වාස්‌තුවට අනුව නිවසේ ගෘහ අංග ස්‌ථානගත කරමු

1646
නිවසේ
නිවසේ

මිනිසා යනු ස්‌වභාවධර්මයාගේ නිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග අවශ්‍ය පරිදි නිසි ලෙස යෙදීම ස්‌වභාවධර්මයෙන් කිරීම හා කුසලතාවයන් ඇති ඇස්‌, කට, නාසය, කන් ආදී කොටස්‌ මෙන්ම අත් පය ආදී මේවා නිසි තැන යෙදී තිබේ. මේ සියලු දේවල් එක්‌ වූ විට මිනිසා යන හැඩතලය අපට හඳුනා ගත හැකිවිය. එසේ වුවද නාසය තිබෙන තැන කට යෙදී තිබුණොත් කුමක්‌ වෙයිද? එසේ වුවහොත් එම මනුෂ්‍යයාට සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස පැවැතීමට ඇති හැකියාව අහිමි වී යනු ඇත. එම හැඩතලය විකෘති තත්ත්වයක්‌ ලෙස ප්‍රතික්‍ෂේප වනු ඇත. මෙම ආකාරයටම සෑම ඉදිකිරීමක්‌ම ස්‌වභාවධර්මයට එකඟව ඉදිකරන්නේ කෙසේද යන්න පිළිබඳ කියා දීම වාස්‌තු ශිල්පය තුළින් සිදු කෙරේ. මෙහිදී ගෘහයක ගෘහ අංග නිසි තැන නිසි දිශාවේ ස්‌ථාන ගත කරන්නේ කෙසේද කියා දීම වාස්‌තු ශිල්පය තුළින් සිදු කෙරේ. මෙහිදී ගෘහයක ගෘහ අංග නිසි තැන නිසි දිසාවේ නිසි ආකාරයට ස්‌ථාන ගත කිරීම ඉතා වැදගත් වේ. මුළුතැන්ගෙය තිබිය යුතු ස්‌ථානයේ එය ස්‌ථානගත කිරීම කළ යුතු වේ. ප්‍රධාන නිදන කාමරය තිබිය යුතු තැන එය ස්‌ථාන ගත කළ යුතුවේ. වාස්‌තු ශිල්පයට පටහැනිව මුළුතැන්ගෙය තිබිය යුතු ස්‌ථානයේ ප්‍රධාන නිදන කාමරය ස්‌ථාන ගත කිරීම යනු “කට තිබෙන තැනට කන ගියා වාගේ” විකෘති තත්ත්වයක්‌ වනු ඇත. මේ නිසා ස්‌වභාවධර්මයේ නිර්මාණ හැඩ තළ ඊට අනුරූපිව සිදු කිරීම වාස්‌තු ශිල්පියේ ශිල්ප ක්‍රම තුළින් කියා දී තිබේ. මෙම ලිපියෙන් පැහැදිලි කරදීමට උත්සහ ගන්නේ ගෘහයේ ගෘහ අංග නිසි ලෙස ස්‌ථාන ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ඔබගේ ගෘහයේ ගෘහ අංග නිසි ස්‌ථානයේ ස්‌ථානගත කිරීම තුළින් ඔබට නිවසේ දොෂ මගහරවා ගත හැකි අතර ඒ තුළින් ඔබට ඉතා පහසුවක්‌ දැනෙන අතර එසේ නොවුන විට දොෂ හටගන්නා අතර ඔබට විවිධ අපහසුතා දැනෙනු ඇත. ප්‍රධාන වශයෙන් නිසි තැන ස්‌ථාන ගත කළ යුතු ගෘහ අංග කිහිපයක්‌ ඔබගේ නිවසේ තිබෙන බව ඔබ මතක තබා ගත යුතු බව පෙන්වා දෙමි. ඒවා අතර

  • මුළුතැන්ගෙය
  • ප්‍රධාන නිදන කාමරය
  • ළමා කාමර ඉතා වැදගත් බව පෙන්වා දෙමි.
  • ආගමික කටයුතු

ඔබගේ නිවසේ වාස්‌තු දොෂයන් කොපමණ තිබුණත් නිසි තැන, නිසි දිසාවේ නිසි ආකාරයට ආගමික කටයුතු සිදු කරන්නේ නම් එම දොෂයන්ගේ අයහපත් බලපෑම්වල අයහපත් ප්‍රතිඵල ඔබට නොදැනෙනු ඇත. මේ නිසා ඔබ සැම විටම ඔබගේ ගෘහයේ ආගමික වතාවත් සිදු කිරීම උතුරු ඊශාන හා නැගෙනහිර දිශාව බලා බ්‍රහ්ම පාදයෙන් උතුරු කොටසෙහි සිදු කිරීමට වගබලා ගත යුතු වන අතර කිසිම විටක ප්‍රධාන ද්වාරයේ පහන් පන්තු කිරීම හෝ ආගමික ශාස්‌තෘන්ගේ පින්තූර තැබීම නොකළ යුතු බව පෙන්වා දෙමි.

