ග්‍රහයන්ගේ පිහිටීම හා ග්‍රහයන්ගෙන් අත්වන ගුණාගුණ

1709
ග්‍රහයන්ගේ
ග්‍රහයන්ගේ

ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රයට අනුකූලව රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු හා කේතු ද වශයෙන් ග්‍රහයන් නව දෙනෙකි. ග්‍රහයන් නව දෙනාගෙන් මුල් හත්දෙනා, පියවි ඇසින් වුවද දැකබලාගත හැකි ග්‍රහයන්ය. සෞරග්‍රහ මණ්‌ඩලයට සම්බන්ධය.

ඒ ග්‍රහයන් පිළිබඳව මෙලෙස විස්‌තර කළ හැකියá

රවි – රවි යනු සූර්යයාය. සෞරග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධාන ග්‍රහයාය.

පොළොවේ සිට දුර ප්‍රමාණය සැතපුම් නව කෝටි 30 ලක්‌ෂයකි. පෘථිවිය රඳා පවතින්නේ හිරු නිසාය. උෂ්ණය හා ආලෝකය ද ජීවයේ ර¹ පැවැත්මට අවශ්‍ය වන අතර හිරුගෙන් දෙකම ලැබීම නිසා ජීවය ර¹ පවතී. විෂ්කම්භය සැතපුම් 8,64,000 කි. බර ප්‍රමාණය පොළොවේ බර මෙන් 3,30,000 ක්‌ තරම්ය.

සඳු – හිරු එළියෙන් දීප්තිමත්ව අපට දිස්‌වන ප්‍රධාන ග්‍රහයෙකි. පොළොවට ඉතාම සමීප අවස්‌ථාවේ පොළොවේ සිට සැතපුම් 2,21,600 ක්‌ පමණ එපිට පිහිටන අතර ඉතාම දුර අවස්‌ථාවේ දුර ප්‍රමාණය සැතපුම් 2,52,950 ක්‌ තරම්ය. බර ප්‍රමාණය පොළොවේ ප්‍රමාණයෙන් 1/8 ක්‌ (අරික්‌කාලක්‌) තරම්ය. විෂ්කම්භය සැතපුම් 2,160 කි. පොළොව වා භ්‍රමණය වන්න ගතවන කාලය දින 29 කුත්, පැය 12 ක්‌ හා විනාඩි 44 කි.

කුජ – හිරුගේ සිට හතරවැනි ග්‍රහයාය. හිරු වටා භ්‍රමණයට ගතවන කාලය දළ වශයෙන් දින 687 කි. පිහිටා ඇත්තේ සූර්යයාගෙන් සැතපුම් 14 කෝටි 16 ලක්‌ෂයක පමණ දුරකිනි. විෂ්කම්භය සැතපුම් 4,180 ක්‌ තරම්ය. බර ප්‍රමාණය පොළොවේ බරින් 0.15 කි.

බුධ – සෞරග්‍රහ මණ්‌ඩලයේ කුඩාම ග්‍රහයාය. හිරුට සමීපතම ග්‍රහයාද බුධය. හිරු වටා භ්‍රමණයට දළ වශයෙන් ගතවන කාලය දින 88 කි. පොළොවේ බරින් දළ වශයෙන් 0.055 ක්‌ පමණ බරැති බුධගේ විෂ්කම්භය සැතපුම් 3,000 ක තරම්ය.

ගුරු – හිරේ සිට පස්‌වැනි ග්‍රහයාය. සෞරග්‍රහ මණ්‌ඩලයේ විශාලතම ග්‍රහයා ද ගුරුය. පොළොවේ බර මෙන් 318 ගුණයක්‌ බරැති ගුරු ග්‍රහයාගේ විෂ්කම්භය සැතපුම් 172,000 ක්‌ තරම්ය. හිරු වටා භ්‍රමණයට ගතවන කාලය දළ වශයෙන් අවුරුදු 11.86 කි.

කිවි – හිරුගේ සිට දෙවැනි ග්‍රහයාය. විෂ්කම්භය සැතපුම් 7,600 ක්‌ තරම්ය. බර ප්‍රමාණය පොළවේ බරින් 0.816 කි. හිරු වටා භ්‍රමණයට ගතවන කාලය දළ වශයෙන් දින 224.7 කි.

ශනි – හිරුගේ සිට හයවැනි ග්‍රහයායි. සෞරග්‍රහ මණ්‌ඩලයේ දෙවැනි විශාලතම ග්‍රහයා වන ශනිගේ විෂ්කම්භය සැතපුම් 1,48,000 කි. පොළොව මෙන් 95 ගුණයක්‌ බරය. කක්‌ෂයේ භ්‍රමණයට ගතවන කාලය අවුරුදු 29.5 කි.

ග්‍රහයන් හත්දෙනකුගේ ගුණ තුනක්‌ ඇති බව “මානසාගරී” නමැති පෞරාණික ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ සඳහන් ය. ග්‍රහයන්ගේ බලපෑම සිදුවන්නේ ඒ ගුණයන්ට අනුකූලවය.

හිරු, සඳු හා ගුරු ග්‍රහයන්, සත්ත්ව ගුණයෙන් යුක්‌තය. රජෝ ගුණය බුධ හා කිවි ග්‍රහයන්ගේය. ශනි හා කුජ ග්‍රහයන් මෝඩ, අලස වැනි ගතිවලට බලපාන ග්‍රහයන්ය.

සත්ත්ව ගුණයෙන් යුක්‌ත ග්‍රහයන්, දයා ගුණය, සත්‍යවාදී බව, ස්‌ථිර බව, සෘජු බව මෙන්ම බමුණන්ට හා දෙවි දේවතාවුන් වහන්සේලාටද බැතිමත් බව ද ගෙන දෙන බව සඳහන් ය.

කාව්‍යකරණයට පවත්නා දක්‌ෂතාවය, කුල ස්‌ත්‍රීයත්වය, ධනවත්කම හා ශූරත්වයද ලබා දෙන්නේ රජෝ ගුණයෙන් යුතු ග්‍රහයන්ය. මෝඩ ස්‌වභාවයද, අනුන් රවට්‌ටවන නින්දට කැමැත්තක්‌ දක්‌වන අලස, කම්මැලි, ක්‍රෝධ ස්‌වභාවයද ඇතිවන්නේත්, සත්‍යවාදී ගතිගුණයද සහිත කෙනකු බවට සමහරවිට පත්කරන්නේත් මෝඩ, අලස ගති වැනි ගති ඇති කරන ග්‍රහයන්ගේ බලපෑමෙනි.

එම ග්‍රහයන් හත්දෙනා සතු තුන් ගුණයම එකට එක්‌වූ විට ප්‍රතිඵලය, මිශ්‍ර ගතිගුණ ඇතිවීමය.

We found this article from Divaina on 2012/07/13.
Also Sinhala to English Google word to word translation can be found here