තුන් කුළුඳුල් විවාහය සුබද?

184
විවාහය
විවාහය

පවුලේ වැඩිමහල් දෙදෙනකු අතර විවාහ ගිවිස ගැනීමට තාමත් බිය වේ. එයට එක්‌ හේතුවක්‌ වන්නේ තුන් කුළුඳුල් බවයි. තුන් කුළුඳුල් බව ක්‍රම කිහිපයකට විස්‌තර වෙයි. පවුලේ වැඩිමහල් තරුණයාත් අනෙක්‌ පවුලේ වැඩිමහල් දියණියත් අතර විවාහයක්‌ සිදු වූ පසුව ඔවුන් දෙදෙනාට ලැබෙන දරුවාද පවුලේ වැඩිමලා වෙයි. මෙහිදී එම පවුලේ ස්‌වාමියාද කුළුඳුලේ උපන් අයෙකි. භාර්යාවද කුළුඳුලේ උපන් අයෙකි. පළමුවෙන් ලැබෙන දරුවා ද කුළුඳුලේ උපන් අයෙකි. මේ නිසා එම දරුවා තුන් කුළුඳුල් දරුවෙකු වශයෙන් සලකයි.

මීට අමතරව වෙනස්‌ ආකාරයකටද තුන් කුළුඳුල් බව විග්‍රහ කර පෙන්වයි. විවාහ වීමට බලා පොරොත්තු වන තරුණිය පවුලේ වැඩිමලා වී ඇගේ පියාද මවද දෙදෙනොත් පවුලේ වැඩි මහල්ලන් වී සිටීමත් විවාහයට පත්වන තරුණයත් පවුලේ වැඩිමලා වී ඔහුගේ මවත් පියාත් දෙදෙනාම එම පවුල්වල වැඩි මහල්ලන් වී සිටීමත් ඉන්පසුව මේ දෙදෙනා විවාහ වී ලබන ප්‍රථම දරුවා වැඩිමහල් වීම හේතුවෙන් තුන් කුළුඳුල් බව ඇතිවේ යෑයි ද ප්‍රකාශ කරති. මේ කුමන ක්‍රමයෙන් වුවද පවුලේ වැඩිමහල් දරුවන් පමණක්‌ කුළුඳුල් දරුවන් වනු ඇත.

කුළුඳුල්

තුන් කුළුඳුල් විවාහයට බිය විය යුතුද?

වර්තමානයේ පෞරාණික වස්‌තූන් ආරක්‍ෂා කිරීම සඳහා නොයෙක්‌ ක්‍රමෝපායන් යොදා ඇති හෙයින් නිධන් හෑරීමට බොහෝ දෙනෙක්‌ බිය වෙතත් රහසිගතව යම් යම් අයගේ උදව් උපකාරයෙන් ඒවා කරගෙන යනු ඇත. වර්තමානයේ යකදුරන් සතු ප්‍රබල මන්ත්‍ර හා ආරක්‍ෂක ක්‍රම නොමැති නිසාත් නීති විරෝධී කටයුතුවලට සහභාගි වීමට අකැමැති නිසාත් ඒ අංශ දෙකෙන්ම ඇති වන භය නිසාත් මෙවැනි කටයුතු සඳහා පොළඹවා ගැනීම ඉතාමත් අමාරු කාර්යයන් වී තිබේ. එමෙන්ම නිවැරදි තුන් කුළුඳුල් බිල්ලක්‌ නොලැබුණොත් හෝ බලවත් වූ යන්ත්‍ර මන්ත්‍ර පාවිච්චිකර හරිහැටි තමන්ගේ ආරක්‍ෂාව සලසාගත නොහැකි වූයේ නම් හෝ එහි දොaෂය පැමිණෙන්නේ යකැදුරා කරාම නිසාද මෙවැනි කටයුතු සඳහා ඔවුහු පසු බසිති.

වැඩිමල් දරුවන් දෙදෙනෙක්‌ විවාහ වීමෙන් ලැබෙන දරුවා තුන් කුළුඳුල් බව පැරණි සමාජයේ මුල් බැස තිබුණු හෙයින්, පවුලේ වැඩිමහල් දෙදෙනා අතර විවාහයක්‌ සිදු කිරීමටද පැරැන්නෝ ඉතා බිය වූහ. එය නුසුදුසු විවාහයක්‌ වශයෙන් ඔවුහු සැලකූහ. ඒ එම කාල සීමා තුළ එවැනි කුළුඳුල් දරුවකු සොයාගතහොත් අනිවාර්යෙන්ම ඔහු බිලි පූජාවක්‌ සඳහා පැහැරගෙන ගොස්‌ බෙලි කපා පුද පූජා පවත්වන හෙයිනි.

අද ජන සමාජයේ, යන්ත්‍ර, මන්ත්‍ර වෙනුවට භාවිත වන්නේ යන්ත්‍ර සූත්‍රයි. යන්ත්‍ර සූත්‍ර මගින් කරන දේට බලි බිලි පූජා භෛරව පූජා හෝ ආරක්‍ෂා කිරීම් අවශ්‍ය නොවේ. මේ නිසා එම තත්ත්වය අද සමාජයෙන් ගිලිහී ගොස්‌ ඇත. බලි බිලි පූජා සඳහා දරු දැරියන් යොදා ගැනීමද නොකෙරේ. මේ නිසා පවුල් දෙකක වැඩිමහල් තරුණියත්, වැඩිමහල් තරුණයාත් අතර විවාහයක්‌ සිදුවීම අසුබ නොවන බව, පෙන්වාදිය හැකිය.

We found this article from Divaina on 2014/01/12.