ජ්‍යෙතිෂවේදීන් සතු අරුම පුදුම හැකියාව

0
890
ජ්‍යෙතිෂවේදීන්
ජ්‍යෙතිෂවේදීන්

[ratings]

ලෝකයේ විවිධ විද්‍යාවන් හා ශිල්ප ශාස්‌ත්‍ර පවතී. ජ්‍යෙතිෂයද ඒවායින් එකකි. එහෙත් මේ සියලු විද්‍යා ශාස්‌ත්‍රයන්ට වඩා ජ්‍යෙතිෂය සතු භූමිකාව වෙනස්‌ වේ. අනෙක්‌ සියලු විද්‍යා ශාස්‌ත්‍ර උගත්විට තමා උගත් දේ උපයෝගී කරගෙන සෘජුවම තමාට අවශ්‍යදේ කළ හැක. එහෙත් ජ්‍යෙතිෂය උගත් පමණින් කිසිවකුටත් සාර්ථක ප්‍රතිඵල උදාකරගත නොහැක. ජ්‍යෙතිෂයේ තිබෙන කරුණු සියල්ල ඒ අයුරින් පුද්ගලයන්ගේ ජන්ම පත්‍රවලදී ක්‍රියාත්මක නොවේ. ඒ නිසා ජ්‍යෙතිෂය ඇසුරෙන් යමකු සම්බන්ධව නිවැරැදි අනාගත විස්‌තරයක්‌ ලබාගත නොහැකි බවත් ඒ නිසා එය මෝඩ මිනිසුන් රවටන මිථ්‍යා විශ්වාසයක්‌ බවත් සමහරු පවසති. එහෙත් එය මිථ්‍යාවක්‌ද නොවේ. එසේම එය උගත් පමණින් පලාපල කීමටද හැකි නොවේ. එයට හේතුව එය ගුප්ත විද්‍යාවක්‌ වීමයි.

ජ්‍යෙතිෂයේ විෂය ක්‍ෂේත්‍රය අදෘශ්‍යමාන තලයක විහිද යන්නකි. ඒ පිළිබඳව ජ්‍යෙතිර් නිබන්ධය මෙසේ ප්‍රකාශ කර ඇත.

යදසපචිත මන්‍ය ජන්මති

ශුභාශුභම් තස්‍ය කර්මණඃ ප්‍රාප්තිම්

ව්‍යCඳ්ජයන්ති ශාස්‌ත්‍ර මේතත්

තමසි ද්‍රව්‍යානි දීපම්ව.

සසර පෙර උපන් ජාතිවලදී රැස්‌ කරන ලද පිං පව් මේ බවයේදී පලදෙන ආකාරය විමසා බැලීම ජ්‍යෙතිෂය බව එහි කියා ඇත.

මේ අනුව ජ්‍යෙතිෂයට අයත් විෂය ක්‍ෂේත්‍රය පිළිබඳව කෙතරම් උගතකුට වුවද විග්‍රහයක්‌ ඉදිරිපත් කළ නොහැක. මේ පිළිබඳව කිසිම පර්යේෂණාගාරයක පරීක්‍ෂාවට ලක්‌ කිරීමක්‌ද කළ නොහැක. ඒ නිසා ජ්‍යෙතිෂයට යමක්‌ එක්‌ කිරීමට හෝ එයින් යමක්‌ ඉවත් කිරීමටද හැකියාව තිබෙන්නේ එය නිර්මාණය කළ සෘෂිවරුන්ට පමණි. එයට හේතුව යම යම් පුද්ගලයන් සතු කර්ම ශක්‌තිය හා එය විපාක දෙන ආකාරය දැකිය හැකි ක්‍රමවේදයක්‌ නොමැති බැවිනි. ඒ නිසා එය මනඃකල්පිතයක්‌ ලෙස සිතා යමකුට ඉවත දැමිය හැක.

