[ratings]
ඉහළ මොළය (upper brain), මැද මොළය ((mid brain), සේතුව (pons), මොළ දණ්‌ඩ (brain stem) ආදී වශයෙන් මොළය ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වේ. නළලේ පටන් පසුපසට විහිදෙන මොළයේ ඉහළ කොටස ඉහළ මොළය වේ. ඊට යටින් ඇති මැද මොළය, සේතුව ආදියට යටින් නටුවක් මෙන් පහළට විහිදී සුසුම්නාව හා සම්බන්ධ වන කොටස මොළ දණ්‌ඩ වේ. නවීන වෛද්‍ය විද්‍යාව හඳුනාගෙන සිටිනවාට වඩා මොළ දණ්‌ඩේ කාර්යභාරය, පෞරුෂය හෝ අනන්‍යතාව නිර්මාණයේ දී වැදගත් වන බැවින්ද, පරිපූර්ණ මොළයක් ලෙස ක්‍රියාත්මක වන බැවින්ද අපි ඊට පහළ මොළය යෑයි කියමු.
ඉහළ මොළය මිනිසාගේ හොඳින් වර්ධනය වී ඇති අතර තිරිසනුන්ගේ කැපී පෙනෙන වර්ධනයක් නොපෙන්වයි. එය වඩා හොඳින් වර්ධනය වී ඇත්තෝ වඩා හොඳ පෞරුෂයක් පෙන්වති. ඔවුහු ඉවසිලිවන්තය. සන්සුන්ය. මනාවූ හැසිරීම් රටාවන් ඇත්තාහුය. ඉහළ මොළය පීඩාවට පත්වූ විට හෝ ඊට හානි පැමිණි විට පෞරුෂයේ බිඳවැටීමක් පෙන්වයි. මොළයේ මෙම කොටස යම් පුද්ගලයකුගේ අනන්‍යතාව නිර්මාණය කරනුයේ ඒ ඒ පුද්ගලයාගේ ලග්නය හා නවාංශකය අනුවය. පහළ මොළයේ මෙන් නොව එම පෞරුෂ නිර්මාණයේ කිසියම් අනුපිළිවෙළක් හා සංවේදනයේ අනුයාත බවක් ඇත. නමුත් මෙම ලිපියේ අරමුණ වනුයේ කිසියම් පුද්ගලයකුගේ ද්විතීයික එහෙත් අතිශය වැදගත් උප පෞරුෂය හා විශේෂයෙන් ප්‍රාථමික අනන්‍යතාව (අන් අයගෙන් වෙනස් කර දක්‌වන වඩාත් ප්‍රාථමික සාධක) නිර්මාණය කරන පහළ මොළයේ ස්‌වභාවය, කාර්යභාරය හා ඊට පදනම් වූ ජ්‍යෙdතිර් විද්‍යාත්මක සාධක හෙළිදරව් කිරීමය.
පහළ මොළය තුළ ඊට ආවේණික මස්‌තිෂ්ක කේන්ද්‍ර රාශියක් පිහිටා ඇත. ඒවා පිහිටා ඇති ස්‌ථාන හා ඒවායේ කාර්යභාරය නිශ්චිතව වටහා ගැනීමට වෛද්‍ය විද්‍යාව මේ දක්‌වා පොහොසත් වී නැත. නමුත් මෙම මස්‌තිෂ්ක කේන්ද්‍ර මොළයේ සහ ශරීරයේ විවිධ කාර්යයන් පාලනය කරන බව සොයා දැනගෙන තිබේ. නිදසුන් වශයෙන් ලිංගික හෝමෝන පාලනය සඳහා පහළ මොළයේ මස්‌තිෂ්ක කේන්ද්‍ර බලපාන බව දන්නා කරුණකි. නමුත් නිශ්චිත ස්‌ථානයක් සොයා දැනගෙන නැත.
