නිවසට ජය කැන්දන දක්‌ෂිණාවර්ත ශංඛය

0
818
ශංඛය
ශංඛය

[ratings]

ශංඛය කියන්නේ හක්‌ගෙඩියටය. ජාතික හා ආගමික උත්සවයන් ඇරැඹෙන්නේ ශංඛ නාදය පෙරටුකොට ගෙනය. අපේ රණවිරුවෝ ජය ශක්‌ හඬත්, මඟුල් බෙර හඬත් වැයෙද්දී රණබිමට පිවිසෙන්නේය.

භාරතීය පඬිවරු තංත්‍රයන්හි අඩංගු පෞරාණික සූක්‍ෂම ධර්මතාවන් අතර ජීවත්වන මිනිසාගේ මානසික හා ශාරීරික ශාන්තිය සඳහා ජ්‍යෙතිෂයේත්, ගුප්ත විද්‍යාවේත්, වෛද්‍ය ශාස්‌ත්‍රයේත් බල මහිමය ස්‌වාභාවික වස්‌තූන් වෙත ආරූඪ කොට ගෘහ ලක්‍ෂ්මී හෙවත් සෞභාග්‍ය ගෙන දෙන එක්‌තරා ද්‍රව්‍යයන් කොටසක්‌ ශුභ වස්‌තූන් ලෙස සලකා ඒවාට ගෞරවාදරයෙන් පුද පූජා පවත්වා ඉෂ්ඨාර්ථ සිද්ධි සෞභාග්‍ය ලබා ඇත. ඒ නිසා අපේ සංස්‌කෘතියේ මංගල වස්‌තූන් අතරින් ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නා ශංඛය සෞභාග්‍යයේ ද සංකේතයකි.

ශංඛයේ උපත මෙසේය. ශංඛ චූඩ නම් රාක්‍ෂයා හා භගවාන් ශංඛර් අතර යුද්ධයක්‌ ඇති වූ විටෙක ශ්‍රී විෂ්ණු ශිව දේවයාගේ ත්‍රිශූලයෙන් ඇන ශංඛචූඩයා ඝාතනය කර මුහුදට වීසි කළ බවත්, ඔහුගේ ඇට කටුවලින් ශංඛය නිර්මාණය වූ බවත් “බ්‍රහ්මි දෛවර්ත” පුරාණයෙහි විස්‌තරකොට ඇත. එදා සිට ගංගා තීර්ථ සමුද්‍රදියෙහිදී ද ඉතා දුර්ලභ වශයෙන් ශඛ හමුවන බව සඳහන් වේ.

එහෙත් දේව පුරාණයේ සඳහන්ව ඇත්තේ භගවාන් විෂ්ණු දේවයා මත්ස්‍යාවතාරයෙන් පෙනී සිට ශංඛ අසුරයා මරා දැමූ බවත්, විෂ්ණු සුරාසුර යුද්ධයේදී අසුර මථනය සඳහා කිරි සයුර කළඹද්දී පැන නැඟුණු තුදුස්‌ රුවන් අතුරින් එකක්‌ හැටියට ද සැලකේ.

මෙම කථා කෙසේ වුවද දුර අතීතයේ සිටම ශංඛය සෞභාග්‍යයේ සංකේතයක්‌ ලෙස සලකා ඇති බැව් පරම සත්‍යයකි.

ශංඛය ශ්‍රී විෂ්ණු දෙවිඳුගේ ආයුධ හතරින් එකක්‌ ලෙස සැලකූ භාරතයන් විවාහ කටයුතු උත්සව වැනි ආගමික කටයුතු ආරම්භයේදී ශංඛ ද්විතිය පැවැත්වූහ. මෙම ශංඛ ද්විතිය සාර්ථකත්වය පමණක්‌ නොව පාරිශුද්ධ භාවය ද ළඟා කරතැයි ඔවුන් විශ්වාස කර ඇත.

අර්තවේදයේ ඉංගී්‍රසි පරිවර්තනයේ ප්‍රථම භාගය (161 පිටුව) හා සබැඳෙන්නේ ශංඛය වූ කලී වායුවෙහි ද අන්තරීක්‍ෂයෙහි ද ජ්‍යෙdතීර් මණ්‌ඩලයෙහි හා ස්‌වර්ණයෙහි ද, ප්‍රාදුර්භූත වේ. මෙහි නාදය රුපු බල බිඳී අප ආරක්‍ෂා කෙරේ. සමුද්‍රයෙහි ජනිත වූ ශංඛය රාක්‍ෂයන් හා පිශාචයන් වශී භූත කෙරේ, රෝග නසයි. අඥානත්වය විද්වංශනය කෙරේ. මූ දේවිය පලවා හරී, ආයුෂ ද වර්ධනය කරන බවයි.

