වහළයේ දැව තැබීම
ගෘහයක් ගෘහ මූලිකයා ට බල ගැන්වීමට නම් එම ගෘහයේ වහළයට දැව තැබීම ගෘහ මූලිකයා විසින්ම සිදුකළ යුතු වෙනවා. එහෙත් නූතනයේ මෙය බොහෝ අවස්‌ථාවල වඩුබාස් විසින්ම සිදුකරන දෙයක් බවට පත් වී තිබෙනවා. එය ඉතා වැරදි දෙයක් බව පෙන්වා දෙනවා. ගෘහ මූලිකයා විසින් සූබ මුහුර්තියෙන් ගෘහ මූලිකයා ගේ ජන්ම නැකතට බලගන්වන ලද දැව (මී, කොහොඹ, සඳුන්) ඇණ එකතු කළ යට ලීයක් හෝ මුදුන් යට ලීය ගෘහ හිමියා විසින්ම ගෘහයේ ඊශාන හෝ නිරිත දිශාවෙන් තැබීම කළ යුතු වෙනවා ඒ සඳහා වඩු කාර්මිකයන්ගේ සහයෝගය ලබා ගත යුතු අතර බිත්තිය මත යට ලීය තැබීම ගෘහ හිමියාගේ සුරතින්ම විය යුතුය.
එවිට ගෘහයේ සිරස නැත්නම් වහලය ගෘහ හිමියාට සීහුම් වනබව මතක තබා ගත යුතුයි. වෙනත් කෙනෙකු වහළයට දැව තැබූ විට එම ගෘහය ගෘහ හිමියාට බලගැන්වෙන්නේ නැති අතර ගෘහය සමඟ ඇති සම්බන්ධය කන්ඩනය වීමට එය හේතු වනු ලැබේ. විශේෂයෙන් වහළයේ දැව තැබීමේ දී වහලය සකස් කරන වඩු බාස් විසින් පඬුරක් වහළයේ ගැට ගැසීම දක්‌නට ලැබෙනවා. මෙම පඬුර වහළයට ගැට ගැසීමෙන් අනතුරුව දේවාලයට ගෙනගොස් බාරය ඔප්පු කළ යුතු වුව ද වහළය ගසා වර්ෂ ගණනාවක් ගත වුවද එම පඬුර වහළයේ තිබෙන බව මා විසින් නිතර දැක තිබෙනවා. මෙය ඉතාමත් දෝෂ සහගත තවයක් වන අතර මෙහි අයහපත් ප්‍රතිඵල නිවැසියන්ට මෙන්ම වඩු බාස්‌ට ද අඩු වැඩි වශයෙන් හිමි වනු ඇත.

උළුවහු පැනීම
මීළගට එළඹෙන උළුවහු පැනීම පිළිබඳව ඔබට වැදගත් යමක් කිව යුතු වෙනවා. නිවසේ උළුවහු පැනීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තේ වඩු බාස් විසිනිs. එවිට එම උළුවහුවල තිබූ දෝෂ සමනය වන නිසාවෙනි. එසේ වුවද මේසන් බාස් විසින් උළුවහු පැනීම ඉතාමත් අයහපත් වන අතර කිසිම විටක ගෘහ හිමියා විසින් උළුවහු පැනීම නොකළ යුතු බව පෙන්වා දෙමි. ගෘහ හිමියා විසින් උළුවහු පැන්න විට ගෘහය සහ ගෘහ හිමියා අතර පවතින සම්බන්ධනය ඛන්ඩනය වීම සිදු වේ. එහි ප්‍රතිඵල ලෙස හදිසි අනතුරු වලට ලක්‌වීමේ අවදානමක් පවතී.
ගෙට ගෙවදීම
ගෘහයක වැදගත්ම අවස්‌ථාවක් ලෙස එම නිවසට ගෙවදීම නැතහොත් ගෘහ ප්‍රවේශය සඳහන් කළ හැකියි. මෙහිදී ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට ගැලපෙන නැකතක් ලබාගත යුතු අතර කෝණ මාස අත්හැරිය යුතුයි. ප්‍රථමයෙන් ගෘහ හිමියා විසින් දකුණු පාදය පෙරට තබා ආගමික ශාස්‌තෘන්ගේ පිළිමය අතැතිව ගෘහ ප්‍රවේශය සිදුකල යුතු අතර ගිතෙල් පහන දරුවෙකු හෝ බිරිඳ විසින් පසුපසින් රැගෙන යාම ඉපැරණි චාරිත්‍රය විය. ඉන්පසුව හාල්, පොල්, ධාන්‍ය, රන් රිදී ආදී අනෙකුත් දෑ ගෘහ ප්‍රවේශයේ දී පළමුව ගෘහය තුළට රැගෙන යාම වාස්‌තු ශිල්පයේ දී පෙන්වා දී තිබේ. ඉන් පසුව සුබ මුහුර්තියෙන් එල කිරි ඉතිරවීම ගෘහ හිමියා විසින්ම සිදුකිරීම කළ යුතු අතර මේ සඳහා නිවසේ බ්‍රහ්ම පාදය යොදා නොගත යුතු වේ.