මෙම ගැටලුව මතු වන්නේ යම් සත්වයකුගේ මස්‌තිෂ්ක කේන්ද්‍ර පිහිටා ඇති නිශ්චිත ස්‌ථාන දැක නමුත් සත්වයාගෙන් සත්වයාට එම ස්‌ථාන වෙනස් වන බැවිනි. මස්‌තිෂ්ක කේන්ද්‍ර පිහිටා ඇති ස්‌ථාන වනුයේ යම් සත්වයකුගේ උප්පත්ති අවස්‌ථාවේ (පළමුව ආශ්වාස කරන අවස්‌ථාවේ) ඛගෝලය (Zodiac) තුළ ග්‍රහයන් පිහිටා ඇති ස්‌ථාන වේ. එසේ ග්‍රහයන් පිහිටා ඇති ස්‌ථානවලට අනුරූපව පහළ මොළයේ ස්‌ථාන උත්තේජනය වේ. පහළ මොළයේ මස්‌තිෂ්ක කේන්ද්‍ර යනු මෙම ස්‌ථාන වේ. යමකුගේ ජන්ම කේන්ද්‍රය යනු ලග්නය අනුව වෙනස් වන ඉහළ මොළයේ අනුපිළිවෙළ හා පහළ මොළයේ මස්‌තිෂ්ක කේන්ද්‍ර පිහිටා ඇති ස්‌ථාන දක්‌වන සටහනක් වේ. ඒ අනුව එම සත්වයාගේ මානසික ස්‌වභාවය, කාය නිර්මාණය, හැසිරීම හා ඉරණම ආදිය නිගමනය වේ.
ග්‍රහයන් පිහිටා ඇති ස්‌ථාන ඒ ඒ පුද්ගලයා අනුව, ලග්න රාශියේ සිට ගැනගත් හා මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි වශයෙන් වෙනස් වන බැවින්ද එක් එක් ක්‍රියාකාරිත්වය පාලනය කරන ග්‍රහයා ඒ ඒ පුද්ගලයා (ලග්නය) අනුව වෙනස් වන බැවින්ද, ජීවිතයේa හා ශරීරයේ විවිධ ක්‍රියා පාලනය කරන විවිධ ග්‍රහයන් මෙන්ම එකම ක්‍රියාව (වෙනස් ආකාරවලට) පාලනය කරන විවිධ ග්‍රහයන් ඇති බැවින්ද, ඒ ඒ ක්‍රියාවලට සම්බන්ධ මස්‌තිෂ්ක කේන්ද්‍ර මේ යෑයි නිශ්චිතව නොදැක්‌විය හැකිය. නිදසුන් වශයෙන් ඇස් පෙනීම රවිට (වම් ඇස), සිකුරුට (දකුණු ඇස) දෙවැනි රාශියට හා දෙවැනි රාශිය අධිපතිට දෙවැනි රාශියේ තැන්පත් ග්‍රහයන්ට මෙන්ම දෙවැනි රාශියට හා දෙවන රාශිය අධිපතිට දෙවැනි රාශියෙන් තැන්පත් ග්‍රහයන්ට මෙන්ම ඉහත කී ග්‍රහයන්ට හා දෙවැනි රාශිය දකින හා එකී ග්‍රහයන් සමග සංයෝග වී ඇති ග්‍රහයන්ටද එකී ග්‍රහයන් තැන්පත් වී ඇති නවාංශක, ත්‍රිශාංශක ආදියටද අදාළ බැවින් මස්‌තිෂ්ක කේන්ද්‍රවල ක්‍රියාවලිය අතිශය සංකීර්ණය. නමුත් නිදසුන් වශයෙන් යමකුගේ රැකියාව ඇතුළු ක්‍රියාකාරිත්වය පාලනය කරන (ලග්නය අනුව වෙනස් වන) දසවැනි රාශිය (කර්මස්‌ථානය) අධිපති වැනි යම් චරිත ලක්‌ෂණයකට ප්‍රධාන වන ග්‍රහයෙක් සිටී. නිදසුන් වශයෙන් සිංහ හා මකර ලග්නවලට සිකුරු වේ. එමෙන්ම ලග්න නැතිව අඟහරුද රැකියා ආදියට අදාළව ප්‍රධාන ග්‍රහයකු වේ.
