ගෘහය ආශ්‍රිත වාස්‌තු නොවන මිථ්‍යා මත

2891
ගෘහය
ගෘහය

බොහෝ අය වාස්‌තුවලට අයත් යෑයි සලකා පහත සඳහන් කරුණු කෙරෙහි නොම`ග යන අවස්‌ථා දැකිය හැක. සුලභව මෙම කරුණු අප රටේ ව්‍යාප්ත වීම කනගාටුදායක දෙයකි. කුස්‌සිය උඩින් මුළුතැන්ගෙය පිහිටීම ශුභදායකය. මෙය මිථ්‍යා මතයකි. එසේවූ කල නුවරඑළිය, ගම්පල ආදී ප්‍රදේශ වල ජනයාට තම ගෘහය ඉදිකර ගැනීමට කිසිසේත්ම හැකියාවක්‌ නොලැබෙනු ඇත. ප්‍රධාන දොර ගිනිකොණ පිහිටුවීම. මෙය මිථ්‍යා මතයකි. කිසිවිටෙක දොරවල් අතුරු දිශාවල්වලින් හඳුන්වනු නොලැබේ.

ඊසාන දොර පිහිටීම, නිරිත දොර පිහිටීම, ගිනිකොණ දොර පිහිටීම සහ වයඹට දොර හසුවීම ආදී වශයෙන් පැවසීම වැරදි සහගතය. ගිනිකොණ දොර බොහෝවිට දකුණ හෝ නැගෙනහිර යන දෙදිශාවෙන් එක්‌ දිශාවකට අයත් වනු ඇත. දකුණ, ගිනිකොණ, නිරිත ළිඳ අශූභය. මෙය මිථ්‍යා මතයකි. ප්‍රධාන දොරට නොපෙනෙන්නේ නම් කිසිවිටෙක මෙම දිශාවන්ගේ ළිඳ පිහිටුවීම අශුභදායක නැත. මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් බ්‍රහ්මපාදය පෑගීම මෙය පුහු මතයකි. බ්‍රහ්මපාදය බරෙන් සැහැල්ලුව තිබිය යුතු ස්‌ථානයක්‌ වේ. පෑගුණාට කිසිදු වරදක්‌ නැත. එහෙත් පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. වහළයේ කුරුපා පිළිබඳවද මිථ්‍යා මත රාශියක්‌ පවතී. බ්‍රහ්මපාදය ඉහළින් කුරුපා තැබීම අශුභ යෑයි සම්මතයක්‌ ඇතත් එය වැරදිය. නිවසේ මැද සහ ඉඩමේ මැද එකම ස්‌ථානයක පැමිණ කුරුපාවක්‌ තැබීම පමණක්‌ අශුභ දායකවනු ඇත. දොරෙන් හෝ ජනේලයෙන් එකඑල්ලේ තවත් දොරකින් හෝ ජනේලයකින් එළිය පෙනීම මෙය මිථ්‍යා මතයකි. නිවසක අභ්‍යන්තර පීඩනය නැති කිරීම සඳහා මෙම ක්‍රමවේදය ඉතාම යහපත්ය. ඒ නිසා දොරකින් හෝ ජනේලයකින් පිටත පෙනීම කිsසිදු වරදක්‌ නැත. මේසන් බාස්‌ උළුවහු පැනීම මෙය මිථ්‍යා මතයකි. උළුවහු පැනීමට කිසියම් වූ වැඩිපුර මුදලක්‌ අත තබන බැවින් මේ කාර්යය ඔවුන් විසින් කරනු ලැබීම දක්‌නට පුළුවන. උළුවහු පැනීම සිදුකළ යුත්තේ ප්‍රධාන වඩුවා පමණි.

ප්‍රේත පාදය

මෙයද වැරදි සහගත යොදා ගැනීමකි. පුණ්‍යස්‌ථාන සඳහා වන සැලසුම්කරණයේදී භූමි චක්‍රය යොදා ගත්තේ වුවද නිවාස සඳහා කිසිවිටෙක ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේවපාදය සහ බ්‍රහ්මපාදය වශයෙන් ඉඩම් පාද බෙදීම නොකරනු ඇත.

