[ratings]
මල්වර වීම නොහොත් වැඩිවියට පත්වීම යනු කාන්තාවක විසින් ලබන විශේෂ වරප්රසාදයකි. එහි අතුරුඵලයක් වශයෙන් විවාහයෙන් පසු මවක වීමේ භාග්‍යය ඇයට උදාවේ.
වයස අවුරුදු 09 ත් 15 ත් අතර ගැහැනු දරුවකුගේ ඩිම්භ-කෝෂයෙන්a ඩිම්බයක් නිකුත් වී එකී ඩිම්බය පැලෝපීය නාල තුළින් ගර්භාෂය වෙත පැමිණ මසකට පසු ශුද්ධ වීම මල්වර වීම ලෙස සැලකෙයි. සීත දේශගුණයෙන් යුත් ඇතැම් රටවල කතුන්ට මල්වර වීමට වයස අවුරුදු 18 ක් 20 ක් පමණ ගත වෙයි. ආසියාතික රටවල අයට නම් එසේ නොවේ. වයස අවුරුදු 06 සිට මල්වර වීම සිදුවන අවස්ථාද යෙදේ.
ජ්‍යෙdතිෂ ශාස්ත්‍රයට අනුව ස්ත්‍රියකගේ හඳහනේ 01-02-04-05-07-08-09-10 යන ස්ථානයත් මිථුන, කන්‍යා, තුලා, ධනු, කුම්භවී එහි සඳු සිටිනවිට හා සඳුට අඟහරු පෙනේ නම් පළමු මල්වර වීම සිදුවීමට නියමිතය.
වැඩිවියට පත් කාන්තාවක් නිරෝගීමත් බවින් යුතු තැනැත්තියක වන්නේ මාස්පතා සෘතු වීම නිසි පරිදි සිදුවන්නේ නම් පමණි. අඩු වයසේදී වුව වැඩිහිටි බවට පත්වන්නේ අටවැන්න අධිපති (කේන්ද්‍රයේ) සෙනසුරුගෙන් හා කේතුගෙන් පීඩාවට ලක්ව සිටීමෙනි. ශරීරයේ ග්‍රන්ථි කොටස් නිසි අයුරින් වැඩී, ස්ත්‍රී අංගවලින් සපිරුණ විටද නිසි වයස් සම්පූර්ණ වීමට පෙර වැඩිවියට පැමිණේ. දින අනුව පහත පරිදිය.
සඳුදා
සඳුදා දිනක වී නම් පාසලක සිට හෝ කුඹුරක, හේනක, වත්තක සිට එමින් හෝ ආවාට පසු සිදුවීමට පුළුවනි. ඇතැම් විට ළිඳක්, ඇළක් දොළක්, වැවක් ළඟ සිටියදී වුව විය හැකිය. වැඩිහිටි කාන්තාවක් තමා අසල වුව සිටීමටද ඉඩ ඇත. මෙදින මල්වර වූවන් ඉතා වාසනාවන්තයි. තම වැඩ කටයුතු, ගතිගුණ ඉතාමත් හොඳයි. පතිවත රකී. එදිනට ඇඳ සිටි වස්ත්‍රය සුදුපාට විය හැකිය. රුධිර බිංදු 05 ක්a පමණ වැගිරෙන්නට ඇත.
අඟහරුවාදා
මෙදින සිදුවූයේ නම් ඇඳි වස්ත්‍රය රතුපාටට හුරු වීමට පුළුවන්. රුධිර බිංදු 04 ක් පිටවෙයි. ළිප ළඟ හෝ මුළුතැන්ගෙයි හෝ වීමට පුළුවනි. ඒ වනවිට එහි වැඩිමහල් තරුණ පිරිමිකු සිටීමට ඉඩ ඇත. මේ දිනය අනුව නම් තරමක් අහංකාරයි. ආඩම්බරයි. ඉක්මන් කෝපය ඇති වේ. දුර බැහැර ඇවිදීමට කැමැතියි. ප්‍රධානත්වය ඕනෑ කරයි.
බදාදා
මෙදින ඇඳි වස්ත්‍රය කිළිටු වූ මිශ්‍ර වර්ණයක් විය හැකිය. රුධිර බිංදු 01 කට වඩා පිට නොවේ. මෙය සිදුවන්නේ ජලය ගෙන ඒමට යද්දී හෝ වෙන යම් වැඩකට යද්දී හෝ ආපසු ඒමේදීය. දිනය වශයෙන් බදාදා ශුභයි. යහපත් කතාව වෙයි. නෑයින්ට පවුලේ අයට අසල්වාසීන්ට හිතවත් වේ. ශරීරය ලස්සන වෙයි. විවාහ ජීවිතය සරුවේ.
