, අකුණු ගසන දිනයන්හිද, තද වැසි මේඝ ගර්ජනා පවතින දිනයන්හිද, සන්ධ්‍යා කාලයෙහිද, රැවුල හා කේෂ කලාපය ප්‍රථමයෙන් කැපූ දිනයෙහිද, තම භාර්යාවට ඔසප් ඇතිවූ දිනයෙහිද, රාත්‍රි ස්‌ත්‍රී සේවනය කොට පසුදිනයෙහිද, තද දුකක්‌ ඇතිවූ දිනයෙහිද, භාර්යාව හා කළහ කරගත් දිනයෙහිද, වැදගත් ගමන් යැමෙන් අයහපතක්‌ම සිදුවන බව කියෑවේ.

We found this article from Divaina on 2012/09/21.
Also Sinhala to English Google word to word translation can be found here