ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේ විද්‍යාත්මක පැත්ත

1482
ජ්‍යෙතිෂ
ජ්‍යෙතිෂ

[ratings]

මෑත කාලය තුළ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය පිළිබඳ ඉතා දැඩි වශයෙන් නොසලකාහැර ඇත. උගතුන් වශයෙන් හැඳින්වෙන අයද, එහි සිද්ධාන්ත ගැන හැදෑරීමට කිසිම උත්සාහයක්‌ නොදරා, ඒ පිළිබඳ තීරණයන්ට එළඹ තිබේ. ජ්‍යෙතිෂය හා වෛද්‍ය කර්මය ප්‍රායෝගික විද්‍යාවන්ය. එබැවින් ඒවා එම තත්ත්වයෙහිලා සැලකිය යුතුය. ශ්‍රේෂ්ඨයන් නූගතුන් වශයෙන්ද, වංචාකාරයන් වශයෙන්ද, හැඳින්වීමට කවුරුන් විසින් හෝ දරණ ප්‍රයත්නය සැබැවින්ම හාස්‍යජනකය.

කිසියම් විෂයයක්‌ ඉගෙනීමටත්, පරීක්‍ෂණයට ලක්‌කිරීමටත් කිසියම් කාලයක්‌ මිඩංගු නොකර, ඒ පිළිබඳ අදහස්‌ දැක්‌වීමට කිසිවකුට නොපිළිවන. එසේ කරුණු හැදෑරීමකින් තොරව කරන ප්‍රකාශය අර්ථශුන්‍ය ප්‍රලාපයක්‌ පමණකි. කවුරුන් විසින් හෝ තමා තුළ අවබෝධයක්‌ නැති, අවබෝධයක්‌ ලබාගැනීමටද උත්සාහ නොදරණ, දේවල් හාස්‍යයට ලක්‌කිරීමට දරන වීර්යය, ඔවුන්ගේ නූගත්කමේ තරම පෙන්නුම් කිරීමට ප්‍රමාණවත්ය.

කාලගුණය ඇතිවීමේ ප්‍රධාන සාධකය නම් සූර්යයාගේ කේන්ද්‍රීය ස්‌වභාවයයි. ඕනෑම ස්‌ථානයක කාලගුණය ර¹ පවතින්නේ මූලික වශයෙන් Rතු පවත්නා කාලය අනුව යෑයි හර්ඩෙල් කියයි. පැරණියන් විසින් ග්‍රහතාරකා හත, විශේෂ නම්වලින් හඳුන්වා ඇත. මිහිපිට ඇති සියළු දෙයම පෘථිවි ආකර්ෂණයේ බලයට යටත් වන අතර, විශ්වයට අඩංගුවන අනෙකුත් දේවල්ද ඒවායේ ආකර්ෂණය අප කෙරෙහි පතුරවයි සූර්ය රශ්මි ශක්‌තිය, ප්‍රධාන ග්‍රහතරු විසින් තරමක්‌ දුරට වෙනස්‌ කර පරාවර්තනය කරන බව සොයාගෙන ඇති අතර, මිහිපිට ඇති දේවල් කෙරෙහි, ඒවායේ බලපැවැත්ම මෙපමණ යෑයි අවබෝධ කරගෙන ද තිබේ. සූර්යයාගේ බලපැවැත්මෙන් තොරව වැසිදිය හෝ දිය උල්පත් හෝ ගංගා හෝ සාගර හෝ ඇති විය නොහැකිය. වැස්‌ස ර¹ පවතින්නේ වායුගෝලයෙහි ජල ප්‍රවාහ මතය. මේවා රශ්මිධාරා සමග ඇති සූර්යතාපය සහ විද්යුත්ධාරා මගින් හසුරුවා හරිනු ලැබේ. මුළුමනින්ම විවිධ සFව ගණයා මෙන්ම නොයෙක්‌ වර්ගයේ ගස්‌ වැල් හා පැලෑටි ඇතිවන්නේ ද සූර්ය රශ්මියෙන් හා ආලෝකය නිසාය. මිනිසාට අවස්‌ථානුකූලව ක්‍රියාකිරීමට ඇති පුළුවන්කම නිසා ඔහු වහා එම අවස්‌ථාවන්ට ගැලපෙන පරිදි හැඩගැසේ. උදය හිරු රැස්‌ පිත්තාධිකය. සැදැ හිරු රැස්‌ සුවදායකය. මෙම වෙනස වහා දැනෙන්නෙකි. ප්‍රසන්න උදැසනකදී මිනිසුන්ගේ සිත්සතන් උෙද්‍යාගයෙන් පිබිදෙයි. අඳුරු උදයකදී මිනිසුන්ගේ උෙද්‍යාaගයද පිරිහේ.