එහෙත් විවිධ මතවාදයන් ගෙන් බැහැරව ලෝකය දෙස බලන අයකුට කර්මය හා විපාකය අතර සෘජු සබඳතාවය හොඳින් දැකිය හැක. මෙලොව අප ගත කරන ජීවිතයේ අප ලබන හැම ප්‍රතිඵලයක්‌ම අප කළ කර්මයක හොඳ හෝ නරක විපාකයකි. රටේ පවතින නීති කැඩුවොත් දඬුවම් ලබයි. පාඩම් කළොත් විභාග පාස්‌වේ. හොඳින් වැඩ කළොත් දියුණුවට පත්වේ. සෞඛ්‍ය රැක නොගත හොත් ලෙඩ රෝග වැළඳේ. ප්‍රවේශම් නොවුණහොත් අනතුරට පත්වේ. මේ සියල්ලම කර්මවලට ලැබෙන විපාක වෙති. ගැටලුව තිබෙන්නේ මිනිසාට මේ ජීවිතයට පෙර වෙනත් ආත්ම තිබුණාද ඉදිරියටත් තිබේද?. ඒ පෙර ජාතිවල කරන ලද කර්ම මේ අත්භවයේදී පල දෙනවාද යන කරුණයි. හින්දු හා බෞද්ධ ආගම් දෙකම මේ කර්ම පල වාදය පිළිගන්නා අතර ජ්‍යෙතිෂයද එය පිළිගනී. එම ආගම් අදහන අය කර්මඵල විශ්වාස කරන නිසා මේ ගැන තවත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.

මිනිසාට පමණක්‌ නොව සතුන්ට පවා බලපාන කර්ම ශක්‌තියක්‌ තිබේ. ලොව ඇති සියලුදේ භෞතික වස්‌තූන් වන අතර මිනිසා ඇතු සියලු දේ භෞතිකව ඇතිවී නැතිවී යන බවට සමහරු තර්ක කරති. එහෙත් මේ වන විට භෞතික විද්‍යාව දැවැන්ත විපර්යාසයකට ලක්‌වෙමින් පවතින අතර ලෝකය තුළ පවතින්නේ විවිධ ශක්‌ති සංකලනයක්‌ හා ඒ තුළින් තාවකාලිකව නිර්මාණය වන වස්‌තු සමූහයක්‌ බවට දැන් විද්‍යාවද හඳුනාගෙන ඇත. මේ කරුණ අතීතයේ විසූ සෘෂිවරුන් දැන සිටි අතර මේ පිළිබඳව නිවැරදිව දැනුම ලබාගත්තේ බුදුරජාණන් වහන්සේ විසිනි. ලොව පුරා පවතින විවිධ ශක්‌ති අතර කර්ම ශක්‌තිය හා එහි ක්‍රියාකාරිත්වය ඒ උතුමන් විසින් අනාවරණය කළ එකකි.

මිනිසා විවිධ ආත්මවලදී එක්‌රැස්‌ කරන ලද පිං පව් එක්‌රැස්‌ වී කර්ම චක්‍රයක්‌ සකස්‌වී තිබේ. එය කර්ම බැංකුවකි. ඒ තුළ ශුභ හා අශුභ කර්ම ගොනුවී තිබේ. මේවායේ අශුභ විපාක වශයෙන් ලෙඩ රෝග අනතුරු ධන හානි විපත් හා හදිසි මරණ ඇති කරන අතර ශුභ විපාක වශයෙන් ධනය, තනතුරු සැප සම්පත් උගත්කම හා දීර්ඝායුෂ නිරෝගීකම ලබාදේ. ජ්‍යෙතිෂයේදී මේවා ග්‍රහ අපල හා ශුභ ඵල ලෙස දක්‌වා තිබේ.

