පව පින කේන්ද්‍රයේ ලියා තිබේ

2435
පව පින
පව පින

සෑම කෙනෙකුම මෙලොව අත්විඳින්නේ පෙර කරන ලද පව සහ පින අනුව ලැබෙන ප්‍රතිඵලයන්ය. යමෙක්‌ මෙලොවදී සිත – ක්‍රියාව – වචනය යන තුන් දොරින් කුන අන්දමට කුසල් – අකුසල් කළේද ඒ දෙක මේ භවය පුරා ඵලගැන්වෙයි. බුද්ධ දේශනා අනුව කරගත් සියලු පව් ගොනා පසුපසින් එන රියසක මෙන් තමා කරා පැමිණ පාප විපාක අත්කරන බව කියවේ.

කරගනු ලැබූ සියලු පින් දහම්වල ඵල විපාකයන් සෙවනැල්ල මෙන් තමා පසුපස පැමිණ කුසල් විපාක අත්කරයි. මෙලෙස සකස්‌ වෙන විපාක අකුසල උපපීඩක – කුසල උපපීඩක අකුසල උපස්‌ථම්භක – කුසල උපස්‌ථම්භක – අකුසල උපඝාතක ආදී වශයෙන් මිනිසාට ප්‍රතිවිපාක ලබාදෙන බව බුදුදහමෙන් පෙන්වයි. මිනිසාගේ දෛනික ජීවිතවලට මේවා Rජු ලෙස බලපාන බැවින් ප්‍රවෘත්ති විපාක ලෙස ක්‍රියාකරන බව කම්ම විභංග වැනි සූත්‍ර දේශනා තුළ සඳහන් වේ.

‘ඒහිපස්‌සිකෝ’ යන වදනින් පැවසෙන්නේ බුදුදහම යමෙකුට මෙහෙ එන්න. මේ බලන්න කියා පෙන්වාදිය හැකි දහමක්‌ බවය. දහම විශ්වාසයකට පමණක්‌ සීමා නොවිය යුතුය. මේ බලන්න කියා ප්‍රායෝගිකව පෙන්වා දිය හැකි සිදුවීම් අතීත අනාගත, වර්තමාන යන කාලත්‍රයට තිබිය යුතුමය. එනිසා බුදුන්වහන්සේ කම්ම විභාග වැනි සූත්‍ර දේශනාවලින් ලොවට පහදා දුන් ගරු ගාම්භීර පරම ධර්මය ප්‍රායෝගිකව දැකිය හැකි උතුම් කැඩපත නම් මේ නිර්මල ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයයි.

යම් කෙනෙක්‌ උපදින විට ජන්ම ලග්නයක්‌ හිමි වෙයි. මෙහි 1 වැන්න – 5 වැන්න – 9 වැන්න යන ස්‌ථාන තුන ඉතා වැදගත්කමක්‌ උසුලයි. 9 වැන්න පෙර භවය හෙවත් අතීතය වන අතර 1 වැන්න වූ ලග්නය මේ භවය වෙයි. එනිසා එය වර්තමානය ලෙස හැඳින්වෙයි. 5 වැන්න වනාහි උපතේ පටන් අනවරාග්‍ර සසර ගමනේ ඊළඟ භවය දක්‌වා ක්‍රියාත්මක ස්‌ථානයයි. එනිසා එය අනාගත යනුවෙන් හැඳින් වෙයි.

පින වනාහී දන්දීම් ආදී කාමාවචර කුසල්වලින් උපදී එහි ප්‍රතිඵලය වන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥ යන පංච සමාපත්තිය මෙලොව දී ලැබීමේ භාග්‍යයයි. ආයු යනු අකල් මරණවලට පත් නොවී දිගු ආයුෂයක්‌ ලැබීමය. වර්ණ යනු නිරෝගි රූමත්, කඩවසම් සිරුරක්‌ ලැබීමය. සැප යනු මිනිස්‌ භවයක නම් ඊට අවශ්‍ය සියලුම සැප සම්පත් හිමිවීමය. බල යනු පිරිස්‌බල – මුදල් බල – නිල බල ආදියයි. ප්‍රඥ යනු ප්‍රබල බුද්ධිමත් බව ලැබීමය. මේ නම වැන්නේ කාර්ය භාරයයි.

බොහෝ අයගේ කේන්ද්‍ර පරික්‍ෂාවේදී මේ පංච සමාපත්තිය පරිපූර්ණ නොවන පරිදි පෙර පව් බලපා ඇති අයුරු දිස්‌වෙයි. එක්‌කෝ ආයුෂ අඩුය. නැතිනම් නිරෝගි බව අඩුය. නැතිනම් දුක්‌ම උරුම වී ඇත. නැතිනම් බොහෝ දුප්පත්කමින් පීඩිතය. නැතිනම් නුවණ නැත. මේ සියල්ල යම් පමණකට පැවතුනත් අවහිර බාධක – කරදර – මැදින් යායුතු වෙයි. එනිසා නව වැන්න හා එහි අධිපති දුර්වලව පිහිටා තිබේ. එක්‌කෝ තමන්ගේ ලග්නයට අශුභ වන ග්‍රහයින් 9 වැන්නේ සිටීම හෝ 9 ය අධිපතියාව පීඩාවට පත්කිරීම හෝ දැකිය හැක.

