[ratings]
ලොව පළමු රටින් රටකට ගිය තැනැත්තා ලෙස අතීතයේ අප රට විසූ රාවණ රජු ඉතිහාසගත වී ඇත. “දඬු මොණරය” මගින් අහසින් ඉන්දියාවට ගොස් සීතා කුමරිය පැහැරගෙන ඒම ඉතිහාස කතාවට පාදක වී ඇත. “රාමායනය”ට අනුව ඊළඟට රටකින් රටකට ගිය පිරිස් ලෙස වානර හනුමන්තන්, රාම කුමරු ඇතුළු පිරිස ඉතිහාසයට එක්‌වේ. ඔවුන් ඉන්දියාවේ සිට සීතා කුමරිය සොයා ලංකාද්වීපයට පැමිණ ඇත.
ඉන්පසු ඉන්දියාවේ ලාට රටේ සිට පිටමං කළ විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිස ද දේශාටකයෝ ලෙස ලංකාවට ගොඩ බැස ඇති අතර ලංකාවේ රජ කළ ගජබා රජුද ඉන්දියාවට පිරිවර සමඟ ගොස් අපෙන් අල්වාගෙන ගිය 12000 වෙනුවට පොලිය වශයෙන් සොළීන් 12000 ක්‌ද රැගෙන ආ බවට ඉතිහාසයේ සාක්‍ෂි ඇත.
කිසියම් ජන්මියෙකු තම මව් බිමෙන් පිටව වෙනත් කුමන රටකට ගියද එය, විදේශ ගතවීමක් ලෙස හැඳින්විය හැක. එම ගමන දියෙන් ගියද, ගොඩින් ගියද, අහසින් ගියද එය දේශාන්තර සංචාරයක් සේ දැක්‌විය හැකිය.
ජන්ම පත්‍රයක තුන්වැන්නෙන් කෙටි ගමන් බිමන් හා විනෝද ගමන් නිරූපණය කරයි. හත්වැන්නෙන් සාමාන්‍ය ගමන් බිමන් ගැන කියවෙයි. නව වැන්නෙන් ඈත පළාත් වලට යන සංචාරයන් හා වන්දනා ගමන් ගැන ප්‍රකාශ වන අතර දොළොස්‌වැන්නෙන් විදේශ ගතවීම් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
විදේශ ගමන් සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව විමසා බැලිය යුතුය.
1. දොළොස්‌වැන්න (12) සහ එහි අධිපතියා.
2. නවවැන්න (9) සහ එහි අධිපතියා.
3. ලග්නාධිපතියාගෙන් හෝ භාග්‍යස්‌ථානාධිපතියාගෙන් දොළොස්‌වැන්න.
4. චන්ද්‍ර රාශියෙන් නව වැන්න සහ දොළොස්‌වැන්න.
5. උත්පත්ති හඳහනින් හෝ චන්ද්‍ර ලග්නයෙන් විදේශ සංචාර ගැන පිළිබිඹු නොවන විට නවාංශකයේ ග්‍රහයින් ගැනද විමසා බැලිය යුතුය.
(i) දොළොස්‌වැන්න සහ නව වැන්න චර රාශි වීම හෝ එම රාශි අධිපතියන් චර රාශි ගතවීම.
(ii) දොළොස්‌වැන්න හෝ නවවැන්න අධිපතියා සිටි රාශිය අධිපතියා චර රාශි ගතවීම.
(iii) චන්ද්‍රයා චර රාශි ගතවීම හෝ නවය හෝ දොළහ අධිපතියන් සමඟ යහපත්ව සංයෝගවීම.
(iv) දොළොහ චර රාශියක් වී සිටින ග්‍රහයාද මිත්‍ර ග්‍රහයකු වීම.
(v) ලග්නනාධිපතියා, භාග්‍යස්‌ථානාධිපතියා හා දොළොස්‌වැන්නාධිපතියා සමඟ මිත්‍ර ග්‍රහයකු වීම හෝ නවවැන්න අධිපතියා.
(vi) ලග්නයෙන්, ලග්නාධිපතියා නවවැන්නේ පිහිටීම.
(vii) ලග්නය චර රාශියක් වීමත්, එහි අධිපතියා චර රාශි ගතවීමත්, එසේම ඔහු චර රාශියක සිටි ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්‌වීමද විදේස් ගමන් යෙදෙන යෝගයකි.
(viii) දොළහ හෝ එහි අධිපතියා යෝග කාරක ග්‍රහයකු විසින් දැකීම හෝ ශුභ ග්‍රහයකු මුල ත්‍රිකෝණයේ හෝ උච්ච රාශිගතව සිටීම.
(ix) දොළොස්‌වැන්නාධිපතියා උච්ච ක්‍ෂේත්‍රව පිහිටීම හෝ මූල ත්‍රිකෝණයේ ශුභ ග්‍රහයකු හා සංයෝගවීම.
(x) දොළොස්‌වැන්නාධිපතියා පාප ග්‍රහයින් හා සංයෝග වීම හා පාපග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්‌වීම යනු අධික වියදම් දරා විදේශගතවීමට සිදුවන ග්‍රහ යෝගයක් ලෙස පෙන්වා දිය හැක.
(xi) ලග්නාධිපතියා දොළොස් වැන්නේ හෝ නව වැන්නේ පිහිටීම.
(xii) දොළොස්‌වැන්නාධිපතියා දොළොස්‌වැන්නේ සිටීම හෝ නව වැන්නේ සිටීම හා එය චර රාශියක් වීම.
(xiii) ලග්නාධිපතියා හා සිව්වැන්නාධිපතියා දොළොස්‌වැන්නේ සිටීම.
ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් ඔබේ ජන්ම පතෙහි පිහිටා ඇත් දැයි ඔබටම බලාගත හැක. දොළොස්‌වැන්න කේන්ද්‍රීය කරගත් එම විදෙස් ගමන් යෝග මගින් ඔබට පිටරට යැමට නියත වශයෙන්ම ලැබෙනු ඇත.
We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here