එක් එක් ග්‍රහයා විසින් දකිනු ලබන නිශ්චිත ස්‌ථාන ඇත. නිදසුන් වශයෙන් ගුරු ග්‍රහයා තමා සිටින රාශියද සමග ගණන්ගත් විට පහ, හත හා නවය යන රාශි දකී. මෙසේ ග්‍රහයකු විසින් දකිනු ලබන්නේ යෑයි යන්නෙන් අදහස් වන්නේ ඒ ග්‍රහයාට අදාළ මස්‌තිෂ්ක කේන්ද්‍රය මගින් ඇති කරන උප ප්‍රධාන උත්තේජනයක් විය හැකියි. නැතහොත් ස්‌නායුමය සම්බන්ධයක් විය හැකිය. එය අහසේ ඇති සාධකයක් නොව හුදෙක් මොළය තුළ ඇති සාධකයක් විය හැකිය.
පහළ මොළයේ මස්‌තිෂ්ක කේන්ද්‍ර නිර්මාණය වීමේදී බලපානුයේ ග්‍රහයන්ගේ ස්‌කන්ධය හා සමීප බව යන කරුණු දෙකය. නමුත් යම් ග්‍රහයකු පෘථිවියේ උපතක් සිදුවන ස්‌ථානයක් මත හෙළන ඝන කෝණයේ විශාලත්වය එතරම් අදාළ සාධකයක් නොවන සේ පෙනේ. රවි හා සඳු ඉතා විශාල ඝන කෝණ (දෘශ්‍ය විශාලත්වය) පෘථිවිය මත හෙළන නමුත් ඉතා කුඩා ඝන කෝණයක් හෙළන සෙනසුරු අතිශය තීව්‍ර බලපෑමක් කරයි. තවද ග්‍රහයන්ගේ ස්‌කන්ධය පමණක් නොව ආලෝක හා තාප කිරණ සෑදී ඇත්තේද තරංග ආකාරයෙන් හැසිරෙන ලවක (අංශු) වලින් නිසා එම කිරණ වලින් යම් බලපෑමක් සිදු වේ. නමුත් ආකර්ෂණ ගෝලය වඩා වැඩි බලපෑමක් කරයි. චන්ද්‍රයාගේ හා සූර්යයාගේ ආකර්ෂණ ගෝල තැන්පත් රාශියෙන් දෙපස රාශි දෙකටද පැතිරී ඇත.
උපතේදී පහළ මොළය තුළ මස්‌තිෂ්ක කේන්ද්‍ර නිර්මාණය කරන ග්‍රහයෝ ඉන්පසුව හා ඉන් පෙරද ගෝචර ගමනේ යෙදෙති. යෙදුණාහ. … වැනි පහළ මොළයේ විවිධ උප මට්‌ටම් වලින් සැලකිල්ලට ගත් හරස්‌කඩවල පරිධිය ඔස්‌සේ ග්‍රහයන්ගේ ගෝචර ගමනේ පෙත සටහන් වනවා විය හැකිය. එම පෙත දිගේ පසුව මැකී යා හැකි යම් ස්‌නායු උත්තේජනයක් සිදු වේ. යම් ග්‍රහයෙක් යම් අවස්‌ථාවක පිහිටා ඇති ස්‌ථානයේ කිසියම් තාවකාලික මස්‌තිෂ්ක කේන්ද්‍රයක් බිහි කරයි. ග්‍රහයන්ගේ ගෝචර ගමනේ පලාපලවලට අදාළ වන්නේ මේ තාවකාලික මස්‌තිෂ්ක කේන්ද්‍ර වේ. නමුත් එම උත්තේජනය හා එහි බලපැම උපත සිදුවන අවස්‌ථාවෙහි ඇතිවූ මස්‌තිෂ්ක කේන්ද්‍රවල තරම් බලවත් නොවේ.
