Thursday, September 11, 2025
Homesiජ්‍යෙතිෂය සොබාදහම සහ ජීව බලය

ජ්‍යෙතිෂය සොබාදහම සහ ජීව බලය

[ratings]

නිරෝගීකම ආරක්‍ෂා කර ගැනීමෙන් ලැබෙන ශක්‌තිය ජීව බලයයි. නිරෝගී ජීවිතයක්‌ උරුම වූ තැනැත්තා නිරත වන සියලු කාර්යයන් සඵල වෙයි. ඒ නිසාම කායික මානසික සුවය උදාවෙයි. කරුණා මෛත්‍රී ගුණයන් වර්ධනය වෙයි. ඒ අනුව ඇසුරු කරන අයගේත් වනසතුන්ගේත් කීකරු බව හිතවත් කම ඇතිවේ. එබඳු අය ජීවත් වන පරිසරය ප්‍රසන්න වී සොබාදහමින් ලැබෙන ගුණයද යහපත් වෙයි. මෙවන් මහඟු ඵල උදාකරගත හැකිවන්නේ සුමඟට යොමුවන උත්සාහවන්තයාට පමණි.

මිනිස්‌ ජීවිත පවත්වාගෙන යැමට ඉවහල් වන ස්‌වභාවධර්මය හිතකර වන්නා සේම පීඩාකාරී තත්ත්වයන්ටද හේතුවෙයි. එවැනි පීඩාවන් මඟහරවා ගැනීම උත්සාහය සඵල කරගැනීමකි. හිරුරැස්‌ නිසාත් වැස්‌ස නිසාත් ඇති වන පීඩාවන් වළක්‌වා ගැනීම සඳහා නිවහනක අවශ්‍යතාව ඇතිවෙයි. වනචාරී යුගය ඉක්‌මවා ගිය මිනිසාට ඇති වූ හැඟêම් අනුව නිවාස ඉදිකර ගැනීමට පෙළඹී ඇත. නිවාස ඉදිකර ගැනීමේදී ඇති වූ දුෂ්කරතාවන් නිසා දියුණු කළ සිත් ඇත්තෝ ඉදිකිරීමේ භූමියට ගෞරව කිරීමේ අවශ්‍යතාව අවබෝධ කර ගත්හ. වාස්‌තු පුරුෂයාට ගරු බුහුමන් දැක්‌වීමේ චාරිත්‍රය ආරම්භ වුයේ ඒ අනුවය. මුහුණ යටිකුරුව බීමට හෙළන ලද වාස්‌තු පුරුෂයාගේ ශරීරාංග ඇසුරු කොට එක්‌ එක්‌ පාදවලට දේවතා නාමයන් යොදා පුද පුජා පැවැත්වීම එමගින් පුරුදු වූ ක්‍රියාවලියකි. ඉදිකිරීම් කටයුතු ආරම්භයේදී මෙන්ම නිම කිරීමේදීත් වාස්‌තු පුරුෂයාට බුහුමන් දැක්‌වීමෙන් යහපත සැලසෙන බවත්, එසේ නොකිරීමෙන් අවැඩ සිදුවන බවත් සෘෂිවරුන්ගේ අත් දැකීම් අනුව සනාථ කොට ඇත. වර්තමානයේද අත් දැකීම් අනුව මේ තත්ත්වය සනාථ කර ගත යුතුය.

