1. මේෂ ලග්නයෙන් ජන්මය ලබා ශනි උච්ච 07 හි උප්පත්තියේදී සිටීද සඳු කේතු කුජ යන ග්‍රහයන් තිදෙනාම ශනි ග්‍රහයාගේ රාශියක සිටීද ජන්මියා වේගයෙන් ඉහළටම ගමන් කරන අතර මෙම ගමනේදී තමන්ට අභියෝග වන ඕනෑම සත්ත්වයකුගේ පණ නැසීමට මෙම පුද්ගලයා පසුබට නොවේ. තත්ත්වයෙන් කෙතරම් ඉහළ ගියද අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බැවින් සෙනසුරු ඒරාෂ්ටක ආදී අපල කාලයන්හිදී තමාගේ, තම වර්ගයාගේ පැවැත්ම ආරක්‍ෂා කිරීම සඳහා නායකයෙක් ලෙස හෝ සේනාධිනායකයෙක් ලෙස පරපණ නැසීමට අණ කිරීමට සිදුවේ.
2. වෘෂභ ලග්නයෙන් ජන්මය ලබා කුජ 04 වැනි භාවයෙහි පාප දෘෂ්ටි සහිතව තැන්පත් වීම තුළ තම ඥතීන් සමග විරුද්ධවාදිකම් සාදාගෙන ඔවුන්ගේ ජීවිත නැසීම සිදු කරයි.
3. වෘෂභ ලග්නයෙන් ජන්මය ලබා ශනි 08 වැනි භාවයෙහි පාප දෘෂ්ටි සහිතව තැන්පත් වීමද පර පණ නැසීමට සිදුවන ග්‍රහ පිහිටීමකි.
4. මිථුන රාශියෙන් ජන්මය ලබා ඇති ජන්මීන්ට පර පණ නැසීමට සිදුවන අවස්‌ථා අවම වුවද සිකුරු 08 වැනි භාවයෙහි පාප දෘෂ්ටි සහිතව උප්පත්තියේදී තැන්පත් වීම තම සතුට, විනෝදය උදෙසා පරපණ නසන සහ හිංසනය සඳහා යොමු කරන ග්‍රහ පිහිටීමකි.
5. කටක ලග්නයෙන් ජන්මය ලබා මේෂ රාශිගතව කුජ උප්පත්තියේ දී සිsටින ජන්මීන්ට සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයන්හිදී තම වර්ගයාගේ පැවැත්ම සඳහා මිනිස් ඝාතන සහ සත්ත්ව ඝාතන සිතට එකඟ නොවූවද කිරීමට සිදු වේ.
6. සිංහ රාශියෙන් ජන්මය ලැබූ ජන්මීන්ගේ කුජ දෙවැනි භාවයෙහි උප්පත්තියේදීම තැන්පත් විණිනම් තම පවුලේ සාමාජිකයන්ට හිංසා කිරීම සිදු කරයි. සැමියාට/ බිරිඳට” දුවා දරුවන්ට හිංසා කිරීම මෙම ජන්මීන්ගේ සතුට බවට පත්වේ. එමෙන්ම මෙම කේන්ද්‍ර සටහන හිමියන්ගේ සිකුරු 08 වැනි භාවයෙහි තැන්පත් විණි නම් තම සේවා ස්‌ථානයේ සේවය කරනු ලබන සේවකයන්ට හිංසා කිරීම මගින් සතුටු වේ. මෙහිදී හිංසාව යනු අතින් පයින් වැනි කායික බලය යොදවා කරනු ලබන හිංසනම නොවේ. සේවකයකුට දරා ගැනීමට නොහැකි තරම් සේවා කාලයක් සේවය ලබා ගැනීම. ලබාගත් සේවයට නියමිත වැටුප් නොගෙවීම. සේවකයකුට සේවා යෝජකයකු ලෙස ලබා දිය යුතු පහසුකම් සිතා මතා ලබා නොදීම. යටත් සහ සම තත්ත්වයේ සේවකයන්ගේ මානසික