කිසිදු ග්‍රහයෙක් ස්‌වභාවයෙන් පාපී ග්‍රහයකු වශයෙන් නොසැලකිය හැකියි. සියලු ග්‍රහයන් බිහි කරන්නේ ශරීර පරිවෘත්තීය ක්‍රියාවලියට හා ඉරණමට ධනාත්මකව බලපාන සාධකයන්ය. පාපී යෑයි කියනු ලබන යම් ග්‍රහයකු බලවත් වූ විට යහපත කරන්නේ එම ග්‍රහයාගෙන් නිර්මාණය වූ මස්‌තිෂ්ක කේන්ද්‍රය ජන්මියාට ධනාත්මක සාධකයක් වන බැවිනි. නමුත් යම් ග්‍රහයකු දුබල වූ විට එහි ස්‌වභාවික යහගුණය ශරීරයට නොලැබී යයි. එපරිදි එම සත්වයාගේ ඉරණමද අවාසනාව දෙසට බර වේ.
ග්‍රහයකු පරිහානියට පත් වන්නේ එම ග්‍රහයාගේ ස්‌වභාවික ගති ලක්‌ෂණ මර්දනයට ලක්‌වන පරිදි සත්වයකුගේ අභිරුචිය මර්දනයට ලක්‌වීම හේතුවෙනි. එය ඉරණම (කර්මය) අනුවද මහා බාධක පරයක් සේ ඇතැම් තැනෙක නැගී සිටින සමාජ සම්ප්‍රදාය හෙවත් කුල සිරිත් හේතුවෙන්ද සිදු වේ. වෙනත් වචනවලින් කිවහොත් යම් සත්වයකුගේ අභිමතය හා කුල සිරිත් අතර පරස්‌පර විරෝධය හේතුවෙන් ග්‍රහයෙක් හෝ මස්‌තිෂ්ක කේන්ද්‍රයක් මර්දනයට ලක් වේ. එවිට එම ග්‍රහයාගෙන් හෝ මස්‌තිෂ්ක කේන්ද්‍රයෙන් ශරීර පරිවෘත්තීය ක්‍රියාවලියට ලැබෙන දායකත්වය හීන වේ.
නිදසුනක් සැලකිල්ලට ගන්නේ නම් සෙනසුරු මස්‌තිෂ්ක කේන්ද්‍රය සඳු මස්‌තිෂ්ක කේන්ද්‍රයෙන් පීඩාවට පත්වූ විට (ජන්ම ඒරාෂ්ටකයේ දී) සෙනසුරුගේ පාලනය යටතේ පවතින ශරීරයේ වායු පරිවෘත්තීය ක්‍රියාවලිය එනම් ශරීර පටකවලට ඔක්‌සිජන් ගලායැමද, අන්තර් සෛලීය ජීර්ණයේ අපද්‍රව්‍යයන් වන කාබන්ඩයොක්‌සයිඩ් ඉවත් වීමද පිරිහේ. ශ්වසනය පාලනය කරන මහා ප්‍රාචීරයේ හා පපුවේ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වයද පිරිහේ. මෙය පසුව ඉරණම දක්‌වා යන ශරීර පරිවෘත්තීය ක්‍රියාවලියේ හානියට හේතු වේ. ශරීරයේ ඔක්‌සිජන් අඩුවූ විට ශරීර ශක්‌තිය හා උෂ්ණත්වය ජනනය කරන අන්තර් සෛලීය ජීර්ණ ක්‍රියාවලියට හානි පැමිණේ. එවිට මන්දෝත්සාහි, අලස පුද්ගලයෙක් බිහි වේ. කාබන්ඩයොක්‌සයිඩ් බැහැරවීම, හීන වීම හේතුවෙන්ද, වෙනත් විෂම ප්‍රතික්‍රියා හේතුවෙන්ද ලේ ධාතුව දූෂිත වේ. එපරිදි ජන්ම ඒරාෂ්ටකය බල පැවැත්වේ. (මස්‌තිෂ්ක කේන්ද්‍ර ඉරණමට බලපාන අයුරු විස්‌තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එය ඉතා අසිරුද වේ)
