අත්පාවල පිහිටි නියපොතු වල කළු සුදු වශයෙන් නියමල් වැටෙයි. විෂම වූ රුධිර ධාවනය ස්නායුගත රෝග කාරක හේතුවෙන් නියමල් හටගනු ලබයි. නිය අග කැඩී බිඳීයැම පීනස් රෝගයෙහි මූලික ලක්ෂණය වෙයි. නියපොතු බුරුල්වී හල දතක් සේ වීම අංශභාගයක මූලික ලක්ෂණ වෙයි. ශාරීරික ලේ විෂවී ඇති බවට පෙරනිමිත්තක් ලෙස නියපොතුවල පුල්ලි වැටීම්, ඉරිවැටීම් ආදිය හැඳින්විය හැක. කළු පාටට හෝ නිල් පාටට හුරුවී නියපොතු පිහිටීම මතුපිටට නෙරා ආ නියපොතුවලින් ක්ෂය රෝගය පිළිබඳව හෝඩුවා ගෙනඑනු ලබයි. ලේ කැට ගැසීමේ මූලිකම ලක්ෂණය නම් නියපොතු තුනීවීම, ඉරිතැලීම ආදිය පෙන්නුම්කොට දිය හැක. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලයි කතාවට කියන්නේ. ඇඟිලි නියපොතු නිතර සුපරීක්ෂා කටයුත්තකි. ගැමියන් අතර විවිධ මතිමතාන්තර පුරාණයෙහි සිට පැවත එන්නෙකි.
තුදු සදුශශනඛඃ ක්ලිවාශ් විපිටෛඃ –
ස්ථුටි තෛශව චිතත සන්ත්යක්තාඃ –
කුනක විවණෛඃ පරතර් කුකාශව –
තාමෛශව මුපතයඃ –
නියපොතු කැපීම
සම නිය ඇත්තෝ නපුංශකයෝ වෙති. සමතලා හා පැලුණ නිය ඇත්තෝ නිර්ධනයෝ වෙති. කැත නිය හා වර්ණ අහිත නිය ඇත්තෝ දාසයෝ වෙති. තඹවන් නිය ඇත්තෝ සෙන්පතියෝ වෙති. පඨවි – ආපෝ – තේජෝ – වායෝ- ආකාශ – පංච මහාභූත බලයම ආකර්ෂණය කළහැකි නියපොතු තුළ පිහිටි විස්මිත තත්ත්වය අසීමිත වෙයි. වෛද්‍ය විද්‍යානුකූලව නිය කපා සුපිරිසිදුව තබා ගැනීම විෂබීජ බාහිර වශයෙන් දුරු කිරීමකි. ස්ත්‍රී, පුරුෂ, බාල, මහලු, තරුණ උදවියගේ කැපූ නිය ආගිය තැන දැමීමද ස්ථානය – වේලාව නොතකා නියකැපීම ද සුබවාදී නොවන්නක් බැව් පාඨක ඔබට මෙයින් අවධාරණයෙන්ම ප්‍රකාශ කරන අතර ගුප්තමය බලපෑම් පැතිකඩ ද විවරණය කෙරෙයි. ප්‍රවීණ ගුප්ත විද්‍යාධාරීන් තුළින් නියපොත්තෙන් යමකු විනාශය කරා යොමු කෙරෙන ක්‍රමවේදයන් ද ඇත.

කැපූ නිය පොත්තක් ඉඟුරු අලයක් ඇතුළට දමා අධිකරණයේ දී ඇඟිලි මගින් තෙරපීම විත්තිය පරාජය කරලීමේ මාහැඟි ක්‍රමයෙකි. ස්වකීය පරම සතුරා සැකකාරියගේ නියපොතු කෑල්ලක් අඟහරුවාදා දවසක රැගෙන උණ පුරුකේ මැදට මඩ සමඟ දමා දෙපැත්ත වසා නාග හුඹසක් තුළට දැමීමෙන් ඔහු හෝ ඇය විනාශය කරා යොමුවෙයි. වනිතා නියපොතු නිතර පෑගෙන්නට යෙදීම අතිශය බිහිසුණුයි. පුරුෂ කැපූ නියපොතු නිතර පෑගෙන්නට තැබීමෙන් ද යම් යම් ආර්ථික අහේනිකම් කෙරෙහි යොමුවෙන්නකි. ස්ත්‍රී පුරුෂයෝ නිතරම පාහේ නිය හැපීම ද තොලගැටීමද විකීමද කාමාතුර බොළඳ හැඟීම් උද්දීපනයක බලපෑමකි. වර්තමානයේ දී ආගිය තැනක කෙළ ගැසීම බහුලව දක්නට ලැබෙන ඔවුන්ගේ මානසිකමය දැඩි විකෘතිකර ස්වභාවයකි. මිනිස් බොළඳ දීනහීන ආවේගයන් ඔවුන්ගේ ශාරීරිකව පවත්නා ෙ€දනීය දුර්වලතා වෙන්නේය, සිව් පෝයට කපන නිය පොතු යස ඉසුරු විනාශය කරායැමද හදිසි අනතුරු මාරක විපත්ති හිසකෙස් නිය පෑගීමෙන් ගෙනදෙනු ලබන්නෙකි.