යමකුගේ කර්ම විපාක වශයෙන් ඉදිරියට සිදුවිය හැකි දේවල් සාමාන්‍ය මනසින් දැකිය නොහැක. ඒ සඳහා සුපිරි මානසික ශක්‌තියක්‌ අවශ්‍යවේ. එවැනි හැකියාවක්‌ තිබෙන්නේ දිවැසිවරුන්ට පමණි. එවැනි උතුමන්ට ජන්ම කේන්ද්‍ර සටහන් හෝ වෙනත් කිසිම බාහිර පරීක්‍ෂාවකින් තොරව ඕනෑම අයකුගේ අනාගතය, වර්තමානය මෙන් අතීතයද දැකිය හැකිවේ. එහෙත් එවැනි අධිමානසික ශක්‌තිය සහිත දිවැසිවරුන් වර්තමානයේ විරළය. එසේ සිටියත් හිමාලය වැනි ජන ශුන්‍ය ස්‌aථානවල වාසය කරන නිසා හමුවීමද අපහසු වේ.

ඒ නිසා මේ ගැටලුවට විසඳුම් සොයා වර්තමානයේදී අපි යන්නේ ජ්‍යෙතිර්වේදියකු ළඟටය. නැත්නම් ශාස්‌ත්‍ර කියන තැනකටය. ශාස්‌ත්‍ර කියන තැන් පිළිබඳව කතා කිරීම මෙහි අරමුණ නොවේ. ඒ නිසා අපි ජ්‍යෙතිෂය දෙස බලමු. අතීතය වර්තමානය හා අනාගතය දැකීමේ හැකියාව තිබෙන ශාස්‌ත්‍රයක්‌ ලෙස ලෝකයාගේ පිළිගැනීමට ලක්‌වූ එකම ශාස්‌ත්‍රය ජ්‍යෙdතිෂයයි. මෙහිම ප්‍රබේදයන් තවත් කිහිපයක්‌ තිබේ. නාඩි වාක්‍ය, සාමුද්‍රිකා ශාස්‌ත්‍රය හා දේහ ලක්‍ෂණ විද්‍යාව ඒ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. මේ අතරින් යමකුගේ නම, ගම කේන්ද්‍ර සටහන, දෙමාපියන් ගේ භාර්යාවගේ නම් ගම් තොරතුරු මෙන්ම ජීවිතයේ ප්‍රධාන තොරතුරුද ලියා තිබෙන තල් පත්‍රිකා එකතුවක්‌ වූ නාඩි වාක්‍ය කීමේ ශාස්‌ත්‍රය විශ්මය ජනක එකකි. එහෙත් එයින් කියවෙන්නේ සීමිත පිරිසකගේ සීමිත තොරතුරු පමණක්‌ බැවින් යමකුට ජීවිතයේ ගැටලු විස¹ ගත හැකි හොඳම ක්‍රමවේදය තිබෙන්නේ සාමාන්‍ය ජ්‍යෙතිෂවේදය තුළය.

සාමාන්‍ය ජ්‍යෙතිෂය පුද්ගලයකුගේ නම ගම වැනි නිශ්චිත තොරතුරු නොපවසන නමුත් ඔහුගේ ජීවිතයට අදාළ සියලු සිදුවීම් ඉතා නිවැරැදිව පැවසීමට හැකියාව තිබේ. එය මැනවින් හදාරන ලද අය අපි හඳුන්වන්නේ ජ්‍යෙතිර්වේදීන් ලෙසටයි. ඔවුන්ට අරුම පුදුම හැකියාවක්‌ තිබේ. මා එසේ කියන්නේ හේතුවක්‌ ඇතිවය. මෙලොව ජීවත්වන කිසිම පුද්ගලයකුට තමාගේ අනාගතය කුමන ආකාරයකට ගතවේදැයි නොදනී. ඒ නිසා විවිධ අපේක්‍ෂා බලාපොරොත්තුවලින් හිත පුරවා ගනී. එහෙත් ඒවා ඉටුකරගත හැකි වන්නේ කීයෙන් කීදෙනෙක්‌ටද? අනික්‌ සියලු දෙනා කිසිසේත් බලාපොරොත්තු නොවූ කරදර දැලක පැටලී ජීවිතය ශෝකාන්තයකින් කෙලවර කර ගනිති. කිසිම කෙනෙක්‌ දුකට පත්වීමට කැමති නැත. ඕනෑකමින් අමාරුවට වැටෙන්නේද නැත. එසේ තිබියදී මෙවන් ඉරණමකට පත්වන්නේ ඇයි?

