බුධ ග්‍රහයා රවි සමඟ යෝගව සිටීම බුධ ආදිත්‍යය යෝගයයි. ලග්න කේන්ද්‍රයේ බුධ ආදිත්‍යය යෝගය තිබුණද රවි බුධ යෝග වී ඇද්දැයි බැලිය යුතුය. රවි-බුධ යෝගය නම් පමණක් බුධ ආදිත්‍යය යෝගය උදාවේ.
රවි හා බුධ යෝග දැයි බලනුයේ ලග්න කේන්ද්‍රයේ රවි-බුධ එකම කොටු වේවී නවාංශක කේන්ද්‍රයේ රවි හා බුධ 80 ක් තුළ වේ දැයි බැලීමකි. නවාංශකයක් 30 20′ වේ. එනිසා නවාංශක කේන්ද්‍රයේ රවි හා බුද ළඟ කොටු තුනක් ඇතුළත සිටිය යුතුයි. 80 තුළ රවි, බුධ නවාංශකයේ වේ නම් ලග්න කේන්ද්‍රයේ රවි, බුධ යෝගව ඇත. නොඑසේනම් එනම් 80 ක ට වැඩි නම් රවි, බුධ එකට සිටියද රවි, බුධ යෝගය නැත. රවි, බුධ සංයෝගය පමණක් පවතී.
බුධ ආදිත්‍යය ලබා දෙන සුබ ඵල
රවි-බුධ යෝගය අන් යෝග මෙන් නොව ප්‍රතිඵල ඉක්‌මනින් ජන්මියාට ලබා දේ. ඕනෑම සුබ භාවයකට හොඳ මෙම යෝගය 3 වැන්න, 6 වැන්න, 8 වැන්න හා 12 වැන්නටද සුබඵල උදා කිරීම විශේෂත්වයකි. රවි-බුධ යෝගය හෙවත් බුධ ආදිත්‍ය යෝගය 8 වැන්නට රාජ යෝගයක් ලෙසද ජ්‍යෙතිෂයේ සඳහන් වේ. බුධ ආදිත්‍යය යෝගය ඕනෑම භාවයකට සුබ වුවද එය යෙදෙන රාශිය අනුව පලාපල වෙනස් වේ. මෙම යෝගය කන්‍යා, මිථුන වැනි බුධට අයිති රාශිවලට ප්‍රබල ලෙස සුභඵල උදා කරයි. මොවුන් ඉගෙනීමට අතිදක්‌ෂ වන අතර ශාස්‌ත්‍රයට අධිපති සරසවි දේවියගේ ඇල්ම බැල්ම ද නොමඳව ලබයි. මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශිවලට මෙන්ම කටක, වෘශ්චික, මකර, කුම්භ යන රාශිවලටද සුබඵල උදාකරයි. නමුත් වෘෂභ, තුලා, මීන යන රාශි තුනට නම් මෙම බුධ ආදිත්‍යය යෝගයේ සුබඵල හීන කරයි.

යම් භාවයක රවි – බුද යෝගය හෙවත් බුධ ආදිත්‍යය යෝගය පිහිටා කේතු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්‌වූවිට ජ්‍යෙතිෂයේ පරතෙරට ගිය, හසල, ගුප්ත විද්‍යා දැනුමක් හිමි අයකු බිහි කරයි. මෙය අන් රාශිවලට වඩා කන්‍යා හෝ මිථුන රාශි දෙකට හොඳින් ක්‍රියාත්මක වේ.
පොදුවේ ගත් කළ මෙවැනි බුධ ආදිත්‍යය යෝගයක් හිමි පුද්ගලයා බුද්ධිමත් භාවයෙන් ප්‍රකට අයෙකි. මොවුන් ප්‍රබල ලේඛකයන්, දක්‍ෂ කවියන් වන්නේය. ඕනෑම ගැඹුරු විෂයක් සරලව ධාරණය කර ගනී. ආත්ම ගෞරවය පණ මෙන් රකින මොවුන් හොඳ නම රටේ තබයි. මොවුනට කීර්තිය, ගරු නම්බු නොඅඩුව ලැබේ. ජීවිතය පුරාවටම සැප සම්පත් බුක්‌ති විඳින මොවුන් තමන්ට පැමිණෙන දුක් කම්කටොලු උපේක්‌ෂාවෙන් විඳ දරා ගනී.
බුධ අස්‌ත වීම
මෙම යෝගය යම් කේන්ද්‍රයක පිහිටා නවාංශකයේද 80 තුළ පිහිටියද පලාපල කීමේදී එකවර උක්‌ත ගතිගුණ නොපවසන්න. බුධ, රවිට ආසන්නම ග්‍රහයා බැවින් බුධ අස්‌ත වී ඇද්දැයි බලන්න. අස්‌න වී ඇත්නම් ප්‍රතිඵල නොලැබේ. තවද රවි-බුධ යෝගය මතට වැටෙන ග්‍රහ දෘෂ්ටි ගැන සැලකිලිමත්වන්න. අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි, අශූභ යෝගවල දෘෂ්ටි වැටේ නම් බුධ ආදිත්‍යය යෝගයේ බලය හීන වි යයි. බුධ ආදිත්‍යය යෝගය තිබුණ ද රවි ග්‍රහයාගේ හා බුධගේ රාශි බලය ගැනද, අවධානය යොමුකළ යුතුයි. රවි-බුධ සතුරු, සතුරු මුඪ හෝ භංග නොවන නීචයක පසුවේ නම් ද උක්‌ත යෝගයට හිමි ඵල නොලැබී යනු ඇත.
එනිසා පලාපල පැවැසීමට පෙර ඉහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් වීමෙන් ජ්‍යෙතීර්වේදියා වන ඔබත් වටිනා දිව්‍යමය විෂයක් වූ ජ්‍යෙතිෂයත් යන දෙකම රැකෙනු ඇත.
ඉහත බුධ ආදිත්‍යය යෝගය කේන්ද්‍රය හිමි ජන්මියාගේ අතේද එය පැහැදිලව බලාගත හැක. එය මෙසේයි. අත්ලේ ඇති රවි මණ්‌ඩලය හා බුධ මණ්‌ඩලය එක් මණ්‌ඩලයක් සේ මිශ්‍රව පිහිටීමයි. මෙම එකට එක්‌වූ මණ්‌ඩලය උත්තලාකාරව පිහිටයි.
We found this article from Divaina on 2014/02/23.