නමුත් කිසිවෙක් හෝ ග්‍රහයන් නිර්මාණය කරදෙන අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටිය යුතු නොවෙති. දෛවයේ පහර වදින්නේ අලසයාටය. ඉහත කී ඒරාෂ්ටකයේ දී ජන්මියා අලසයකු බවට පත්වේ. එම අලස මානසිකත්වයට (චිත්තයාගේ මැළි බවට) අනුරූපව අලසව ජීවත් වන්නාට එම ඒරාෂ්ඨක කාලය ඉතා තදින් බලපායි. නමුත් එම අලස බවට එරෙහිව මහත් වූ මානසික ප්‍රයත්නයෙන් (උත්සාහ බාහුල්‍යයෙන්) හෝ සිතුවිලි ක්‍රියාවට නංවා ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්නකුට එම අපල බොහෝ දුරට අහෝසි කර දැමිය හැකිය. අපල ඇති වන්නේ කර්මයෙන් නම් එම කර්මයද එම ක්‍රියාවලිය තුළ වෙනත් මඟකට හැරෙමින් බොහෝ සේ ගෙවී ගයි. මනසද, ශරීරයද මනාව වෙහෙසා වැඩකළ යුතුය. එවිට ශරීරයේ ලේ ගමන වේගවත් වී පිරිහුණු මෂ්තිෂ්ක කේන්ද්‍රවලට ලේ ගලා ඒවායේ නහර ඉහිල් වී (පළල් වී) එම මස්‌තිෂ්ක කේන්ද්‍ර නිරෝගී හා ක්‍රියාශීලී බවට පත්වේ.
“යමෙක් නිසි පරිදි එළැඹෙන්නේ නම් ග්‍රහ තාරකා කුමක් කරත්ද?” යනු බුද්ධ දේශනයයි. මෙහිදී බොහෝ විට අතහැර දමනු ලබන කොටස වන්නේ “යමෙක් නිසි පරිදි එළැඹෙන්නේ නම්” යන්නයි. යමෙක් නිසි පරිදි නොඑළැඹෙන්නේ නම් ග්‍රහ තාරකාවලට කළ හැකි කිසිවක් (නපුරක්) ඇති බව ඉන්ම ගම්‍ය වේ. “නිසි පරිදි එළැඹීම” යන්නෙන් සිතුවිලි ක්‍රියාවට නංවා අනලස්, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පමණක් නොව දහම් නොනසමින් ස්‌වභාවධර්මයට සමීප ජීවිතයක් ගත කිරීමද අදහස් වේ. වඩාත්ම වැදගත් වන්නේ පවෙන් වැළකී ධාර්මික ජීවිතයක් ගතකිරීමය. ස්‌වභාවධර්මයට සමීප ජීවිතයක් ගතකළ යුතු නමුත් (සිතට එකඟව ජීවත් විය යුතු නමුත්) සත්වයා සම්බන්ධ ස්‌වභාව ධර්මය යෙදවීම් හෝ යොමු කිරීම්වලින් පමණක් නොව වාරණයන්ගෙන්ද සමන්විත බව සිහි තබාගත යුතුය.