ඉදිකිරීම් භූමිය පිහිටීම අනුව කොටස්‌ කර වාස්‌තු පුරුෂයා පිදීමෙන් භූමියේ හිමිකරුවන්ට සාර්ථක දිවිපෙවෙතක්‌ උරුම වෙයි. මෙම අදහස පෙරදැරිව නිවාස, ග්‍රාම, නගර, රාජ මන්දිර තැනිමේදී පාද 64 වශයෙන්ද, අලුත්වැඩියා කිරීමේදී පාද 49 වශයෙන්ද, දේවාල, මණ්‌ඩප, සමාජ ශාලා, ප්‍රාසාද පාද 100 වශයෙන්ද, ළිං, වැව්, පොකුණු, උද්‍යාන පාද 196 වශයෙන්ද කොටස්‌ කර ඒ ඒ ස්‌ථානවලට හිමි දේවතාවන් උදෙසා ජලය, විළඳ, ධාන්‍ය, වර්ග, පස්‌ගෝරස, මී පැණි ගිතෙල් සහිතව පුද පූජා පවත්වනු ලබයි. කළු පස්‌ සහිත සල්ගස්‌ වැවෙන ජලාශ්‍රිත බිමක මෙම පූජාවන් පැවැත් වුවද එවැනි ස්‌ථානවලදී දේවතාරාධනා කිරීම හෝ පින් අනුමෝදන් කොට දෙවියන් විසුරුවා හැරීම නුදුසුදු බව ඇතැම් පැරැණි සිද්ධාන්ත අනුව ප්‍රකට වෙයි. පුරාණ ජනයා ජලය, උඳුබත්, ගිතෙල්, දීකිරි, කිරිබත් සහිත මැටි භාජනයක්‌ තැන්පත් කොට මහාමේරු පර්වතය යම් සේ නොසෙල් වී පවතීද, එපරිද්දෙන් මේ වාසස්‌ථානයද නොසෙල් වී ස්‌ථිරව පවතීවාෘ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය. මුල්ගල තැබීමේදී මේ ආකාරයට කටයුතු කිරීම විශේෂ වෙයි. නව නිවාසයට ප්‍රවිෂ්ඨවීමේදී බ්‍රහ්ම, විෂ්ණු, ශිව, ගණ, පත්‍යාදී පඤ්ච දේවතාවුන් සහ පෘථිවියටත් සූර්යයාටත් අතර වාසය කරන සිද්ධ විද්‍යාධරාදීන් පැමිණ වාස්‌තු භූමිය අවට වැඩ සිටින සේක්‌වාෘ යනුවෙන් අධිෂ්ඨාන කොට ජලය, යව, තල, කුසතණ, පස්‌ගෝ රස සහිත මැටි භාජනයක්‌ අතැතිව ගෙහිමියා නිවසට ඇතුල් වී තමාටද පිරිවර ඥාති වර්ගයාටද සියලු දෝෂ සමනය වී රෝග දුක්‌ හා බයෙන් තොරව පෙර ජන්මයේ සහ මේ භවයේ කර්ම හේතුවෙන් ඇතිවිය හැකි පීඩාවක්‌ සමනය වී බොහෝ කාලයක්‌ වාසය කරන්නට හිමිකම ලැබේවා. යනුවෙන් ප්‍රාර්ථනා කොට කැමති විටක කැමති පරිද්දෙන් යැම් ඊම් කළහැකි නාරජුන්ද, ලෝකපාලකයන්ද තම තමන්ගේ ලෝකවලට ඇතුල්ව වාසය කෙරෙත්වාෘ මේ භූමියෙහි සිට හැම කල්හිම ආයුෂ හා බල දානය කෙරෙත්වා. යනුවෙන් වාස්‌තු, නාගයා ඇතුළු පිරිවරට පුද පූජා පවත්වනු ලබයි. නැවත යහපතක්‌ වේවා යි “ඕං” කාරයෙන් ආරම්භ කොට රන්වන් කටුස්‌සකුගේ ස්‌වරූප ගත් සියලු දෙවියන්ගේ බලය හිමි වූ යටිකුරුව ඇති මුහුණ සහිත ඊසාන දිසාවෙහි හිසද නිරිත දිසාවෙහි පාදයන්ද ඇති වාස්‌තු පුරුෂයාටද පුද පූජා පවත්වනු ලබයි.

