භාව දොළහේ සිටින ග්‍රහයන් ඔබේ වගතුග කියයි මෙලෙසින්

0
1448
භාව දොළහේ
භාව දොළහේ

[ratings]

පෙර සංසාරයේ කරන ලද කුසල් අකුසල් අනුව ඕනෑම පුද්ගලයකු මෙලොව එළිය දකින අවස්‌ථාවේ එකී කුසලාකුසල කර්මයන්ට අනුව විශ්වය මගින් හිමිකර දෙන්නා වූ ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය අනුසාරයෙන් අදාළ ජන්මියාගේ බොහෝ වගතුග පැවසිය හැකි අතර ඒ සඳහා කේන්ද්‍රයේ ඇති භාව දොළහ හෙවත් කොටු දොළහ මූලික වේ. අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදී කරුණු සම්බන්ධයෙන් මෙම භාව දොළහ වෙන්වී තිබේ. උදාහරණයක්‌ ලෙස 10 වැනි භාවය තුළින් රැකියාව පිළිබඳ විග්‍රහ කළ හැක.

මෙම භාවයන් තුළ එක්‌ එක්‌ ග්‍රහයන් පිහිටි විට එකී ජන්මියාගේ ගති ස්‌වභාවය ද උත්aපත්ති කේන්ද්‍රයට අනුව පිහිටි බල දුබලතා හමුවේ වෙනස්‌ වන සුළුය. ඒ අනුව කෙනකුගේ ජන්ම පත්‍රයේ එක වැනි භාවයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව එම ජන්මියාගේ ගති ලක්‍ෂණ මෙසේ දැක්‌විය හැකිය.

රවි ග්‍රහයා 1 වැනි භාවයේ සිටිනවිට

සෘජු අදහස්‌ ප්‍රකාශ කරන ඕනෑම කටයුත්තකට නිර්භීතව ඉදිරිපත් වන හිස ඔසවා කෙළින් ගමන් කරන මුහුණේ කැළලක්‌ පවතින මිතුරන් ආශ්‍රය බොහෝ දුරට අඩු සීමිත මිතුරන් පිරිසක්‌ ඇසුරු කරන කතාව බෙහෙවින් අඩු තමුන්ගේ සිතේ පවතින මතයම සනාථ කරමින් අන් මතයන්ට ඉඩ නොදෙන කිසිවකු හමුවේ නොනැමෙන ගති ඇති කෙනෙක්‌ වේ.

සඳු ග්‍රහයා 1 වැනි භාවයේ සිටින විට

නිතර නිතර සෙම් රෝගවලින් පීඩා විඳින විශාල නිවෙස්‌වල වාසය කිරීමට වාසනාව ඇති විදේශ සංචාරයන්හි නිරතවන තම මවගේ හැඩරුවට බොහෝ සේ සමාන රවුම් හැඩයේ මුහුණකින් යුතු සැර පරුෂ ගති පැවතුම් වලින් ඈත් වූ නිතර වෙනස්‌ වන සුළු අදහස්‌ ඇති අයෙකු වේ.

කුජ ග්‍රහයා 1 වැනි භාවයේ සිටින විට

ආරක්‍ෂක අංශයේ හෝ කාර්මික අංශයේ රැකියා ලබන තරමක්‌ කේන්ති ගති ඇති හිසේ හෝ මුහුණේ කැළලක්‌ පවතින ශල්‍යකර්මයකට භාජන වීමේ හැකියාවැති ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට තරම් හැකියාවක්‌ ඇති කාන්තිමත් දෙනෙතකට හිමිකම් කියන අයකු වේ.

බුද ග්‍රහයා 1 වැනි භාවයේ සිටින විට

උසස්‌ අධ්‍යාපනයට හිමිකම් කියන ජනමාධ්‍ය ආයතනයන්හි රැකියා ලබන සමාජය පිළිබඳ මනා දැනුමකින් කටයුතු කරන පොත පත පිළිබඳව ඇල්ම දක්‌වන නිතර වෙනස්‌ වන සුළු හුරුබුහුටි පෙනුමින් යුතු අයෙකි.

ගුරු ග්‍රහයා 1 වැනි භාවයේ නම්

ඉතා පිංවත් ප්‍රියමනාප ශරීරයක්‌ හිමි රජකමට පවා සුදුසුකම් ලබන ආගම දහම ගැන මනා අවබෝධයෙන් ක්‍රියාකරන උසස්‌ රැකියා ලබන සමාජයේ ගෞරවයට පාත්‍ර වන පිවිතුරු හදවතක්‌ ඇති අයෙකු වේ.

සිකුරු ග්‍රහයා 1 වැනි භාවයේ නම්,

කලාවට උපන් හපන් දස්‌කම් දක්‌වන ප්‍රිය මුහුණකට හිමිකම් කියන මුත්‍රාශය සම්බන්ධ රෝගවලට ගොදුරු වන මිතුරු මිතුරියන් බොහෝ සිටින, ඔවුන් හා ඉතාමත් විනෝදයෙන් කල්ගත කිරීමට කැමැති ධනය ලබන වාසනාවන්ත අයෙකු වේ.

ශනි ග්‍රහයා 1 වැනි භාවයේ නම්

තරමක්‌ කම්මැලි ගති පැවතුම් ඇති දරා ගැනීමේ ශක්‌තියෙන් හෙබි නිතර කනස්‌සලු භාවයෙන් පසුවන පැරැණි නිවාසවල වාසය කිරීමට සැලසෙන කෙට්‌ටු ශරීරයකට හිමිකම් කියන නිතර මුඛ රෝගවලට ගොදුරු වන අයකු වේ.

රාහු 1 වැනි භාවයේ නම්

නිතර අදහස්‌ වෙනස්‌ කරන උස ශරීරයක්‌ ඇති විදේශගතවීමේ භාග්‍ය හිමි උපන් ස්‌ථානය මාරු කරන තම මතයේ පමණක්‌ හිඳිමින් ක්‍රියාකරන අවුල්සහගත විවාහ සිදු කරගන්නා ඇවිදිමින් කරන රැකියා ලාභ හිමි ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ නියුතු විය හැකි නරක යෝග භංග වන අයකු වේ.

කේතු ග්‍රහයා 1 වැනි භාවයේ සිටින විට

ශරීරය කෙට්‌ටු වේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ස්‌නායුගත රෝගවලට හේතු වේ. විවාහය කල් ගත වීමට කරුණු යෙදේ. ඇතිවන තුවාලයක්‌ නිසා මුහුණේ කැළලක්‌ ඇතිවීමට බොහෝදුරට ඉඩකඩ පවතී. සෑමවිටම සිත චංචල ස්‌වභාවයක පවතී.

We found this article from Divaina on 2012/01/20.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of