ගිනි කතුර

නිවසේ මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම සඳහා විකර්ණ රේඛාවන්හි ඡේනයවන ලක්ෂ්‍යය මධ්‍යය ලක්‍ෂය ලෙස සැලකෙන අතර මෙම රේඛාවන් කතුරක ස්‌වරූපයෙන් දැක්‌වෙන නිසා ගිනිකතුර ලෙසින් සැලකීමට බොහෝ අය පෙළඹේ. ගිනිකතුර හරහා දොරවල් තැබීම අශුභදායක ලෙස සලකන මුත් එය නිවැරදි නොවන බව සැලකිය යුතුය.

සුලභ ලෙස නිවාස වල දක්‌නට හැකි වැරදි හා දෝෂ

බොහෝ නිවාස වල හිමිකරුවන් එය වැරැද්දක්‌ බවත් එහි දෝෂයක්‌ ඇති බවත් දන්නේ වී නමුදු ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා ඒවාහි ආදිනව විඳිමින් කාලය ගතකරන බව පෙනේ. ඊසාන දිශාවේ සහ නිරිත දිශාවන්හි පාර නැතහොත් ගේට්‌ටුව යොදා ගැනීම අද බහුලව දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. කිසිවිටෙක මෙම දිශාවන්හි ගේට්‌ටුව යෙදීම සුදුසු නැත. නිවාසයෙහි උතුර සහ ගිනිකොන, ඊසාන ඉතාම වැදගත් පරාසයන් වන අතර එම කොටස්‌ ඒ තමා පදිංචි නොවී පිටස්‌තර කෙනෙකුට බදු දීම හෝ කුලියට දීම නිසා තම පවුල් සංස්‌ථාව බිඳ දමා ගන්නා අය බොහෝ සේ දැකිය හැකිය. නිවසේ ඇඳන් යට, අල්මාරි උඩ, කාමරවල, නිවසේ නොපෙනෙන බිත්ති අතර ලට්‌ට ලොට්‌ට ගොඩ ගසා තිබීම බොහෝ නිවාසවල දක්‌නට ඇති දෝෂ සහිත ලක්‍ෂණයක්‌ වේ. මේවා ශුද්ධ පවිත්‍ර කිරීම, පිළිවෙළට තැබීම අනිවාර්යයෙන්ම කළ යුතුය. බෞද්ධ නිවාසයන්හි බුදුන්වහන්සේ සම`ග දේවරූප තැබීම සුලභව දක්‌නට හැකිය. වැසි වතුර කාණුවකින් බැසීමට නොසලස්‌වා නිවසේ ඉදිරිපිට බිත්තිය අසළට එක්‌රොක්‌ වෙන්න දෙන අවස්‌ථා බහුලව දක්‌නට හැකිය. අනවශ්‍ය ලෙස කොටස්‌ එකතු කිරීමෙන් නිවසට අන්ධකාරය වැඩිකරලීමටත් සුළ`ග නැති කිරීමටත් හේතුවන ඉදිකිරීම් අද බහුලව දක්‌නට පුළුවන. වැරැන්ඩාව විශාල ලෙස පළල්ව සකස්‌ කර ගන්නා නිවාස ම`ගින් ද මෙම අවස්‌ථාව නිවාසවලට සැපයීම තුළින් කාමරවලට නිසි අනුපාතයන්ට යටත්ව ජනෙල් නැතිකම හා ප්‍රමාණාත්මක නොවීම අද සුලභව දක්‌නට ලැබෙන දෝෂ කාරක අවස්‌ථාවක්‌ ලෙස හැදින්විය හැකිය. ටොයිලට්‌වලට ජනෙල් නැතිකම සහ තිබෙන වාකවුළු ඉතා කුඩාවට සකස්‌ කිරීම ද බොහෝ වශයෙන් දක්‌නට පුළුවන. ප්‍රධාන දොරට ගමන් කිරීමේදී ටොයිලට්‌ පිට්‌ස්‌ උඩින් යැමට හා ඒමට සිදුවන අවස්‌ථා බහුල ලෙස දක්‌නට පුළුවන. ඊසාණ දිශාවේ ටොයිලට්‌ස්‌ නූතන නිවාසවල බහුලව තැන්පත්වීම දක්‌නට පුළුවන. ද්වාර සටහන නිසිs පරිදි තබා නොගැනීම ලංකාවේ බහුල ලෙස දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. වහළට යටින් තවත් වහළක්‌ ඉදිකිරීම විශාල වාස්‌තු වරදක්‌ වන නිසා ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුය. වැසි වතුර බිත්තිය අසළට වැටීම නිසා සෙවෙල කෑම නිසා වන පාළු ගතිය දක්‌නට ඇත නිවාස වැඩි බව පෙනේ. අනවශ්‍ය ලෙස කැටයම් කැපීම, දොරවල් තැබීම අද බහුල ලෙස දක්‌නට පුළුවන. තම ඉඩමෙන් මාර්ගය දමා නොගෙන වෙනත් ඉඩම්වලින් යැමට සහ ඒමට මාර්ගය සකස්‌ කර ගැනීම අද දක්‌නට හැකි තවත් ලක්‍ෂණයක්‌වේ.

