පෙර කුසල් අකුසල් සමග තීරණය වන අපේ ජීවිත

2291
ජ්‍යෙතිෂ්‍යයෙහි
ජ්‍යෙතිෂ්‍යයෙහි

[ratings]

ලෝකයේ පැවැත්ම සඳහා වන ප්‍රධානම සාධකය වන්නේ සූර්යයාය. සූර්යයාගේ මානයෙන් දෘෂ්ටියෙන් ගැලවීමට මිහිපිට දිවි ගෙවන කිසිවෙකුට ඉඩක්‌ නොමැත. සූර්යාගේ උදාව දිනයක ආරම්භය වේ. මෙලොව ජීවත්වන සියලු සත්ත්වයාගේ ක්‍රියාකාරකම් ආරම්භ වන්නේද සූර්යයාගේ උදාවත් සමඟය. යම් හෙයකින් සූර්යයාගේ කිරණ මහ පොළොව මතට පතිත නොවන්නේ නම් අප විසින් එදිනෙදා සිදුකරන්නාවූ ක්‍රියාකාරකම් සියල්ලම විනාශ වී යනු ඇත.

සූර්යයා පිළිබඳ සලකා බැලීමේදී සූර්යයාට ළංව පිහිටි ප්‍රදේශවල ගස්‌ කොළන් සතුන් හා මිනිසුන් එක්‌ අන්දමකටද සූර්යයාට ඈත්ව පිහිටි ගස්‌ කොළන්, සතුන් තවත් ආකාරයකට පිහිටා ඇති බව අවබෝධකරගත හැක. මේ වෙනසට බලපාන්නේ දහවල් කාලයේ අපට නිර්ලෝභීව එළිය ලබාදෙන සූර්යයාය. සූර්යග්‍රහණ අවස්‌ථාවලදී දහවල් කාලයේ ද අන්ධකාරය පරිසරය පුරා පැතිර යයි. මෙයින් සූර්යයාගේ බලය කොතෙක්‌ ද යන්න අපට වටහාගත හැක.

සූර්යයාගෙන් දහවල ලැබෙන එළිය හා උෂ්ණත්වය මෙන්ම රාත්‍රි කාලයේ සඳුගෙන් එළිය හා සීතල ගුණයද අපට හිමිවේ. ග්‍රය ලොව ප්‍රධානම ග්‍රහයින් වන හිරු හා සඳු ගෙන් නිකුත්වන රශ්මි ධාරාවන්ට අනුව අපට සුබ අසුභ කාල හිමිවේ.

සූර්ය රශ්මියේ බලසම්පන්න බලපෑම අපගේ ජීවිතවලට බලපාන්නා සේම නිර්මාණකරණය, කලා කටයුතු සඳහා මෙන්ම ජීවිතයේ අරමුණු කරා ගමන් කිරීම සඳහා පහළ වන සිතුවිලි සඳහා සඳේ ආකර්ෂණය අපට බොහෝ වැදගත් වේ. හිරුගේ ප්‍රබලත්වයත් සඳුගේ සෞම්‍යයත්වයත් අපගේ ජීවිතවලට දැනුවත්ව හෝ නොදැනුවත්ව කොතරම් බලපෑම් ඇතිකරන්නේද යන්න මෙයින් අවබෝධකරගත හැක.

ඉර – හඳ ජ්‍යෙdතිෂ්‍යයේදී රවි – චන්ද්‍ර වී ජ්‍යෙdතිෂ කලාව තුළ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරයි. එය වෙනත් ආකාරයකින් පැවසුවහොත් පවුලක ප්‍රධාන සාමාජික වන මව සහ පියා ලෙස දැක්‌විය හැක.

අනෙකුත් ග්‍රහයන් අතර කුජ – බුධ – ගුරු – ශුක්‍ර යන ග්‍රහයින්ගෙන් වික්‍ෂිප්ත බව, වෛරය, ආශාව සැකය, ඇතිකරවනු ලබයි. ජන්මියකුගේ කේන්ද්‍ර සටහනක මේ ග්‍රහයන් තැන්පත්වී ඇති ආකාරය අනුව එක්‌ එක්‌ පුද්ගලයාට එක්‌ එක්‌ ආකාරයෙන් මෙකී ග්‍රහයන්ගෙන් සුභ අසුභ උදාවේ.