ආදි යුගයන්හි මෙසේ පුද පූජා සිදු කළද ධාන්‍ය වර්ග, කුසතණ සෙවීම ඉතා දුෂ්කර බැවින් වාස්‌තු භූමිය සැකසීමේදී නව නිවසකට පිවිසීමේදී අති පූජනීය මහා සංඝයා වහන්සේ වැඩමවා කෝටියක්‌ සක්‌වල බලය පිහිටුවන්නට හැකියාව ඇති පිරිත් සඡ්ජායනා කිරීම ප්‍රමාණවත් වෙයි. අමතර ආරක්‍ෂා වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා පූජා කොට පිරිත් බල සහිත වූ සමන් පිච්ච මල්, පිරිත් නූල් වාස්‌තු භූමියේත් නව නිවහන තුළත් තැන්පත් කිරීම සුදුසු බව පැරැණි විද්වතුන්ගේ ඔවදන් සහ අප අත්දැකීම් අනුව සනාථ වී ඇත. මෙවැනි සත් ක්‍රියාවන්හි යෙදෙන විට ශාන්ත පරිසරයක්‌ ඇති වෙයි. නිරෝගීකම ඇතිවේ. කාලගුණය යහපත් වී වැස්‌ස නිසිකලට ලැබී නියඟයක්‌ ඇති නොවී කෙත් වත් සරුසාර වෙයි. ඒ අනුව සොබාදහම මිනිසාට ආශිර්වාදයක්‌ වන බව මනාව පැහැදිලි වෙයි. මේ තත්ත්වයන් දශාන්තර් දශා ඵල සහ ගෝචර් ඵල වශයෙන් ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රාණුකූලවද, කර්මඵල විපාක වශයෙන් බුදු දහමින්ද පැහැදිලි වෙයි. ජ්‍යෙdතිෂය, සොබා දහම සහ ජීව බලය තුන් ඈදුතු සාධකත්‍රයක්‌ ලෙස සැලකිය හැකි බවද මේ අනුව පැහැදිලි වෙයි.

ඉදිකිරීම් වලින් බැහැර වූ වනජීවීන් සහ පරිසර හේතු අහිතකර ලෙස බලපෑම් ඇති කරන අවස්‌ථාවලදීද අනුගමනය කරන පූජා විධි ගැන අප අසා ඇත. මාංස භක්‍ෂක විශාල ශරීර ඇති කුරුල්ලන් නිවාස සමීපයේ හඬ නැඟêම, සුනඛයින්, සිවලුන් හඬලෑම, වල් ඌරන්, කබරයන් සහ වෘෂභයන් නිවස ඉදිරිපසින් ඇතුළු වී පිටුපස දොරින් පිටවීම අයහපත සැලසෙන ක්‍රියාවන් ලෙස සැලකේ. බස්‌සා, බකමූණා, උකුස්‌සා, පරෙවියා, ගිජු ලිහිණියා, රතු හොට සහිත කුරුල්ලන් මේ අතර විශේෂ වෙයි. නගරාන්තර කුළුණු මත මී බැඳීම, හදිසියෙන් පැමිණෙන පක්‍ෂීන් ඒ මත වැටීම, කලාතුරකින් හුඹස්‌ මතුපිට මල් පිපීම සිදුවුවහොත් ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවේ. නිවාස, ග්‍රාම, නගර සහ රාජ්‍ය පාලක ප්‍රධානීන්ට බලය අහිමි වීමේ පෙර නිමිති ලෙස සැලකේ. නගරයක ගමක, රටක පූජනීය ස්‌ථාන වලට අකුණු සර වැදීම, ගින්දරෙන් පීඩා ඇතිවීම, ප්‍රසිද්ධ සතුරන් ඇතිවීම, වටිනා සම්පත් බලවතුන් විසින් විනාශ කිරීම, ඇසුරු කරන අය මුළා කරමින් සත්පුරුෂයන්ට හිංසා පීඩා කිරීම සිදුවුවහොත් ගමේ, නගරයේ, රටේ හිමිකරුවන්ට බිය ඇති වන බව සෘෂි මත පරිදි ගොඩනැඟුණු සිද්ධාන්ත අනුව පැහැදිලි කර ඇත. අසත්පුරුෂ ගති ඇත්තෝ ගමේ, නගරයේ, නිවසේ, රටේ හිමිකම් ලබා ඇති බව එමගින් තහවුරු කරන බව යාග හෝම වල නිරත වූ සිල්වත් බමුණු ඇඳුරුතුමන්ලා ප්‍රකාශ කර ඇත. ප්‍රසාද, මන්දිර, කෙත් කුඹුරුවලට වල්ගා තරු කොටස්‌, අකුණු සර පතිත වීම සියලු දෙනාටම භය ඇතිවන පෙරනිමිති ලෙසද, පූජනීය වෘක්‍ෂ මතට සහ චෛත්‍ය, දේව ප්‍රතිමා හෝ දේවාල මත පතිත වීමෙන් පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වන අයට සහ රාජරාජාදීන්ට භය ඇති වීමේ පෙර නිමිති ලෙස සෘෂිවරුන්ගේ ප්‍රකාශයන්හි සඳහන්ව ඇත.

