ජන්ම කේන්ද්‍රයක රාශි දොළහකි. 1, 2, 3 ආදී වශයෙනි. කේන්ද්‍රයේ ඉහළින් මැදලස්‌සේ පිහිටි රාශිය පළමුවැන්න වන අතර දකුණු පස මැදලස්‌සේ පිහිටියේ දසවැන්නය. කර්ම ස්‌ථානය වශයෙන් හැඳින්වෙන්නේද දසවැන්නය.
කෙනකුගේ සමාජ තත්ත්වය විදහා පෙන්වන ස්‌ථානය දසවැන්න වන අතර සමාජ තත්ත්වයට රැකියාවද බලපාන නිසා කෙනකු කරන රැකියාවද දස වැන්නෙන් දැන ගත හැකිය.
නව ග්‍රහයන්ගෙන් ඒ ඒ ග්‍රහයා දසවැන්නේ පිහිටා සිටීමට අනුකූලව ජන්මියා නිරතවීමට ඉඩ ඇති රැකියාව මෙසේය(
රවි – රාජ්‍ය සේවයේ කිසියම් උසස් පදවි තානාන්තරයක්. සමහරවිට දෙපාර්තමේන්තුවක හෝ රාජ්‍යායතනයක හෝ පරිපාලන කටයුතුභාරව සිටින කෙනකු විය හැකිය. කිසියම් කෙනකු යටතේ රැකියාවක් කරන්න. එසේ නැත්නම්, සාමාන්‍ය රැකියාවක් කරන්න කැමැත්තක් නොදක්‌වන තරම්ය. සමහරවිට තමන්ටම අයත් ව්‍යාපාරයක, කම්හලක, කර්මාන්තයක නිරතවිය හැකිය. අනුන්ගේ ගුරුහරුකම් ගැනද එතරම් අවධානයක් නොදක්‌වන තරම්ය.
චන්ද්‍ර – පිළිගැනීමේ නිලධාරිණී මහජන සම්බන්ධතා නිලධාරී වැනි මහජන සම්බන්ධතා සහිත රැකියාවකට පත්වීමට ඉඩ ඇත. නොඑසේ නම්, ඇඳුම් පැළඳුම් සැකසීම හා වෙළෙ¹ම, ස්‌වර්ණාභරණ නිෂ්පාදනය හා වෙළෙ¹ම, මෝස්‌තර නිරූපණය භෝජනාගාර පාලනය වැන්නකට වුවද යොමු විය හැකිය.
කුජ – පොලිසියේ හෝ ආරක්‍ෂක හමුදාවක හෝ රැකියාවක් කරන්න ඉඩ ඇත. එසේ නැත්නම් අවි ආයුධ නිෂ්පාදනය හා අලෙවියටද, නොඑසේ නම් ලෝහ භාණ්‌ඩ නිෂ්පාදනය හා අලෙවියටද යොමු වන්න ඉඩකඩ ඇත. රියදුරකු හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවන්නකු හෝ එවැනි වෙනත් කාර්යයක නියෑළෙන්නකු හෝ වන්නටද පුළුවන.
බුධ – ග්‍රන්ථ රචනය, පත්‍ර කලාව වැනි බුද්ධියට අදාළ රැකියාවක් තෝරා ගත හැකිය. සමහරවිට ජ්‍යෙdතිෂ කටයුතුවලද නිරත වන්නට ඉඩකඩ ඇත. මුද්‍රණ ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නටද පුළුවන.
ගුරු – කොමසාරිස්, අධ්‍යක්‍ෂ වැනි රජයේ ඉහළ පෙළේ තනතුරක් දරන්නකු හෝ දොස්‌තර කෙනකු හෝ ආරක්‍ෂක හමුදාවක, සේවාවක උසස් නිලයක් දරන්නකු හෝ නමගිය ව්‍යාපාරිකයකු හෝ වන්නට ඉඩ ඇත.
ශුක්‍ර – රෙදිපිළි හෝ රූපාලංකාරය සඳහා යොදා ගන්නා ප්‍රතිකාරක හෝ සුවඳ විලවුන් හෝ නිෂ්පාදනයට හා අලෙවියටද අදාළ රැකියාවක නිරත විය හැකිය. සමහරවිට චිත්‍රපට හෝ නාට්‍ය හෝ නිෂ්පාදනය කිරීම වැනි කලාත්මක අංශයක රැකියාවක් කරන්නටද පුළුවන.
සෙනසුරු – සත්ත්ව පාලනය, ගොවිතැන්බත් කිරීම වැනි කෘෂිකාර්මික අංශයේ රැකියාවක නිරත විය හැකිය. දේශපාලන කටයුතුවලට යොමු වන්නටද සමහරවිට ඉඩකඩ ඇත.
රාහු – සමහරවිට දේශපාලනයෙහි නිරත වන්නකු විය හැකිය. නොඑසේ නම් පාගමනින් හෝ වාහනයකින් හෝ තැන්තැන්වලට ගොස් බඩු භාණ්‌ඩ අලෙවි කරන්නකු විය හැකිය. හාම්පුතුන් හා සමග ගැටුම් ඇතිකර ගැනීම නිසා එක් සේවා ස්‌ථානයක එතරම් කාලයක් කිසියම් රැකියාවක් නොකරන්නටද ඉඩ ඇත.
කේතු – ස්‌ථිර කිසියම් රැකියාවක් නොකරන්නට ඉඩ ඇත. ජීවිකාව ගෙන යැම සඳහා එදිනෙදා කරන්න ලැබෙන කුමන හෝ වැඩක් කළ හැකිය.
We found this article from Divaina on 2012/09/21.
Also Sinhala to English Google word to word translation can be found here