[ratings]
මව් කුසින් බිහිවෙන දරුවා එක් දරුවෙකු වීම සාමාන්‍ය ස්වභාවයයි. ලිංගික පිහිටීමට අනුව දරුවා ස්ත්‍රී, පුරුෂ, නපුංසක ලෙස වර්ග වෙයි. ඇතැම් ළඳුන් එක වරකදී දරු ගැබින් දරුවන් දෙදෙනකු බිහි කරයි. සමහර විට ඊට වැඩි ගණනක් ද විය හැකියි පස්දරු උපත් ගැන ද වාර්තා වී ඇත. මනුශ්‍යයා වඳ නොවෙන සතෙකි. සීඝ්රයෙන් බෝවී යයි. සාමාන්‍යයෙන් ගැහැණියකට දරුවන් දහයක් හෝ දොළහක් වයස හතළිස් පහෙන් මෙපිට ඉපදීමට හැකිය. එය පුදුමයට කාරණා නොවෙයි. යම් යම් හේතූන් නිසා ළඳකට දරුවන් ගණන අඩුවිය හැකිය. ගබ්සාව හා මළ දරු උපත් ද සිදුවෙයි. විකෘති දෙබිඩි දරුවෝ ද උපදිතත් ජීවත් නොවේ. මෙහිදී අපට සිහියට එන්නේ විශාඛාවයි. ඇයට දරුවන් හැටහතරක් වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.
දරුවන් දෙදෙනා උපන් විට නිවුන් යයි කියති. කට වහරට නම් නිඹුල්ලු යෑයි කියති. තුන් නිවුන්, සිව් නිවුන් ආදී ලෙස ද උපදිති. නිවුන් දරුවන් වාර කීපයක්ම ලද මව්වරුන් ද අප අතර වෙති. අද මෙන්ම ඈත අතීතයේදී ද මේ තත්ත්වය මෙසේම වී ඇත. අවයව බද්ධ වූ දරුවෝ ද උපදිති. කෙසෙල් කැණක වුව ද බද්ධ ගෙඩි පිහිටයි.
දරුවාගේ කර්ම ශක්තිය අනුව පෙර පින් මහිමයෙන් නිර්දෝෂී සිරුරක් ලබා ඉපදීමට හේතුවන බව ධර්මය පවසයි. ගර්භයේ පිහිටීම අනුවත්, ගර්භ නාලයන්හි විකෘතිතා නිසාත්, ගර්භ නාල දෙකක් පිහිටීම නිසාත් බීජානු යුගල ලෙස බෙදී සංයෝග වීමත් නිසා නිවුන් දරුවන් හටගන්නා බව වෛද්‍ය මතයයි. එයට බලපාන්නේ තමාගේත් මව් පියන්ගේත් කර්ම ශක්තියයි.
නිවුන්නු ගැන ග්‍රාමීය විශ්වාස රාශියක් ඇත. ස්වල්ප කාලයක් ප්‍රමාද වී දෙවැන්නා උපදියි. ඒ අනුව දරු දෙදෙනාගේ හඳහන් දෙක වෙනස් වෙයි. ගති සිරිත් ද වෙනස්ය. එහෙත් පෙනුම එක සමානය. දෙදෙනා වර්ග දෙකින් නම් දිගාසිරි ලබන බව පිළිගැනීමයි. බොහෝ විට නිවුන්නු උපතේදී එක් අයෙකු මියයයි. ඉතිරි බිළිදා හොඳින් වැඩෙයි. නිවුන් දරුවන් දෙදෙනා ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුය. නිවුන්නු ඉතා මුරණ්ඩු වෙයි. එයට හේතුව මව්පිය ආදරය වැඩි වීමයි.
අකීකරු කම නිසාම එක් අයෙකුට අනතුරු විය හැකිය. තරුණ වියට පත්ව
රැකියාවල් ද එකට ලබා හදිසියේ එක් අයෙකු වියෝවන අවස්ථා ද තිබේ. නිවුන්නු සම ඇසුරේ පසුවීමට කැමැතිය. ඔවුන් වෙන් කිරීම ද සුබ නැත. ඇතැම් විට එක් අයෙකු තනිකඩව සිට සහෝදරයාට හෝ සහෝදරියට උදව් කිරීමට පෙළඹෙයි.
එක සමාන නිවුන්නු නිසා දුටුවන්ට ගැටලු උදාවෙයි. නිවුන්නු එකටම ඡන්ද පොළට යායුතුය. දෙවරට ගියොත් එතනත් ජංජාලයකි. නඩු විභාග වලදීත් කරදර හටගනියි. ලෝකයේ නිවුන් අයගේ ප්‍රදර්ශන ද පවත්වයි. නැටුම් රංගනයේදී එක සමාන දෙදෙනකු රඟන විට නරඹන්නන්ට මහත් ප්‍රහේලිකාවක් වෙයි. නිවුන් දිවිය රස බරය. සමහරුන් නිවුන්නු හඳුනාගන්නේ උපන් ලප මගිනි. මිනිසා ද ක්ෂීරපායි ගණයට අයිති වන නිසා දරුවන් බහුලව ලැබීම පුදුමයක් නොවේ. ඊරියට ඇගේ තන ගානට පැටවුන් ලැබේ. එක වරකදී එක තනයක් පුහුවෙයි. මෙසේ තන සියල්ලම පුහුවූ විට ඇය පුස් ඊරී වෙයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here