ගුරු මණ්‌ඩලයේ කතිර සලකුණක්‌ තිබේද? සියල්ලෙන් සපිරි සුපිරි පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හිමිවෙයි

1786
ගුරු මණ්‌ඩලයේ
ගුරු මණ්‌ඩලයේ

පසුගිය කලාපවලින් අත්ලේ පිහිටි ඇඟිලි පහ පිළිබඳ පලාපල එකින් එකට විස්‌තර කළා ඔබට මතක ඇති. ඒ පිළිබඳව ඔබ දැන් යම්කිසි දැනුමක්‌ ලබා ඇතැයි කියා අපි සිතනවා. අද අපි විස්‌තර කරන්නේ අතේ එම ඇඟිලිවලට මුල්වන ග්‍රහ මංඩල පිළිබඳවයි. සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අල්ලේ පිහිටි සුවිශේෂ ස්‌ථාන හතක්‌ මංඩල වශයෙන් හඳුන්වනු ලබයි. මෙහිදී රවි, චන්ද්‍ර, බුධ, ගුරු ශුක්‍ර, ශනි යන ග්‍රහයන් හයදෙනාට මංඩල හයක්‌ද, කුජ ග්‍රහයාට මංඩල දෙකක්‌ ද වශයෙන් හිමිකර ඇත. එයට අමතරව අල්ලේ මැද පිහිටි ප්‍රදේශය කුජ ග්‍රහයාට අයිතිවන බැවින් එය කුජ තලාව වශයෙන්ද හඳුන්වයි. ගුරු පිතෘවරයා ලෙස පෙනී සිටින බැවින් ගුරු මණ්‌ඩලය ප්‍රධානකොට සැලකේ. මේ නිසා අපි පළමුවෙන්ම ගුරු මණ්‌ඩලය පිළිබඳව කතා කරමු.

දඹරැඟිල්ලට කෙලින්ම පහළ සිට ජීවන රේඛාවට මදක්‌ ඉහළින් ඇති ප්‍රදේශය ගුරු මංඩලයට අයත්වෙයි. කෙනකුගේ ගාම්භීරත්වයේ පදනම බ්‍රහස්‌පති මංඩලය හෙවත් ගුරු මංඩලයයි. අධ්‍යාපනය, දියුණුව, බලාපොරොත්තුව, බලතණ්‌හාව ආදි ගුණාංගද මෙයින් පෙන්නුම් කරයි. ඕනෑම ක්‍ෂේත්‍රයක නායකත්වය දරන්නේ ගුරුය. මේනිසා ගුරු මණ්‌ඩලය ප්‍රධාන වෙයි. බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයාගෙන් ලැබෙන තරංග චලන ශක්‌තිය ගබඩා කෙරෙන ගබඩාවක්‌ වශයෙන් ගුරු මංඩලය හඳුන්වා දිය හැක. මෙම මංඩලය මනාව උස්‌ව පිහිටියේ නම් ඒ අයට ගුරු ග්‍රහයාගෙන් සුබ ඵල අධිකව ලැබෙයි.

ගුරු මණ්‌ඩලයේ

එමෙන්ම ගුරු මණ්‌ඩලයේ හීනවීම නොදියුණුව හෙවත් ගුරුගේ බලපෑම් අඩුවීමට හේතුවක්‌ වෙයි. මෙම මංඩලයට ලම්බාකාරව හෙවත් සිරස්‌ අතට රේඛාවක්‌ වැටී ඇත්තේනම් ගුරුගෙන් ලැබෙන බලය වඩා හොඳින් පෙන්නුම් කෙරේ. ගුරු මණ්‌ඩලයේ උස්‌ මස්‌පිඬු උපතින්ම පිහිටා ඇති නමුත් කෙනකුගේ උත්සාහයන් අනුව මෙම රේඛා, කෙටිව හා දික්‌ව ස්‌වභාවිකව මතුවෙයි. මෙම ගුරු මණ්‌ඩලයේ කුඩා වීම හෝ ලම්භාකාර රේඛාවක්‌ හෝ නොමැතිනම් එම අය දියුණුවීමට උනන්දුවක්‌ නොදක්‌වන අතර ඔවුනට කොයිම අවස්‌ථාවකවත් මූලිකත්වයක්‌ ලබා ගැනීමටද නොහැක. ඒ අනුව ඔබට ඔබේ අතබලා ගුරු මණ්‌ඩලයේ ප්‍රබලතාවය හෝ දුබලතාවය හඳුනාගත හැකිවනු ඇත.

