නිවසක්‌ තැනීමේදී ප්‍රේත පාදය ඉවත් කළ යුතුමද?

2986
නිවසක
නිවසක

[ratings]

නිවසක්‌ තැනීමේදී ඉඩමේ ප්‍රේත පාදය ඉවත්කර නිවස තැනීමට බොහෝ දෙනා විමසීම් කරති. එවැනි අවස්‌ථාවලදී නිවස තැනීමට අපේක්‍ෂා කරන ඉඩමේ පාද බෙදීමක්‌ සිදුකළ යුතුය.
ඉඩම සෘජුකෝණාස්‍රාකාර යෑයි සිතමු. ඉඩමේ දිග අඩි 49 ක්‌ද පළල අඩි 35 ක්‌ ඇති කුඩා ඉඩමක්‌ උදාහරණ හැටියට ගනිමු. ඉඩමේ දිග පැත්ත කොටස්‌ 07 කටද පළල පැත්ත කොටස්‌ 07 කටද බෙදාගත් විට එක කොටසක්‌ දිග අඩි 07 ක්‌ පළල අඩි 05 ක්‌ද වේ. එවිට ඉඩම සමාන කොටස්‌ 49 කට වෙන් කෙරේ.

ඉඩම වටේ මායිමට සම්බන්ධ කොටස්‌ 24 ප්‍රේත පාදය වශයෙන් හැඳින්වේ. ඊළඟ වටේ කොටස්‌ 16 මනුෂ්‍ය පාදය වශයෙන් හැඳින්වේ. ඊළඟ වටේ කොටස්‌ 08 දේව පාදය වශයෙන්ද මධ්‍යම කොටස බ්‍රහ්ම පාදය වශයෙන්ද හැඳින්වේ.

මෙසේ පාද බෙදීමේදී ඉඩමේ කොටස්‌ 49 න් කොටස්‌ 24 ක්‌ ප්‍රේත පාදය හැටියට නිවස තැනීමට සුදුසු නැත. සම්පූර්ණ ඉඩමේ භාගයට අසන්න ප්‍රමාණයක්‌ ප්‍රේත පාදය හැටියට වෙන් කළ හැකිද? පර්චස්‌ දහයක ඉඩමකින් පර්චස්‌ හතරයි දශම නවයක්‌ ප්‍රේත පාදය වේ.

අද නාගරික ප්‍රදේශවල හා අර්ධ නාගරික ප්‍රදේශවල බොහෝවිට නිවාස තනනු ලබන්නේ පර්චස්‌ 10 පර්චස්‌ 07 ප්‍රමාණයේ කුඩා ඉඩම්වලය. එවැනි කුඩා ඉඩම්වල ප්‍රේතපාදය සම්පූර්ණයෙන් ඉවත්කර නිවාස තැනීම ඉතා අසීරු කරුණකි.

අතීතයේදී නිවාස සාදන ලද්දේ අක්‌කරය, අක්‌කර භාගය, අක්‌කර කාල වැනි ඉඩම්වලය. එවැනි ඉඩමක පාද බෙදීම සිදුකර, ප්‍රේත පාදය සම්පූර්ණයෙන් ඉවත් කර නිවසක්‌ තැනීම පහසුය. එයින් නිවසේ බාහිර අලංකාරයද වැඩිවේ. ලස්‌සන ගෙවත්තක්‌ද සාදා ගත හැකිය.

විශාල ඉඩම්වල බොහෝ විට මායිමට සම්බන්ධ කොටස ඉතා අපිරිසිදුය. “බඩ වැටිය” නමින් පැරැන්නන් එම බිම් තීරුව හැඳින්වූහ. කටු සහිත වැල්වර්ග වැඩකට නැති වල් පැළෑටි, කුඩා ගස්‌ වර්ග එම ස්‌ථානවල බහුලව දක්‌නට ලැබිණි.

