ලොව පවත්නා අජීවී සජීවී සෑම වස්තුවක් කෙරෙහිම සෘජුවම බලපෑම් කරන ග්‍රහයන් දෙදෙනා වන්නේ සඳු හිරු යන දෙදෙනායි. ජ්‍යෝතිෂයේදී මෙම දෙදෙනා මව සහ පියා ලෙස හඳුන්වයි. ගහකොළ, සතා සිව්පාවා මිනිසා ඇතුළු සියලු අජීවී සජීවී වස්තුන් ඇතිවීම හා පැවැත්ම සඳහා සඳු හිරු ප්‍රධාන කොට ඇති අනෙකුත් ග්‍රහයන්ගේ බලපෑම හේතුභූත වෙයි. මිනිස් දරු උපත් අතර නිවුන් දරු උපත් ආකාර කිහිපයකි. ඒ අනුව පස් නිවුන් දරු උපත්, සිව් නිවුන් දරු උපත්, තුන් නිවුන් දරු උපත් සහ දෙනිවුන් දරු උපත් වශයෙනි. මෙයින් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දෙනිවුන් දරු උපත්ය.
ස්ත්රීන්ගේ සරු කාලය තුළ ප්‍රකෘතිමත් පුරුෂ සංසේචනයේදී පුරුෂ ශුක්‍රාණුවක් සහ ඩිම්බානුවක් සංසේචනය වීමෙන් සුක්තාණුවක් සාදයි. එයින් කළල රූපයකට මුල පුරයි. මෙයින් ජීවියෙක් හට ගනියි. මේ සිදුවන ක්‍රියාවලියට විශ්වයේ සිදුවන ග්‍රහ බලපෑමද හේතු වන බව පහත සිද්ධාන්තයන් අනුව පෙනී යයි.
නිවුන් දරු උපත
ස්ත්‍රියකගේ පුර පස ඔසප් සිදුවීමෙන් පසුව සරු කාලය වශයෙන් දින 12 ත් 16 ත් අතර කාලය හැඳින්විය හැකිය. එම කාලය තුළ එම ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ රවි බලවත් වුවහොත් පිරිමි දරුවෙක්ද, සඳු බලවත් වුවහොත් ගැහැනු දරුවෙක් ද උපදින බව ජ්‍යෝතිෂ්‍ය මතයයි. මෙම කාලය තුළදීම කුජ, සිකුරු ග්‍රහයන් බලවත් වීමෙන් නිවුන් දරු උපත් සිදුවන බව පෙනී යයි.

මෙම විග්රහයේ දී ග්රහස්ථුම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. ඒ අනුව 7,9,5,3,1 ආදී ඔත්ත සංඛ්‍යා සහ 4,8,2,6 ඉරට්ටේ සංඛ්‍යා ආදීන්ද මීන මිථුන ආදී රාශීන් පවතින මොහොතක මෙම ඉරට්ටේ ග්රහස්ඵුටයක කුජ සමානගත වීමෙන් නිවුන් දරු උපත් සිදුවෙයි. බොහෝ අවස්ථාවල අපට දක්නට ලැබෙන්නේ පුරුෂ නිවුන් දරු උපත්වලට වඩා ස්ත්‍රී නිවුන් දරු උපත්ය. මෙහිදී ජ්‍යෝතිෂ විග්‍රහය වන්නේ කන්‍යා මීන, කටක, වෘශ්චික, මකර, වෘෂභ ආදී ස්ත්‍රී යුග්ම රාශි වල බලපෑම අනුව සිකුරු චන්ද්‍ර වැනි ග්‍රහයන්ගේ උච්ච බලපෑමත් කුජගේ උච්ච බලපෑමත් වේ.
යම් උපතක් සිදුවන අවස්ථාවේ උදාවන ලග්න කුංඩලීය අනුව ධනු, මිථුන, මීන, කන්‍යා ආදී රාශිවල සහ එම ධනු මිථුන නවාංශකවල රවි ග්‍රහයාද ගුරු ග්‍රහයාද සිට එම ග්‍රහයන් බුද දකින්නේද එවැනි අවස්ථාවල පුරුෂ නිවුන් දරුවන් උපදින බව පෙනී යයි.
මෙහිදී ආධුනික ඔබවත් පාඨක සැමවත් දැනුවත් කිරීමක් කළ යුතුයි. මෙම විග්‍රහය ඉතාමත් සංකීර්ණ සූක්ෂම එකක් වන බැවින් ඒ සඳහා රාශියේ සිට බෙදීයන අන්තිම සූක්ෂමය දක්වාම යා යුතුයි. ඒ අනුව 360 දක්වාම බෙදා ග්‍රහයන්ගේ ස්ඵූටගතවීම සොයා ගත යුතුවේ. මෙවැනි දරුවන්ගේ පලාපල කීමේදීද මේ පිළිවෙල අනුගමනය කළ යුතුවේ. යම් අවස්ථාවල රාශි සමාන වුවත් අනෙකුත් අංගයන් සමාන නොවන බව මතක තබා ගත යුතුවේ.
ඒ අනුව නිවුන් දරුවන් දෙදෙනකු එකම ලග්නයෙන් උපත ලැබුවද ඔවුන්ගේ නවාංශකවලින් එහාට යන අංගයන්වල ග්‍රහ බලපෑමත් වෙනස් වේ. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ගති ගුණවලින් දරුවන් දෙදෙනා වෙනස් වන බව මතක තබාගත යුතුයි.

ජ්‍යෝතිෂ ක්‍රම
මේ අනුව පාඨක ඔබට එකවර පල ලබා ගැනීමට අවශ්‍ය නම් ජ්‍යෝතිෂ ක්‍රම අනුගමනය කිරීම සුදුසු වේ. මේ ජ්‍යෝතිෂ ක්‍රම අපේ පැරැණි රාජ රාජ මහා අමාත්‍යාදීන් පවා අනුගමනය කර ඇති බව රාජ්‍ය ඉතිහාසයෙන් පෙනී යයි. මේ නිසාම පැරැණි රජවරුන්ට අන්තඃපුරයක්ම සිටියේය. මේ නිසා රජවරුන්ට ජ්‍යෝතිෂ ක්‍රම අනුගමනය කිරීමට සෑම අවස්ථාවකම සුදුසු පරිසරයක් තිබුණත් අද එක් බිරිඳක් සිටින ස්වාමි භාර්යාවන්ට මෙය කළුනික සෙවීමක් විය හැකිය. කළුනික වුවද සොයන්නාට ලබාගත හැකිවේ යන උපදේශයෙන්ම ලිපිය නිමවමි.
We found this article from Divaina on 2014/04/27.