මෙයින් කියෑවෙන්නේ දෛවය තමාට එරෙහිව යන බවයි. දෛවයේ මෙම ක්‍රියාකාරිත්වය කලින් දැනගත හැකි නම් එයට පිළියම් යොදාගත හැක. එය කළ හැක්‌කේ දෛවඥයකු හමුවීමෙනි. දෛවය කියවා බැලීමේ ඔහු සතු මේ පුදුම හැකියාව නිසා ඔහු සමාජයේ පෙර ගමන්කරුවකු ලෙසට බොහෝ දෙනා විසින් සලකති. ඒ නිසා දරුවකු උපන් විට ඔහුගේ උපන් වේලාවද රැගෙන පළමුව හමුවන්නේ ජ්‍යෙdතිර්වේදියෙකි. ජ්‍යෙdතිර්වේදියා එම වෙලාව පදනම් කරගෙන දරුවාගේ ජන්මපත්‍රයක්‌ පිළියෙල කරයි. එය කියවා බලන ඔහුට උපන් දරුවා පිළිබඳව විශ්මිත තොරතුරු පැවසීමේ හැකියාව තිබේ. උපදින දරුවාගේ ස්‌ත්‍රී පුරුෂ භාවය උපදින අවස්‌ථාවේ ඇතිවූ අපහසුතා දරුවාගේ විශේෂිත වූ දේහ ලක්‍ෂණ හා රෝගාබාධ ආදිය පිළිබඳව විස්‌තරයක්‌ කරයි. ඇතැම් විටක දරුවාට බරපතළ ගැටලු තිබිය හැක. එවැනි විටදී මේ දරුවා දැනට හොඳ සනීපෙන් සිටිනවාද කියා විමසයි. ඇයි එසේ අසන්නේ යයි විමසන අයට ඔහු පවසන්නේ මේ කේන්ද්‍රයේ ප්‍රබල අපලයක්‌ තිබෙනවා. දැනට නැත්නම් ඉදිරි දින කිහිපය තුළ දරුවාට ප්‍රබල අසනීපයක්‌ එන්නට පුළුවන් ප්‍රවේශම් වන්න යෑයි පවසයි. දැනටම දරුවා දැඩි සත්කාර ඒකකයේ නිසා විමසුම්කරු කලබලවේ. දරුවාට කරදරයක්‌ වේවිද ඔහු විමසයි. ජ්‍යෙdතිර්වේදියා වඩාත් විමසිලිමත් වේ. ආපදාව ජයගත හැකිනම් ප්‍රතිකර්ම නියම කරයි. දින තුන කින් ප්‍රතිඵල දන්වන්න එවැනි උපදෙසක්‌ද දෙයි. එහෙත් තත්ත්වය බරපතළ නම් ඔහු ප්‍රතිකර්ම නියම නොකරන අතර කේන්ද්‍රය ලබා දෙන්නේද නැත. මේක මට කරන්න අමාරුයි. වඩා හොඳ කෙනෙක්‌ හමුවන්න කියයි. වැඩිපුර ඉල්ලා සිටියොත් ප්‍රතිකර්ම නියම කර නිශ්චිත කාලයක්‌ දී තොරතුරු දන්වන ලෙස හා ප්‍ර්‍රතිඵල යහපත් නැත්නම් තමා හමුවී පලක්‌ නොවන බවද පවසයි. මෙවැනි අරුම පුදුම හැකියාවක්‌ ජ්‍යෙdතිර්වේදීන් සතුව පවතින බව කේන්ද්‍ර හදා ගැනීමට යන බොහෝ දෙනා දනිති.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here