නරචක්‍රය අනුව පලාඵල බලමු

3057
නරචක්‍රය
නරචක්‍රය

නරචක්‍රය කුමක්‌ද යන්න ආධුනික ඔබට එක්‌වරම ප්‍රශ්නයක්‌ වන්නට පුළුවන. ඒ පිළිබඳව ප්‍රථමයෙන් විග්‍රහයක්‌ කරමු.

නරචක්‍ර ක්‍රමයට ප්‍රධාන වශයෙන් උපයෝගි කර ගන්නා ග්‍රහයා බුද ලෙස හඳුන්වා දීමට පුළුවන. එම චක්‍රයට අනුව පලාඵල ප්‍රකාශ කිරීමේදී අභිජිත් නැකතද උපයෝගි කර ගත යුතු වන අතර ඒ අනුව නැකත් විසි අටම (28) අවශ්‍ය වෙයි. නරචක්‍රය තවදුරටත් විග්‍රහ කළහොත් යම් පුද්ගලයෙක්‌ මෙලොව ජන්ම ලාභය ලබන අවස්‌ථාවේදී බුධ ග්‍රහයා සිටි නැකත අනුව යෙදෙන ඉතාමත් සියුම් ක්‍රමයට පලාපල ප්‍රකාශ කිරීමේ චක්‍රයයි.

පළමුවෙන්ම කළ යුත්තේ නරචක්‍රයට අනුව නැකත් 28 කොටස්‌ අටකට (08) බෙදා වෙන්කර ගැනීමයි. එසේ බෙදෙන ආකාරය පෙන්වා දුනහොත් බුධ සිටි නැකතේ සිට නැකත් පහක්‌ මුඛ නැකත් ලෙසද ඊළඟ නැකත් පත නේත්‍ර නැකත් ලෙසද සැලකේ. තෙවනුව යෙදෙන නැකැත් පහ ග්‍රීවය නැකත් ලෙසද සිව්වැනි නැකැත් පහ හෘදය කැකත් වශයෙන්ද පස්‌වැනි නැතක්‌ පහ පාද නැකත් ලෙසද හැඳින්වෙයි. බුධ සිටි නැකතින් විසිහය සහ විසිහත්වැනි නැකත් දෙක දෙඅත්හි නැකත් ලෙසද විසි අටවැනි නැකත ගුදය නැකත ලෙසද වෙන් කර ඇත.

බුධගෙන් යෙදෙන නරචක්‍රයට අනුව කුමන කොටසකට තමා උපන් ජන්ම නැකත යෙදී තිබේද යන්න තීරණය කරගෙන ඉන්පසුව එම කොටසට ගෙන දෙන සුබ අසුබ අනුව පලාපල ප්‍රකාශ කළ යුතුය. තවදුරටත් විග්‍රහ කර පෙන්වීම සඳහා උදාහරණයක්‌ ඔබට ඉදිරිපත් කිරීමට අදහස්‌ කරමි. යම් අයෙක්‌ උපත ලැබූ අවස්‌ථාව වන විට බුධ ගමන් කළේ පුෂ නැකතේ යෑයි සිතන්න. එසේ නම් පුෂ, අස්‌ලිස, මා, පුවසල්,උත්‍රපල් යන නැකත් පහ මුඛයේ නැකත් ලෙසද හත, සිත, සා, විසා, අනුර යන නැකත් පහ නේත්‍ර නැකත් ලෙසද, දෙට, මුල, පුවසල, උත්‍රසල, අභිජිත් යන නැකැත් පහ ශ්‍රිව නැකත් ලෙසද, සුවන, දෙතට, සියාවස, පුව පුටුප, උත්‍රපුටුප යන නැකැත් පත හෘද නැකැත් ලෙසද රේවතී අස්‌විද, බෙරණ කැති, රෙහෙන, නැකැත් පහ පාද නැකැත් ලෙසද මුවසිරස අද යන නැකත් දෙක දෙඅත්හි නැකත් වශයෙන්ද පුනාවස නැකත ගුද නැකත වශයෙන්ද වෙන්කර දීමට පුළුවන.

ඉහතින් පෙන්වා දී ඇති පරිදි නරචක්‍රයට අනුව ඔබගේ ජන්ම නැකත මුඛයේ නැකත් පහට අයත් වී නම් මනා ඤාණ ශක්‌තියකින් යුක්‌ත යමක්‌ ඉක්‌මනින් අවබෝධ කර ගැනීමේ ශක්‌තිය ඇති ඉගෙනීම් ආදියට දක්‌ෂතා ඇති බුද්ධිමත් අයෙකු වෙයි. ජන්ම නැකත නේත්‍ර ගණයේ කොටසට අයත් වී නම් රජයෙන් ලබන තනතුරු ලාභ ප්‍රයෝජන ආදියට හිsමිකම් ඇති ප්‍රභූන් අතර සිත් දිනාගෙන ඔවුන්ගේ උදව් උපකාර ලබමින් දියුණුවට පත්වන අයෙක්‌ වෙයි. ග්‍රීව කොටසට අයත්වන නැකතක්‌ ජන්ම නැකත වී නම් ඔහු ධන ධාන්‍යයෙන් අඩුවක්‌ නොලබන සැප සම්පත් විඳීමේ වාසනාව ඇති අයෙකි.

යම් පුද්ගලයෙක්‌ මෙලොව ජන්ම ලාභය ලැබුවේ ජන්ම නැකත හෘදය කොටස ගමන් කරමින් සිටියදී නම් ඤාණ ශක්‌තියෙන් හෙබි උසස්‌ අධ්‍යාපනයක්‌ ලබන දියුණුව අභිවෘද්ධිය ඇති කරන ග්‍රහ පිහිටීමක්‌ වෙයි. පාද කොටසට අයත් නැකතක්‌ වී නම් රෝග පීඩා හේතුවෙන් ධනය විනාශ වන ස්‌වකීය ඉඩ කඩම් දේපොල පවා අහිsමි කරන බවද පෙනේ. ජන්ම නැකත දෙඅත් ගණයේ කොටසට හිමි වී නම් ඤdණ ශක්‌තියෙන් යුක්‌ත සැලකිය යුතු ඉගෙනිමක්‌ ලබන රජයේ රැකියා ආදියට හිමිකම් ලබන අයෙකි. නරචක්‍රයට අනුව ඔබ උපත් නැකත ගුදයේ නැකත වී නම් ස්‌වකීය දේපල ඉඩකඩම් වලට භාග්‍යය නොලබන, ඒවා අන්සතු වන ධනය පවා විනාශයට පත්වන බවද පෙනේ. රෝග පීඩා ආදියෙන් සතුරු උපක්‍රම වලින්ද සිතේ සැනසීම අඩුකරන පීඩාකාරී ජීවිතයකට හිමිකම් කියන අයෙක්‌ බවද සඳහන් වෙයි.

We found this article from Divaina on 2013/03/29.
Also Sinhala to English Google word to word translation can be found here