ගැබිනි මවකගේ සැබෑ වගකීම

1798
ගැබිනි
ගැබිනි

පූර්ව ළමාවිය මොන්ටිසෝරියෙන් ඇරැඹුවද මව්කුස තුළ ගෙවන්නේ අත්‍යවශ්‍යම පූර්ව ළමා වියයි. දරුවකුගේ අධ්‍යාත්මය මනා ලෙස පිහිටුවා ගත යුත්තේ ඔහු බිහිවන්නට කලිනි. එනිසා දෙමාපියන්ට වැඩි වගකීම පැවරෙන්නේ දරුගැබ පවතින කාලය තුළය. එහෙත් ඒ තත්ත්වය අවබෝධ කරගන්නේ සියයට කීදෙනෙක්‌ද? එය එක්‌ අතකින් බරපතළ කනගාටුදායක තත්ත්වයකි.

මව් කුසක්‌ තුළ පුරුෂ බීජය හා ස්‌ත්‍රී බීජය එක්‌වීමෙන් සෑදෙන්නේ මිනිස්‌ සිරුර නිර්මාණය වන පළමුවැනි සෛලයයි. එය භ්‍රෑණය, කලලය වශයෙන් විවිධ අන්දමට වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි. මෙසේ සකස්‌වන කලලයට ජීවයක්‌ ඇතිවීම පිණිස විඤ්Æණයක්‌ සම්බන්ධ විය යුතුය. පෙර භවයක සිට මියගොස්‌ යළි මිනිස්‌ භවයකට පැමිණෙන කෙනකුගේ විඤ්Æණයකි. වඩාත් පැහැදිලිව පවසන්නේ නම් විඤ්Æණයක සූක්‍ෂ්ම කොටසකි.

මෙම විඤ්Æණය පිළිබඳ බුද්ධ දේශනාව අනුව එය වායුවකට සමානය. එනම් කිරණ ශක්‌තියක්‌ බඳු වස්‌තුවකි. ඇස, කන, නාසාදී ඉන්ද්‍රියන් බිඳවැටී විනාශ වූ (මරණයට පත් වූ) එහෙත් ඇස, කන, නාසාදී ඉන්ද්‍රියන්ගේ ජීව ගුණය සූක්‍ෂ්මව පවතින වස්‌තුවකි. මෙය නැවත භවයක්‌ සඳහා මව්කුසට ඇතුළු වී කලලය මත වැගිරී එයට ඇලී සිටී. එසේ හෙයින් මාස 10 ක්‌ තුළ ඇසේ ජීව ගුණයට ඇස්‌ දෙකත්, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ ජීවගුණයන්ට අදාළව පූර්ණ මිනිස්‌ සිරුරක්‌ මව්කුස තුළ වර්ධනය වෙයි.

මෙසේ මව් කුස තුළට පිවිසි විඤ්Æණයේ සූක්‍ෂ්ම කොටසට අයත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන අංග සකස්‌ වන්නේ පෙර භවයේ ඔහු තුළ පැවැති ගතිගුණවල සූක්‍ෂ්ම කොටසද ක්‍රියාකාරී වෙමිනි. එය විඤ්Æණය තුළ පවතින දෙයකි. මේ අවස්‌ථාවට එකී ගතිගුණ පිහිටීම පිණිස මවගේ මානසිකත්වය දරුගැබට අවශ්‍ය වේ. උතුම් බුද්ධ වචනය අනුව (භත්තිය සූත්‍රය) මව් කුසට පැමිණෙන විඤ්Æණය තුළ කුසලාකුසල තැන්පත්ව පවතී. ඒවා ක්‍රියාත්මක වීම පිණිස මවගේ මානසිකත්වයට අනුව ගති ගුණ වශයෙන් සකස්‌වීම මව්කුස තුළ සිදුවන්නකි.