ඔබත් නිය සපනවාද?
නියපොතු නිතර සපාකන්නෝ චපලයෝය. කාමුකයෝද වෙති. දූෂිත චරිතයෝ ද වෙති. පුහු උඬඟු අහංකාර ආටෝප සාටෝපවලින් යුතු උදවිය නියව වන්නෝ වෙති. කෙටි පිරිසිදු නිය ඇත්තා යුක්තිගරුක විනය ගරුක සාධාරණ හැඟීම්වලින් අනූන වූ උදවියයි. රුධිර ධාවනයෙහි විෂමතාවයන් ද ස්නායුගත රෝගාබාධකයන් හේතු කොට සුදුමල් නිය තුළ වැටෙන බව ද කළු නිය මල වැටීම රුධිරයෙහි විෂමතා ඇතිබවට ද පෙන්නුම් කරන මඟකි. දකුණු අතෙහි මහපට ඇඟිල්ලෙහි පිහිටි සුදු නියමල ධනවත්වීමේ සංකේතයක් සේ ඉපැරණියන් බහුලව සැලකූවකි. බහුතරයකගේ ආදරය දිනා ගැනීමෙහිලා ද එවන් සලකුණ බලපානු ඇත. කළුපාට වන් ලප පිහිටියේ නම් ප්‍රේමය මුල්කොට අඬ දබරවාදී හෝ නොරිස්සුම් සිත් අමනාපකම් හටගැනෙනු ඇත.
දබරඟිල්ලේ නිය තුළ සුදු ලපයක ලාංඡනයක සලකුණක් වූයේ නම් සැනසුම සතුට සම්පත උදාකර දෙනු ලබන්නකි. විදෙස්ගත රැකියා ආදායම් මාර්ග ලබා ධනවත් වීමේ භාග්‍යයද නිහතමානී සාමාකාමී බව උදාකර දීමෙහිද සමත්වෙයි. මැදඟිල්ලෙහි සුදුලප වූයෙහි නම් විශිෂ්ටතම චරිතාපදානයන්ගෙන් යුක්ත වෙයි. වෙදඟිල්ලෙහි නම් හදිසි ධන සම්පත් උදාවෙයි. අප්‍රසාදයට ද ඇතැම්විට පාත්රවිය හැක. කළු ලපයක් පිහිටියෙහි නම් අයුතු අසාධාරණ මාර්ගවලින් ධන සම්පත් උපයන ආත්මාර්ථකාමී බවක්ද නිර්මාණය කෙරෙයි. සුළඟිල්ලෙහි නිය තුළ සුදු ලපයක් නම් විවිධ භාෂා ශාස්ත්‍ර පිළිබඳ නිපුණතා ඇති කරගනු ලබයි. දරු සම්පත් හානි කෙරෙයි. පවුලේ සාමාකාමී බව දෙදරයි. නිතර නිවසෙහි රෝගියෙකු තොර නොකරනු ඇත. කළු ලප පිහිටියෙහි නම් අසුබයි. වම් අතෙහි මහපට ඇඟිලෙහි සුදු නියමලක් තිබීම ඉතා අසුබයි. දිළිඳු බව ගෙනදෙයි. දබර ඇඟිල්ලෙහි ලපයක් තිබුණේ නම් කල කෝලාහලවලට ප්‍රියකරයි. මැදඟිල්ලෙහි නියමලක් පිහිටියේ නම් අසහනකාරී බව නිතර ඇතිවෙන අතර වෙදඟිල්ලේ නම් අපකීර්තිය නොදෙනු ලබන්නේය.

කළුනිය මල්
සුළඟිල්ලෙහි නියමලක් පිහිටියේ නම් පුත්‍ර ලාභයකි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුකූලව කළුනිය මල් පිළිබඳව අනාවරණය කළ යුත්තේ අසුබ බව ගෙනදීමකි.