වර්තමානය වන ලග්නය පාප ග්‍රහයින්ගේ පීඩාවට ලක්‌ නොවී තිබිය යුතුය. පාප ග්‍රහයින් යනු නෛසර්ගිකවම ශනි – කුජ – රාහු – රවි – කේතු ආදීන්ය. ඇතැම් ලග්නවලට දුෂ්ඨ ස්‌ථාන අධිපතිත්වය මෙන්ම කේන්ද්‍රdධිත්‍ය දොaෂයට ලක්‌වන සිකුරු – ගුරු – සඳු – ආදීන්ද පාප විපාක අත්කරයි. ලග්නය මෙන්ම නපුරු භූමිකාවක්‌ ගෙනෙන කුජ – ශනි – රාහු – කේතු ආදීන් කේන්ද්‍රයේ කුමන යහපත් ස්‌ථානයක සිටියත් එම ස්‌ථානයෙන් කියවෙන ඵලවලට විනාශය ඇති කරයි.

උදාහරණයක්‌ ලෙස කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 04 වැන්න අධිපති සුබ ස්‌ථානයක සිටියත් ශනි රාහු ආදී පාප ග්‍රහයෙක්‌ 4 වැන්න තුළ සතුරුව සිටින්නේනම් එම පුද්ගලයාට 4 වැන්නෙන් කියවෙන – ගේදොර ඉඩකඩම් – තමන්ගේ ජීවිතයට සතුට ලැබීම – යාන වාහන හිමිවීම – නඩත්තුව ආදී ප්‍රධාන කරුණුවලට දැඩි දුෂ්කරතා මතු කරයි. 4 අධිපති සුබව සිටින නිසා දැඩි දුෂ්කරතාවන් මධ්‍යයේ ඒවා යම් පමණකට සඵල වෙයි. ගේදොර තනා ගැනීමට බොහෝ දුක්‌ බාධක ඇතිකර උවමනා කාලයට එය නිමවා ගත නොහැකි වෙයි. වාහනයක්‌ ගත්තත් එහි එක්‌කෝ µsනෑනස්‌ ප්‍රශ්න පැනනැගී වාහනයත් ගෙවූ මුදලත් අහිමි වෙයි.

එක්‌කෝ වාහනයේ ආබාධතා වැඩිවෙයි. සිත ගත දෙකම දුකට පත්ව ඒ තුළ ජීවිතය ගෙවයි. මේ අකුසල උප පීඩක කර්ම ශක්‌තිය වෙයි. මෙවැනි අවස්‌ථාවක සෙනසුරුගෙන් ජන්ම – අෂ්ඨම – ලග්න ඒරාෂ්ඨකයක්‌ පැමිණුනොත් කබලෙන් ලිපට වැටේ. මේ අකුසල උපස්‌ථම්භක කර්මයයි. දුකක්‌ ගෙවමින් සිටින විට තවත් දුකක්‌ එයට එක්‌වීම එහි ස්‌වභාවය වෙයි.

සුබඵල ලැබෙන පරිදි 4 අධිපති පිහිටියද සෙනසුරු 4 වැන්නේ සිටීම හෝ සතුරු දෘෂ්ඨියකින් දැකීම හෝ වේනම් එය අකුසල උපපීඩක කර්මයකි. යම් ආකාර සුබ ඵලයක්‌ ලබාදීමට හේතු සකස්‌ වුවද සෙනසුරු පෙර පව්බලයක්‌ රැගෙන විත් එයට බාධක දැමීම අකුසල උප පීඩකය නම් වෙයි. ලග්නය පාප ග්‍රහයින්ගෙන් පීඩා නොවේ නම් ලග්නාධිපතිද යහපත් නම් එකී පුද්ගලයා මෙලොව මානසික හා ශාරීරික ශක්‌තිය මතින් එකී බාධක මැද ජීවිතය හැකි පමණින් සාර්ථක කරගනී.

විශේෂයෙන් 5 වන භාවය තම අනාගතය මෙන්ම ඊළඟ භවය පිළිබඳ අධිකාරිත්වය දරයි. මෙය විද්‍යා ස්‌ථානය ලෙස හැඳින්වේ. එය පාප ග්‍රහයින්ගේ පීඩාවට ලක්‌නොවී බුධ ගුරු ආදී ග්‍රහයන් සුබ පිහිටීමක සිටින්නේ නම් යහපත් වේ. එවිට ඔහුගේ ඥනය – බුද්ධිය – ප්‍රඥව වර්ධනය කරගෙන තම අනාගතය යහපත් කරගනී. එසේම සසර ගමනේ ඇති බිහිසුණු අවදානමද අවබෝධ කර ගෙන ආත්ම විමුක්‌තියද සලසාගනී.