වේල්ලක්, පාලමක්, රටක් වැනි අෙච්තනික වස්‌තූන්ට කේන්ද්‍ර සෑදිය හැකිදැයි යන්න අවිනිශ්චිතය. ලෝකායතන ජ්‍යෙdතිර් විද්‍යාව සැක සහිතය. යම් රටකට පලාපල කීමේදී ග්‍රහයන්ගේ ගෝචර ගමනේ සුබාසුබ අනුව යම් නිරවද්‍යතාවකින් එසේ කළ හැකි නමුත් එය නිවැරැදි වන්නේ එම රටේ සත්ව ප්‍රජාවට එම ගෝචර ගමන බලපාන බැවින් විනා සත්ව ප්‍රජාවගෙන් ස්‌වායත්තව ගත හැකි ඉරණමක් එම රටට ඇති නිසා නොවිය හැකිය. දසා, අනුදසා ලබා ගෙවී යැමක්‌ද නොසිදුවිය හැකිය. ග්‍රහයන් යම් සත්ව ප්‍රජාවක ඉරණමටද එම ඉරණම දේශගුණය ආදී පරිසර සාධකවලටද බලපෑ හැකිය. ඉතා හොඳ නැකතකින් ගෙයක වැඩ ආරම්භ කළ විට එය කෙසේ හෝ නිමකළ හැකි බව අත්දැක තිබේ. මෙසේ වන්නේද එම මොහොත එම පවුලේ සාමාජිකයන්ට හිතකරව බලපාන බැවින් විය යුතුය. ජන්මියාගේ නැකතට එම නැකත නොසීහේ නම් එම කටයුත්ත සාර්ථක නොවේ යෑයි කියනු ලැබේ. කෙසේ වෙතත් නිශ්චිතව යමක් කීමට කල් වැඩිය.
මන්දෝත්සාහී බවට පත්වූ මස්‌තිෂ්ක කේන්ද්‍ර උත්තේජනය කර රෝග සුව කිරීම අනාගත වෛද්‍ය විද්‍යාවේ බහුල වශයෙන් භාවිත වනු ඇත. එය ඖෂධ මගින් හෝ වෙනත් ආකාරවලට සිදුවිය හැකියි. ඒ ඒ පුද්ගලයාගේ මස්‌තිෂ්ක කේන්ද්‍ර පිහිටා ඇති ස්‌ථාන හඳුනාගත හැකි උපක්‍රම අනාගතයේදී දියුණු විය හැකි වුවද, එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ජන්මියාගේ උත්පත්ති වේලාව සටහන් කරගැනීම බොහෝ සේ බල කරනු ලබන සාධනීය කටයුත්තක් වනු ඇත. මස්‌තිෂ්ක කේන්ද්‍ර උත්තේජනය කරනු සඳහා ඒවා ඇති තැන් දැනගැනීම අත්‍යවශ්‍ය නොවේ. කෙසේ වෙතත් රෝග සුව කරන විට යමකුගේ ඉරණම වෙනත් ආකාරවලට පරිවර්තනය වනවා විය හැකිය. ඒ සම්බන්ධව සැලකිලිමත් විය යුතුය. ස්‌වාර්ථ සිද්ධිය සම්බන්ධව හොඳම ප්‍රතිපත්තිය විය හැක්‌කේ අලස භාවයට එරෙහිව මානසික යුද්ධයක නිරත වෙමින් ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමත් හොඳ පෝෂණයක් ලබා ගැනීමත්ය.
සෙනසුරු ලග්නාධිපති වී (මකර හෝ කුම්භ ලග්න වී) එම සෙනසුරු සඳු සිටි රාශියේ හෝ (සඳුගේ ආකර්ෂණ ගෝලය පැතිරී ඇති දෙපස රාශියක හෝ තැන්පත් වී සිටී නම් ජන්මියා උපතින්ම ජන්ම හෙවත් චන්ද්‍ර ඒරාෂ්ටකයට ගොදුරු වී සිටින්නෙකි. ශනි ලග්නාධිපති බැවින් (හිසට සම්බන්ධ ග්‍රහයා බැවින්) හිසට හා සිතට එම ඒරාෂ්ටකය බලපායි. සඳුගේ ස්‌වභාවය වන සෙම් ධාතුව මගින් ශනි මස්‌තිෂ්ක කේන්ද්‍රය පීඩාවට පත් වේ. එම ස්‌නායු සෛලවල