මුල්ගල ගෘහ මූලිකයා විසින්ම තැබිය යුතුයි

1240
මුල්ගල
මුල්ගල

තමන්ගේම නිවසක්‌ සාදා ගැනීමේ සිහිනය සමාජයේ සියලු දෙනා තුළම ඇති බාලාපොරොත්තුවකි. එය සිහිනයක්‌ සේම සමාජ වගකීමක්‌ සහ යුතුකමක්‌ ලෙසද සැලකිය යුතු වේ. මානව සමාජයේ කුඩාම ඒකකය ලෙස සැලකෙන්නේ පවුලයි. පවුලක්‌ නම්, එම පවුලට ගෘහයක්‌ නැත්නම් නිවසක්‌ තිබීම අත්‍යවශ්‍ය කාරණයකි. නිවස තුළින් පුද්ගලයකුට ලැබෙන මූලිකම කරුණ වන්නේ, අව්වෙන්, වැස්‌සෙන්, පින්නෙන් ආරක්‍ෂා වීමයි. ආරක්‍ෂාව මෙන්ම තමන්ගේ ජීවිත සුරක්‍ෂිතාවය සහ සැපවත්ව පවත්වාගෙන යැමටත් තමන්ගේ දරු මුණුබුරුන් රැකගැනීමටත් නිවස උදව් වෙනවා.

මෙම කරුණු මූලික කරුණු වුවද නූතනයේ මෙම මූලික කරුණුවලට වඩා එහාට ගිය සමාජ තවය හා පන්තිය, පරම්පරාව, බලය, කීර්තිය, කුලගොත්, ධනය ආදී දෑ ඉස්‌මතු කොට පෙන්නීම සඳහා ද ගෘහය යොදාගෙන තිබෙන බව පෙනී යනවා. පෙරකළ මෙම බෙදීම එතරම් සංකීර්ණ නොවූ අතර, රජ මැදුරු, සිටු මැදුරු, අමාත්‍ය, ආරක්‍ෂක, ප්‍රභූ ආදී ලෙස ගෘහයන් වර්ග වූ බව පෙනී යන අතර නූතනයේ දී මෙම තවය තරගකාරී ලෙස සංකීර්ණ වී ඇති බව කිව යුතුයි. කෙසේ වුවද නිවසක්‌ සාදා ගැනීම සියලු ලෞකික මිනිසුන්ගේ එක්‌ මූලීක අභිප්‍රාය ලෙස පෙන්වා දිය හැකි අතර එසේ ඉදිකර ගනු ලබන නිවසක්‌ සෑබෑ ලෙසම ගෘහ මූලිකයාට නතු කර ගන්නේ කෙසේද? එසේ නොමැති නම් සීහුම් කර ගන්නේ කෙසේද? යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

මුල්ගල

නිවසක්‌ ගෘහ හිමියාට යා දෙන්නට නම්, නිවස නිසි ලෙස බලගැන්වීය යුතුයි.

ඔබ විසින් සාදන ගෘහය මූලිකවම ඔබට බලගන්වා ගත යුතුයි. එනම් එම ගෘහය ඔබට නතු කර ගත යුතුයි. මේ ගැන නූතන සමාජයේ බොහෝ දෙනා දන්නේ නැහැ. ලස්‌සන සැලසුම්වලට විශාල වියදම් කරලා ගෙවල් හදනවා. ඒ වුනාට ඒ ගෙය ඔබට බලගැන් වී නැත්නම් එම ගෘහයේ ඇති ශක්‌තීන්ගෙන් ඔබට යහපතක්‌ වෙන්නේ නැහැ. මේ ගැන පුංචි උදාහරණයකින් පැහැදිලි කර දෙන්නම්.