මානව විද්‍යාඥයන් නිය පිළිබඳව ලොවට කතා හෙළි කිරීමේදී විවිධ රෝගාබාධ, නඩුහබ. සොර සතුරු බලවේග, හදිසි මාරාන්තික මාරක, උසස්වීම්, විජයග්රහණ පිළිබඳවත් විග්රහයන් කොට ඇත. පෙණහළුවල සහ හෘදයාබාධ පිළිබඳවත් නියමල් මගින් ප්‍රකාශ කළ හැක. නියමලකින් ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදීන් අතීත මතක සටහන් සහ අනාගත – වර්තමාන තොරතුරු නිවේදනය කරනු ලබන්නේය. දිග නිය තුළින් හෘදය රෝග, ශ්වාසරෝග පිළිබඳවද කෙටි නිය හෘදය වස්තුවේ දුර්වල ස්වභාවය පෙන්නුම් කෙරෙයි. ඉතා පටු දික් නිය තුළින් කොඳු ඇටවල ආබාධිතවූ තත්ත්වය දර්ශනය කෙරෙයි. පළල් වූ නියක් නැමී ගියේ නම් අංශභාග වැනි ශාරීරික ආබාධිත ස්වරූපයට කරුණු කාරණා ගෙනදෙයි.
කෝණාකාර නියපොතුවල පිහිටීම අනුව සංගීත විශාරදයන්, චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ලේඛකයන් ආදී කලාකාමී උදවිය නිරූපණය වෙන බැව් පෙනී ගොස් ඇත. උගුරෙහි ආබාධ ඇතිවීමටද හැකිය. හතරැස් නියෑතුළින් දූරදර්ශී හැඟීම්වලින් බර කාරුණික හදවතක් ඇත්තකු බැව් පෙනෙයි. වෛද්‍ය, නීතිඥ, ව්‍යාපාරිකයන් වැනි උදවියට මේ ලකුණු පිහිටයි. ත්‍රිකෝණාකාර නියපොතු ඇති උදවිය කාර්යශූර රණකාමී ආචාර සම්පන්න සංවරශීලී උදවියයි. විසිතුරු නිෂ්පාදන මැහුම් ගෙතුම් බතික් වැඩ ආදි කෙරෙහි දක්ෂ ගෘහ පාලනයෙහි ලැදි දක්ෂ වූ ලලනා දැත්වල මෙබඳු ලක්ෂණ ඇති නියපොතු පිහිටා ඇත. ඕවල් හැඩැති (බිත්තර හා සමාන) නියපොතු ඇත්තේ නම් අවවාද උපදෙස් දීමේ දක්ෂ මානසිකවූ දියුණුවක්ද ඇති සෘජු ප්‍රතිපත්ති ගරුකරන හා නිහතමානී අවංක උදවිය පෙන්නුම් කෙරෙනු ඇත. කෑලි ආකාර නියපොතු ඇති උදවියට හිතාමතා කිසිවක් කිරීමට තරම් ශක්තියක්, පෙන්වයි. කාර්මික කම්කරුවන්ගේ නියපොතු තුළ එබඳු ලක්ෂණ ඇත.
ක්‍රිස්තු වර්ෂ 1910 දී පමණ චීනයෙහි විසූ හිමි නමක් අඟල් 23 3/4 දිගට නියපොතු වවා ලෝක වාර්තා ගතකොට ඇත. යබෝනා ප්රයිස්බෝල්සා හි වෙසෙන කාන්තාව ඇගේ වයස දිගට නියපොතු වැවීමට ආරම්භකොට ඇත. අඟල් 10 ක් පමණ දිගැති නියපොතු ඇතත් දෛනික දිවි පෙවෙතට ඉන් කිසිදු බාධකයක් නොමැති බැව් ඇය කියා සිටිනු ඇත. නියමල් පිහිටීම් සතුට සොම්නස වඩවා ගැනීමේ පෙරනිමිති හැටියට ජර්මන් ජාතිකයන් පිළිගන් නමුත් ප්‍රංශ ජාතිකයන්ගේ පිළිගැනීම වෙනුයේ බොරු කියන උදවියගේ පිහිටීමක් ලෙසටයි. ග්‍රීක් ජාතිකයන් නියපොතුවලට අසීමිත ආදරයක් ගෞරවයක් දක්වනු ලබයි.තම මවුපියන් මියගියවිට ඔවුන්ගේ නිය පොතු කපා සුරක්ෂිතව තබාගනු ලබයි. ග්‍රීක් ජාතිකයන් මෙයින් විශ්වාස කරනුයේ මියගිය මවුපියන්ගේ ආශිර්වාදය ප්රබලව ලබා ගැනීමයි.

