[ratings]
ප්‍රසිද්ධියේ කථා නොකළ යුතුයෑයි බොහෝ දෙනා සිතන, එහෙත් අද සමාජයේ බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති දෙයක් ගැන මෙසේ සාකච්ඡා කරමු. තරුණවියට පත්වන දූ දරුවන් ඇති දෙමවුපියනට මතුවන ප්‍රධාන ගැටලුවක් වනුවේ තමාගේ දුවට, පුතාට හොඳ සහකාරයෙකු හෝ සහකාරියක තෝරා ගැනීමයි. ඒ අයුරින්ම විවාහ වූ දෙදෙනාටත්, ඔවුන්ගේ දෙමාපියන්ටත් ඊළඟ ඉලක්‌කය වනුයේ සුරතල් දරු සිඟිත්තෙකුගේ මුහුණ දැකීමය. මෙතනදී බොහෝ යුවතියන් වාසනාවන්ත වුවත්, විවාහ වූ පසු දරු සුරතල් නොලබන තරුණ තරුණියන්ගේ මානසික වේදනාව ඔවුන් මෙන්ම ජ්‍යෙdතිෂ වේදීන්ටද හුරු පුරුදුය.
සෑම දිනකම දරුවන් ප්‍රමාදවීම් සහ විවාහ ප්‍රමාදවීම් ගැන අප හමුවන්නට එක් අයෙකු හෝ පැමිණීම සාමාන්‍ය සිදුවීමක් වී ඇත. ඒ නිසා විවාහ ප්‍රමාදවීම් ගැන නොව දරුවන් නොලැබීම හා දරුවන් ලැබීම ප්‍රමාද වීම මේ ලිපියෙන් සාකච්ඡා කිරීම බොහෝ දෙනාට වැදගත් වනු ඇත. ජ්‍යෙdතිෂ මතය අනුව ජන්මපත්‍රයේ පස්‌වන කොටුව හෙවත් දාරකස්‌ථානය (දෙදෙනාගේම) සළකාබලා එහි පිහිටන ග්‍රහ තත්ත්වයන් පස්‌වන කොටුවට අධිපති ග්‍රහ පිහිටීම හා පස්‌වන කොටුවට දෘෂ්ටිය හෙළන ග්‍රහයින්ගේ නීච සහ උච්ඡ ස්‌වභාවය මත දරුඵල ගැන සාකච්ඡා කිරීම බොහෝවිට සිදුකෙරේ. වෛද්‍ය විද්‍යාත්මකව දෙදෙනාම නිරෝගීයෑයි පිළිගත්තද දරුඵල නොමැති අවස්‌ථා අපමණය. දෙදෙනෙකු විවාහවීමෙන් පසු ලැබෙන ලිංගික තෘප්තිය මෙන්ම දරුවන්ගේ අවශ්‍යතාවයද වැදගත්ය. මෙසේ දරුඵල ප්‍රමාදවීමට හේතුවන කාරණා කිහිපයක් ඇත.
1. වෛද්‍ය විද්‍යාත්මකව දෙදෙනාගේ හෝ එක් අයෙකුගේ දුර්වලතාව.
2. පාරම්පරික හේතු.
3. බාල අවධියේ පැවැතුම් චර්යාව.
4. ඇතැම් රෝග සඳහා දිගුකාලීනව ඖෂධ භාවිතය
5. මානසික හේතු.
6. පෙර කරන ලද අකුසල කර්ම.
7. කරන ඇතැම් රැකියාවල ස්‌වභාවය.
8. විවාහ වූ මුල් අවධියේ දරුවන් ප්‍රමාද කිරීමට ගන්නා ලද ඇතැම් ඖෂධ.
9. ලිංගික නොගැලපීම්.
10. ග්‍රහ බලපෑම්.
මෙසේ හේතු කාරණා කිහිපයක් අතුරින් 10 පමණක් දැක්‌වුවද මේ හා සමාන තවත් හේතු කාරණාද දරුඵල අඩුවීමට පදනම් වේ. ජ්‍යෙතිෂ කාරණා පදනම් කරගෙන ඉන් තෝරාගත් එහෙත් බොහෝ දෙනාගේ අවධානයට ලක්‌නොවන කරුණක් ගැන මේ ලිපියේ මුඛ්‍ය අවධානය යොමු කෙරේ. එනම් යම් දැරියක “වැඩිවිය පත්වීම” හේතු කරගෙන දරුඵල අහිමිවීම හෝ ප්‍රමාදවීමට හේතු සෙවීමය. වැඩිවිය පත්වීම – මල්වරවීම – ලොකු ළමයෙකු වීම – ගෙට වීම වැනි විවිධ නම්වලින් හැඳින්වෙන මෙම සිද්ධිය ඇත්තෙන්ම දැරියක මවක වීමේ මූලික සුදුසුකම් ලැබීමත් මේ මගින් සිදුවේ. මාතෘත්වය නමැති උපාධිය ලැබීමේ මූලික විභාගයෙන් සාමාර්ථය ලැබීම ලෙස වැඩිවිය පැමිණීම හැඳින්විය හැක. එය සුදුසුකමක් නම් මේ ලිපිsයෙන් “වැඩිවිය පැමිණීම සිදුවූ නිසා දරුඵල ප්‍රමාදවීම” වෙතැයි පැවැසීම හාස්‍යයට කරුණක් යෑයි ඔබට සිතෙන්නට පුළුවන. ඒත් මේ ලිපියේ විස්‌තරය අවබෝධයෙන් ගත්විට ඔබ නොව මා නිවැරදිකරු වනු ඇත.
යෝජිත විවාහයකින් හෝ ප්‍රේම සම්බන්ධතාවයකින් කූඩුවක් තනාගන්නා කුරුළු යුවළ තමාගේ කැදැල්ලට දරු පැටවෙකු ලැබෙන දිනය තරම් බලාපොරොත්තු තබාගන්නා වෙන දෙයක් නැත. කාන්තාවක මවක වන දිනය තරම් අතිපූජනීය දිනයක් ඇයට නැත. “අම්මා” යන වචනය තරම් අගනා වචනයක් මේ ලොව නැත. මේ අම්මා වීම නොහොත් zමාතෘ පදවියZ නොලැබීමට වැඩිවිය පත්වීම හා ඇති බැඳීම සෙවීම වැදගත්ය. දැරියක මල්වරවූ විට ජ්‍යෙdතිෂ මහතා වෙත යන ඇගේ මව හෝ වැඩිමහලු ස්‌ත්‍රියක (බොහෝවිට මෙහිදී තනිව යන්නේ නැත. කාන්තාවන් දෙදෙනකු යැම සිරිතයි) “මල්වර හඳහනක්” සාදාගෙන ඒ අනුව “මල්වර නැකත” ක් සාදාගෙන දරුවාගේ අවශ්‍ය කටයුතූ සිදුකරයි. එහෙත් ඇතැම් දෙමාපියන් මේ “මල්වර හඳහන්” ලබාගන්නේ නැත. මල්වර නැකත පමණක් ලබාගෙන දැරිය නෑවීම ආදි චාරිත්‍ර සිදුකරයි. උපතේදී දරුවෙකුගේ ජන්මපත්‍රයක් සාදන අයුරින්ම මල්වර හඳහනද වැදගත්වන්නේ මේ අයුරින් දරුඵල ප්‍රමාදවීමක් හෝ දරුඵල නැතිsවීමක් ගැන සෙවීමේදීය.
දෙදෙනකු විවාහ වීමේදී විවාහ පොරොන්දම් ගැලපීම සිදු කෙරේ. එතනදී සාමාන්‍යයෙන් බලන විසිපොරොන්දම් අතර ලිංග පොරොන්දම – යෝනි පොරොන්දම – ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම ආදියෙනුත් ලිංගික ගැලපීම මෙන්ම දරුඵලගැනද සොයා බැලේ. බොහෝ විට පොරොන්දම් බැලීමේදී පොරොන්දම් සියයට පනහට වැඩියෙන් ගැලපෙනවාද, සියයට හැටට වැඩිය ගැලපෙනවාද යන්න මිස නොගැලපෙන පොරොන්දම් මොනවාද? ඒවා භංගවීම සිදුවේද? නොගැලපෙන පොරොන්දම් වලින් සිදුවිය හැකි ඵල විපාක මොනවාද? යන්න අසා දැනගැන්මට උනන්දු නොවෙති. ඇතැම් විට පොරොන්දම් විස්‌තරය හෝ අවශ්‍යතාවයන් නොදන්වා පොරෙන්දම් විස්‌සෙන් සියයට කොපමණ ගැලපේද? හෝ අෂ්ඨකූට පොරොන්දම් කොපමණ ගැලපේද? පමණක් අසාගැනීමෙන් සෑහීමකට පත්වේ. පොරොන්දම් බැලීමේදී දරුඵල ගැනද යම් තරමකට දැනගැනීමට ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්ය.
මේ ලෙසින්ම වැඩිවිය පත් අවස්‌ථාවේ සාදනු ලබන හඳහන දැරියකට ජීවිතයට ඉතා වැදගත්ය. කුරුලු පැටවෙකු මුල්වරට බිත්තරය මගින් මෙලොව ජනිත වුවත් බිත්තරයෙන් පැටවෙකු බිහිවීම මුල් ඉපදීම මෙන්ම වැදගත්ය. කුරුල්ලන් කෙසේ වෙතත් ඇතැම් ජලජ ජීවින් බිත්තර සිය ගණනක් බිහිකළත් පැටවුන් බවට පත්වන්නට වාසනාව ඇත්තේ ඒ බිත්තරවලින් සියයට කීයක්‌ද? මේ ලෙසින්ම දැරියකද මවගේ කුසයෙන් ලත් මුල් ඉපදීම මෙන්ම දැරිය වැඩිවියට පත්වූ පසු ලබන දෙවන උපතද වැදගත්ය. ඒ නිසාමයි “ඔයා දැන් පුංචි ළමයෙක් නොවෙයි. ඔයා ලොකු ළමයෙක්” කියා වැඩිහිටියන් පවසන්නේ. ශාරීරිකව ගැහැනු දරුවෙකුගේ වැඩිවිය පත්වීම සමාජයට පෙනුනද පිරිමි දරුවන්ද “වැඩිවියට පත්වීම” සිදුවේ. එහෙත් එය සුලබව සමාජයේ ගෞරව ආදරයට පත්නොවන සාමාන්‍ය කරුණක් වේ. උඩු රැවුල ඒම, කටහඬ වෙනස්‌වීම වැනි පැහැදිලිව පෙනෙන කරුණු පමණක් සළකා බලා “කොල්ලගේ රැවුල හැදිලා” කීම පමණක් අද පිරිමි දරුවන් වෙත පැවැසේ. එහෙත් “ලොකු ළමයෙකු” වීම ගැහැනු දරුවාට දෙවන උපතක්‌මමැයි. මේ වැඩිවිය පැමිණීම පිළිබඳ වේලාව බැලීමේදී දැරිය වැඩිවිය පත් වේලාව පමණක් නොව ඒ වේලාව අනුව දක්‍ෂ ජ්‍යෙdතිෂ මහතාට දැරිය වැඩිවිය පැමිණි ස්‌ථානය, ඇය ඇඳ ඇඳුමේ වර්ණය, ඒ ස්‌ථාන, පරිසරය සහ තවත් විශේෂිත කරුණු රැසක් පැවැසිය හැක. ඒ අයුරින්ම මේ මල්වර වූ වේලාව හා හඳහන් සැකසූ අවස්‌ථාවේ පවත්නා ග්‍රහචාරයද දරුඵල සඳහා යම් උපකාරයක් කරගත හැක.
ඇතැම් දැරියන් මල්වරවීමේදී නිසි වයසට පෙර මල්වරවීමත්, ඇතැම් දැරියන් පමා වී මල්වරවීමත් සිදුවේ. මේ කලින් මල්වර වීමේ ප්‍රමාදවීමත් අද සමාජයේ දක්‌නට ඇතත් මේ අක්‍රමවත් මල්වරවීම “යම් තරමක” දරුඵල පමාවීමට හේතුවක් වී ඇත. ඒ ගැන පමණක් නොව සාමාන්‍ය ලෙස නිසිවයසේදී මල්වර වූ දැරියකගේ මල්වර හඳහන සලකාබලා දරුඵල පමාවීම හෝ දරුඵල ගැන විග්‍රහ කිරීම සිදුකරමු. මල්වර හඳහන හැදීමේදී පහත සඳහන් කාරණා රාශියක් කෙරේ අවධානය යොමු කෙරේ.
1. මල්වර වූ මාසය
2. මල්වර වූ දිනය (සඳුදා, අඟහරුවාදා ආදි වශයෙන්)
3. මල්වර වූ නැකත (නැකැත් 27)
4. මල්වර වූ තිථිය
5. මල්වර වූ ස්‌ථානය
6. ඒ අවස්‌ථාවේ ඇඳසිටි වස්‌ත්‍රයේ ස්‌වභාවය
7. මල්වර වූ ලග්නය
8. මල්වර හඳහනේ ග්‍රහ පිහිටීම
මෙසේ කාරණා රාශියකින් යුත් මල්වර හඳහන අනුව දරුඵල පමාවීම් වලට හේතු කාරණා සොයාගත හැක. මෙතැන් සිට ඉදිරියට ඉහත කී තොරතුරුවලට සම්බන්ධ සුබඵල පමණක් ලිපියෙන් ඉදිරිපත් කරමි. (උදාහරණ සඳහා), අසුබ ඵල කීමට නොයන්නේ මෑතකදී වැඩිවිය පත් දරුවන් හෝ ඔවුන්ගේ මවු පිය ආදීන් ඒ අනුව ඵල දැනගෙන යම් මානසික පීඩනයකට ලක්‌වීමට හැකි නිසාය. උදාහරණ ලෙස අසුබයෑයි කී දිනකදී දැරියක මල්වර වූයේ නම් ඒ zඅසුබZ වචනය පමණක්‌ම සිතා ඇතැම් ගැටලු ඇතිකරගන්නට ඉඩ ඇත. ඒ නිසා “සුබ” උදාහරණ පමණක් පෙන්වමි. දරුඵල අහිමි හෝ ප්‍රමාද වූ කාන්තාවක් පමණක් ඔබේ ජ්‍යෙdතිෂ මහතාගෙන් ඒ අනුව කරුණු දැනගැනීම වැදගත්ය. ඒ අනුව ඔබගේ මේ පිළිබඳ අවධානය (දරුවන් පමාවූ ස්‌ත්‍රීන්ගේ සහ දරුඵල අහිමි ස්‌ත්‍රීන්ගේ) යොමුවීම පිණිස සුබඵල ලබාදෙන අවස්‌ථා කිහිපයක් උදාහරණ සේ දක්‌වමි.
පුණ්‍යවන්ත හා වාසනාවන්ත දරුවන් බිහිවීම සඳහා සුදුසු අවස්‌ථා කිහිපයක් අතුරින් උදාහරණ කිහිපයක් පමණක් දක්‌වමි. ඒ කිහිපය පමණක් නොව තවත් සුබ අවස්‌ථා රාශියක් ඇත. නමුත් දරුඵල පමාවන හා අහිමිවන යෝග සඳහන් නොකරනුයේ ඇතැම් විට තරුණ දියණියක් සහ තරුණ දියණියන් සිටින දෙමාපියන් ඒවා වැරදි සේ අර්ථ කථනය කරගැනීමට ඉඩ ඇති නිසාය. වැඩිවිය පැමිණීමේදී විස්‌තර කළ කාරණා දරුඵල පමාවීමේ එක් හේතුවක් පමණක් වුවත් ඇතැම් විට එය ප්‍රබලව සාධකයද විය හැක.
පින්වත් හා වාසනාවන්ත දරුවන් බිහිවීමට යෝග්‍යවන
1. මාස – නවම් – වෙසක්
2. තිථි – සත්වක – දසවක
3. දින – සඳු
4. නැකත් – අස්‌විද
5. වස්‌ත්‍රය – සුදු
6. ස්‌ථානය – තමාගේ නිවස
7. ලග්නය – මීන
ඉහත දැක්‌වූයේ උදාහරණ කිහිපයක් පමණක් නිසා දරුවන් පමාවන කාන්තාවන් තමාගේ ජ්‍යෙdතිෂ මහතා හමුවී මල්වර හඳහන පෙන්වා ගැටලුව සොයා ඊට විසඳුම්ද සොයාගත හැක.
මේ සමගම මල්වර වූ අවස්‌ථාවේදී සිදුවන ඇතැම් දොaෂ තත්ත්වයන් මත “තනිවීම්” හෝ “කළුකුමාර දොaෂද” විවාහය පමාවීම හා දරුඵල පමාවීමට හේතුකාරක වේ. ඒ නිසා කළුකුමාර දොaෂය නැතිකරගැනීමද සුබදායකය. එවැනි තත්ත්වයක් ඇත්දැයි දක්‍ෂ ජ්‍යෙdතිෂ මහතෙකුට සොයාගැනීම අපහසුනොවේ. ඔබ ලොකු ළමයෙක් නම් එය වාසනාවක් මිස ලොකු ළමයෙක් වූයේ අවාසනාවට යෑයි දුක් වන්නට එපා. zලොකු ළමයාZ zඅම්මාZ නමැති උත්තරීතර කාන්තාව ඇති කරවන මුල්ම අඩිතාලමයි.
We found this article from Divaina on 2012/05/25.
Also Sinhala to English Google word to word translation can be found here