මෙතැන් සිට එළැඹෙන්නේ පූර්ව ළමා වියයි. මෙම අවස්‌ථාවේ විශේෂයෙන් දෙමාපියන් බුද්ධිමත් විය යුතුයි. දරු පිළිසිඳ ගත් පළමු මාසයේ සිට බිහිවන අවස්‌ථාව දක්‌වා දෙමාපියන් සතු කාර්යභාරය ඉතා වැදගත් වේ. අනාගතය තුළ බිහිවන දරුවා නැණවත්, ගුණවත්, රූමත්, නිරෝගිමත්, ප්‍රඥවන්ත දරුවකු බවට පත්කිරීමේ උදාර ගුණය මව සතු වේ.

මව්පිය දෙදෙනාගේම ගතිගුණවලට ආවේනිකව විඤ්Æණය ගෙනා ගතිගුණ සකස්‌ වීමේදී වැඩි වශයෙන් මවගේ මනස දරුවාට බලපායි. එනිසා දරු ප්‍රසූතිය දක්‌වා මවට විශේෂ වගකීමක්‌ පවතී. එනම් මවගේ මනස දරුවාගේ මානසිකත්වය යහපත් අන්දමට හසුරුවා ගැනීමට සකස්‌ කර ගැනීමය.

පැරණි ජනසමාජය තුළ ගැබිනි සමය වැඩිවශයෙන් ධර්මානුකූල තත්ත්වයකට පත්කර ගත්තේ ඒ බෞද්ධ සංස්‌කෘතික ආභාසය මතිනි. නමුත් ලෝකය වෙනස්‌ වී ඇති මෙවන් අවධියක ගැබිනි මව්වරුන්ට එවැනි අධ්‍යාත්මික වටපිටාවක්‌ නැත. සෞඛ්‍යමය අතින් පහසුකම් ලබාගන්නවා විනා ආධ්‍යාත්මික අතින් පෙළඹීම ඉතාම අල්පය.

නිරන්තර නවීන ලෝකය තුළ මාධ්‍ය මගින් ප්‍රේක්‍ෂකයා ඇද බැඳ ගන්නේ අර්ථ ශුන්‍ය පුහු ශෘංගාර රසයෙනි. ඒ අනුව ජීවිතයේ සංකීර්ණ ගැටලු පැත්තක තබා ලෝකයේ ලොකුම ප්‍රශ්නය ලෙස හුවා දැක්‌වෙන හිරිඔතප් බිඳීගිය “ආදරය” ගැනත් එහි බාධක ගැනත් කතාකරන බොළඳ ටෙලි නාට්‍ය, චිත්‍රපට වැනි දේවල් වලින් බුද්ධිය විසිකොට මව්වරුන්ගේ සිත් තුළද හැඟීම් අවුළුවා තබයි. අද ගැබිනි අම්මලාද ඒවාට වහවැටී සිටී. එනිසා ඔවුන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් තුළින් මනසට ලබාදුන් ඒ කුණු කන්දල් ගැබ තුළ සිටින දරුවාගේ අධ්‍යාත්මයට පදනම දමයි.

සිද්ධස්‌ථානයකට ගොස්‌ තෙරුවන් වැඳ මල්පුදා පහන් දල්වා සිත නිවාගන්නේ එහෙමත් දවසකය. එදාටත් හවස ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය බලනකොට ආපහු වෙනත් හිතක්‌ ඇතිවෙනවා. මේ විදියට ගැබිනි අම්මලාගේ චර්යාව මොහොතින් මොහොත වෙනස්‌ වී යන නිසා ගැබ තුළ දරුවාගේ අධ්‍යාත්මය තුළ බුද්ධි ප්‍රභාව තව තවත් යටපත් වෙයි.

එසේම මව නිරන්තර ද්වේෂසහගත වීම, අඹුසැමියන් අතර ආරවුල් බහුල වීම, මව තුළ ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ නිරන්තර ඇතිවීම, ගැබිනි මවකගෙන් සිදු වේ නම් කුස තුළ දරුවාගේ ආධ්‍යාත්මය අපිරිසිදු අන්දමට පිහිටයි. එවැනි අය ඉපිද ළමාවියේ සිටම හැඟීම්වලට පමණක්‌ නැමී ගමන් කරන්නටම පෙළඹෙයි. බුද්ධිය, ප්‍රඥව පිළිබඳ නොසිතයි. නැණවත් ගුණවත් ප්‍රඥවන්ත දරුවෙක්‌ පතන්නේනම් දරුවා ඉපදුණු පසු පමණක්‌ එය සාක්‌ෂාත් කරගත නොහැක.