ඉඩමේ කුණු රොඩු, බෝතල් කටු, දිරාගිය කටු කම්බි, කැඩුණු වීදුරු සියල්ල දැමුවේ මේ බඩවැටිය අසලය. ඉඩමක මායිම් තීරුව ඉතා අපිරිසිදු නිසාත්, නිවස තැනීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ප්‍රමාණයක්‌ තිබුණු නිසාත් පැරණි සමාජය මායිම් තීරුව “ප්‍රේත පාදය” හැටියට සලකා එම කොටස අතහැර නිවස තැනූහ.

නිවසක්‌ තැනීමේදී ඉඩමේ ප්‍රේත පාදය අත්හැරිය යුත්තේ, එම කොටසේ ප්‍රේතයන් සහ භූතයන් ගැවසෙන නිසා යයි වැරදි මතයක්‌ මහජනයා තුළ ඇත.

ඉඩමේ කුමන කොටසක්‌ වුවද අපිරිසිදු නම්, එහි ප්‍රේතයන් සහ භූතයන් ගැවසිය හැකිය. නිවසක අභ්‍යන්තරයේ කාමර ආලෝකය නොමැතිනම්, වාතාශ්‍රය නොලැබේ නම්, අපිරිසිදු නම් එම නිවස තුළ ද භූත දොaෂ ඇතිවීමට පුළුවන.

අපගේ නිවස දේව පාදයට අසුවී ඇති නිසා නිවස තුළ බළලුන් හෝ සුනඛයන් හෝ ඇති දැඩි කළ නොහැකි යෑයි බොහෝ දෙනා පවසනු මා අසා ඇත. එයද මිථ්‍යා මතයකි.

ජ්‍යෙdතිෂයේ දී මෙන්ම ජ්‍යෙdතිෂයට සම්බන්ධ වාස්‌තු විද්‍යාවේදී ද බොහෝ වචන යෙදී ඇත්තේ ගැඹුරු අර්ථ සහිතවය. සොහොන් පරාලය, ගිනි කතිරය, මරු සිටින දිශාව, බ්‍රහ්ම පාදය, ප්‍රේත පාදය යන වචනවල මතුපිටින් පෙනෙන අර්ථයට වඩා අන්තර්ගත වූ ගැඹුරු අර්ථ ඇත. ඒවා හොඳින් තේරුම් නොගතහොත් මිථ්‍යා මතවල එල්බ ගෙන කටයුතු කිරීමට සිදුවනු ඇත.

අතීතයේ දී විශාල ඉඩම්වල ප්‍රේත පාදය වශයෙන් හැඳින්වූ ඉඩමේ මායිම අපිරිසිදු වුවද වර්තමානයේ ඇති පර්චස්‌ දහය, පර්චස්‌ හත වැනි කුඩා ඉඩම්වල මායිම පිරිසිදු වී ලස්‌සන තාප්ප ඉදිවී ඇත.

එමනිසා කුඩා ඉඩම්වල එක පැත්තක මායිම අල්ලා බිත්ති බැඳ නිවාස තැනීම දොaෂ සහිත යෑයි නිගමනය කළ නොහැක. අවශ්‍ය වන්නේ තැනූ නිවස සහ ඒ අවට පිරිසිදුව තැබීමයි. මැද මිදුලක්‌ නිර්මාණය කිරීමෙන් නිවස තුළට ආලෝකය හා වාතාශ්‍රය හොඳින් ලබා ගත හැකිය. ජනගහනය අධික පිරිසිදු ස්‌ථානයක භූත දොaෂ හෝ ප්‍රේත දොaෂ පවතින්නේ නැත.

කුඩා ඉඩම්වල සියයට සියයක්‌ වාස්‌තු දොaෂ රහිතව නිවසක්‌ ඉදිකිරීම ඉතා අපහසු කාර්යයකි. වාස්‌තු විද්‍යාවේ මූලික සිද්ධාන්තවලට එකඟව පවත්නා සමාජ වටපිටාව ගැන සිතා බලා කටයුතු කිරීම පළපුරුදු වාස්‌තු විද්‍යා උපදේශකවරයකුගේ වගකීම වන්නේය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here