ජීවිතය සාර්ථක කර ගන්නට අප දරන උත්සාහයේදී ඉදිරියට තබන පියවර අසාර්ථකත්වය කරා ගමන් කරන්නේ ඇයි? කොතරම් උත්සාහ දැරුවත් ශුභ ඵල උදාකර නොගතහැක්‌කේ ඇයි? යමෙකු සියලු සැප සම්පතින් පරිපූර්ණව ප්‍රීතිමත් ජීවිතයක්‌ ගත කරද්දී තවකෙකුගේ ජීවිතය දුක්‌ඛ දෝමනස්‌සයන්ට මැදිව අසාර්ථකත්වය කරාම ගමන් කරන්නේ, අවශ්‍ය දේ නියමිත කාලවලදී නොලැබීමට හේතු යනාදී ගැටලුවලට නිසියාකාර පිළිතුරු ලබාගත හැක්‌කේ ඔබේ කේන්ද්‍රය තුළින්ම පමණකි.

කොටු දොළහකින් යුත් ඔබේ කේන්ද්‍ර සටහනෙහි කුසලතාවන් දොළහක්‌ ඇති බව ඔබ දන්නෙහිද? ජීවිතයේ විවිධ ඉසව්වන් අප විසින් පෙර ආත්මභාවයේදී සිදුකරන ලද කුසල්, අකුසල් මත තීරණය වන බව ඔබ මින්පෙර දැන සිටියාද? ඕනෑම පුද්ගලයකු මෙලොව එළිය දකිනා අවස්‌ථාවේදී මුල්ම ත්‍යාගය නැතහොත් දායාදය වශයෙන් ලැබෙන්නේ එම කුසල්, අකුසලවල ප්‍රතිඵලයයි.

උපතේ සිට මරණය දක්‌වා ගෙවන සෑම තත්පරයක්‌ම ඉහත කී ප්‍රතිඵල සටහනට අනුව ගෙවන්නට සිදුවීම කිසිදු පුද්ගලයකුට කිසිම ආකාරයකින් වෙනස්‌ කළ නොහැකි වුවද බෝධි පූජා වැනි පුණ්‍යකර්ම නිසිලෙස සිදුකිරීමෙන් ඇතිකරගන්නා කුසල් ශක්‌තීන්ගෙන් බොහෝ දුරට අයහපත් තත්ත්ව සමනය කරගත හැක.

සියලු සැපයන්ට කැමැති මනුෂ්‍යයන් වන අපට පදිංචියට නිවසක්‌ නැද්ද? රැකියාව බාධා සහිතද? ආර්ථිකය ගැටලු සහගතද? විවාහය බාධා සහිතද? මේ සියලු කාරණා නිසා මානසික තත්ත්වය අවුල් සහගතද යන ගැටලු සියල්ලමට විසඳුම ඇත්තේ ඔබ ළඟමය.

එබැවින් ජීවිත කාලය තුළ පැනනගින ප්‍රශ්න බාධා, දුක්‌කම්කටොළු හමුවේ පසුතැවිලි නොවී සිහි නුවණින් කටයුතු කළයුතු ඔබ ඔබට වැරදුන තැන්වල තවමත් ලතවෙමින් සිටිනවාද? වැරදුන තැන නිවැරදි කරගෙන සාර්ථකත්වය කරා ගමන් කරනවාද යන කාරණය ඉතා හොඳින් අවබෝධකරගතහොත් ඉදිරි කාලය තුළදී ඔබට මුහුණපෑමට සිදුවන්නා වූ බාධක හිරිහැර, පසුතැවීම්වලට සාර්ථකව මුහුණ දී ඉන් ජයග්‍රහණය කිරීම පහසු බව මතක තබා ගත යුතුය.

ඒ සඳහා එළැඹෙන සිහියෙන් කටයුතු කළයුතු ඔබ උපතේදී ලැබුණු දායාදය හෙවත් පෙර අත්භවයේ සිදුකළ කුසලාකුසල විභාගයේ ප්‍රගති වාර්තාව වන් ජන්ම පත්‍රයේ දැනට පවතින තත්ත්වය ජ්‍යෙdතිෂවේදියකු ලවා නිවැරදි ලෙස පරීක්‍ෂාකරවාගෙන ඇතිවී තිබෙන බාධාවන්ට නිසි ප්‍රතිකර්ම යෙදීමෙන් රවි, සඳු, කුජ, බුධ. ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් ඔබට ඇතිවී තිබෙන අයහපත් බලපෑම් ඉවත්කර ගනිමින් ඔබ සිතන ආකාරයෙන් ඔබේ අනාගතය සඵල කරගත හැක.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here