ස්‌වභාව ධර්මය තමා කෙරෙහි බලනොපවත්වන බවත්, තමා ස්‌වභාව ධර්මයේ බලයට යටත් නොවන බවත් කීමට කිසිම මිනිසකුට නොපිළිවන. උෂ්ණය සහ සීතලත්, සුළඟ සහ වැස්‌සත්, කාන්දම් සහ විද්යුත් ශක්‌තියක්‌, කෙළින්ම ඒවායේ බලපැවැත්ම පෙන්වයි. Rතු, වර්ෂාව, උස්‌ ප්‍රදේශ, වනාන්තර පස්‌, වගාවන් සහ සත්ව ගනයාත් ඔවුන්ගේ බලපැවැත්ම පැහැදිලි ලෙස පෙන්නුම් කරයි. මෙම සරලවූත්, ප්‍රකටවූත්, කරුණු නැතැයි කියන තැනැත්තා මහා මෝඩයකු විය යුතුය.

සෑම ස්‌වභාවික ද්‍රව්‍යක්‌ම, එහි පිටිතලය සූර්යාගේ ආලෝකයට හා තාපයට ලක්‌කරයි. ද්‍රව්‍යය සෑදී ඇත්තේ පරමානු වලිනි. මෙම පරමානු පරත් තෙරක්‌ නැති පරිද්දෙන් සංයෝගවලට ලක්‌වේ. එසේ සංයෝගවලට ලක්‌වීමෙන්, ඒවා වෘක්‍ෂ හෝ සත්ව ජීවිතවල කොටස්‌ බවට පත්වෙයි. මෙම පරමානු ඉහත කී ඒ ඒ කොටස්‌වලින් ඉටුවිය යුතු කාර්යයන් අවසන් කිරීමෙන් පසු ඉවතට විසිකරනු ලබන අතර, එවිට වාතය සමග හෝ පස සමග හෝ වෙනත් ජීව වස්‌තුවක්‌ සමග හෝ එක්‌වෙයි. මෙසේ මෙම ඉමක්‌ කොනක්‌ නැති භෞතික සංයෝගය (එක්‌වීම) හා නිරුද්ධිය (වෙන්වීම) යළි යළිත් සිදුවේ. කිසියම් වස්‌තුවක්‌, තාපයේ හෝ ආලෝකයේ ක්‍රියාකාරිත්වයට යටත් වූ විට, එහි මූල ධාතු වහාම වෙන් වන අතර එය සැදී තිබූ ද්‍රව්‍ය අණුද වෙන්වේ. මෙසේ වෙන්වන ඒවායින් වැඩි කොටසක්‌ වෙනත් ද්‍රව්‍ය අණු හා එක්‌වන අතර, එම ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් මුල් ද්‍රව්‍යයට වඩා මුළුමනින්ම වෙනස්‌ ගතිගුණ ඇති තව වස්‌තුවක්‌ නිර්මාණය වේ. නිදර්ශනයක්‌ වශයෙන් කස්‌තුරි කැබැල්ලක්‌ ගනිමු. එය වැඩි වෙනසක්‌ නැතිව, අවුරුදු විස්‌සකට සමීප කාලයක්‌, එය තිබෙන ස්‌ථානය අවට වාතයට එහි සුවඳ කවනු ඇත. මෙහිදී සැලකිල්ලට ලක්‌විය යුතු කාරණය නම් කස්‌තුරි වල සුවඳ කැවී ඇති වාතයේ සෑම කොටසකම කස්‌තුරිවලින් කිසියම් කොටසක්‌ තිබිය යුතු බවය. සූර්ය රශ්මියෙන් අපේ සමේ පාට දුඹුරු පැහැගැන්වෙයි. මේ අයුරින්ම අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්ගේ වැඩීම සඳහා විවිධ ග්‍රහතාරකාවන්ගේ රශ්මිය අවශ්‍ය වේ. නිර්මාණ කාර්යේදී, ඉතා සූක්‍ෂම ලෙස ඒවායින් ඉටුවන කාර්යයන් සැබැවින්ම ආශ්චර්යජනකය.