නිය හා සම්බබන්ධ සිරිත් විරිත්
ළදරුවන්ගේ නිය කැපීමේ විවිධ සිරිත් විවිධ රටවල පවතිනු ලබයි. එංගලන්තයෙහි ෂිරෙප්ෂයර් නම් පළාතෙහි වෙසෙන ජනයාගේ මතය වී ඇත්තේ ළදරු නිය ආයුධයකින් කැපුවහොත් දරුණු මංකොල්ලකාරයන් වෙන බවයි. කටින් වික විකා නියපොතු කැඩීම ඇතැම් වනිතාවන්ගේ අන්‍ය පුරුෂයන්ගේ සහාය ලබා ගැනීමේ රුචිකත්වය ව්‍යංගයෙන් පවසනු ලබන්නාවූ මායාකාරිවූ භාෂාවකි. ළදරු නිය මුල්වරට කැපීමේදී රන් හෝ රිදී කාසියක් ඔවුන් සුරතට දෙනුයේ අනාගතය දීප්තිමත් වීමකැයි ග්‍රීක් ජාතිකයන්ගේ දැඩි විශ්වාසයයි. කැපූනිය නොපෑගෙන සේ වහා පුළුස්සා දැමීමට නෝර්වීජියානුවන්ගේ මතයයි. එසේ නොකළහොත් ගුරුකම් කටයුතුවලට ගනී යයි සැකකරයි. කපන ලද නියපොතු කිසියම් හුණු ද්‍රව්‍යයක මිශ්‍රකර ළදරුවන්ගේ ගෙලෙහි බැඳීම ඇතැම් රටවල චාරිත්‍රයයි. එසේ කිරීමෙන් සිහිනෙන් බියවීමද භූතදොෂයන් පහවීයැමද සිදුවේයෑයි විශ්වාස කෙරෙයි.
ඉන්දියාවේ පංජාබ් වැසියන් තදින් එවැන්න විශ්වාස කරයි. සුළැඟිල්ලේ නියමලක් පිහිටීමෙන් දුරගමනක් යෙදේය යනුවෙන් බටහිර සැක්ස් ප්‍රදේශවාසීහු විශ්වාස කරනු ඇත. මාපට ඇඟිල්ලේ නියමල් විද්යමානවූයේ නම් උතුම් වූ ත්‍යාගයක් ලැබීමේ භාග්‍යයක් ලෙසට ද දබරඟිල්ලේ නම් හදිසි රෝගාබාධයක පෙර නිමිත්තක් ලෙසද මැදඟිල්ලේ නම් රාජ්‍ය වරප්රසාදයක පෙර නිමිත්තක් ලෙසටද වෙදඟිල්ලේ නම් රහස් ප්‍රේම සබඳතාවයක් ලෙසට ද සුළඟිල්ලේ නම් සොර සතුරු කරදරයක පෙර නිමිත්තක් ලෙසටද ජර්මන් ජාතිකයන් විශ්වාස කරනු ලැබේ. ලෝකයෙහි විවිධ රාජ්‍යයන්හි විවිධ වූ පුදුමාකාර සිරිත් නියමල් ඇසුරෙන් පවතිනු පෙනී යන්නකි. ජාතීන් විශේෂයෙන් ගෞරව පූර්වකව රකිනු ලබන සිරිත් නම් පුරුදු විශේෂයකි.
රාත්‍රි කාලවලදී අත්පාවල නියකැපීම සිහිමඳ වීමටද අමනුෂ්‍ය උපද්‍රව ඇතිවීමට, රෝගාබාධක ඇතිවීමට, හේතුකාරක වෙන්නේ යයි ඇන්ඩ ලුසියා වැසියෝ විශ්වාස කරති. අත්පාවල නිය කැපීම සිහිනෙන් දැකීම බිහිසුණු වූ විනාශය පෙර නිමිත්තක් ලෙසටද විශ්වාස කරනු ලබන්නේය. ගැමියන් නියකපා ආගිය තැන දැමීමට නොදෙන සේ දුගී දුප්පත්වීමේ පෙර නිමිත්තක් ලෙස සලකාගෙනයි. අත්පාවල කැපූ නිය පෑගීමටත්, කොකටු ගැනීමටත් ඉඩ නොතැබීම ශ්‍රී ලාංකේය ජනතා සම්ප්රදායකි. යාඥවකින් තොරව කැපූ නිය ඉවතට දැමුවහොත් සාතන්ගේ අවිආයුධ වන්නේ යෑයි පර්සියන් ජාතික හැඟීමකි. සිකුරාදා නිය කපන්නා සාතන්ගේ අං දික්කරතැයි ප්‍රංශ ජාතිකයන් අතර පවතිනා විශ්වාසය වෙයි. පරංගින් අතර පවත්නා විශ්වාසය නම් සාතන් සිකුරාදා දින නිය කපන බැවින් එදිනට නියකැපීම ඉතාම බිහිසුණු බවයි. භූතයන්ගේ වාසස්ථානය ලෙස යෝනකයන් විශ්වාසය කරනු ලබයි. කුඩා පිහියකින් අත්පාවල නියකපා වළලා දැමීමටත් දතින් නියහැපීම නොමනා සිරිතක් ලෙසද සලකනු ලබයි. හැතිකාත් නිය පිරිසිදුව තබා ගැනීමද වැදගත් වේ.
We found this article from Divaina on 2014/02/09.