“මාරක ස්‌ථානය” හෙවත් අටවෙනි භාවයේ ග්‍රහයින් සිටින විට…

1295
මාරක
මාරක

[ratings]

පෙර සසරේ කරන ලද කුසල කර්ම අකුසල කර්ම වල ප්‍රගති වාර්තාව ලෙස මෙලොව එළිය දකින අවස්‌ථාවේ අපට හිමිවන ජන්ම පත්‍රයේ 8 වැනි භාවය සහ 8 අධිපති ග්‍රහයාද 8 වැන්නේ සිටින ග්‍රහයින්ද 8 වැනි භාවයට දෘෂ්ටි හෙලන ග්‍රහයින්ද 8 අධිපති ග්‍රහයින්ගේ උච්ච වීම් නීච වීම් ආදී ග්‍රහ තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ජන්මියකුගේ මරණය පිළිබඳව අනාවැකි කිවහැකි බැවින් ප්‍රධාන වශයෙන් 8 වැනි භාවය “මාරක ස්‌ථානය” ලෙසින් හැඳින්වේ.

මරණය සිදුවන ආකාරය හා ස්‌ථානය පිළිබඳවද කුමන කාලයේ කිනම් ස්‌ථානයේ සිදු වන්නේද යන කරුණුද 8 වෙනි භාවය නිවැරැදිව පිරික්‌සීමෙන් තොරතුරු අනාවරණය කරගත හැකි අතර ලග්නාධිපති, ලග්නාධිපති ග්‍රහයා 9 වැන්නාධිපති ග්‍රහයා දුර්වල නම් අදාළ අයට බොහෝ දුරට මරණයට නතුවීමට සිදුවිය හැකි අතර දීර්ඝායුෂ දෙන යෝගයක්‌ එවන් අයකුට පිsහිටා නොතිබුණහොත් මරණය සිදුවීම වැළැක්‌විය නොහැක.

යම් කේන්ද්‍රයක කුජ අටවැන්නේ සිටින විට නොසිතූ වෙලාවක සිදුවන මරණයකට ගොදුරු විය හැකි අතර හදිසි අනතුරු හෘදයාබාධ වැනි තත්ත්වයකින්ද ගුරු 8 වැන්නේ සිටින විට රුධිර පීඩනය, ශනි 8 වැන්නේ සිටින විට කල් අල්ලන රෝග වලින්ද බුධ 8 වැන්නේ සිටින විට ගෙඩි, දද, වන, පිළිකා, ආදී රෝගයන්ගෙන්ද කේතු 8 වැන්නේ සිටින විට අතුරුදන් වීමකින්, පැහැරගැනීමකින් පසු මරණය සිදුවන බවද කියෑවේ.

කෙනෙකුගේ දෙවෙනි උපත ලෙස සැල කෙන විවාහයෙන් පසුව අදාළ තැනැත්තා හෝ තැනැත්තිය ගෙවන ජීවිතය සැප සතුට පිරි ප්‍රීතීමත් එකක්‌ද දුක කල කිරීම මැද ගෙවන දුක්‌ත එකක්‌ද යන කාරණයද අනාවරණය කරගත හැක්‌කේ මෙකී 8 වෙනි භාවයෙන් වන අතර උදාහරණයක්‌ ලෙස ගත් කල ජන්ම පත්‍රයක 8 වැන්නේ ගුරු සිටීමෙන් විවාහයෙන් පසුව දියුණුව සමග සතුට හිමිවන අතර 8 වැන්නේ ශනි සිටීම තුළ විවාහයෙන් පසුව දුක උරුම වීම තුළ කලකිරුණු ජීවිතයක්‌ ගත කිරීමට සිදුවේ.

මීට අමතරව විවාහයෙන් පසු සහකරුගෙන් හෝ සහකාරියගෙන්, ලැබෙන මිල මුදල්, බඩු භාණ්‌ඩ, යාන වාහන ඉඩ කඩම් නිවාස වැනි දේපළද පිළිබඳවද අනාවරණය කර ගත හැක්‌කේද 8 වෙනි භාවයෙන්ය.