මවක්‌ දරුවෙකු බිහිකොට එම දරුවා වෙනත් මවකට හදාවඩා ගන්නට දුන්නට පසු අම්මා කියන්නේ දරුවා බිහිකළ අම්මාට ද? නැත්නම් දරවාව හදාවඩා ගත් අම්මාට ද? ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. දරුවා හදාවඩාගත් මව දරුවාගේ ලෝකයේ අම්මා වනු ඇත. මේ ආකාරයටම ඔබ නිවසක්‌ සෑදුවට කලාට එම නිවසට සහ භූමියට නීතිHdනුකූල අයිතිකරුවා වූවාට එම නිවස සෑදීමට ධනය වියදම් කළාට ඔබ එම නිවසේ සැබෑම අයිතිකරුවා වන්නේ නැහැ. වාස්‌තු ශිල්පයේ අරුමය මෙයයි. වාස්‌තු ශිල්පය යනු හුදෙක්‌ ගෘහයක්‌ නිර්මාණය කිරීමේ භෞතික ක්‍රියාවලියක්‌ නොවෙයි. වාස්‌තු ශිල්පය තුළ ආධ්‍යාත්මික පැතිකඩක්‌ ද තිබෙන බව මතක තබා ගත යුතුයි. වාස්‌තු ශිල්පයේ සඳහන් මූලධර්මයන්ට අමතරව වාස්‌තු ශිල්පයේ සඳහන් වත් පිළිවෙත් තුළින් ගෘහයේ ගෘහ මූලිකයාට එම ගෘහයේ සැබෑ හිමිකාරිත්වය ලබා දෙන බව මතක තබා ගන්න. ඔබත් ගෘහයක්‌ සැදීමේ දී ඔබගේ ගෘහයේ ඔබට නතු කර ගැනීමට අවැසි වාස්‌තු වත් පිළිවෙත් නිරතුරුවම ඉෂ්ඨ කිරීමෙන් ඔබගේ ගෘහය ඔබට සීහුම් කර ගත හැකි වෙනවා.

භූමි ප්‍රවේශය

නිවස සාදන භූමියට ගෘහ මූලිකයා ප්‍රවේශ වීමේදී ඉරිදා, අඟරුවාදා, දිනයක හැර වෙනත් දිනයක ” රාහුලකාලය පන්නා සුභ මුහුර්තියෙන් දකුණු පාදය පෙරට තබා නිරිත – ඊශාන හෝ ඊශාන – නිරිත දිශාවෙන් භූමියට ප්‍රවේශ වීම මැනවි. මේ තුලින් ගෘහය සාදන භූමියේ වෙසෙන භූමි ඥාතීන්ව තමන්ට අවනත කර ගැනීමේ ශක්‌තිය සහ හැකියා ලැබෙනු ඇත. මෙම ප්‍රවේශයේ දී බෙලි ගෙඩියක්‌ සහ කොහොඹ කොළ මිටක්‌ අතැතිව ප්‍රවේශ වීම ඉතා යහපත් වේ.

භූමි ඥාතීන්ගෙන් අවසර ගැනීම

ගෘහ හිමියා විසින් ගෘහය සෑදීම සඳහා දින වකවානු තීරණය කළ පසුව මුල්ගල තැබීමට පෙර දිනයේ භූමි ඥාතීන් උදෙසා ගම්භාර දෙවියන්ගේ මූලිකතවයෙන් බහිරව දේවතා පූජාවක්‌ පැවැත්වීම කළ යුතු අතර මේ සඳහා මස්‌ මාංශ සහ පුළුටු වර්ග භාවිතා නොකළ යුතු අතර බහිරව පූජාවට පෙර දිනයේ සිට නිර්මාංශව සිටීම ඉතා යහපත් අතර මුල්ගල තබා අවසන් වී දිනයක්‌ යනතුරු නිර්මාංශ ව සිටීම ද ඉතා යහපත් මේ මේ සියලු කටයුතු සඳහා ගෘහ මූලිකයා මුල්තැන ගත යුතු වේ.

