[ratings]
මෙලොව ජන්ම ලාභය ලැබූ ජන්මියකු සතු ජන්ම පත්‍රය හෙවත් හඳහනෙහි 9 වැනි භාවය සහ 9 අධිපති ග්‍රහයාද 9 වැන්නේ සිටින ග්‍රහයන්ද 9 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයන්ද 9 අධිපති ග්‍රහයන්ගේ උච්ච හා නීච ආදී ග්‍රහ තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමින් මූලික වශයෙන් අදාළ ජන්මියා පෙර සසරේ කරන ලද කුසල් පිළිබඳවත් එකී කුසල් බල මහිමයෙන් මේ ආත්ම භාවයේ විඳින හා විඳින්නට ලැබෙන සැප සම්පත් පිළිබඳවත් කරුණු අනාවරණය කරගත හැකිවීම නිසා
9 වැනි භාවය “පුණ්‍ය ස්‌ථානය” ලෙස ජ්‍යෙdතිෂ්‍යයේදී හැඳින්වේ.
කෙනකුට හිමිවන්නා වූ විදේශ
රැකියා විදේශයන්හි විනෝද චාරිකා, එතෙර පදිංචිය මෙන්ම එතෙර පූජනීය ස්‌ථාන වන්දනා කිරීම හා නොයෙකුත් ශිෂ්‍යත්ව මත උසස් අධ්‍යාපනය සඳහා පිටරට සංචාරයන් පිළිබඳවද බොහෝ කරුණු අනාවරණය කරගත හැක්‌කේද 9 වෙනි භාවයෙනි.
9 වෙනි භාවයේ රාහු ග්‍රහයා සිටින කල තම පියාට අපල ඇති කරන අතර බොහෝ විට පියාට අකීකරු වේ. කොතරම් හොඳ පුද්ගලයකු වුවද පියාගේ බසට අකීකරු අදහස්‌වලට ගරු නොකරන ඒවා පිටුදකින අයෙක් වේ. එවැන්නන්ගේ ජන්ම පත්‍රයෙන් පියාට පවතින ග්‍රහ අපල පෙන්නුම් කිරීමේ හැකියාව පවතී.
ශරීරයේ ස්‌ථාන වශයෙන් ගත්කල කලවා ප්‍රදේශය හා ඒ ආශ්‍රිත රෝග පිළිබඳවද අනාවරණය කරගත හැකි
9 වෙනි භාවයෙන් තම සහකරුගේ හෝ සහකාරියගේ සහෝදර සහෝදරියන් ගැනද තොරතුරු කිව හැකියි.
හඳහනක වෙනත් ස්‌ථානයක සිටියහොත් විවිධ අයුරින් පීඩා ඇති කරන පාපග්‍රහයෝ 9 වෙනි භාවයේ සිටින කල අදාළ ජන්මියාට සුබපල දීමක් 9 වෙනි භාවය තුළ කිසිදු ග්‍රහයෙක් අසුබපල ලබා නොදී එකී ස්‌ථානයට පැමිණෙන ඕනෑම ග්‍රහයෙකුට සුබපලම උදාකරදීම මෙහි විශේෂම ලක්‌ෂණය වේ.
කෙනකු උසස් අධ්‍යාපනයක් ලබයිද ඒ කුමන අංශයෙන්ද කොතෙක් දුරටද ආදී වශයෙන් බොහෝ දේ මෙම සථානයෙන් විග්‍රහ කරගත හැකි අතර 9 භාවය හිමි ග්‍රහයා 10 වෙනි භාවයේ සිටියහොත් අදාළ පුද්ගලයා නොසිතූ අයුරින් උසස් රැකියා තනතුරු හිමි වේ.
ජන්ම කේන්ද්‍රයක 9 හිමි ග්‍රහයා 10 වෙනි භාවයේත් 10 හිමි ග්‍රහයා 9 වෙනි භාවයේත් සිටින කල එය පරිවර්තන රාජ යෝගයක් ලෙස හැඳින්වේ. එනම් උපන් පවුල් පසුබිම අනුව බොහෝ උසස් තත්ත්වයකට පැමිණෙන අයෙක් වේ. එය උදාහරණයක් වශයෙන් පෙන්වාදීමේදී රාජ යෝගයක් උදාවීම යනු රටේ රජකම ලැබෙනවා නොව බොහෝ දුප්පත් පවුලක ජන්ම ලාභය ලැබ අගහිඟකම් බාධක මැද අධ්‍යාපනය හමාර කර රජයේ ඉහළ තනතුරක් සඳහා යොමුවීමට සිදුවීම වේ.
මීට අමතරව 9 අයිති ග්‍රහයා සහ
10 අයිති ග්‍රහයා සුබ ස්‌ථානයක සිටියහොත් ධර්ම කර්මාධිපති නම්වූ රාජ යෝගය යෙදෙන අතර ජන්මියකුට සියලු රාජයෝග හිමි වන්නේ කේන්ද්‍රයේ 9 වෙනි භාව පදනම් කරගෙනය.