ගුරු මණ්‌ඩලයේ ප්‍රබල වීම

යමෙකුගේ අතේ ප්‍රබල ගුරු මණ්‌ඩලය පවතින්නේ නම් කාරුණික බවින් යුතු අන් අය කෙරෙහි මෛත්‍රිය දක්‌වන, ආත්ම අභිමානයෙන් යුතුව කටයුතු කරන තේජාන්විත, අන් අයගේ ගෞරවය ලබන අයෙකු වෙයි. මනා දේහයකින් යුතු ඔවුන් යුක්‌ති ගරුක, සුචරිතභාවයෙන් ද යුතුය. බොහෝ ශිල්ප ශාස්‌ත්‍රයෙහි දක්‍ෂ, තීක්‍ෂණ බුද්ධියක්‌ ඇති ඔවුන් වාස්‌තු විද්‍යාව, ජ්‍යෙතිෂය වැනි විවිධාකාර ශාස්‌ත්‍ර කෙරෙහිද ලැදියාවක්‌ දක්‌වති. තම අභිලාශයන් කෙසේ හෝ ඉෂ්ටකර ගැනීමට උනන්දුවන ඔවුන් ඒ හැම දෙයකින්ම ජයග්‍රහණද ලබති. ගුරු මංඩලයෙන් ඉහළටම නැගුන රේඛා පිහිටියේ නම් උපතින්ම ධනවතෙකු බව පෙන්නුම් කරයි.

කවාකාර රේඛාවක්‌ පිහිටීම ධාර්මික බව ප්‍රකට කෙරෙන අතර ත්‍රි ශූල ලක්‍ෂණයක්‌ පිහිටීමෙන් ධනයෙන්, බලයෙන් මෙන්ම ඥනයෙන්ද පරිපූර්ණ කෙනෙක්‌ බව පෙන්නුම් කරයි. මෙම ගුරු මණ්‌ඩලයේ හතරැස්‌ කොටුවක සලකුනක්‌ තිබේනම් හේ හොඳ නායකයකු ලෙස බැබලෙන අතර, කුඩා ත්‍රිකෝණයක සටහනක්‌ ඇත්තේනම් තියුනු දේශපාලන ඥනයක්‌ ඇති අයෙකු බව ප්‍රකටවේ. ගුරුමංඩලයේ කොටු දැලක සලකුණ හා කලු තිතක සලකුණක්‌ තිබීම සුබ දායක නොවේ. දැලක සලකුණ චරිතයේ දූෂිත බවද, තිතක සලකුණ තත්ත්වයෙන් පහත වැටීමක්‌ද පෙන්නුම් කෙරේ.

ගුරු මණ්‌ඩලයේ

ඔබේ අතෙහි පිහිටි ගුරු මණ්‌ඩලයේ ඉතා පැහැදිළි පුංචි කතිරයක්‌ ඇත්තේනම් ඔබ හැබෑම වාසනාවන්තයෙක්‌. ආදරවන්තයන්ගේ කතිරය හෙවත් වැලන්ටයින් කතිරය නමින් මෙය හඳුන්වයි. මෙම කතිරය වෙනත් බාධක රේඛාවලින් තොරව පැහැදිළිව තිබීම වඩාත්ම සුබ ඵල ගෙන දෙයි. ඔබේ අත්ලේ මෙම කතිර සලකුණ ඇත්තේනම් ඔබට උගත් ධනවත් දේපළ සම්පත් ඇති ආදරණීය පෙම්වතියක්‌ හෝ පෙම්වතෙක්‌ ලැබීම නිසැකය. අත්දෙකේම මෙම සලකුණ පිහිටියේ නම් එය

අනිවාර්යයෙන්ම සාර්ථක වන බව සාමුද්‍රික ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. එය පසු කලෙක මැකී ගියහොත් යුගදිවියේ සතුට සැනසුම පලුදුවීමටද හේතුවක්‌ විය හැක.

ගුරු මණ්‌ඩලයේ පැතැලිව පහතට එබුණු ස්‌වභාවයක්‌ හෝ විසිරී ගිය ස්‌වභාවයකින් යුතුව පිහිටියේ නම් එය දුබල ගුරු මංඩලයක්‌ ලෙස සලකනු ලබයි. එසේ වූ විට අධ්‍යාපනය අතමරමග කඩා කප්පල්වෙයි. අනුන් පහත්කොට සලකන්නාවූද ආත්මාර්ථකාමි ගතිගුණවලින් පිරුණ අයෙක්‌ වෙයි. අසීමිත බලාපොරොත්තු සිහින මවා ඒවා බිඳ වැටෙද්දී කලකිරීමටද පත්වන්නෙකුවේ. තමා දත් ශිල්ප ශාස්‌ත්‍රවලින්ද ප්‍රතිඵලයක්‌ නොලැබෙයි.

We found this article from Divaina on 2013/10/06.