දරුවකුට පංචායුධ දාන එක ලොකු ආරක්‍ෂාවක්·” එය වැඩිහිටියකු බිළිඳෙකු උපත ලද විටම පවසන වැකියකි. පංචායුධ පැලඳීම යහපත් ද? එයින් ඇතිවන යහපත කුමක්‌ද? කුඩා දරුවකුට පංචායුධ පැලඳවීමෙන් කරනු ලබන්නේ යහපත පැතීමයි. එනමුදු වර්තමානයේ එය කරන්නන් වාලේ කරනු ලබන දෙයකි. මෝස්‌තරයකි. එම රටාව තුළ තම ධන බලය, ගෞරවය මතුවී පෙනෙන පරිදි රනින් කළ පංචායුධ පැලඳවීම සිදු කෙරෙයි. පංචායුධයේ වටිනාකම ද තම ධන – කුල – බල ආකල්ප අනුව විවිධ වෙයි.
වැඩිහිටියකු අලුත උපන් බිළිඳෙකු බැලීමට යැමේදී ගෙන යනු ලබන්නේ පංචායුධයකි. එය පැලඳවීම තුළ සිදුවන ශක්‌තිය අතිමහත්ය. පංචායුධ තනනු ලබන්නේ ලෝහයෙනි. රත්ත්‍රන් රිදී සහ ලෝහ වර්ග කිහිපයක් එක්‌කොට පංචායුධ තනනු ලැබෙයි.
ලෝහ වර්ගය විසින් මානව ඉතිහාසය වෙනස් කළ බව අතීතය විමසුම් කිරීමේදී පැහැදිලි වෙයි. අතීත ගල් යුගයේ මිනිසාගේ දියුණුව ලෝහ සොයාගත් පසු වේගවත් විය.

පංචායුධ තනන ලෝහ වර්ග
ලෝහ වර්ගවලින් තැනූ ආයුධ බලයෙන් කරන ලද සටන් පිළිබඳව මිනිස් ඉතිහාසය බොහෝ කරුණු ගොනු කරයි. සටනට වඩා ජීවත්වීම වෙනුවෙන් ආයුධ තැනීම යකඩ සොයාගත් ප්‍රාථමික යුගයේ සිදුකළ ප්‍රධාන කරුණකි. එදා සතුන් දඩයම සඳහා පහසුවක් වූයේ දුන්න , හෙල්ල සහ ඊතලයයි. එම ආයුධ යකඩ වැනි ලෝහවලින් නිර්මාණය කිරීම මත ගල් ආයුධ අතීතයටම සීමා විය. පසුකාලීනව පොරොව, කඩුව, කැත්ත වැනි ආයුධ නිර්මාණය වූයේ යකඩ භාවිතයේ බලවත්කම අනුවය. කෘෂිකාර්මික යුගයේදී උදැල්ල, මන්නය තුළින් ජන ජීවිතය නව මාවතකට ගොනු විය. වනසතුන්ගෙන් වන ගැහැට මහත්ය. සතුරු කරදර ද අතිමහත්ය. එයට පිළියමක් ලෙස ආරක්‍ෂාව පතා ආයුධ නිර්මාණය විය.
මිනිස් ශිෂ්ඨාචාරය මත, ආගමික නැඹුරුව, නොපෙනෙන දේව බලවේගයන් ඇදහීම මත ප්‍රතිමා නිර්මාණය විය. එකල මිනිසා ප්‍රතිමා තුළින් නොපෙනෙන බලවේගයන්ගේ පිහිට ආරක්‍ෂාව නිබඳවම පැතීය. ප්‍රතිමාවක් සඳහා අත් කිහිපයක් නිර්මාණය වූයේ එම බලවත්කම ප්‍රකට කිරීමටය. දෙවියන් තමන් ආරක්‍ෂා කරන්නේය යන්න ජන නිගමනය විය. තමන් අදහන දෙවිවරුන්ට ආයුද හිමිවීම එහි සංකේතය විය. අත් කිහිපයක් හිමි තැනැත්තා බොහෝ දෑ කළ හැකි අයෙකි. එම අත් ආයුධ දරා සිටීම ඔහු බලවන්තයකු කරයි. සතුරු බලවේගයනට ගොදුරු නොවෙයි. එවන් බලවන්තයකුගේ ආශිර්වාදය ජන ජීවිතයට ඉමහත් ශක්‌තියකි. ජන මතය එයම වෙයි.
