ත්‍රීංශාංශකයෙන් කියෑවෙන ගැහැනු ගතිගුණ

1083
ත්‍රීංශාංශකයෙන්
ත්‍රීංශාංශකයෙන්

[ratings]

කාන්තාව නිතරම වෙනස්‌වන සුළු යෑයි පැවසුවත් ඇයගේ කේන්ද්‍රයේ ත්‍රීංශාංශකයේ ලියෑවී ඇති දේ නම් වෙනස්‌වන්නේ නැත. ගැහැනියගේ මතුපිටින් පෙනෙන ගති සොබාව ඇතුළතින් නොමැති වුවත් නියම ගති සොබාව ත්‍රීංශාංශකය දෙස බැලීමෙන් පහසුවෙන්ම අවබෝධ කර ගැනීමට හැක.

ගැහැනියකගේ ජන්ම කේන්ද්‍රයේ ලග්නය මේෂ හෝ වෘශ්චික වී එහි පළමු කොටුවේ සඳු සිටිද්දී ත්‍රීංශාංශකය කුජට අයත් එකක්‌ නම් එම ස්‌ත්‍රිය සමඟ ජීවත්වීම ඉතා අපහසුය. මන්ද දුෂ්ට ගති ඇති නපුරු කාන්තාවක්‌ වන බැවිනි. එම ත්‍රීංශාංකය සෙනසුරුගේ නම් ඇය අන් අයට බැල මෙහෙවර කම් කරන දාසියෙකි. යහපත් වාසනාවන්ත කාන්තාවක්‌ වන්නේ ත්‍රීංශාංශකය ගුරුට අයත් වූවොත්ය. ත්‍රීංශාංශකය බුදගේ නම් එම කාන්තාව අනුන් මුලාවේ දමන තේරුම් ගැනීමට අපහසු තැනැත්තියකි. ත්‍රීංශාංශකය සිකුරුගේ නම් ඇය පර පුරුෂ සේවනයේ යෙදෙන රහසින් පව් කරන්නියකි.

ජන්ම ලග්නය වෘෂභ හා තුලාව වී ලග්නයේ සඳු සිටිද්දී ත්‍රීංශාංශකය කුජට අයත් නම් එම කාන්තාව ඉතා නපුරු තැනැත්තියකි. සෙනසුරුට අයත්නම් පළමු විවාහය අසාර්ථක වී දෙවන විවාහයක්‌ කර ගනියි. බුධට අයත් නම් ඥානවන්ත ස්‌ත්‍රියකි. ගුරුට අයත් නම් ගුණවත් ස්‌ත්‍රියක්‌ද, සිකුරුට අයත්නම් යහපත් ගති පැවැතුම් නිසා කාගේත් ප්‍රසංසාව ලබාගන්නා කාන්තාවක්‌ද වෙයි.

මිථුන හෝ කන්‍යා ලග්නය වී සඳු ලග්නයේ සිටිද්දී උපන් කාන්තාවකගේ ත්‍රීංශාංශකය කුජට අයත් නම් ඇය කපටිකමින් අනුන් රවටන්නියක්‌ද, සෙනෙසුරුට අයත්නම් නපුංසක ගති පැවැතුම් ඇත්තියක්‌ද, ගුරුට අයත්නම් ගුණ ගරුක ස්‌ත්‍රියක්‌ද, බුධට අයත් නම් උසස්‌ අධ්‍යාපනයක්‌ ඇති බුද්ධිමත් තැනැත්තියක්‌ද, සිකුරුට අයත්නම් රාගය අධික ස්‌ත්‍රියක්‌ද වෙයි.

ලග්නය කටක වී එහි සඳු සිටිද්දී ත්‍රීංශාංශකය කුජට අයත් නම් ගණිකා වෘත්තියේ යෙදෙන්නියක්‌ද, සෙනසුරුට අයත්නම් සැමියාට මරණය ගෙනෙන්නියක්‌ද, ගුරුට අයත් නම් යහගුණ පිරි ලියක්‌ද බුධට අයත් නම් නොයෙකුත් කලා ශිල්ප දත්තියක්‌ද, සිකුරුට අයත් නම් නොමනා ක්‍රියාවන්හි යෙදෙන තැනැත්තියක්‌ද වෙයි.

සිංහ ලග්නයේ සඳු ලග්නගතව සිටිද්දී උපන් ස්‌ත්‍රියගේ ත්‍රීංශාංශකය කුජට අයත් නම් ඇය පිරිමියෙකු සේ කටයුතු කරයි. ශනිට අයත් නම් උතුම් කාන්තාවකි. ගුරුට අයත්නම් ධනවන්තියකි. බුධට අයත් නම් නපුරු ස්‌ත්‍රියකි. සිකුරුට අයත් නම් බාල වයස්‌කාර තරුණියන් සමඟ අනාචාරයේ හැසිරෙන්නියකි.

ලග්නගත සඳු සිටිද්දී ධනු හෝ මීන ලග්නය වී ත්‍රීංශාංශකය කුජට අයත් නම් එම ස්‌ත්‍රිය රූප සොබාවෙන් පිරුණු අයෙකි. සෙනසුරුට අයත්නම් මෝඩ ස්‌ත්‍රියකි. ගුරුට අයත්නම් බොහෝ කරුණු කාරණා ගැන දන්නා ගුණවන්තියකි. බුධට අයත් නම් ආගම දහමට නැඹුරු හිතවත් බොහෝ ඇසූ පිරූ දේ දත් උගත් තැනැත්තියකි. සිකුරුට අයත්නම් පිටින් යහපත් බවක්‌ පෙන්වන නමුත් ඇතුළතින් අයහපත් ස්‌ත්‍රියකි.

මකර හා කුම්භ ලග්නය වී සඳු ලග්නගත වෙද්දී ත්‍රීංශාංශකය කුජට අයත්නම් ඇය අනුන්ට බැල මෙහෙවරකම් කරන ස්‌ත්‍රියකි. සෙනසුරුට අයත් නම් ඇය කොතරම් උතුම් ස්‌ත්‍රියක්‌ වුවත් දෝෂාරෝපණයන්ට ලක්‌වන අනුන්ගේ කරදරවලට ලක්‌වන තැනැන්තියකි. ගුරුට අයත් නම් උතුම් කාන්තාවකි. බුධට හිමිනම් නපුරු ස්‌ත්‍රිsයකි. ත්‍රීංශාංශකය සිකුරුට අයත් නම් ඇය දරුවන් නොලබන අවාසනාවන්තියකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here