මුල්ගල තැබීම

ගෘහයන් සඳහා මුල්ගල තැබීම ඉතාමත් වැදගත් වාස්‌තු පිළිවෙතක්‌ වන අතර මේ තුලින් ගෘහ හිමියා නිවස සෑදීම සඳහා විශ්වය හා ලියාපදිංචි වීම සිදුකරනු ලබයි. මුල්ගල තැබීමට ප්‍රථම කුඤ්ඤ සිටුවීම සිදුකළ යුතු අතර ඒ සඳහා බෙලි හෝ කොහොඹ කුඤ්ඤයක්‌ භාවිතා කොට කොහු ලණු ඇදීම දක්‍ෂිණා වෘත්තව සිදුකළ යුතුයි. මෙය ගෘහ මූලිකයා විසින්ම කළ යුතුයි. ඉන් පසුව එළඹෙන මංගල පස්‌ පිඩැල්ල කැපීම ද ගෘහ හිමියා විසින්ම සූබ දිශාව බලා ගෘහයේ ඊශාන කොටසේ සිදුකළ යුතු අතර මංගල පස්‌ පිඩැල්ල ජලයේ පාකර හැරීම ද කළ යුතුවේ ඉන්පසුව එළඹෙන ඉතාමත් වැදගත්ම අවස්‌ථාව වන්නේ මුල්ගල තබන අවස්‌ථාවයි. ගෘහයකට මුල්ගල තැබීම නිසි පරිදි සිදුකළ යුතු අතර එය වරද්දා ගන්නා සෑම විටම නිවසේ ඉදි කිරීම් ප්‍රමාද වන බව පෙන්වා දෙමි.

මුල්ගල

එසේම ගෘහ හිමියා හා නිවස අතර ඇති සම්බන්ධය බලගැන්වෙන්නේ, මුල්ගල මනි. එබැවින් මුල්ගල තැබීම අනිවාර්යෙන්ම ගෘහ මූලිකයා නැත්නම් ගෘහ හිමියා විසින්ම තැබීම කළ යුතුම දෙයක්‌ ලෙස වාස්‌තුවේ සඳහන් කොට ඇත. නූතනයේ දී සමහර අවස්‌ථාවල තමන්ගේ ජන්ම පත්‍රය අනුව තමන්ට අපල තිබෙන නිසා බිරිඳ හෝ ළමයින්ට මුල්ගල තැබීම සුදුසු බවට වැරදි උපදෙස්‌ ලබාදෙන දෛවඥයින් සිටී. මෙය කිසිම විටක නොකළ යුතු දෙයක්‌ ලෙස පෙන්වා දෙන අතර, තමන්ගේ ජන්ම පත්‍රයේ කොපමණ අපල උපද්‍රව තිබුණත් ගෘහයකට මුල්ගල නොතැබීමට එවැනි තවයක්‌ ප්‍රබල හේතුවක්‌ නොවේ. අපල උපද්‍රව තිබුණත් ඔබ විසින් ගෘහයේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඔබගේ අකුසල් යටපත් වී කුසල් මතුවනු ඇත. ඊට හේතුව ඔබ විසින් සිදුකරනු ලබන්නේ මංගල කාර්යයක්‌ බැවිණි. එම නිසා කිසිම විටක මුල්ගල තැබීම වෙනත් අයෙකුට නොදිය යුතු අතර ගෘහ මූලිකයා නැත්නම් ගෘහ හිමියා විසින්ම මුල්ගල තැබීම කළ යුතු වේ.

මුල්ගල වෙනත් අයෙකු තැබූවිට කුමක්‌ සිදු වේද?

  • එම ගෘහය ගෘහ හිමියාට බල ගැන්වෙන්නේ නැහැ මේ නිසා ගෘහය සෑදීම කල්යයි.
  • එම ගෘහයේ ඇති යහපත් ශක්‌තීන් ගෘහ මූලිකයාට නොලැබෙන අතර වාස්‌තු දෝෂ වල බලපෑම නිරතුරුව බල ගැන්වේ.
  • ගෘහ මූලිකයාට නිවස සෑදීමේ කැමැත්ත අඩු වී යනු ලැබේ.
  • නිවස සහ ගෘහ හිමියා අතර පවතින සම්බන්ධය දුර්වල නිසා එවැනි නිවාස වල දරුවන් අකීකරු වීම හා ගෘහ හිමියා නිවස අතහැර යාම ආදී අයහපත් දෑ සිදුවීමේ අවදානමක්‌ පවතී.
  • ගෘහය සම්බන්ධයෙන් ගෘහ හිමියා විසින් සිදුකරනු ලබන ඉදිරි වාස්‌තු පිළිවෙත් වල බලය රහිත වීම

We found this article from Divaina on 2014/01/26.