එයත් අදාළ ග්‍රහයිනුත් අශුභවී තිබේ නම් – ලග්නය – 9 වැන්න යන ස්‌ථානද අසතුටු දායක නම් තෘෂ්ණාදී කෙලෙස්‌වල ගිලෙමින් වෛර – ක්‍රෝධ – ඊර්ෂ්‍යා ආදී තත්ත්වයන්ට පත්වෙමින් අනාගතයත් – ඊළඟ ආත්ම භවයත් දුකටම පත්කර ගනී. පුත්‍ර ස්‌ථානයද වන්නේ පස්‌වැන්නය. දරුවන්ගෙන් ලබන සැප දුකද එයට අනුකූලව පිහිටනු ඇත.

මේ උදාහරණයක්‌ ලෙස කරුණු කීපයක්‌ දැක්‌වීමය. එසේ ඉහත කියන ලද ස්‌ථාන ශනි – කුජ – රවි – රාහු – කේතු වැනි පාපය ක්‍රියාත්මක කරන ග්‍රහයෙකුගේ කිසිම පීඩාවකට ලක්‌ නොවුණේ නම් එකී ස්‌ථානවල ඵල මනා ලෙස වර්ධනය කර දෙයි. එලෙස කුසල උපස්‌ථම්භක නම් කර්ම ශක්‌තිය ක්‍රියාත්මක වෙයි.

මෙලෙස අකුසල උප පීඩක හෝ කුසල උපපීඩක හෝ ඇති කරන ග්‍රහයින්ගේ දශා කාලවල ඒවා වඩාත් ක්‍රියාත්මක වන අතර වසර 19-17 – වැනි දීර්ඝ කාලවල දශාවන් තුළ ජන්මියා දීර්ඝව අපහසුතාවන්ට ලක්‌වෙයි. සුබ ඵල ඇති කරන දීර්ඝ දශාවල කුසල උප පීඩක කර්මය ක්‍රියාත්මක වී ජන්මියා ආයු – වර්ණ – සැප – බල – ප්‍රඥ යන ලෞකික සමාපත්ති සුබවාදී වෙයි. රාහු – කේතු – රවි – ශනි – කුජ ආදී පාප ග්‍රහයෝ ඔවුන්ට සුබ ස්‌ථානවල ස්‌වක්‌ෂේත්‍ර – උච්ච – ආදී බල ලබා සිටීනම් – පරිවර්තන යෝගවල සිටීනම් එය ග්‍රහයින් නපුරු පාපීන් වුවද සුබ ඵල ඇති කරයි.

උදාහරණයක්‌ ලෙස මිත්‍ර – ස්‌වක්‌ෂේත්‍ර – උච්ච ආදී බලය ලබා රාහු 11 වැන්නේ සිටීනම් ඔහුගේ දශා කාලය තුළ බොහෝ ජයග්‍රහණ අත්කර දෙමින් ඉහළම සුබඵල ලබාදෙයි. ඒ කුසල උපස්‌ථම්භක කර්මයයි. සුබ ග්‍රහයෙකුගේ දශාවක්‌ ගෙවන විට එම රාහුගේ අතුරු දශාව පැමිණීමත් මහ දශාධිපති සමග රාහු මිත්‍ර ග්‍රහයෙක්‌ද විය යුතුය. එවිට කුසල උපස්‌ථම්භක කර්මය උපදී. සුබ ඵල ලබනවිට තවත් සුබ ඵලයක්‌ එයට එක්‌වීම එය වෙයි.

මෙසේ ඉදිරි ආත්ම භාවය යහපත් කර ගැනීමට වඩ වඩා සිත – වචනය – ක්‍රියාව යහපත් කරගනිමින් දානමානාදී පිං දහම්වල වැඩි වැඩියෙන් යෙදිය යුතුය. ආහාර දාන – වස්‌තු දාන – වස්‌ත්‍ර දාන ශ්‍රමදාන – අභයදාන – ධර්ම දාන වශයෙන් දාන විවිධ වේ. ඒවා තුළ වැඩි වශයෙන් නියෑළීම ආයු – වර්ණ – සැප – බල – ප්‍රඥ ලෞකික පංච සමාපත්තිය ලැබීමට කරන සුවිශේෂී ආයෝජනයකි. මිත්‍යා දෘෂ්ඨිය – තෘෂ්ණාව දේවේෂය තුළ ගිලී ජීවත් වන්නෝ මිනිස්‌ ආත්ම නොලබති. (දුර්ලභංච මනුෂ්‍යත්වා) මිනිස්‌ බව ලැබීම අතිශයින්ම දුෂ්කර බව බුද්ධ දේශනාවයි.

We found this article from Divaina on 2013/03/29.
Also Sinhala to English Google word to word translation can be found here