මොකක්‌ද මේ විංශතිය

1797
විංශතිය
විංශතිය

[ratings]

වංචාවල, ගාල්ලසෑම පංචාංග පොතකම ඒ ඒ වර්ෂය සඳහා නියමිත විංශතිය හා සංවත්සරය පිsළිබඳ සඳහන් කර තිබෙනු දක්‌නට ඇත. එහෙත් මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවබෝධය හා දැනීම අඩු බවක්‌ පෙනේ. එමනිසා ජ්‍යෙතිෂය පිළිබඳව උනන්දුව දක්‌වන අයට විංශතිය හා සංවත්සරය පිළිබඳව තොරතුරු දැක්‌වීමට අදහස්‌ කළෙමි.

සෞර වර්ෂය

සූර්යා මේෂ රාශියේ සංක්‍රාන්තියේ සිට ඊළඟ මේෂ රාශි සංක්‍රාන්තිය දක්‌වා කාලය වර්ෂයකි. මෙය සෞර වර්ෂයක්‌ ලෙස හැඳින්වේ. එනම් හිරුට මේෂ වෘෂභ මිථුන ආදී රාශි 12 වැළඳීම හෙවත් ගමන් කිරීමට ගතවන කාලය සෞර වර්ෂයකි. ඊට දින 365 පැය 15 විනාඩි 31 තත්ත්පර 15 කාලයක්‌ ගත වේ.

විංශතිය

සෞර වර්ෂ 20 ක්‌ විංශතියක්‌ නමින් හැඳින්වේ. විංශති 03 කි. 1. බ්‍රහ්ම විංශතිය 2. විෂ්ණු විංශතිය 3. ඊෂ්වර විංශතිය යනුවෙන් හැඳින්වේ. මෙම විංශති තුන බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන දෙවිවරුන් නමින් නම් කර ඇත. එක විංශතියක්‌ වර්ෂ 20 කි. මෙම දෙවිවරු තිදෙනා සදාකල්හිම විංශතියට අධිපති වෙමින් ප්‍රජාව පාලනය කරයි. එක විංශතියකට වර්ෂ 20 බැගින් විංශති 03 අවසන් වූ පසු නැවත මුල් විංශතියේ සිට ආරම්භ වේ. සදාකල්හිම මේ අන්දමට විංශති උදාවෙමින් ගෙවෙමින් නැවත උදාවෙමින් පවතී.

ෂෂ්ටි සංවත්සරය

බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර විංශති 03 කාලය අවුරුදු 60 බව කලින් සඳහන් කළෙමි. මෙම අවුරුදු 60 කාලය ෂෂ්ටි සංවත්සරය නමින් හැඳින්වේ. ෂෂ්ටි සංවත්සරය ක්‍රම දෙකකට ව්‍යවහාර කරනු ලැබේ. එනම් ප්‍රභවාදී ෂෂ්ටිය සහ විජයාදී ෂෂ්ටිය යනුවෙනි. මෙයින් අපේ රටේ ප්‍රභවාදී ෂෂ්ටිය ව්‍යවහාර කරනු ලබන අතර විජයාදි ෂෂ්ටිය ඉන්දියාවේ භාවිතා කරනු ලබන බව දැන ගන්නට ඇත. අප රටේ භාවිතා කරනු ලබන ප්‍රභවාදී ෂෂ්ටි ක්‍රමය ශක වර්ෂයාගේ ආරම්භය සමග ඇති වූවකි.

අවුරුදු 60 ක්‌ වූ ප්‍රභවාදී ෂෂ්ටියේ ප්‍රථම අවුරුදු 20 බ්‍රහ්ම විංශතිය නමින්ද, දෙවන අවුරුදු 20 විෂ්ණු විංශතිය නමින්ද තුන්වන අවුරුදු 20 ඊශ්වර විංශතිය නමින්ද හඳුන්වනු ලැබේ.

යුගය

බ්‍රහ්ම විංශතිය වර්ෂ 20 – විෂ්ණු බ්‍රහස්‌පති ඉන්ද්‍ර සහ අග්නි යනුවෙන් යුග හතරකටද, විෂ්ණු විංශතිය වසර 20 – බ්‍රහ්ම ශිව, පිතර, විෂ්ටි කියා යුග හතරකටද, ඊෂ්වර විංශතිය වර්ෂ 20 – චන්ද්‍ර, ජවලන, අශ්විනි කුමාර, සූර්ය යුග හතරකටද බෙදා තිබේ. යුගයක කාලය වර්ෂ 05 කි. මේ අනුව එක එක විංශතිය යුග හතරකටද එක ෂෂ්ටි සංවත්සරයක්‌ යුග 12 කටද බෙදී ඇත. මෙම එක විංශතියක්‌ වූ වර්ෂ විස්‌ස එක්‌ එක්‌ වර්ෂය බැගින් නැවත කොටස්‌ 20 කට බෙදනු ලැබේ. මේ අනුව ෂෂ්ටි සංවත්සරයක්‌ හෙවත් විංශති 03 කොටස්‌ 60 කට බෙදනු ලැබේ. මේ අනුව එම කොටස්‌ 60 පහත සඳහන් අන්දමට බෙදනු ලැබේ.

ප්‍රභවාදී ෂෂ්ටියේ වර්ෂ ක්‍රමය

මේ අනුව 2011 හෙවත් ශක වර්ෂ 1933 පංචාංග පොතෙහි පහත සඳහන් අන්දමට නම්කර ඇත.

“ප්‍රභවාදී ෂෂ්ටියේ විෂ්ණු විංශතියට අයත් බ්‍රහ්ම යුග පස්‌වන ඉන්වත්සර භේද නාමධාරි ශිව දේවතාපති බර නම් සංවත්සරයයි”

We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here