ග්‍රහතරු බබලන්නේ හිරුගෙන් ලබාගත් ආලෝකයෙනි. එම ආලෝකය ගුරුත්වාකර්ෂණය මගින් හිරුගෙන් ඇදී යැමේදී කක්‍ෂයන්හි රැඳී පවතියි. හිරු ජගද් විෂයි යන සියළුම ද්‍රව්‍ය තමා දෙසට ඇදගනී. තවද ඒවාට අති විශාල වේගයක්‌ ද කවයි. මෙම වේගය වැඩිවීමත් සමග ද්‍රව්‍ය පදාර්ථ තුළ ඇතිවන ශක්‌තිය විශ්වාස කළ නොහැකි තරම් විශාලය. සූර්යයාත්, පෘථිවියත් අතර පිහිටි අහසෙහි ඉතා ඈත කොටස ඌර්ධවාන්තරීක්‍ෂය නම් වෙයි. මෙම කොටසෙහි අති විශාල වේගයක්‌ ඇත. එම පුදුමාකාර ප්‍රදේශය පසුකරමින් එන සියළුම ග්‍රහතරුවල රශ්මිද අතිවිශාල බලයක්‌ ලබාගනී. විශ්වය තුළ වන ද්‍රව්‍යයන් ඉදිරියට ඒමේදී අනෙකුත් ග්‍රහතරු වල බලපැවැත්මට යටත්වේ.

වර්ගයා බෝකිරීම සඳහා ලිංගික සංසර්ගය අවශ්‍යය. මේ සඳහා අවශ්‍ය ජීවමය සාරය සෑදෙන්නේ අප ගන්නා ආහාරවලිනි. මිනිසකු සමග ලිංගික සංසර්ගයෙහි යෙදීමෙන් පසු, පිළිසිඳ ගැනීමක්‌ වූ විට, ගැහැනියට පෙරට වඩා ආහාර හා ආරක්‍ෂාවද අවශ්‍ය වේ.

කලල බීජයේ වැඩීම සඳහා ද ආහාර, කාලගුණය හා අනෙකුත් කායික තත්ත්වයන්ද අත්‍යාවශ්‍ය බව පැහැදිලිය. එක්‌තරා කාලසීමාවකින් පසු ග්‍රහ යෝමීන්ගේ බලපැවැත්මෙන් ළදරුවා මව්කුසින් බිහිවන අතර, ඔහු ඔහුටම විශේෂ වූත් පෞද්ගලික වූත් ජීවිතයක්‌ ආරම්භ කරයි. ළදරුවන්ට ඇත්තේ නොවැඩුණු මොළයකි. එය අනාගත ප්‍රයෝජනය සඳහා හැඟීම් ගබඩාකර තැබීමට සූදානම්ය. දෛවඥයෝ ආත්මය කෙළින්ම රවිගේ බලපැවැත්මට යටත් බව දක්‌වන අතර, “මනස” චන්ද්‍රයාගේ බලපැවැත්මට ලක්‌වන බව දක්‌වති. සූර්ය රශ්මිය පරාවර්ථනය කිරීමේදී ග්‍රහතරු පැහැදිලි වෙනසක්‌ දක්‌වයි. ලෝකය පුරාම ඇති වාතය එක්‌බදුය.එහෙත් ඒ ඒ ප්‍රදේශවල ඇති ජීවාජීව ද්‍රව්‍ය වල බලපැවැත්ම අනුව වාතය සැලකිය යුතු අන්දමින් වෙනස්‌වන්නාක්‌ මෙන් සූර්ය රශ්මියද, වෙනත් ග්‍රහතරු ස්‌පර්ශ කිරීමෙන් වෙනසකට ලක්‌වේ.