වාස්‌තුවට අනුව නිවසේ මුළුතැන්ගෙය

වාස්‌තුවට අනුව නිවසේ ගෘහ අංග ස්‌ථානගත කරමු

නිවසක මුළුතැන්ගෙය යනු එම නිවසේ මූල්‍ය මධ්‍යස්‌ථානය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කැඩපතක්‌ බඳු බවට කිව යුතුයි. ගෘහයේ මුඟතැන්ගෙය නිසි ලෙස ස්‌ථානගත වී ඇති නිවාසවල වාස්‌තු දොaෂ අවම බව මා විසින් සිදු කළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත. ගෘහයේ මුළුතැන්ගෙය සඳහා ඉතාමත් සුදුසු දිශා දෙකක්‌ පවතී.

  1. ගිණිකොන දිශාව, 2. වයඹ දිශාව – ඉතා යහපත්.

උතුරු හා බටහිරට මුහුණත් නිවසක්‌ සඳහා මුළුතැන්ගෙය ගිණිකොන දිශාව ඉතා යහපත් වන අතර දකුණට සහ නැගෙනහිරට මුහුණත් නිවාස වල මුළුතැන්ගෙය වයඹ දිශාවට ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි. මුළුතැන්ගෙය සඳහා ඉතාමත් අයහපත් ස්‌ථාන දෙකක්‌ ඇත. එනම්,

  1. ඊශාන දිශාව, 2. නිරිත දිශාව – ඉතා අයහපත්.

ඊශාන දිශාවේ හා නිරිත දිශාවේ මුළුතැන්ගෙවල් යොදා ඇති නිවාස වාස්‌තු දොaෂ වල උල්පත ලෙස සකස්‌වී ඇති බව පෙනීයයි. එබැවින් එම දිශා දෙක කිසිම විටෙක මුළුතැන්ගෙවල් සඳහා යොදා නොගැනීමට වග බලා ගන්න. එසේම නැගෙනහිර, බටහිර, දකුණ, උතුර යන දිශා මිශ්‍ර ඵල සහිත දිශා ලෙස හැඳින්විය හැකියි.

වාස්‌තුවට අනුව නිවසේ ප්‍රධාන නිදන කාමරය

වාස්‌තුවට අනුව නිවසේ ගෘහ අංග ස්‌ථානගත කරමු

ගෘහ අංග අතර ඉතාමත් ප්‍රබල ගෘහ අංගයක්‌ ලෙස ප්‍රධාන නිදන කාමරය පෙන්වා දිය හැකියි. ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස ස්‌ථාන ගතවීම තුළ එම නිවසේ යහපත් දැ සිදුවනු ඇත.

  1. පින්වත් දරු ඵල ලැබීම
  2. ස්‌වාමි භාර්යා සමඟිය
  3. නිරෝගි සම්පත
  4. කීර්තිය පැතිරයැම.

මේ නිසා නිවසේ ප්‍රධාන නිදන කාමරය යනු ඉතාමත් ප්‍රභල ගෘහ අංගයකි. සෑම විටම ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ යෙදී තිබීම ඉතාමත් යහපත් වේ. ගෘහයේ නිරිත දිශාව හිස්‌ නොවිය යුතු අතර නිවසට ශ්‍රියා කාන්තාව පැමිණීම සිදු වන්නේ නිරිත දිශාවෙනි. එසේම විශ්ව ශක්‌තිය නිවසින් පැහැර වන නිරිත දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය තිබීම ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි.

ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාමත් අයහපත් දිශා දෙකකි, එනම්, 1. ඊශාන දිශාව, 2. ගිණිකොන දිශාව.

මෙම දිශා දෙක හැර අනෙකුත් දිශාවන් මිශ්‍ර ඵල බව මතක තබා ගත යුතුයි. ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස ස්‌ථාන නොවීම තුළ පහත සඳහන් අයහපත් තත්ත්වයන් ගෘහයක උද්දීපනය විය හැකි බව පෙන්වා දෙමි.