බිත්ති මත සෙම් ධාතුව බලපායි. සෙම යනු දුඃශ්‍රාවී විශාල ප්‍රොaටීන් අණුය. නමුත් මොළයේ ඇත්තේ මධ්‍ය ප්‍රමාණයේ ප්‍රොaටීන් (ඇමයිනෝ අම්ල ලෙස) අණුය. ඒ මගින් එම මස්‌තිෂ්ක කේන්ද්‍රයේ ස්‌නායු ක්‍රියාකාරිත්වය හීන වේ. ස්‌නායුවල ක්‍රියාකාරිත්වය බලපැවැත්වනුයේ ස්‌නායු සෛලවල බිත්ති හරහා ක්‍රියාත්මක වන ස්‌නායු උපාගමයන් (nerve synapse) මගිනි. ඇමයිනෝ අම්ල අණු මගින් සෛල බිත්ති අවහිර වීමේදී ස්‌නායු උපාගමයන්ගේ සංඛ්‍යාත්මක පිරිහීමක් වේ. එමගින් එම පුද්ගලයා අලසයකු බවට පත්වේ. මෙවැනි ස්‌නායු ස්‌වභාවයන්ට අනුරූප සිතුවිලි සේ වින්දන ධාරාවන් ඇත. එමගින් එම බාධකය නිරායාසයෙන් මෙන් දුරු වේ. ඇතැම් වින්දන සමග ක්‍රියාකාරී වන හෝමෝන මොහොතකින් ජන්මියාගේ ශාරීරික මානසික ස්‌වභාවය හා ඉරණම සාධනීය ලෙස වෙනස් කරයි. එබැවින් එය මොළය හා සම්බන්ධ ස්‌වභාවධර්මයේ දෝෂයක් නොව ඊට පටහැනිව පිහිටුවා ඇති කුල සිරිත්වල දෝෂයකි.
කෙසේ වුවද බලවත් පාප කර්මවල විපාකවලින් මිදීමට ක්‍රමවේද නැත. ඉහත සඳහන් පරිදි ක්‍රියාශීලී ජීවිත ගත කිරීමෙන් එම විපාකවල තීව්‍රතාව යම් පමණකට අඩු කරගත හැකි නමුත් ගරුක කර්මවල විපාකවලින් මිදෙන මඟක් නැත. අම්ල හා භෂ්ම සංයෝගයේ දී මෙන් පින් දහම්වල ආනිසංස මගින් පව්වල විපාක උදාසීන වීමක් නොවේ. නමුත් ඊට එරෙහිව උප පීඩක හා උප ඝාතක කර්ම ලෙස ක්‍රියාත්මක වේ. හොඳම ප්‍රතිපත්තිය මෙන්ම ප්‍රාථමික ප්‍රතිපදාවද විය යුත්තේ සියලු පාප කර්මවලින් වැළකී සිටීමය.
රාහු සහ කේතු ගැන සඳහනක් කළ යුතුය. රාහු සහ කේතු යනු පෘථිවිය හා එහි ඡායාව යෑයි කියනු ලැබේ. දෙදෙනා කේන්ද්‍රයක ප්‍රතිවිරුද්ධ ස්‌ථාන දෙකක තැන්පත්ව සිටී. අන් ග්‍රහලෝක මෙන් නොව ජන්මියා ජීවත් වන්නේ පෘථිවිය නම් ග්‍රහයා තුළමය. පෘථිවියේ ආකර්ෂණ ගෝලය ජන්මියා අවට පැතිරී තිබේ. එය සංරචක දෙකකට බෙදේ. රාහු සහ කේතු නමිනි. (මෙම ප්‍රාථමික උපකල්පනය සම්බන්ධ අවිනිශ්චිත සාධක ඇත) රාහු සහ කේතු දෙදෙනාම පාපී ග්‍රහයන් සේ සැලකෙන නමුත් (මෙම සමාජ සම්ප්‍රදාය තුළ දෙදෙනාම ජන්මියා පෙළන නමුත්) ඉඳුරා එකිනෙකට වෙනස් ගති ගුණ ඇත. රාහු උස්‌ය. කේතු මිටිය. රාහු අඥනය. කේතු බුද්ධිමත්ය. රාහු හිස හැරුණු අතේ යන පැතිරුණු අවිචාරවත් ස්‌වභාව ඇත. කේතු විචාරශීලී නමුත් එක්‌තැන් වී හකුළාගෙන සිටී. දෙදෙනා ජන්මියාට ලබාදෙන මෙම පරස්‌පර ගති ලක්‌ෂණ අධ්‍යයනය කළ යුතුය.