බිඳවැටීම් ඇතිවන ආකාරයේ සේවකයන් අමතක කරන ලද සිද්ධි සිතා මතා නිතර මතක් කිරීම මෙම හිංසනයට අයත්ය. කායික හිංසනයට වඩා මානසික හිංසනය දරුණුය. එහෙත් කායික හිංසනය මෙන් මැනීමට මිම්මක් නැත. එම නිසා එම හිංසනය පිටතට නොපෙනේ. ඒ නිසාම මෙම හිංසනයේ විපාක වැඩිය. මෙම ජන්මයේ දීම දිට්‌ඨධම්ම වේදනීය කර්මයට මුහුණ දීමට සිදුවේ. සේවකයන්ගේ වැඩ වර්ජන වැනි විරෝධතාවන්ට මුහුණ දීමට සිදුවීම ව්‍යාපාර බංකොලොත් වී වසා දැමීමට සිදුවීම, සමාජ අපකීර්තියට පත්වීම මෙම ආත්මයේ දීම මෙවැනි වැරැදි සඳහා දඬුවම් ලැබීමයි. පෙර ආත්මයේ පින අනුව මෙම භවයේ මෙවැනි තත්ත්වයක් ලැබුණද ඊළඟ භවයේදී මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීම සිදුවිය හැකිය. සේවකයන්ට මෙවැනි හිංසාවන් නොකරන ස්‌වාමීන් යටතේ සේවය කිරීමට ලැබීමද පෙර පිනකි. ස්‌වාමියන් තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටුකරන විට තම සේවය අවංකවත් හැකිතරම් කාර්යක්‍ෂමතාවකින් යුතුව ලබා දීමත් සේවක වගකීමකි. එසේ තම සිතට එකඟව වගකීම් ඉටු නොකිරීමත් සංසාරය නමැති ගමන් මාර්ගයේ නිවැරැදිව ගමන් කිරීමක් නොවේ. මෙයද ආකාර කීපයකින් සිදු විය හැකිය. ශරීර හොරු, මානසික හොරු, කාල හොරු ලෙස මොවුන් වර්ග කළ හැකි වන අතර පලදීම මෙම ආත්මයේත් සංසාරික ගමනේ නැවතී සිටීමට සිදුවන සියලු අම්බලම් වලදීත් සිදුවේ. මේ පිළිබඳව වැඩි දුරටත් දෙවැනි ශිල්පදය කඩන ග්‍රහයෝ මීළඟ ලිපියෙන් කියවන්න.
7 කන්‍යා රාශියෙන් ජන්මය ලබා කටක, සිංහ, මීන, රාශියෙහි කුජ උපතේදී තැන්පත් ජන්මීන්ට තමා වෙනුවෙන් පමණක් නොව සුවහසක් පිරිවරගේ හිත සුව පිණිස සත්ත්ව සහ මනුෂ්‍ය ඝාතන කිරීමට අණ දීමට සිදුවිය හැකිය. එමෙන්ම මෙම රාශියෙන් උත්පත්තිය ලබා බුධ 08 වැනි භාවයෙහි පාප දෘෂ්ටි සහිතව තැන්පත්වීමත් සම මිතුරන් සහ කාන්තාවන් හා ළමුන් හිංසනයට ලක්‌කර කාලකණ්‌ණි සතුටක් ලබන ග්‍රහ පිහිටීමකි.
8. තුලා රාශියෙන් ජන්මය ලබා 08 වැනි භාවයෙහි සඳු උපතින් තැන්පත් සහ සඳු පාප ග්‍රහයන්ගෙන් පීඩිතව සිටින විට සෙනසුරු ඒරාෂ්ටක ආදී අපල තත්ත්වයන් ඇති විට මොන ආකාරයෙන් හෝ තමන් සහ තම පිරිවරට එන බලපෑම් මර්දනය කිරීම උදෙසා විශාල ලෙස ජනඝාතන කිරීමට සිදු වේ.
