ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේදී සුබ නැකැත්වලට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. නැකැත් සෑදීමේදී පිළිපැදිය යුතු ශාස්‌ත්‍රී්‍රය ක්‍රම රාශියක්‌ම ඇතත් එයින්ද ප්‍රධාන තැනක් හිමිවනුයේ ඒකා දශ හෙවත් එකොළොස් මහා දෝෂයන් දුරුකර නැකැත් සෑදීම වෙයි. එම දොaෂයන් පිළිබඳව විග්‍රහ කර බැලීමේදී රික්‌තා, විෂ්ටි, දග්ධ, කාණා, මර, විෂ, අග්නි, සටක, භූමි, ශුක්‍ර, ශුල, ගුලි යනුවෙන් හඳුන්වා ඇත. බලගතු සුබ නැකතක් සෑදීමේදී විශේෂයෙන් මෙම දෝෂ දුරුවන සේ සෑදීම නැකතේ බලය ගෙන දීමට හේතු වෙයි. මෙම දෝෂයන් සමඟ තවත් දෝෂයන් රාශියක් ඇතිවන ප්‍රභේද ඇතත් මෙම ලිපියෙන් රික්‌තා දෝෂය පිළිබඳව විග්‍රහයක් කරන්නට අදහස් කරන අතර ඉදිරි ලිපිවලින් අනෙකුත් දෝෂ පිළිබඳව විග්‍රහ කරන්නට අදහස් කරමි.
සිංහල මාස හෙවත් චන්ද්‍ර මාස ක්‍රමයෙන් හඳුන්වාදී ඇති දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර වප්, ඉල්, උදුවප් මාසයන්හි පුර පක්‍ෂයෙහි සහ අව පක්‍ෂයෙහි යෙදෙන ජලවක නවවක, තුදුස්‌වක යන තිථි රික්‌තා ලෙසින් හඳුන්වා දීමට පුළුවන රික්‌තාව නාඩි රික්‌තා, තත්කාල රික්‌තා, වාර රික්‌තා යනුවෙන් කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.
නාඩි රික්‌තා යෙදෙන අන්දම විග්‍රහ කර පෙන්නුවහොත් ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්‌පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන සත් දිනයන්හිම පෙරවරු සහ පස්‌වරු කාලයන් දෙකෙහිම යෙදෙන සිව්වැනි පැය නව වැනි පැය දහහතර වැනි පැය, තුළදී යෙදෙන අතර එම පැය ගෙවීමත් සමග එම නාඩි රික්‌තා දෝෂ දුරුවී යයි.
තත්කාල රික්‌තාව යෙදෙන අන්දම විග්‍රහ කර බලන කල ජලවක රික්‌තාව උදාවූ අවස්‌ථාවේ සිට පැය සතරක්‌ද, නවවක රික්‌තාව උදාවූ අවස්‌ථාවේ සිට මැද පැය නවයක් ඈත්වෙයි. තුදුස්‌වක රික්‌තාව ගෙවෙන්නට ඇති අග දහහතර පැයද තත්කාල රික්‌තාවට අසුවෙයි.
රික්‌තා දෝෂ විග්‍රහයේදී වාර රික්‌තා හෙවත්, රික්‌තා සිටින ස්‌ථාන පිළිබඳව ද ඒ ඒ දින අනුව පෙන්වාදී ඇත. ඉරිදා භූමියේද, සඳුදා වනාන්තරයේ ද, අඟහරුවාදා ගින්දර මැද හිඳ බදාදා නගරයේද, බ්‍රහස්‌පතින්දා පර්වතයෙහිද, සිකුරාදා ජලයෙහිද, සෙනසුරාදා, මාර්ගයෙහිද පිහිටා ඇති බව පැරැණි ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත.
රික්‌තා සිටින ස්‌ථාන පිළිබඳවද ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයෙහි විග්‍රහ කෙරෙන අතර රාශි අනුව රික්‌තා සිටින ස්‌ථාන පිළිබඳව ද විග්‍රහ කර බලමු. මේෂ, වෘෂභ, කටක, මකර රාශි උදාවී පවතින අවස්‌ථාවේදී රික්‌තා දෝෂය දිව්‍ය ලෝකයේ සිටින බව සඳහන් වෙයි.
මිථුන, කන්‍යා, තුලා, ධනු රාශි උදාව ඇති අවස්‌ථාවේදී රික්‌තා දෝෂය නාග ලොවේ පවතින බවත් සිංහ, වෘශ්චික, කුම්භ, මීන රාශි උදාවී තිබියදී මනුෂ්‍ය ලෝකයේ සිටින බව ද සඳහන් වී ඇත.
ජ්‍යෙdතිෂ විද්‍යාවේදී ඒ ඒ දොaෂයන්ට ආවේණික වූ ලක්‍ෂණ පිළිබඳව ද විග්‍රහ කර ඇති අතර රික්‌තා දොaෂයන්ගේ ලක්‌ෂණ පිළිබඳව ද විග්‍රහ වන අතර රතු පාටට හුරු ඇස් සහිත මුහුණකින් යුක්‌ත ශරීරයට වස්‌ත්‍රයක් නැති හෙවත් නිර්වස්‌ත්‍ර දිගින් අධික වූ රෝම කූපයන් සමග නියපොතුවලින් යුක්‌ත වෙයි. තවද හිසේ කෙස් නැති බවත් සඳහන් වන අතර රීක්‌තාව යම දූතයාගේ දුවණිය වශයෙන් හඳුන්වා දී ඇත.
ශුභ වැඩ ආරම්භයේදී රික්‌තා දොaෂය අසුවීමෙන් බලාපොරොත්තු අසාර්ථක වීම සැප සම්පත් විනාශ කිරීම සිදු වෙයි. බොහෝ විට රික්‌තා දෝෂ අසුවීමෙන් ජන්මියා විනාශ මුඛයට ඇදවැටෙන බවද සඳහන් කළ යුතුය. එසේ වුවද රික්‌තාව දිව්‍ය ලෝකයේ සිටින කාලයේදී වැඩක් ආරම්භ කිරීම තුළින් දියුණුව යහපත උදාවෙයි. නරලොව සිටින අවස්‌ථාවේදී නැකතක් ගැනීමෙන් සුබ අසුබ ඵල උදාවෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටින අවස්‌ථාවේදී ආරම්භ කරන කාර්යයන්හි සියලු සුබ ඵල නසා අසුබ ඵල උදා කරයි.
දවස් සතේ යෙදෙන රික්‌තා දෝෂ පවතින ස්‌ථානයන්හි වැඩ කටයුතු ආරම්භ කිරීම යහපත් නොවන අතර එයින් අසුබ ඵල උදාවෙයි. එම දිනයන්හි රික්‌තා පතික ස්‌ථාන අත්හැර වැඩ ආරම්භ කිරීම සත්ත්වයාගේ යහපතට හේතුවන බවද සඳහන් කළ යුතුව ඇත. තත්කාල රික්‌තා නැකැත්වලට අසුවීමෙන් ශෝක, භය ගෙන දීමට හේතු වන අතර එම රික්‌තා අත්හැර ආරම්භ කරන කාර්යයන්ගෙන් යහපත භාග්‍යය උදාවෙයි.
We found this article from Divaina on 2013/03/15.
Also Sinhala to English Google word to word translation can be found here