දරුවකු කුසට පැමිණි දා සිටම මවකට විශේෂ කාර්යභාරයක්‌ ඉටුකිරීමට තිබේ. ඒ තමන්ගේ චර්යාව වෙනස්‌කිරීමය. දිනපතා පංචශීලයෙහි පිහිටීම, ධර්මානුකූල වීම, නිතර කරුණා බර මෙත් සිතම පවත්වා ගැනීම, සිතට දුක්‌ නොගෙන සිටීම, අඹු සැමියන් කරුණාබරව අෙන්‍යාන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීම, රාගය, ද්වේෂය, ඇවිළෙන හරසුන් ටෙලිනාට්‍ය, චිත්‍රපටි වෙනුවට හරවත්, බුද්ධිමත් වැදගත් දේවල් ඇසීම, බැලීම සහ විඳීම සිදු කරගත යුතුය. වටිනා වැදගත් පතපොත කියවීම, ගණිතමය ගැටලු විසඳීම, විද්‍යාත්මක පොත පත බැලීම, ආදී ක්‍රියාවන් තුළ ගැබිනි මව්වරු පිහිටිය යුතුය. එසේම ආගමික සිද්ධස්‌ථානවලට යැම, ආගමික කටයුතු කිරීම, දහම් ඇසීම ආදී ක්‍රියා ගැබිනි සමය තුළ වැඩි වශයෙන් පවත්වා ගත යුතුය.

ඒ සියල්ලක්‌ම මනාව මනසේ ධාරණය කරගනිමින් ඒ සෑම දෙයක්‌ම විනිවිද යන ප්‍රබල නුවණක්‌, ප්‍රඥවක්‌ කුස තුළ දරුවාට ලැබේවා යන ආශිර්වාදය නිරන්තර ගැබිනි මව තුළ තිබිය යුතුය. ගෙදර බුදුන් අම්මා යන විරුදාවලියේ අර්ථය වන්නේ දුක්‌විඳ දරුවකු උස්‌මහත්කර හදාගන්න එකට පමණක්‌ නොවේ. මෙවන් ලෙස කටයුතුකර ලොවට නැණවත්, ගුණවත්, නිරෝගිමත්, ප්‍රඥවන්ත මිනිසකු දායාද කිරීම ප්‍රධාන කොටගෙනය.

එසේ කිරීමෙන් ම්ලේච්ඡ තිරිසන් ගති ඇති දෙමාපියන්ටත් රටටත් පිළිලයක්‌ වන මිනිසුන් බිහිවීම අඩුවනු ඇත. සාහසික ලෙස අපරාධ කරන කාමාතුර ම්ලේච්ඡයන් බිහිවීම අඩුවනු ඇත. මිනිසකු බොන වතුර ටික පවා බොරකරන, කඩාබිඳ දමන තිරිසන් ගති ඇති මිනිසුන් බිහි නොවනු ඇත. කාන්තාවන් දූෂණය කර අමු අමුවේ මරාදමන යක්‍ෂයන් බිහි නොවනු ඇත.

එනිසා ගැබිනි මව්වරුන් සඳහා ආධ්‍යාත්මික සායන පැවැත්වීමේ අවශ්‍යතාව අද දවසේ ශ්‍රේෂ්ඨ කටයුත්තක්‌ වනු ඇත. මේ සඳහා උගත් බුද්ධිමත් අය පෙරමුණ ගතයුතුය. බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගත යුතුය. එවැනි පරිසරයක්‌ රටපුරා ගැබිනි මව්වරුන්ට උදාකරන්නේ නම් මෙරට තුළ නැණවත්, ගුණවත්, වාසනාවන්ත, ප්‍රඥවන්ත දරුවන් තවතවත් වැඩිකර ගත හැකිය. පවතින සමාජ තත්ත්වයන් හා වෙනස්‌වන සංස්‌කෘතිය, සදාචාරය පිරිහෙන වේගය වැඩි නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම කාලෝචිත වෙයි.

We found this article from Divaina on 2012/08/24.
Also Sinhala to English Google word to word translation can be found here