9. වෘශ්චික ලග්නයෙන් උපත ලබා රවි 08 වැනි භාවයෙහි උපතේදී තැන්පත් විණිනම් සහ රවි පාප දෘෂ්ටි සහිතව සිටිනවා නම් එම ජන්මීන් සමාජ විප්ලවකාරයන් ලෙස හෝ චෞර නායකයන් ලෙස ජන ඝාතන සඳහා අණදීමට පෙළඹේ. සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයන්හි මෙම ස්‌වභාවය වැඩියෙන් පෙන්නුම් කරනු ලබන අතර අවි ගත්තෝ අවියෙන්ම නැසෙන සිද්ධාන්තයට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ.
10. ධනු ලග්නයෙන් ජන්මය ලබා බුධ පාප දෘෂ්ටි සහිතව අටවැනි භාවයෙහි උපතේදී තැන්පත් විණිනම් තම ඒරාෂ්ටක අපල කාලයන්හිදී තම කටයුතු සඳහා හානිකරන සත්ත්වයන්ට හිංසා කිරීමට සහ පණ නැසීමට සිදුවේ.
11 මකර ලග්නයෙන් ජන්මය ලැබූ ජන්මීන්ගේ ලග්නාධිපති සෙනසුරුය. මෙම සෙනසුරු දරා ගැනීමේ ශක්‌තියට අධිපතිකම් කරයි. කුමන තත්ත්වයක් යටතේ වුවද දරා ගැනීමේ ශක්‌තිය නමැති ගුණය හේතුවෙන් ඒරාෂ්ටක අපල කාලයන්හිදී වුවද මෙම ජන්මීන් සත්ත්ව හිංසනය සඳහා යොමුවීම ඉතා අල්පය. මෙම භවයේදී මොන දුක දරා සිටියද සංසාර ගමනේ ඊළඟ භවය සුවපත් කිරීමට සෙනසුරු ලග්නාධිපති මෙහිදී කටයුතු කරයි.
12. කුම්භ ලග්නයේ ලග්නාධිපතිද සෙනසුරුය. මෙම ජන්මීන්ගේ ද දරා ගැනීමේ ශක්‌තිය ඉහළය. තමන් යායුතු ගමන යන්නේ අවිහිංසා මාර්ගයේය. තම ගමනේ හතුරන් කෙටි මාර්ගවලින් ඉවත් කිරීමට නොසිතන්නේ සෙනසුරු ලග්නාධිපති ලෙස ඊළඟ භවය සුවපත් කිරීමට සැදී පැහැදී සිටින බැවිනි. මෙම ජන්මීන්ට සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයන්හි විවිධ කරදර බාධක පැමිණියද තත්ත්වයෙන් ඉහළ යයි. මෙම තත්ත්වය දරා ගැනීමට නොහැකි හතුරන් විවිධ අන්දමින් හිංසා කළද අවිහිංසා මගෙන්ම ඊට මුහුණ දීමට යැමේදී තම පරාණය වුවද බිලි දීමට සිදු විය හැකිය. එහෙත් ලග්නාධිපති ලෙස සෙනසුරු ඊළඟ භාවය සුවපත් කිරීමට කටයුතු කිරීම මෙහිදී නිතැතින්ම සිදුවේ.
13. මීන රාශියෙන් උපත ලබා ඇති ජන්මීන් සත්ව ඝාතන සිදු කළද එය සිදු කරන්නේ ඉතා සූක්‍ෂ්මවය. කිසිවකුට නොදැනෙන්නටය, නූල් සූත්තරයෙනි. විශේෂයෙන් අටවැනි භාවය අධිපති බුද ග්‍රහයාගේ පිහිටීම අනුව තම තත්ත්වය රැක ගැනීම සඳහා ඕනෑම අන්දමේ පහත් වැඩක් කිරීමට මෙම ජන්මීන් පෙළඹේ. 11 වැනි භවය සහ 12 වැනි භාවය අධිපති සෙනසුරුගෙන්ද දරා ගැනීමේ ශක්‌තියට රුකුලක් නොලැබේ. ලග්නාධිපති ගුරු තත්ත්වය රැක ගැනීම සඳහා උත්සාහ දරන බැවින් තම කුටුම්භය හෝ වර්ගයා මානසික හිංසනයට නිතර ලක්‌කරයි. කුටුම්භ සාමාජිකයන් තම පිරිවර සිsතා මතා නිසි ඇගයීමට ලක් නොකිරීමද පළමු සිල්පදය කැඩීමකි. මෙම සිල්පදය කැඩීම පඩිසන් දීම මෙම භවයේ දීත් ඊළඟ උපදින භවයන්හිදීත් සිදු වේ.
