මෙවර අප කතාකරන්නේ වෙදැඟිල්ල පිළිබඳවයි. වෛද්‍යවරුන් හා අක්‌ෂි වෛද්‍යවරුන් රෝගීන් පරීක්‍ෂාකරන විටදී මෙම වෙදැඟිල්ල වැඩි වශයෙන්ම භාවිත කරන නිසා එම නම ලැබෙන්නට ඇති. කෙසේ වුවත් වෙදඇඟිල්ලෙන් සංකේතවත් වන්නේ විචාර බුද්ධිය, කලාකාමිත්වය ජයග්‍රහණය, කරුණාව, ගෞරවය හා සර්වසුබවාදී බව ආදී ලක්‌ෂණ වෙයි.
වෙදඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක හිමිවන්නේ කටක රාශියටයි. එම පුරුකට හිමි සලකුණක් රූප සටහනින් දක්‌වා ඇත. නිය පිහිටි පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් උසස් ගති පැවතුම්වලින් යුක්‌ත අයෙක් වෙයි. එසේම ඔවුන්ට නොයෙක් කලා ශිල්ප හදාරන්නට දක්‌ෂතාවයක්‌ද ඇත. නිය සහිත පුරුක දිගුව වැඩී ඇති විට ශිල්ප ශාස්‌ත්‍රයෙහි නිපුණයෙක් වන අතර සරාගී පුද්ගලයෙක් ද වේ. කෙසේ වුවත් ඔවුහු ජීවිතය සාර්ථක කර ගනිති.
වෙදඇඟිල්ලේ දෙවන පුරුක අයත්වන්නේ සිංහ රාශියටයි. එයට අදාළ සලකුණක් රූපසටහනින් දක්‌වා ඇත. දෙවන පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් ඔවුන්ට මූර්ති ශිල්පය, කැටයම් කලාව, බතික් කලාව ආදී කලාවන්හි දක්‌ෂතාවයක් ඇත. කීර්ති, ප්‍රශංසා ලැබිය හැකි වෙයි. ඔවුන් බොහෝ උද්යෝගිමත් අය වේ. ඔවුන්ට ශිල්ප ශාස්‌ත්‍ර හොඳින් පිsහිටන අතර එයින් යහපත් ප්‍රතිඵලද ලැබිය හැකි වේ. ප්‍රියජනක පුද්ගලයන් වෙයි. මැද පුරුක කෙටිව පිහිටන්නේ දුසිරිතෙහි පුද්ගලයන්ගේය. අන්‍යයන්ගේ බසට ද ඔවුන් අවනත නොවේ.

තුන්වන පුරුක කන්‍යා රාශියට අයිති වන අතර එයට අදාළ සලකුණද ඔබ දකින්නට ඇතිනේ. එම පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් ඔවුහු සුළු දෙයකින් පවා කලබලයට පත්වන්නෝ වෙති. වඩා ශක්‌තිමත් ලෙස වෙදඇඟිල්ල පිහිටීම ඉතා සුබදායකය. එසේ පිහිටා ඇති අය සර්ව සුබවාදී දෘෂ්ටි කෝණයකින් ජීවිතය දෙස බලයි. කලාකාමී අදහස් ඔවුන් තුළ ඇත. ප්‍රසිද්ධ ලේඛකයන්, කලාකරුවන් වැනි අයගේ අත්වල මෙම ලකුණ දැකිය හැක. වෙදඇඟිල්ල කෙටිවීම සුබ පිහිටීමක් නොවන අතර එමගින් ආත්මාර්ථකාමී කුහක පුද්ගලයෙක් හඳුන්වා දෙයි. වෙදඟිල්ල හතරැස් ආකාරයට පිහිටා ඇත්තේ නම් ඔවුන් සෑම දෙයකම වැඩි විස්‌තර සෙවීමට උන්නදු වෙයි. තරබාරු ලෙස ඇඟිල්ල පිහිටියේ නම් ඔවුන් නොයෙකුත් කර්මාන්තයන්හි දක්‌ෂයෝ වෙති. තර්ක ඥානය සහ කථිකත්වයක්‌ද ඔවුන් තුළ ඇත.
වෙදැඟිල්ල දබර ඇඟිල්ලේ තරමට දික්‌වී ඇතිවිට ඔවුන් කලබලකාරී පැවතුම් සහිත අය වෙති. දියුණු වීමට සිහින මවන නමුත් ඔවුන්ට ප්‍රතිඵල ලැබීමට අසීරු වේ. කෙටි වෙද ඇඟිල්ලක් පිහිටි විට ඔවුන් කලාකාමී අදහස්‌වලින් තොර උදාසීන හා අපකීර්තියට පත්වනු ඇත. වෙදඇඟිල්ලේ තුඩ කොණාකාරවීම සුබඵල දෙන පිහිටීමක් වෙයි. එවැනි අය නව නිර්මාණයන් බිහිකිරීමේ දක්‌ෂයෝ වෙති.

වෙදඇඟිල්ලේ පුරුක් තුනම සම්බන්ධවන ආකාරයෙන් උඩ සිට පහළට සියුම් රේඛාවක් වැටී තිබීම ඉතාමත් සුබ පිහිටීමක් ලෙස සඳහන් වෙයි. ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලබා සැපවත් ජීවිතයක් ගත කිරීමට එය හේතුවක් වනු ඇත. වෙදැඟිල්ලේ මුල් පුරුකේ අඩ සඳක සලකුණක් පිහිටීම අවාසනාවන්ත බව පෙන්නුම් කරන අතර එවැනි අයට උත්සාහයේ තරමට දියුණු විය හැකි නොවේ. එම පුරුකේ කතිරයක ලකුණක් තිබේනම් එයින් ප්‍රකාශ වන්නේ එම තැනැත්තා බොහෝවිට අන් අයගේ බසට මුළා වන බවයි.
එසේම පුරුක මැද පිහිටි රේඛාවක් ඇඟිල්ලේ එක් පැත්තකට ගියේ නම් හෙතෙම සමාජයෙන් බුහුමන් ලබන ප්‍රසිද්ධ පුද්ගලයකු වන්නේය. මෙසේ මෙම රේඛාව ඇඟිල්ලේ මුලට එනම් රවි මණ්‌ඩලය දෙසට විහිද ගියේ නම් කථිකත්වයෙහි ශූර බවක් පෙන්නුම් කරයි. වෙදැඟිල්ල, දබරැඟිල්ල තරමට දිගු වුවහොත් අධික ආශා ඇත්තෙකු වන අතර හදිසි ධනලාභ ලොතරැයි, සූදු ආදියෙන් ජීවිතය ජයග්‍රහණය කරන්නට උත්සාහ කරන්නෙක්‌ද වෙයි.
කෙසේ වුවද ඕනෑම අයෙක් මඟුල් මුදුව පළඳින්නේ වෙද ඇඟිල්ලේය. හදවත සහ වෙදඇඟිල්ල අතර සමීප සම්බන්ධකමක් තිබෙන නිසා මෙම සිරිත පැවත එන්නට ඇත.
We found this article from Divaina on 2013/09/22.