ඉහතින් පෙන්වා දුන් ආකාරයට ගෘහ හිමියාට තම ගෘහය සීහුම් කර ගැනීම සඳහා වාස්‌තු ශිල්පයේ දක්‌වා ඇති වාස්‌තු පිළිවෙත් අනුගමනය කිරීම කළ යුතුයි. එසේ නොමැතිනම්, ගෘහය ගෘහ හිමියාට බලගැන්වෙන්නේ නැහැ. ගෘහයක් ගෘහ හිමියාට බල ගැන්වීම නොවූ විට එම ගෘහයන් ඉතාමත් අවසනාවන්ත නිවාස වන අතර ගෘහ හිමියාට බලගැන්වී තිබනෙ නිවස ඉතාමත් වාසානාවන්ත නිවාස වේ. ගෘහ හිමියාට මෙතෙක් බලගැන්වී නොමැති නිවාස ගෘහ හිමියාට බල ගැන්වීමේ ක්‍රම ශිල්පයන් ද වාස්‌තුවේ සඳහන් වී තිබෙනවා. නිවාස පරික්‍ෂාවේ දී වාස්‌තු ශිල්පියෙකු විසින් සෑම නිවසක්‌ම ගෘහ හිමියාට බලගැන්වීම කළ යුතු වන්නේ ඒ නිසයි.

ගෘහ හිමියාට ගෘහය බලගන්වන ඉපැරණි ක්‍රමය වාස්‌තු ශිල්පය කෙල පැමිණි වාස්‌තු ශිල්පයා ගෘහ කර්මයට ගිය පසුව ඔහු විසින් ගෘහ මූලිකයා නැත්නම් ඔහු විසින් ගෘහ මූලීකයා නැත්නම් ගෘහ හිමියා ගෘහයේ බ්‍රහ්ම පාදය මතට කැඳවා (ගෘහ හිමි කාන්තාවද වම් පසින් හිඳුවා) විශ්ව ශක්‌තිය කාන්දු වන ඊශාන දිශාවට හරවා ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට උද්දීපනය වන නිලය සොයාගෙන එම නිලය උද්දීපනය කොට ගෘහ හිමියා හරහා බ්‍රහ්ම පාදය තුළින් ගෘහයේ භූමිය වෙත ශක්‌තීන් සම්ප්‍රේෂය කිරීම කළ යුතු අතර මේ සඳහා ඉපැරණි වාස්‌තු සඡ්ජායනා යොදා ගැනීම ද කළ යුතු වෙනවා.
මෙහිදී වාස්‌තු ශිල්පයා ගෘහ හිමියා සහ ගෘහයේ බ්‍රහ්ම පාදය සහ විශ්ව ශක්‌ති රේඛාව යන සියලු කොටස්‌වල සම්බන්ධයක් සිදුවන අතර ඒ තුළින් ගෘහ හිමියාට ගෘහය බලගැන්වීම සිදුවන බව ප්‍රත්‍යක්‍ෂ සත්‍යයකි. වර්ෂ ගණනාවක් ගෘහ මූලිකයා නැත්නම් ගෘහ හිමියා ලෙස ඔබ නිවසේ ජීවත් වුවද ඔබට ඔබේ නිවස බලගැන්වී නොතිබෙන්නට පුළුවන්. සමහර විට ඔබ මරණයට පත්වන තෙක්‌ම ගෘහය ඔබ බලගැන්වී නොතිබෙන්නට පුළුවන. සෑම විටකදීම නිවස ඔබට යානොදන අතර ඔබට නිවස බලගැන්වී ඇති සෑම විටකදීම නිවස ඔබට යා දෙනු ඇත. මෙය නිවසක් සීහුම් වීම නැත්නම් නිවසක් බලගැන්වීම ලෙස වාස්‌තුවේ හඳුන්වනු ලබනවා. ඔබටත් ඔබගේ නිවස යහපත් ලෙස බලගැන්වීමට කුසල් ශක්‌තීන් වර්ධනය වේවා යෑයි මෙත් සිතින් පතමි.
We found this article from Divaina on 2014/02/09.