අඟහරු හා බ්‍රහස්‌පති අතර ඉතා පුරාණ කාලයේ, අදින් වසර කෝටි සිය ගණනකට පෙර ග්‍රහලොවක් විය. බාහිර අභ්‍යවකාශ වස්‌තුවක් කඩා වැටීම වැනි හේතුවකින් එය විනාශ වී ගොස් ඇස්‌ටරොයිඩ යෑයි කියනු ලබන ග්‍රහක රාශියක් බවට පත්විය. එම ග්‍රහක වළල්ලක් මෙන් කුජ හා ගුරු ග්‍රහ තරු අතර කක්‍ෂයක විද්‍යමාන වේ. කිසියම් දියුණු විශ්ව වාපීන් පිරිසක් තම බුද්ධිමය අවශ්‍යතාවන් පිරිමසාගනු පිණිසද, අත්හදා බැලීම් පිණිසද එසේ බාහිර ග්‍රහ වස්‌තුවක් ප්‍රක්‍ෂේප කර එකී ග්‍රහයා වනසා දැමුවා වුවද විය හැකිය.
එසේ විනාශ වූ ග්‍රහලොවට අනුරූප මස්‌තිෂ්ක කේන්ද්‍රය සත්ව මොළයේ එක් ඉතා වැදගත් ස්‌වභාවයක් නියෝජනය කළේය. එය කුජගේ ප්‍රවේගකාරී හා ගුරුගේ ධාර්මික උපශාන්ත ගති ලක්‌ෂණවල සම්බන්ධීකාරකයක් වූවා වුවද විය හැකිය. එම ග්‍රහලොව විනාශ වී ගිය පසු පෘථිවිය මත මිනිස් ප්‍රජාවගේ මානසිකත්වයේ ව්‍යාකූලභාවයක් ඇතිවිය. ඔවුන්ගේ විනිශ්චය වල්මත් විය. ඉන්පසු අන්ධයකුට මෙන් මඟ නොමඟ හඳුනා ගැනීමේ අපහසුවක්‌ද මඟ හඳුනාගැනීම පිණිස උපස්‌ථම්භක වන තීක්‌ෂණ නුවණක්‌ද ඔවුනට ඇති විය.
පෘථිවිවාසීහු සිය ජීවිතය සම්බන්ධ ස්‌වභාවධර්මය නොහඳුනති. සිය අභිමානයට පරස්‌පර ලෙස කුල සිරිත් පිහිටුවා ගනිති. ඉන්ම බලවත් සේ පීඩාවට පත් වෙති. යම් දිනෙක ස්‌වභාවධර්මයත්, ආචාර ධර්මත් එක් තලයක හමුවන්නේද, එදින පටන් ඔවුහු සියලු පාප කර්මවලින් අත් මිදෙති. මෛත්‍රි සහගත සිත් ඇත්තෝ වෙති. නිරායාසයෙන් ධර්මයෙහි හැසිරෙති. සුවසේ ජීවත් වෙති. දුටු දුටුවන්ට ප්‍රිය වෙති. මනා වූ රූ සපුවක් ඇත්තෝද වෙති. ඔවුන් අතර බලවත් රෝග පීඩා හා උවදුරු ක්‍රමයෙන් පහව යන්නේය. අප ජීවත් වන මේ කලියුගය තුළ කාල විපත්ති යුගයක් උදා වන්නේය.
එතෙක් මහත් වූ ආයාසයෙන් හෝ සියලු පාපකර්මවලින් වැළකී මඟ නොමඟ හඳුනාගෙන වාසය කිරීම තමන් හා සමාජය වෙනුවෙන් ඔවුන් ඉටු කළ යුතු යුතුකමය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here