  1. දරු ඵල අහිමිවීම්
  2. පින්වත් දරුවන් නොලැබීම
  3. ස්‌වාමි භාර්යා අසමගිය
  4. අප කීර්තිය ඇතිවීම.

මේ නිසා ගෘහයේ ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස පිහිටුවා ගැනීමට උත්සහ ගත යුතුයි.

ළමා කාමර

වාස්‌තුවට අනුව නිවසේ ගෘහ අංග ස්‌ථානගත කරමු

වාස්‌තුවට අනුව ළමුන්ගේ කාමර සඳහා කාමර ස්‌ථාන ගත කිරීමේ ක්‍රියා පිළිවෙල පැහැදිලි කර දී තිබෙනවා. දෙවියන් හා ළමුන් එකම දිශාවක යෙදිය හැකි බව මතක තබා ගත යුතුයි. මේ නිසා ළමුන් සඳහා ඉතාමත් දිශාවන් වන්නේ,

  1. ඊශාන දිශාව, 2. උතුරු/ නැගෙනහිර දිශාවන් ළමුන් සඳහා ඉතාමත් අයහපත් දිශාවන් වන්නේ,
  2. නිරිත දිශාව, 2. ගිණිකොන දිශාව ළමුන් සඳහා කාමර යෙදීමේදී මිශ්‍ර ඵල සහිත දිශා ලෙස බටහිර දකුණු දිශා පෙන්වා දිය හැකිය. ගෘහයේ නිසි දිශාවේ ළමුන් තැබීම තුළ ඔබට පහත සඳහන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකියි.
  3. ඉතා කීකරු හා ගුණගරුක දරුවන් ලැබීම, 2. අධ්‍යාපන තත්ත්වයන් වැඩි දියුණුව සිදුවීම, 3. රෝග පීඩා අවම වීම.

දරුවන් නිසි දිශාවේ ස්‌ථාන ගත කිරීම තුළ ඉහත ප්‍රතිඵල ලබාගත හැකි අතර සැමටම අධ්‍යාපන කටයුතු උතුරු, ඊශාන හා නැගෙනහිර දිශා බලා සිදු කිරීම වැදගත්වන අතර නිදන ඇඳ උතුරු දිශාවට නොදැමීමට වග බලා ගන්න. විශේෂයෙන් ළමුන් ගේ අධ්‍යාපන සාර්ථක වීම සඳහා ඊශාන හා වයඹ දිශා ඉවහල් වන බව පෙන්වා දෙන අතර ඔබගේ නිවස දෙමහල් නිවසක්‌ නම් කිසිම විටක මුළුතැන්ගෙය උඩ හෝ මුළුතැන්ගෙය යට කාමර ළමුන් සඳහා භාවිත නොකිරීමට වග බලා ගන්න.

වාස්‌තුවට අනුව ගෘහ අංග නිසි දිශාවේ පිහිටු වීම තුළින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම හා වාස්‌තු දොෂ මග හරවා ගැනීම කළ හැකි බව ඔබට කරුණාවෙන් පෙන්වා දෙමි. ඉහතින් දක්‌වන ලද ප්‍රධාන ගෘහ අංග හා ගෘහ කටයුතු පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීමට වගබලා ගන්න. මීට අමතරව බ්‍රහ්ම පාදය හා නිවසේ ද්වාර සටහන යහපත් ස්‌ථානවල පිහිටුවා ගැනීමටද අවශ්‍ය බව පෙන්වා දෙමි. මෙසේ ඔබගේ නිවසේ ගෘහ අංග නිසි ලෙස පිහිටුවා ගැනීම තුළ නිවස ස්‌වභාවධර්මයාට එකඟ නිවසක්‌ බවට පත්වනු ඇත. එසේ නොවුනු කළ ස්‌වභාව ධර්මයාට විරුද්ධ ගෘහයක්‌ වීමට ඉඩ තිබේ. ස්‌වභාව ධර්මයාට එකඟ නොවන සෑම දෙයකම පැවැත්ම තාවකාලික බව මතක තබා ගත යුතුයි. ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පය තුළින් ඔබට කියා දෙන්නේ සැමවිටම ස්‌වභාව ධර්මයාට එකඟව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඔබගේ ගෘහය සම්පත් ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ඔබ සැමට ශක්‌තිය හා ප්‍රඥව පහළ වේවා!

We found this article from Divaina on 2013/09/08.