ගුරු 9 වෙනි භාවයේ සිටීමෙන් කෙනකුට මහණ යෝග යෙදෙන අතර ශනි ග්‍රහයා 9 වෙනි භාවයේ සිටීමෙන් බොහෝ තැන්පත් ගති පැවතුම් ඇති තපස් දිවියක් හා සමානව දිවි ගෙවන ඉතාමත් තැන්පත් අයෙක් වේ.
උප්පත්ති කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ ගුරු ග්‍රහයා තැන්පත්ව සිටින කල සියලු දෙවියන්ගේ ආරක්‌ෂාව ආශිර්වාදය නොඅඩුව ලබන, සමාජයේ කුමන ස්‌ථානයකට ගියත් කීර්තිය, ගරු බුහුමන් ප්‍රශංසා ලබන අයෙක් වේ.
මේ ආකාරයෙන් පෙර පින් පිළිබඳව පැවසිය හැකි නිසා පුණ්‍ය ස්‌ථානය ලෙස හැඳින්වෙන 9 වෙනි භාවයේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව අදාළ ජන්මීන්ගේ වගතුග මේ ආකාරයෙන් සඳහන් කළ හැකිය.
රවි 9 වැනි භාවයේ සිටින විට
අධ්‍යාපන මට්‌ටම උසස් වන අතර උසස් රැකියාවකට හිමිකම් කීම අනිවාර්ය වේ. පියා බලවත් කෙනෙක් වේ. විදේශගත රැකියා ලාබ ගෙන දේ. තමාගේ උත්සාහයෙන් ධනවත් වන අතර යහපත් විවාහ දිවියකට හිමිකම් කියයි.
සඳු 9 වැනි භාවයේ සිටින විට
පෙර සසරේÊපිං ඇත්තෙක් වේ. විදේශ ගමන් යෙදේ. ප්‍රියමනාප මුහුණ කට හිමි වේ. මවට සමාන රූපයකට හිමිකම් කිව හැකි අතර බොහෝ විට මුහුණ රවුම් හැඩයකින් යුතු වේ. හොඳ නාමය ඇතිව ප්‍රසිද්ධ වේ.
කුජ 9 වැනි භාවයේ සිටින විට
අධ්‍යාපන කටයුතු තරමක් දුරට සාර්ථක කරගනී. බැංකු ආශ්‍රිතව හා ආරක්‌ෂක අංශවල රැකියා ලාභ ගෙන දේ. නිතර නිතර කේන්ති ගති මතුවේ. විදේශගතවීම්වලට ඉඩකඩ පවතී.
බුධ 9 වැනි භාවයේ සිටින විට
උසස් අධ්‍යාපනයට හිමිකම් ලබයි. උසස් බුද්ධි මට්‌ටම නිසා ප්‍රිය වචන කතා කරයි. ආගම ධර්මය කෙරෙහි නැඹුරු වේ. විදේශගතවීම් බහුල වේ. ජනමාධ්‍ය හා තැපැල් අංශයන්හි
රැකියා සුබ වේ. යහපත් විවාහයක් සිදු වේ.
ගුරු 9 වෙනි භාවයේ සිටින විට
විදේශයන්හි උසස් රැකියාවන් ලැබීමට හේතු වේ. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරුණාවන්ත අයෙක් වේ. පෙර පිං ඇත්තෙක් වේ. ඉතා හොඳ මිතුරන් ලබයි. ශාන්ත මරණයකට හිමිකම් කියයි.
සිකුරු 9 වැනි භාවයේ සිටින විට
කලා අංශයෙන් ඉහළ යන කෙනෙක් වේ. දුර බැහැර සුන්දර ස්‌ථානයන්හි සංචාරයට ප්‍රිය වේ. දෙමාපියන් දියුණුවට පත් වේ. විවාහය ඉතාමත් සුබ වේ. විශාල නිවාසයන්හි ජීවත් වීමට ඉඩ සැලසෙන අතර මෙලොව ජීවිතය ප්‍රීතිමත් වේ.
ශනි 9 වැනි භාවයේ සිටින විට
අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. ආගම දහම පිළිබඳ උසස් දැනුමෙන් යුක්‌තව ලෝකෝත්තර දෙසට නැඹුරු වේ. තනිව වාසය කිරීමට කැමැති වේ. විවාහ ජීවිතය සුබ වේ.
රාහු 9 වැනි භාවයේ සිටින විට
ඉඩකඩම් ලාභ බොහෝ ගෙන දේ. එහෙත් උපන් ස්‌ථානය වෙනස් කර තම රටින් බැහැරව වෙනත් රටක වාසය කිරීමට ඉඩ සලසයි.
කේතු 9 වැනි භාවයේ සිටින විට
කුඩා අවධිය දුක් කරදර බාධක සහිත වේ. අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ. පියාට අසුබ තත්ත්වයන් උදාකරයි. දේපළ ලාබ ගෙන දේ.
We found this article from Divaina on 2012/03/23.
Also Sinhala to English Google word to word translation can be found here