ගෘහය ආශ්‍රිතව පැන න`ගින ගැටලු හා වාස්‌තු හා සම්බන්ධතාවය

දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිටීම.

බොහෝවිට ඊසාන දිශාවේ ටොයිලට්‌පිට්‌ස්‌,ටොයිලට්‌ සහ පාරයුක්‌ත වූ කල මෙවැනි ලක්‍ෂණ දැකිය හැක.

කොපමණ අස්‌කළද අස්‌ නොවූ සේ පෙනෙන අවස්‌ථා.

බ්‍රහ්මපාදය උඩ බැමි තිබෙන, අඩු ජනෙල් ප්‍රමාණයක්‌ තිබෙන, මිටිවූ වහළ සහිත නිවාස වල මෙම ලක්‍ෂණය දැකිය හැක. සිහින් දිගැටි නිවාසත්, ද්වාරයන් දෙකක්‌ තිබෙන නිවාසත් මේ ගනයට වැටේ.

අපිළිවෙල

නිවස ඇතුළත වාතාශ්‍රය මඳවීම, කාමර කුඩාවීම. කාමර මදිවීම, නිවාස ඇතුළත අපිළිවෙල ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ වේ.

ඉවසීමක්‌ නොමැතිකම

මෙම ලක්‍ෂණය බොහෝදුරට වයඹ දිශාව හිස්‌වන නිවාසයන්හි දැකිය හැකි ලක්‍ෂණයකි.

බැඳීමකින් තොරවීම

නිරිත දිශාවේ ටොයිලට්‌ස්‌, කිචන්, කාර්පෝච් ඇති නිවාස වල මෙම ලක්‍ෂණය සුලභ ලෙස දක්‌නට පුළුවන. සාම්ප්‍රදායික සිතුවිලි නිසා ඔහුගෙ aඉදිරි ගමන මන්දගාමී ස්‌වරූපයක්‌ දක්‌නට හැක.

මුදල් නැතිකම සහ අගහි`ගකම

බොහෝදුරට ගිනිකොන දිශාවේ ඌණතාවයන් ගරාජය හෝ මුළුතැන්ගෙය නොවන ගෘහයන් මේ ගනයට වැටේ. ධාර්මික නොවීම ඊසාන දිශාව අඩුපාඩුකම් සහිත වීම. බ්‍රහ්මපාදය අපවිත්‍රව තබා ගන්නා නිවාස මේ ගනයට යටත් වේ.

දරුවන් නැතිකම

නිරිත දිශාවේ කුස්‌සිය, නිරි§ත දිශාවේ කාර්පෝචය, බ්‍රහ්මපාදය උඩබැම්මක්‌ තිබීම වැනි නිවාස වල දරුවන් නැති ලක්‍ෂණ ලෙස දැකිය හැක.

විවාහ ජීවිතය අසාර්ථක වීම

නිරිත දිශාවේ කාර්පෝචය සහ මුළුතැන්ගෙය පිහිටන නිවාස මේ ගනයට වැටේ.

We found this article from Divaina on 2012/11/23.
Also Sinhala to English Google word to word translation can be found here