සූර්ය රශ්මිය, එය ස්‌පර්ශ වන ද්‍රව්‍යයෙන් යමක්‌ උරා ගන්නා අතර පෙරලා එම ද්‍රව්‍යයටද යමක්‌ තම රශ්මියෙන් ලබාදෙයි. පෘථිවිය වර්තමාන ස්‌වරූපයට පත්වූවේ සූර්යයාගේ බලපැවැත්ම නිසායයි පිළිගන්නා විට, එම පොළොව මත තිබෙන ජීවාජීව වස්‌තූන් එහි බලපැවැත්මට අසුනොවන්නේ යෑයි කියන කියමනෙහි ඇති තර්කය කුමක්‌ද?

ග්‍රහයන් ශුභ ස්‌ථානගතව හෝ ශුභයන් හා සංයෝගව හෝ සිටියදී උපන් මිනිසකු ඔහුගේ උත්පත්තියටත්, තත්ත්වයටත් වඩා සිය දහස්‌ ගුණයක්‌ උසස්‌ තත්ත්වයකට පත්වන අතර එම ග්‍රහයන්ම අශුභ ස්‌ථානගතව හෝ යෝගව සිටිවිට උත්පත්තිය ලැබූ ප්‍රබල රජෙකුගේ පුතකු පවා අතිශය පහත් අඩියකට හෙලා දමනු ලබයි. අංශකයක්‌ තරම් සුලු ප්‍රමාණයක වෙනසින් පවා ස්‌වභාව ධර්මයෙහි ඇති වන වෙනස්‌කම් පුදුමාකාරය. එම වෙනස්‌කම් ඇතිවන්නේ ඉරු සහ පරිවාර ග්‍රහයන් නිසාය. සිත පිළිබඳ තත්ත්වය චන්ද්‍රයාගෙන් ලැබෙන රශ්මියෙහි සුළු හෝ අඩුවක්‌ වූ විට, එබඳු පුද්ගලයකුගේ මානසික ශක්‌තියෙහි පැහැදිලි වෙනස්‌කම් දැකීමට පිළිවන. අපි නියමාකාරයෙන් ජ්‍යෙdතිෂයයි කියන්නේ මෙම බලවේග ගණන් බලන ශාස්‌ත්‍රයටය.

උත්පත්ති වේලාව සහ එවිට ග්‍රහයන් සිටි තත්ත්ව එම ග්‍රහයන් දිනෙන් දින, මසින් මස වසින් වස, පරිභ්‍රමණය වීමෙන් සිදුවන විපර්යාශයන්, එම ග්‍රහයන්ගේ බලපැවැත්ම තීරණය කිරීම සඳහා සැලකිල්ලට ගත යුතුය.

මෙම ග්‍රහයන්ගේ සංයෝගය හා සංක්‍රමණත්, රාශි හා නක්‍ෂත්‍රවල බෙදීමත් නිසා මිනිසාගේ ජිවිතයට අනන්ත වූ විවිධ තත්ත්වයක්‌ ඇති වේ. හරිහැටියට, සකස්‌ කරන ලද්දේ නම් කේන්ද්‍රයක අනුසාරයෙන්, මිනිසා වටවී ඇති සියළුම භෞතික හා නසෝගත දේවල් පිළිබඳ හේතු දැක්‌විය හැකිය. එබැවින් මෙම ලෝකයෙහි කිසියම් උතුම් විද්‍යාවක්‌ ඇත්නම් එය ජ්‍යෙdතිෂ විද්‍යාවයි. ජ්‍යෙdතිෂ විද්‍යාව විෂයෙහි සාර්ථකභාවය සඳහා එහි නියෑලෙන විද්‍යාර්ථින් තුළ යට දැක්‌වෙන ගුණාංගද තිබිය යුතුය.

1. පහත් පරමාර්ථවලින් තොරවීම, 2. සංතුෂ්ටිය, 3. ගණිතයෙහි ඉතා දක්‍ෂවීම, 4. භාෂාවෙහි නිපුණවීම, 5. විශිෂ්ඨ බුද්ධියක්‌ තිබීම, 6. කාලය හා අවස්‌ථාව පිළිබඳ දැනුමක්‌ ඇතිවීම, 7. ජ්‍යෙdතිෂ නීති රීති පිළිබඳ පුළුල් දැනීමක්‌ තිබීම, 8. අවංකභාවය, 9. සත්‍යවාදී බව, 10. නියම පුහුණුව.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here