ආදි යුගයන්හිදී මෙම ආපදාවන් සිදු නොවීම සඳහා නිවාස, ගම්, නගර, මන්දිර ආරම්භක අවස්‌ථාවේ මහා සමුද්‍රයෙන් ලබාගන්නා වටිනා මැණික්‌, ධාන්‍ය, වර්ග, සුවඳ වර්ග, ඊ තණ, කුස තණ, ගිතෙල්, මී පැණි, කිරි බත්, ගෝරෝචන, රස කැවිලි, පැන් වර්ග මැටි භාජනවල පුරවා ඉදිකිරීම් භූමියේ සතර කොන්වල තැන්පත් කොට පංචතූර්ය නාද පවත්වා, සිල්වත් බමුණු ඇඳුරන් ලවා තම අභිමතය පරිදි 108 වරක්‌, 8000 වරක්‌ හෝ 100000 වාරයක්‌ ජප යාතිකා පැවැත්වීම සුදුසු බවට පිළිගෙන තිබුණේ යෑයි වාස්‌තු විද්‍යාණුකූල සිද්ධාන්තයන්හි සඳහන්ව ඇත. මෙම ශාන්ති කර්මවල යෙදීමෙන් දෛවයට අනුව සිදුවන විපත් මඟ හැරෙන බවත් ශාන්ති කර්මවල නොයෙදෙන අය අකාලිකව විනාශයට පත්වන බවත් සඳහන්ව ඇත. මේ තත්ත්වයද ජ්‍යෙdතිෂ්ශාස්‌තාණුකූලව පල සහ අපල ලෙස පැහැදිලි කර ඇත.