ශරීරයේ ස්‌ථාන වශයෙන් ගත් කල ලිංගාශ්‍රීත ප්‍රදේශ හා රහස්‌ ප්‍රදේශවල හටගන්නා රෝගාබාධ පිළිබඳව ද මෙම ස්‌ථානයෙන් බොහෝ තොරතුරු දැනගත හැකි අතර 8 වෙනි භාවයේ සිටින ග්‍රහයින් උච්ච, නීච, සතුරු සහ සුබ අසුබ දෘෂ්ධි අනුව මෙකී කාරණා වෙනස්‌ වන අවස්‌ථාද පවතී.

රවි 8 වෙනි භාවයේ සිටින විට

විවාහයෙන් දායාද හිමිවේ. අර්ශස්‌ වැනි රෝගවලට ගොදුරු විය හැකිය. විදුලියෙන් ගින්දරෙන් අනතුරු ඇතිවේ. නිතර කේන්ති ගති ඇතිවන තද සිතක්‌ ඇත්තකු වේ. කිසිවකුට අවනත නොවන ආඩම්බර ගති පැවතුම් ඇති අයෙකි.

සඳු 8 වෙනි භාවයේ සිsටින විට

නිතර සෙම් රෝගවලට ගොදුරුවේ. කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රීත රෝග ඇති කරයි. මවට අපල ගෙනදිය හැක. කුඩා කාලයේ අපලවලට ගොදුරු වේ. ජලයෙන් විපත් ඇති කරයි. 8 වෙනි භාවයේ සඳු ග්‍රහයා උච්ච බලයෙන් සිටීම යහපතට හේතු වේ.

බුධ 8 වෙනි භාවයේ සිටින විට

දැකීමට ප්‍රිය ශරීරයක්‌ හිමිවේ. ස්‌නායු රෝග ඇතිකරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සමාජයේ සියලු දෙනා සමග හිතවත් කම් ඇති කර ගන්නා අයෙක්‌ වන අතර මිනිසුන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වේ. හිත හොඳ අයෙක්‌ වේ.

කුජ 8 වෙනි භාවයේ සිටින විට

හදිසි අනතුරුවලට ගොදුරු වේ. විවාහ ජීවිතය ගැටලු සහගතය. සිතේ කේන්ති ගති ඇති කරයි. අධි රුධිර පීඩනයට ගොදුරු විය හැකිය. පිරිමි සහෝදරයන්ට අපල ගෙනදිය හැක.

සිකුරු 8 වෙනි භාවයේ

සිටින විට

කලා අංශයට සිත යොමු වේ. පෙම් සබඳතා බොහොමයක පැටලේ, සිවුමැලි ශරීරයක්‌ හිමිවේ. දියවැඩියා රෝගයට ගොදුරු විය හැකිය. ඉතා සැපවත් ජීවිතයක්‌ ගත කර ශාන්ත මරණයකට හිමිකම් කියයි.

ශනි 8 වෙනි භාවයේ

සිටින විට

පාදවල රෝගාබාධ වලට ගොදුරු වේ. පැරණි නිවාසවල වාසය කිරීමට සිදුවිය හැක. දේපළ ලාභ හිමිවුවත් ඒ සම්බන්ධයෙන් කරදරවලට මුහුණ පෑමට සිදුවිය හැක.

ගුරු 8 වෙනි භාවයේ

සිටින විට

පියාට අපල ඇති කරයි. වකුගඩු ආශ්‍රිත රෝගවලට ගොදුරු වේ. ඉතා ඉක්‌මනින් උණ රෝගවලට මුහුණ දීමට සිදුවේ. තරමක්‌ මුරණ්‌ඩු චරිතයක්‌ වේ. දුක්‌ නොවිඳ සිදුවන මරණයකට හිමිකම් කියයි.

රාහු 8 වෙනි භාවයේ

සිටින විට

අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. එක තැනක වාසය කිරීමට නොහැකි වේ. උස දිගැටි ශරීරය වේ. හදිසි අනතුරුවලට ගොදුරු වීමට ඉඩ කඩ ඇත. ශරීරයේ නොමැකෙන කැළලක්‌ ඇතිවේ.

කේතු 8 වෙනි භාවයේ

සිටින විට

සෙම් රෝගවලට ගොදුරු වේ. විවාහය අවුල් සහගත කරදරකාරී එකක්‌ වේ. ශරීරය කෘෂවේ. අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීමට ඉඩ ඇත. අමනුෂ්‍ය දෝෂ වලට ගොදුරු වීමේ ඉඩකඩ ඇත.

We found this article from Divaina on 2012/03/16.
Also Sinhala to English Google word to word translation can be found here