14 පාප දෘෂ්ටි සහිතව තුන් වැන්නාධිපති 06 වැන්නෙහි උපතේ දී තැන්පත් වීම තම උරුම හිමිකම් ලබා ගැනීමට තම මාමලා නසන ග්‍රහ පිහිටීමකි.
15. හතර වැන්නාධිපතියා 06 හි පාප දෘෂ්ටි සහිතව උත්පත්තියේදී සිටම නිතර ක්‍රෝධ සිතින් සිටින සමාජ හිංසනයට යොමුවන ග්‍රහ පිsහිටීමකි.
16. පස් වැන්නාධිපති උත්පත්තියේදී 06 වැනි භාවයෙහි හෝ 12 වැනි භාවයෙහි උපතේ දී තැන්පත් ජන්මියා තම කුටුම්භයේ දරුවන් ගැන නොසලකා හැරීම හේතු කොටගෙන එම දරුවන් අකාලයේ මියැදෙන මල් පොහොට්‌ටු බවට පත්වේ. මෙයද තම යුතුකම් ඉටු නොකර සිටීමකි. පළමු සිල්පදය කැඩීමකි.
17 යමකුගේ ජන්ම කේන්ද්‍රයේ 06 වැන්නාධිපතියා 06 වැනි භාවයෙහි හෝ 12 වැනි භාවයෙහි පාප දෘෂ්ටි සහිතව පිහිටීම සත්ත්ව හිංසනය සහ සතුන් මැරීම රැකියාව වශයෙන් වුවද කිරීමට පෙළඹෙන ග්‍රහ පිහිටීමකි.
18. හය වැන්නාධිපතියා පාප ග්‍රහයන්ට මැදිව 03 වැනි භාවයේ හෝ 04 වැනි භාවයේ උපතේදී තැන්පත් වීම හීන් නූලෙන් අනුන් කොටවා ජීවිත හානි කරන ග්‍රහ පිහිටීමකි.
19. පුර සඳු ජන්මියා රකින අතර මවු කෙනෙකු මෙන් ජන්මියා රැක ගනී. අව සඳු දුෂ්ට කුඩම්මා කෙනෙකු මෙනි. නිතර ජන්මියාට හිංසාකරන අතර භේදයකින් තොරව ජන්මියාට හානි කිරීම උදෙසා පාප ග්‍රහයන්ට උදවු වේ. කේන්ද්‍ර සටහනේ සඳු සිටින ස්‌ථානය අනුව මෙම අව සඳු තම පණ නසා ගැනීමට පවා ජන්මියා යොමු කරයි.
ජන්මය අනුව කිසිවකු වසලයෙක් නොවන බව අප බුදුන්වන්සේ දේශනා කළහ. ජන්ම පත්‍රයේ කුමක් ලියෑවුණද මිනිසා නමැති උසස් මනසක් ඇති සත්ත්වයාට එය වෙනස් කර ගත හැකිය. අවශ්‍ය වන්නේ තමන්ගේ නියම තත්ත්වය වටහාගෙන සුදුසු තත්ත්වයට වෙනස්‌වීමට තම සිත හසුරුවා ගැනීමයි. කුමන තත්ත්වයක් යටතේ වුවද මම පළමු සිල්පදය නොකඩමි යනුවෙන් දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගැනීමයි. උපතේදී සකස් කරන ජන්ම පත්‍රයෙන් නියම පල ප්‍රයෝජන ලැබිය හැකි වන්නේ එවිටය.
We found this article from Divaina on 2012/10/26.
Also Sinhala to English Google word to word translation can be found here