ඉහත සඳහන් කළා සේ ස්‌වාභාවික විපත් ඇති වන්නේ මිනිසාගේ දැඩි ලෝභය, අසත්‍යවාදී බව සහ අධාර්මික කම නිසාය. මෙම ස්‌වාභාවික විපත් ලෙස වල්ගාතරු දර්ශනය වීම, උල්කා, නිඝ_ංත, ඉන්ද්‍රචාප, මහා මේඝ, ධාරාණිපාත වැසි ඇතිවේ. මේවා දර්ශනය වන්නේ විෂම වූ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා දෙවි දේවතාවන් අප්‍රසාදයට පත්වීමෙන් ස්‌වාභාවික පරිසරය අනිෂ්ඨ විපාක ලබාදීම හේතුවෙනි. දෙවියන් විසින් නිර්මාණය කරන වල්ගා තරු, අකුණු සර ආදී දර්ශන සහ හැසිරීම් මහත් බය ඇතිවීමේ පෙර නිමිති බව සෘෂි භාෂිත සහ අත්දැකීම් අනුව සනාථ වී ඇත. උල්කා හෙවත් වල්ගා තරු, නිර්ඝාත, ඉන්ද්‍රචාප, උත්පාත අනතුරුවල පෙරනිමිති වෙයි. කෙටි වල්ගයක්‌ සහිත යාරයක පමණ දිග ඇති සියුම් ගිනිබෝලයක්‌ ධීෂ්ණ්‍ය ලෙසද, කෙටි වල්ගයක්‌ සහිත මුදුන මහත පහළට වැටෙන විට විශාල වන යාර දෙකක්‌ පමණ දිග ඇති වල්ග තරු උල්කා ලෙසද, වැටුණු තැන ගිනි ගන්න මහත් ශබ්දයක්‌ සහිතව ගමන් කරන විද්යුත් ධාරාව අකුණු ලෙසද, මහත් බයංකර වූ වැදුණු තැන ගිනි ගන්නා ගිනි කදම්භය විද්යුතය ලෙසද, විලක්‌කුවක්‌ හා සමාන වූ යාරයක්‌ පමණ දිග ඇති සුදු සහ රෝස පැහැති ආලෝකය තාරා ලෙසද, බියකරු හඬ සහිත වැදුණු තැන ගිනි ගන්නා ගිනි බෝලය වජ්‍ර ලෙසද හැඳින්වෙයි. දිව්‍ය උත්පාතයන් ලෙස සැලකෙන මේවායේ ක්‍රියාකාරිත්වය සහ දර්ශනය වීමෙන් ඇති වන තත්ත්වය තරුවේ ස්‌වභාවය අනුව තීරණය කළ හැකිය. එසේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහාභූතයන් විෂම වීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. මිනිස්‌ ජීවිතයේ නිර්මාණය, පැවැත්ම සහ ජීවනෝපායන් සඳහා ඉවහල් වන මේවා විෂම වීම තදබල විනාශයන්ට හේතු වන විට ලෝක විනාශය ලෙසද සැලකේ. ආරම්භයේදී සඳහන් කළා සේ මේ තත්ත්වය උදා නොවීමට හෝ උදා වූ ව්‍යසනයෙන් බේරීමට හැකි වන්නේ සම්දිටු වීර්යවන්තයන්ට පමණි.

තදබල ලෙස ඇතිවන කුණාටු නිඝ_ංත නම් වෙයි. කුණාටු ඇතිවන අවස්‌ථා අනුව විවිධ සමාජ තලයන්ට බලපෑම් ඇති වන බව පැරැණි මත අනුව සනාථ වී ඇත. අලුයම් කාලයේ සුළං ඇති වීමෙන් බලවතුන්, ප්‍රභූවරුන්, ව්‍යාපාරිකයන්, අසම්මත වෘත්තීන්හි යෙදෙන කාන්තාවන්ද උදෑසන කාලයේ සුළං ඇති වීමෙන් නාගරික ප්‍රදේශවාසීන්, සිව්පා සතුන්ද, මධ්‍යාහ්නයේ පිසාචයන් සහ අසම්මත වෘත්තිකයන්ද සන්ධ්‍යා භාගයේ සොරුන්ටද, රාත්‍රියේ සිට අලුයම් කාලය දක්‌වා නිශාචර සතුන්, ඇත් අශ්ව සත්ත්වයන්ටද බිය ගෙන දෙන බව පැවසේ.