යන්ත්‍ර – මන්ත්‍ර ශාස්‌ත්‍රයේදී රන් – රිදී, සුදු යකඩ, තඹ වැනි ලෝහ වර්ගයන්ට විශේෂ ස්‌ථානයක් හිමිවෙයි. එම ලෝහ වර්ගයන්ට අමනුෂ්‍ය බිය දුරු කිරීමේ විශේෂ බලයක් ඇති බවට විශ්වාසයක් ඇත. සුර සඳහා ලෝහ භාවිතයත්, යන්ත්‍ර ඇඳීමට තඹ පත් භාවිතයත් මුලික වන්නේ එලෙසයි.

ගෙන්ගෙට පිළීගෙන යැම – රාත්‍රි කාලයේ තෙල් සහිත ආහාර නිවසින් පිටතට ගෙනයැම වැනි කරුණුවලදී එම ආහාර සමග යකඩ කැබැල්ලක් ගෙන යැම අරක්‍ෂක ක්‍රමයකි.
ජීවම් කිරීම
ජීවම් කාර්යයේදී මල් තටුව තැනීමේදී යකඩ ඇණ නොගැසූ ආධාරකයක් පුටුවක් භාවිත කිරීමද සම්මතයකි. ශාන්තිකර්ම කිරීමේදී ඊගසට යකැදුරන් විසින් ලෝහ කැබැල්ලක් තබා බඳිති. ලෝහ මූලිකව මෙවැනි පිළිවෙත් පුරාණ කාලයේ සිටම භාවිත වන්නේය. කුඩා දරුවකුට පංචායුධයක් පැලඳවීමද එවැනිම වූ ආරක්‍ෂාකාරී ක්‍රමයකි. පිළිවෙතකි. ඇස්‌වහ – කටවහ හෝ වහ දොaෂ, අමනුෂ්‍ය බිය, අමනුෂ්‍ය බලපෑම් දරුවා වෙත යොමුවීම වැළැක්‌වීම මෙහි මූලික අරමුණය.
බලවත් වූ අමනුෂ්‍ය බලවේගයන් බලවත් වූ ශුද්ධ ආත්මයන්, දෙවියන්a අත රැඳි ආයුධයනට බිය වෙති. එම ආයුධ රැඳි දෙවියන් යහපත් වූ බලයන්ගෙන්ද බලවත් වූවන්ය.
චක්‍රායුධ – හක්‌ගෙඩිය- මුගුර – දුන්න – කඩුව වැනි ආයුධ සංකේතවත්ව නිර්මාණය වන පංචායුධය නිසැකවම ලෝහමය ආභරණයකි. මෙම සියලු ආයුධ දෙවියන් අත රැඳි ආයුධ සංකේතයන්ය.
පංචායුධය දම්වැලක රඳවා ළදරුවාගේ නාභිය අසළට වැටෙන ලෙස පැලඳවී චාරිත්‍රයකි. කුඩා දරුවනට පංචායුධ පැලඳවීමේදී උපන් දිනයේ සිට මාස තුනේදීද නැතහොත් ඉඳුල්කට ගෑමේදී ද සුදුසු වෙයි.
පංචායුධය සුවඳ පැනින් නහවා මල්බුලත් තටුවක් මත තබා සුවඳ දුම් අල්ලා පිsරිත් හෝ ශ්ලෝක සඡ්ජායනා කරමින් එය බිළි¹ගේ ගෙළෙහි පැලඳවීම සිදුකරනු ලබයි. වර්තමානයේ මෙම පිළිවෙත් භාවිත වන්නේ අල්ප වශයෙනි. සෙත් පිරිත් හෝ ශ්ලේක සඡ්ජායනා සිදු කෙරෙන්නේ කලාතුරකිනි. සුබ හෝරාවක් හෝ නාභිය ස්‌පර්ශ වන සේ පංචායුධ පැලඳවීමක්‌ද අද සිදු නොවේ. කෙසේ වුවද නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීsමට නම් අතීතයේ බැඳි වත් පිළිවෙත් අනුගමනය කිරීම පංචායුද පැලඳවීමේදී නිසි යහපත උදාවීමට හේතුවක් වෙයි.
We found this article from Divaina on 2014/02/09.