බ්‍රහස්පතින්දා
මෙදින ඇඳ සිටි වස්ත්‍රය විය හැක්කේ කහ පාටට හුරු එකකි. රුධිර බිංදු 04 කට වඩා නිකුත් නොවේ. ජලය ඇති ස්ථානයක වීමට පුළුවනි. පාසල් යැමට පෙර හෝ පාසලේදීම හෝ වීමට පුළුවන්. දින අනුව බ්‍රහස්පතින්දා දිනයේ නම් ඉතා වාසනාවන්තයි. විවාහය ඉතා වාසනාවන්තයි. පරාර්ථකාමී වේ. අන් අයට උපකාර කරයි. වාසනාවන්ත පිsරිමි දරුවන් ලබයි. සැපයේ වාසය කිරීමට හැකිවේ. විශාල ගෙයක් හිමිවනු ඇත.
සිකුරාදා
මෙදින ඇඳ සිටි වස්ත්‍රය විය හැක්කේ නිල් පාටට හුරු එකකි. රුධිර බිංදු 03 කට වඩා නිකුත් නොවේ. මෙය සිදුවන්නට ඇත්තේ පාසලට, වැසිකිළියට හෝ අවට ගොස් ආවාට පසුව විය හැකිය. ඇතැම් විට ඇඳුම් අදින විට හෝ වෙනත් කාර්යයක නිරතව සිටින විට හෝ වීමට පුළුවනි. සිකුරාදා දිනයද ඉතාමත් ශුභයි. සැප සම්පත් ලබයි. නිරෝගී වේ. ඉගෙන ගැනීමට අධ්‍යාපන කටයුතුවලට දක්ෂතා දක්වයි. සංගීත සාහිත්‍ය කලා කටයුතුවලට ලැදිවේ. පවුලේ අයට හිතවත් වේ. මිත්ර්ර ආශ්‍රය වැඩිය.
සෙනසුරාදා
මෙදින සිදුවූයේ නම් කිළිටි කළු පැහැයට හුරු වස්ත්‍රයක් ඇඳ සිටීමට පුළුවනි. රුධිර බිංදු 04 කට වඩා නැත. පලතුරු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් කෑමෙන් පසු විය හැකිය. ඇතැම් විට මව හෝ පියා නිවසේ නැති අවස්ථාවක වීමට පුළුවනි. මල්වර වූ තැනැත්තිය පවුලේ බාලයා හෝ වැඩිමලා වීමට ඉඩ ඇත. ශනිදා දිනය නිසා මෙවන් අයට කෝපය ඇතිවීම වැඩිය. ඇඳුම් පැළඳුම් පවා ඉක්මනට කිළිටි කර ගනී. විවාහය ප්‍රමාද විය හැකිය. එය එතරම් සාර්ථක නොවීමටද ඉඩ තිබේ.
ඉරිදා
දින අනුව ඉරිදා දිනෙක වැඩිවියට පත්වූයේ නම් එය සිදුවන්නට ඇත්තේ ජලය අසලකදී ජලය ගෙන ඒමට යැමේදී හෝ ජල අත ගාන විට හෝ වීමට පුළුවන. එදිනට ඇඳ සිටි වස්ත්‍රය මද රතුපාට විය හැකිය. රුධිර බිංදු 03 කට වඩා නිකුත් නොවිය හැකිය. පලාඵල අනුව ඉරිදා සිදුවූ විට ශරීරය ලස්සනට වැඩෙයි. නිරෝගී වේ. පවුලේ – ගෙදර උදවියගේ ගරු සරු ලබයි. ආත්ම ගෞරවය රැක ගනී.
ලග්න පලාපල අනුව මේෂ ලග්නයෙන් වැඩිවියට පත්වූ විට දුප්පත් වෙයි. වෘෂභ ලග්නයන් නම් ධනවත් වෙයි. මිථුන ලග්නය වී නම් සැපසේ ජීවත් වෙයි. කටකයෙන් නම් යහපත් ගතිගුණ අඩුයි. සිංහ ලග්නයෙන් නම් ඉතාමත් වාසනාවන්තයි. කන්‍යා වෙන් නම් සැපසම්පත් ලබයි. නිරෝගී වේ. තුලාවෙන්ද එසේමය. වෘශ්චික අහංකාර සැර පරුෂ බවක් පෙන්වයි. ධනුවේ ඉතා ශුභයි. මකර ලග්නයෙන් නම් ගති ගුණ නරකයි. කුම්භ ලග්නයෙන් නම් අහංකාරයි මුරණ්ඩුයි. මීනයේ ඉතා හොඳයි. වාසනාවන්ත දරුවන් ලබයි.
මල්වරවීම සිදුවී දින 04 කින් හෝ 05 කින්, අස්විද, රෙහෙන, මුව සිරස, අනුර, හත, සා, දෙට, දෙනට, උත්‍රපල්, උත්‍රසල, උත්ර පුටුප යන නැකතකට වැටෙන සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනක ශුභ වේලාවක් යොදාගෙන කිරි වෘක්ෂයක් අයිනේ ස්නානය කරවීම හොඳයි. මෙය පිරිමි අයට නොපෙනෙන පරිදි විය යුතුය. ස්නානයෙන් පසු ගෙයි පහනක් දැකීමට සැලැස්වීම හොඳයි. මාපියන් පළමුව දැකීමට සැලැස්වීම යෙහෙකි.
We found this article from Divaina on 2011/12/09.
Also Sinhala to English Google word to word translation can be found here