හිරුරැස්‌ දර්ශනය වන ස්‌වභාවය අනුවද මිනිස්‌ ජීවිතයට විවිධ බලපෑම් ඇතිවේ. විවිධ වර්ණ සහිතව දුන්නක ආකාරයෙන් හිරුරැස්‌ දර්ශනය වීම ඉන්ද්‍රචාප (දේදුන්න) ලෙස හැඳින්වේ. වායු තලාවක්‌ ලෙස සැලකෙන අනන්ත හෙවත් මහාකාල නාගරාජයා හෙවත් රාහු – කේතු පිටු පසට ගමන් කිරීමේදී ආකාශ තලයේ දිස්‌වන මෙම තත්ත්වය නාග රාජයා ප්‍රශ්වාස කිරීම නිසා උදාවන විෂ සහිත තත්ත්වයක්‌ ලෙසද විශ්වාස කෙරේ. විවිධ වර්ණ සහිතව තද පාටින් දර්ශනය වන දේදුන්න මිනිස්‌ ජීවිතයේ සුබ පල උදාවීමටද, වනගත දුෂ්කර ගම්මානයක දේදුන්නක්‌ දර්ශනය වීම ප්‍රදේශාධිපතියාට අයහපත උදාවීමටද, සෞම්‍ය වූ අහස්‌ තලයේ දේදුන්නක්‌ දර්ශනය වීම වසංගත රෝග බිය ඇති වීමටද, නිල්, රතු සහ කොළපාට දේදුන්නක්‌ දර්ශනය වීම දුර්භික්‍ෂ හා නියඟය ඇති වීමටද, නියං සමයේ දර්ශනය වීම වාර්ෂාව ඇති වීමටද, වැසි සමයේ දර්ශනය වීම නියඟය ඇති වීමටද, රාත්‍රි කාලයේ හෝ සන්ධ්‍යා කාලයේ නැගෙනහිර දිසාවේ දේදුන්නක්‌ දර්ශනය වීම හෝ කහ පාටින් ගිනි බෝල සේ දර්ශනය වීම පාලකයන්ට පීඩා ඇති වීමටද හේතු වන ඵල දර්ශනය වීමේ පෙර නිමිති බවද විශ්වාස කෙරේ.

අහසත් පොළවත් ස්‌පර්ශ වන්නා සේ පෙනෙන ගුවන් තලයේ ගිනි බෝල සේ දර්ශනය වන වල්ගා තරු දිග්දාහ නම් වෙයි. කහපාට වල්ගා තරු පාලකයන්ට පීඩා ද රතු පාට වල්ගා තරු රටට අයහපතද, රතු කහ මිශ්‍ර පාට වල්ගා තරු භෝග විනාශයටද, ප්‍රබල වූ දීප්තිමත් ආලෝකය සහිත වල්ගා තරු එළියෙන් සෙවනැලි බිම පතිතවීම පාලකයන්ට මහත් ව්‍යසන ගෙනදීමටද, තද රතු පාට වල්ගා තරු යුද බිය ඇති වීමටද, නැගෙනහිර දිශාවේ වල්ගා තරු දර්ශනය වීම ගොවි ජනතාවට සහ කෘෂි කර්මාන්තයටද, ගිණිකොන දිසාවේ වල්ගා තරු දර්ශනය වීම කලා ක්‍ෂේත්‍රයට කලාකරුවන්ට සහ තරුණ පිරිසටද, දකුණු දිසාවේ දර්ශනය වීම සාමාන්‍ය වෙළෙඳුන්ට සහ නපුරු ගති ඇත්තන්ටද, නිරිත දිග වල්ගා තරු දර්ශනය වීම දූත සේවාවල නිරත වූවන්ට සහ අලුත් මත ප්‍රකාශ කරන අයටද පීඩාවන බව ශාස්‌ත්‍රීය සිද්ධාන්ත වල සඳහන්ව ඇත. බටහිරින් වල්ගා තරු දර්ශනය වීම පහත් රැකියාවල නිරත වූවන්ට සහ ගොවි ජනතාවටද, වයඹ දිසාවේ දර්ශනය වීම සොරුන්ටද, දකුණු දිසාවේ දර්ශනය වීම සිල්වතුන්ටද, ඊසාන දිසාවේ දර්ශනය වීම ව්‍යාපාරිකයන්ට සහ මිත්‍යා මතධාරීන්ටද පීඩා දායක වෙයි. රන්වන් පාට දකුණු දිසාවට ගමන් කරන වල්ගා තරු රට වැසියන්ට සහ රාජ්‍ය පාලකයාට සුබ පල දීමට හේතුවන පෙර නිමිති ලෙසද ශාස්‌ත්‍රීය සිද්ධාන්ත වල සඳහන්ව ඇත. ආදි යුගවල වාසය කළ ජනයා මෙම අපලයන් මඟහරවා ගැනීමට යාග හෝම පූජා විධි ලෙස අනුගමනය කර ඇත. බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලය වන විට නැණවත් තාපස තුමන්ලාගේ ඉගැන්වීම් අනුව මේ තත්ත්වය නුසුදුසු බවට හැඟêම් මාත්‍ර වශයෙන් පමණක්‌ අවබෝධ කරගෙන තිබිණි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව දැහැමි ජීවන රටාව මේ සියලු දුක්‌ වලින් නිදහස්‌ වීමේ මාර්ග බව බොහෝ දෙනෙක්‌ අවබෝධ කරගැනීමේ ප්‍රතිඵල වර්තමාන බෞද්ධයන්ටද බුක්‌ති විඳීමට අවස්‌ථාව උදා වී ඇත. සුබ කටයුතු ආරම්භයේදී මෙන්ම අනාගත භය දුරැලීම සඳහා සෙත් පිරිත් සඡ්ජායනය කිරීම, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනා පැවැත්වීම, සති පිරිත් දේශනා පැවැත්වීම, සංඝයා වහන්සේට ඇප උපස්‌ථාන කිරීම, සිල්වතුන්ට සංග්‍රහ කිරීම මේ අතර වැදගත් පිළිවෙත්ය. නිරෝගී ජීවිතයක්‌ උරුම කර ගැනීමට හේතු වන මේ පිළිවෙත් ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රාණුකූලවද අපල උපද්‍රව දුරැලීම සඳහා ඉවහල් වන සාධකයන් වෙයි.

