ඩෙංගු වලින් බේරීමට මෙන්න ආරක්‌ෂක යන්ත්‍රයක්‌

1679
ඩෙංගු
ඩෙංගු

ඩෙංගු මදුරු උවදුර අප රට ගිල ගනිමින් තිබෙන ප්‍රබලතම ව්‍යසනයකි. මෙම වසංගතය කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම ඩෙංගු මදුරු උවදුරෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර ඉදිරියේ දී තවත් බොහෝ දෙනකුට ජීවිත අහිමි වීමට ඉඩ තිබේ.

ආත්මාර්ථකාමිත්වයෙන් ඔද වැඩුන මනුෂ්‍යයාගේ අක්‍රමවත් ක්‍රියාදාමය හේතුවෙන් ඩෙංගු මදුරු උවදුර වසංගත තත්ත්වයක්‌ කරා ව්‍යාප්ත විය. මෙතරම් දුර දිගට පැතිර ගිය මෙම ඩෙංගු මදුරු උවදුරේ ප්‍රධාන චූදිතයා වන්නේ ඩෙංගු මදුරුවා නොව මිනිසාය.

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්‌ථාන තම නිවසෙන් හා ගෙවත්තෙන් තුරන් කර දැමීමට සියලුම ජන කොටස්‌ අධිෂ්ඨාන කර ගත්තේ නම් මෙවන් විපතක්‌ අප රටට අත් විඳීමට සිදු නොවන බව ඒකාන්තය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මදුරු මර්දන මාසයක්‌ නම් කිරීම කාලෝචිත පියවරකි. නමුත් එම මාසය අවසන් වූ විට හෝ රටවැසියාගේ ආකල්පමය වෙනසක්‌ ඇති වේදැයි සැක සහිතය. එම නිසා ඩෙංගු වසංගතයෙන් ගැලවීම සඳහා මෙම ආරක්‌ෂක යන්ත්‍රය සාදා ඉන පැළඳීමෙන් රෝග බෝවීම වළක්‌වා ගත හැකිය.

යන්ත්‍රය සාදා ගන්නා ආකාරය

ඩෙංගු

ඉරිදා දිනෙක රසකිඳ, සස්‌සඳ, උඳුපියලිය අඹරා කල්කය සාදාගත යුතුය. ඉන්පසු ඊයම් තහඩුවක්‌ ගෙන මෙම යන්ත්‍රය ඇඳ ඉහත කී කල්කයෙන් කළු මැද ගත යුතුය. ඉන්පසු පංචෝපචාර සහිතව පිළියෙල කරගත් මල් අසුනේ කල්කය සමග තබා මතුරා සුරයක බහා ඉන බැඳ ගැනීමෙන් රෝගය බෝ නොවේ.

සර්ව දිෂ්ටි යන්ත්‍රයකින් දිෂ්ටිකර පහත දැක්‌වෙන මන්ත්‍රයෙන් 108 වරක්‌ හෝ වැඩි වාර ගණනක්‌ මතුරා ගැනීම සුදුසුය. යන්ත්‍ර විද්‍යානුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. (මන්ත්‍රාචාර්යවරයකුගේ සහාය ලබාගන්න)

මන්ත්‍රය

ඕං නමෝ අගස්‌ති නම් මුණිවරයාණන් වහන්සේ කෛලාසනේ උණු කරවා, චන්ද්‍ර සූර්ය දෙදෙනා ලෙලවා අනෝතප්ත විල ලෙලවා ආනන්ද නම් මහා කෙළ නාගරාජයා අල්ලා සිරකර පැළඳගත් ආනුභාවයෙන් එකසිය අටක්‌ මදුරු උවදුරු මැකී මැකී සුං සුං යේස්‌වඃ

මෙම යන්ත්‍රය ඕනෑම බෝවන රෝගයකට සුදුසු වන අතර වසංගත රෝග පවතින ප්‍රදේශවල හා ස්‌ථානයන්හි ගැවසෙන අයට මෙය වඩාත් සුදුසු යන්ත්‍රයක්‌ බව පුස්‌කොළ පොතේ සඳහන් වෙයි.

We found this article from Divaina on 2012/07/06.
Also Sinhala to English Google word to word translation can be found here