තන්ත්‍ර ග්‍රන්ථයක සඳහන් වන පරිදි ශංඛය හිරු සඳු මෙන් දේව ස්‌වභාවය ඇත්තේලු. ශ්‍රී විෂ්ණු දේවයාගේ අනිත් ශංඛයේ මැද වර්ණ දෙවියා ද, පිට පැත්තේ බ්‍රහ්මයා ද, අග කොටසේ හංස දේවිය ද වෙති. එනිසා තුන් ලොවම දිනීමට, ජය ලැබුමට ශූභ වස්‌තුවක්‌ නිසා දිවි ඇති තෙක්‌ පිදිය යුතු යෑයි කියා.

දක්‍ෂිණාවර්ත හා වාමාවර්ත යනුවෙන් ශංඛ වර්ග දෙකකි. මෙයින් දක්‍ෂිණාවර්ත ශංඛ දුර්ලභ වන අතර වාමාවර්ත ශංඛ සුලභයි. මේ ශංඛ පුරුෂ හා ස්‌ත්‍රී සංනී කියා බෙදේ. විශාල පෙනුමෙන් යුත් බර අධික වඩා මටසිළුටු නොවන්නේ පුරුෂ ශංඛයි. ස්‌ත්‍රී ශංඛය ඊට විපරීත ස්‌වභාවයක්‌ ඇත. නැවත මෙම ශංඛ දක්‌ෂිණ වර්ත ශංඛ භාරතීය චතූර් වර්ණය (සතර කුලය) අනුව ද කොටස්‌ කෙරේ. ඝතේශ ශංඛ, දේවිශංඛ හා විෂ්ණු ශංඛ වශයෙන් වර්ග තුනකට දක්‌ෂිණා වර්ත ශංඛ බෙදා ඇත.

ගනේෂ ශංඛය සිංදුර පැහැයෙන් යුක්‌ත වන අතර අග කොටස කුඩාය. මෙය ඉතා දුර්ලභයි. දේවී ශංඛය කහ පැහැති වර්ණයෙන් යුක්‌ත වන අතර කහ පැහැති රේඛා ඇත. අඟල් තුනක්‌ පමණ දිගැතිව තඹ පැහැයෙන් යුක්‌තයි. විෂ්ණු ශංඛය දීකිරි පැහැයෙන් දිලිහෙයි. වර්තමානයේ ශංඛ හඳුන්වන්නේ “වාලම්පුරි” කියාය. තන්ත්‍ර ග්‍රන්ථයක සඳහන් වන්නේ ශංඛයක්‌ අඟල් හයක්‌ පමණ දිගැති විය යුතු බවත්, කුඩා ශංඛවල ගුප්ත බලයක්‌ නැති බවත්ය.

කුමන ශංඛයක්‌ වුවද තන්ත්‍ර ග්‍රන්ථවල සඳහන් මන්ත්‍ර ආදියෙන් මතුරා ගුප්තමය ආකර්ෂණ බලය කවා පුද පූජාදිය පැවැත්විය යුතුවේ. එසේ නොමැතිව ශංඛයක්‌ නිවසේ ව්‍යාපාරික ස්‌ථානයේ, විහාරයේ, දේවාලයේ හෝ ඇඟ පැළඳ සිටීමෙන්, තැන්පත් කිරීමෙන් කිසිම ඵලක්‌ නොලැබේ.

මිනිසාගේ උපතත් සමග ඔහුට දායාද කළ වන ඖෂධ හා ස්‌වාභාවික වස්‌තූන් මේ මහා පෘථිවියේ ඇත. ඒවා මිනිසාගේ කායික හා මානසික සංවර්ධනය උදෙසා පහළ වූවා වෙති. අද අප අතරින් මේ වටිනා ශුභ වස්‌තූන් ගිලිහී ගොස්‌ ආයු සංස්‌කාරය සඳහා මිනිසා සතුව තිබූ ශක්‌තිය ද හීනවී ඇත. අද මිනිසා කෘත්‍රිම ලෝකයේ මැවෙන අංඟුටු මිට්‌ටන් වැනි යාචක මූර්තිවලට පුද පූජා ආදිය තබමින් සිතින් කයින් රෝගීව “සෞභාග්‍යය” වෙනුවට යාචක රැල්ලේ තුරුලට වැදී අඳුරු කුටි සොයා යයි.

ශංඛයක්‌ නිවසක හෝ යම් තැනක තැන්පත් කර පුද පූජා තබන විට ශංඛය මුහුදු ජලයේ බහා අදාළ මන්ත්‍රවලින් ජප කර තැබීමෙන් නිවසට ගෘහ ලක්‍ෂ්මී හෙවත් සෞභාග්‍ය නොඅඩුව ලැබේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here