ලෝකයාට මුහුණ දීමට සිදුවන ඉෂ්ට අනිෂ්ට ඵල විපාකවල පූර්ව නිමිති වශයෙන් අහසේ වල්ගා තරු දර්ශනය වන බව පුරාණ සෘෂිවරු ප්‍රකාශ කර ඇතිවා සේම මිනිසුන් අධාර්මික වීමේ ප්‍රතිඵල ලෙස පරිසරය විෂම වන බවත් ඒ හේතුවෙන් (පරිසරය විෂම වී) මහත් ව්‍යසනයක්‌ ඇති කරන බවත් විවිධ සූත්‍ර දේශනාවලින් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. දශා අන්තර් දශා, ගෝචර ඵල අනුව ප්‍රකාශ කරන මේ තත්ත්වයන්ම නුසුදුසු ලෙස නිමවෙන නිවාස, ග්‍රාම, නගර, මන්දිර නිසාද, ඇති වෙයි. සුබ පල, නිරෝගී කම, ආරක්‍ෂාව, අභිවෘද්ධිය උදාවන්නේ දැහැමි පිළිවෙත් වල නිරත වීමෙන් බව බෞද්ධයන් වන අප අවබෝධ කරගෙන ඇත. ගෘහ පතියන් ඇතුළු නිවැසියන්ගේ නිරෝගී කම, ස්‌ථීර වාසය තහවුරු වනසේ සුදුසු නිවසක්‌ ඉදි කළ යුතු බව වාස්‌තු විද්‍යානුකූලව පැහැදිලි කරන අතර සෙත් පිරිත් දේශනා වලට සවන් දීම, බෝධි පූජා සිදු කිරීම, විහාරස්‌ථානයන් පිරිසිදු කිරීම, පැළ සිටුවීම, ගිලානෝපස්‌ථානය, සතුන්ට අභයදානය දීම, නිරෝගී කම, කාය ශක්‌තිය, ජීවනෝපාය කටයුතු දියුණු වීමට හේතුවන බව ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රාණුකූලවද පිළිගැනීමට ලක්‌ වී ඇත. ලෝක ධාතූන් සහ මිනිස්‌ වර්ගයා ඇතුළු සියලු ජීවීන්ද, සම්පත්ද නිම වී ඇති අපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතු සන්සුන් වනසේ හැසිරීම සියලුදෙනාටම පිළිගත හැකි කරුණු බවත් ජ්‍යෙdතිෂය, සොබා දහම සහ ජීව බලය තුන් ඈදුතු සාධකත්‍රයක්‌ ලෙස පිළිගත හැකි බවත් මෙම ශාස්‌ත්‍රීය සිද්ධාන්තවල සඳහන් කරුණු අනුව පැහැදිලි වෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments