ලොව පැවැත්මට සත්වයාගේ ව්‍යාප්තිය සිදුවිය යුතු වන්නේය. හඳහනේ පස්‌වැන්න හා හත්වැන්න මේ සඳහා විශේෂ වන්නේය. දරුඵල හා විවාහය ගැන මේ ස්‌ථාන 2 ක වැදගත් තැනක් ගනී. කේන්ද්‍ර සටහනේ 5 වැන්නෙන් බුද්ධිය, විනෝද ආශ්වාදය, කලාකාමිත්වය, සදාචාරය, දරුපිළිසිඳ ගැනීම්, දරුඵල ආදී බොහොමයක් කාරණා කටයුතු සොයා බැලේ. ලොව ඉදිරි පැවැත්ම සඳහා වන දරු සම්පත ගැන පිරික්‌සීමේදී පස්‌වැන්නත් ඊට අදාළව සිටින ග්‍රහයාත්, පස්‌වැන්නට අධිපති ග්‍රහයාත්, උපතේ සිටි සෙසු ග්‍රහයින් සහ සංයෝග ගැනත් ග්‍රහ දෘෂ්ඨි ගැනත් නිරීක්‍ෂණයට කළ යුතු වන්නේය.
දරු උපතක් ලැබීමට සුදුසු ඉඩ ප්‍රස්‌ථාවක මං පෙත් උදාවන්නේ ගැහැනු දරුවකු මල්වර බවට නොහොත් වැඩිවියට පත්වීමෙන් පසුවය. කාන්තාවකගේ ප්‍රථම වල්වරය සිදුවීමෙන් පසු මාස් ශුද්ධිය සිදුවෙයි. ඩිම්බ ඇතිවන්නේ ප්‍රථම වල්වරයෙන් පසුවය.
ජ්‍යෙdතිෂ වේදයට අනුව ගැහැනු ළමයකු වැඩිවියට පැමිණීම සිදුවන්නේ කුජ – චන්ද්‍ර (අඟහරු – සඳු) දෙදෙනාගේ බලපෑමෙනි. ආසියාතික රටවල සාමාන්‍යයෙන් ගැහැනු දරුවන් වැඩිවියට පත්වන්නේ වයස අවුරුදු 10-14 ත් අතරය. එහෙත් අඩු වයසින් වැඩිවියට පත් ගැහැනු ළමුන් ගැනද කොතෙකුත් කරුණු අනාවරණය වෙයි. බොහොමයක් ශීත ගුණිත රටවල මෙම කාලසීමාව වයස අවුරුදු 20 දක්‌වා දීර්ඝ වීමටද ඉඩ තිබේ.
ස්‌ත්‍රී හඳහනක (ජන්ම පත්‍රයක) 03.06 – 10.11 යන ස්‌ථානයන් ගෙන් බැහැරව අන්ත්‍ය අනුපචය ස්‌ථානය වූ 01-02-04-05-07-08-09-12 යන ස්‌ථාන මිථුන, කන්‍යා, තුලා, ධනු, කුම්භ යන රාශියකට අයත් වූ විට හා එක් රාශියක සඳු සිටින විට සහ ගුරුගේ දෘෂ්ඨියට ලක් වූ විට පළමු මල්වරය නොහොත් වැඩිවියට පත්වීම සිදුවන්නේය. මාස් පතා සිදුවන ඔසප්වීම (මාස් ශුද්ධිය) ස්‌ත්‍රියකට සිදුවන්නේ ඇගේ ජන්ම පත්‍රයේ 3-6-10-11 යන උපචය ස්‌ථාන හැර වෙනත් ස්‌ථානයකට (රාශියකට) සඳු සිටින විට සහ සඳු කුජගේ දෘෂ්ඨියට හසුවීමෙනි.
මල්වර බවට පත්වීමෙන් පසු කේන්ද්‍රයට අනුව ශුභා/අශුභ උදාවීම ගැන නිශ්චය කළ හැකි වන්නේය. බෙරණ, කැති, අද, අස්‌ලිස, මා, පුවපල්, වීසා, දෙට, පුවසල, පුවපුටුප, යන නැකැත්වලින් මල්වරවීම යහපත සේම වාසනාව අපේක්‍ෂා කිරීම උගහටය. එහෙත් අස්‌විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුස, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, මුල සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවතී යන නැකත් වලින් මල්වරය සිදුවී නම් යහපත වාසනාව සතු=ට සම්පත ගෙන දෙයි.
විසා නැකතින් මල්වර වූ කාන්තාව පතිවත රකින ස්‌වාමි භක්‌තිය ඇති තැනැත්තියක වන්නේය. සුවණ දෙනට නැකත්වලින් ද ශුභ තත්ත්වයක් උදාකරයි. ධනවත් වෙයි. මුවසිරස නැකතින් මල්වරය සිදුවූ විට දාන, මාන, පිංකම්වල යෙදී ධාර්මික ජීවිතයක් ගත කරයි. වාසනාවන්ත දරුවන් ලබන්නේ මුවසිරිස නැකතිනි. හත නැකතද දරුඵලවලත් ශුභයි. සිත සා ඇතුළු කලින් සඳහන් කළ ශුභ නැකත්වලින් යහපත උදාවෙයි.
රාශිඵල අනුව මේෂ රාශියෙන් මල්වරය සිදු වූ විට දිළිඳුවෙයි. අත මිට සරු නැත. වෘෂභ රාශියෙන් වූ විට ධනවන්තියක වීම සේම සැපද ලබයි. මිථුනයටද එසේමය. එහෙත් කාමාශාව වැඩී. කටක රාශියේද පරම්පරාවට, පවුලට නොගැලපෙන අයුරින් කටයුතු කරන අතර ස්‌වාමිපුරුෂයාට අකීකරු වෙයි. සිංහ රාශියේදී දරු ප්‍රසූත දෝෂ හා දරුවන්ට හානි ඇති කරයි. සීලවන්ත හා ධාර්මික තැනැත්තියක වන්නේ කන්‍යා රාශියටයි. ව්‍යාපාර කටයුතුවලට යහපත් වන්නේ තුලා රාශියේදී සිදුවූවානම්ය. ඩෙ රෝගවලින් පෙළීම හා දේවේශ සහගතව කටයුතු කරන තැනැත්තියක වන්නේ වෘශ්චික රාශියෙන්ය. එසේම දුප්පත්ද වෙයි. ධනු රාශියෙන් මුල් කොටසේ නම් පහත් ක්‍රියාකරයි. අග කොටසේ නම් ධාර්මිකව සිල්වත්වේ. පහත් ගතිපැවතුම්වලින් යුක්‌තව, දරුවන්ද මරණයට පත්කරවන්නේ මකර රාශියෙන් මල්වර වූ විටය. කුම්භ රාශියද ගුණ දෙන්නේ නැත. මීන රාශිය ඉතා ශුභයි. පිංවත්තවේ. රෝගාබාධ වලින් වැළකී සතුටින් කාලය ගෙවයි.
දින වශයෙන් ඉරිදා අඟහරුවාදා සහ සෙනසුරා යන දිනයන්හි මල්වරවීම යහපත් නොවන අතර සෙසු දිනයන්හි යහපත්ය.
විශේෂයෙන් සඳු දිනක වූ විට පතිවත රකී. පවුල් ජීවිතය යහපත්වේ. ගුණධර්මවලින් පෝෂිතයි. එහෙත් අව සඳු වී නම් දරුවන්ට ගුණ නැත. බදාදා දිනක සිදුවූ විට විවාහයේදී දූවරු වැඩියෙන් ලැබේ. ශරීර සෝභාව වැඩිවේ. පවුලේ අයට හිතවත් වෙයි. බ්‍රහස්‌පතින්දා දිනක වීමද ඉතාමත් ශුභයි. පුතුන් ලබයි. ස්‌වාමි භක්‌තියෙන් යුතුව කටයුතු කරයි. සිකුරාදා දිනක වීමෙන්ද ධනයෙන් බලයෙන් දියුණුවත් උදාවේ. සැපවත් විවාහ දිවියක් ගත කළ හැකිය.
We found this article from Divaina on 2012/07/20.
Also Sinhala to English Google word to word translation can be found here