යෞවනියන්ට බැල්ම හෙලන කළු කුමාරයා

1611
කළු කුමාරයා
කළු කුමාරයා

කළු කුමාර දිෂ්ටිය විශේෂයෙන්ම වැටෙන්නේ ස්‌ත්‍රී පාර්ශ්වයටය. මල්වර වූ සෑම ස්‌ත්‍රියකටම කළු කුමාර දෝෂය ඇතිවන බව මෙහි අදහස නොවේ. කළු කුමාරයා යනු කළු දේවතා යක්‍ෂ කට්‌ටුවේ ප්‍රධානියාය. මෙම යක්‍ෂ කට්‌ටුව යක්‍ෂ කොට්‌ඨාසයන් හැට හතරක්‌ වේ. මෙම යක්‍ෂ කොට්‌ඨාස හැට හතරින් එක්‌ යක්‍ෂ කට්‌ටුවකට අයත් යක්‍ෂයන් පිරිස අසූහාර දහස්‌ හාරසිය හැට හතරක්‌ බවද ගුරු පොත්හි වේ. මෙකී කළු කුමාරයා ගේ උත්පත්තිය පිළිබඳවද එක එක අදහස්‌ තිබෙයි. ඉන් කිහිපයක්‌ පිළිබඳ පළමුව අවධානය යොමු කරමු.

වත්මන් අප්‍රිකා මහද්වීපය හෙවත් පුරාණ උතුරුකර දිවයිනෙහි කිසිම පුරුෂයකු නොසිටි බවත්, එහි රූමත් තරුණියන් පමණක්‌ විසූ බවත්, සඳහන් වේ. මෙම තරුණියන් පුරුෂයන් ගැන අසා තිබුණද කිසිම දිනක පුරුෂයකු සියෑසින් දැක නොතිබුණේය. එහෙත් මෙම තරුණියන් පුරුෂයෙකු දැක ගැනීමේ මහත් කැමැත්තකින් පසුවිය. කාලයේ ඇවෑමෙන් මෙම තරුණියන් වාසය කරන ප්‍රදේශයට මනා පෞරුෂයකින් යුතු පුරුෂයෙකු පැමිණියේය. එවිට මෙම ස්‌ත්‍රීන් තම තමන්ගේ ආශාවන් මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් මොහුත් සමඟ පොර බදන්නට විය. ඒ හේතුවෙන් ශාරීරික පීඩාවට පත් මෙම තරුණයා මහත්වූ ද්වේශයකින්. ඒ ස්‌ත්‍රී සංහතියෙන්ම පළිගන්නෙමියි කියා අදිටන් කර ගත්තේය. එය අදටත් සැබෑවක්‌ය. අද කළු කුමාරයා නමින් හඳුන්වන්නේ මොහුය.

එකල ඉන්දියාවේ එක්‌තරා ප්‍රදේශයක රජ මැදුරක වාසය කළ කුමාරියකගේ ප්‍රථම සෘතු ලේ වහනය වූ හෙවත් මල්වරයේ කිලිටි රෙදිකඩ රජක ස්‌ත්‍රියක්‌ විසින් සෝදනාවා දුටු කළු කුමරු පසුව ඇය හා ප්‍රේමයෙන් බැඳෙන්නට සිතුවේය. ඔහුට එය නොහැකි විය. ඉන් දුකට පත් මොහු සියදිවි නසාගත්තේය. ඉක්‌බිති මෙම කුමාරයා යක්‍ෂයකු වූ බව සඳහන් වේ. සුදු ඇඳුමකින් සැරසී යගදාවක්‌ අතින් ගෙන දිලිසෙන රත්තරන් ඔටුන්නක්‌ හිසෙහි ලා, දිගු වරලස මුදාලමින්, වෘෂභයෙකු පිටෙහි නැග ගමන් යති. නලදත් සහිතය.

මහා සමුදාය මධ්‍යයේ කරඬුමාන දේවියට හා විජිත රජුට දාව රත්රන් මාලිගාවක උපත ලැබූ බවක්‌ද කියෑවේ. යස්‌සගිරි දිවයිනේ යෑයි තවත් මතයකි. ඉන්දියාවේ එක්‌ පෙදෙසක වාසය කළ මොහු එම රාජ්‍යයේ රජ කළ තමන්ගේම පියා (නාගමාල) මැරීමට උපායක්‌ යෙදීය. එම උපාය නිෂ්ඵල වී ගිය අතර සිය පියා මරණයෙන් ගැලවුණේය. ඒ හේතුවෙන් මොහු කඳු මුදුනකින් පැන සියදිවි නසා ගත්තේය. පසුව කළු කුමාරයා වී ඉපදිණි.

ස්‌ත්‍රීන්ට බලපාන කළු කුමාරයෙකු මෙන්ම පුරෂයන්ටද බලපාන කළු කුමාරියකද සිටින බවට ගුරු පොත්හි සඳහන් වේ. මනුෂ්‍යයන් වන අප අතරද ස්‌ත්‍රී පුරුෂ දෙකොටසක්‌ සිටිනවා මෙන්ම යක්‍ෂ කාණ්‌ඩ අතරද යක්‍ෂ යක්‍ෂණීන් දෙකොටසක්‌ ඇත. කළු කුමාරිය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ස්‌ත්‍රී පක්‍ෂය හෙවත් යක්‍ෂ ගණයේ වෙසෙන පුරාණ යක්‍ෂ කොට්‌ඨාසවල බිරින්දැවරුන්, සොයුරියන්ය. කළු කුමාරට බිරින්දැවරුන් තිස්‌දෙනෙකු සිටින බවද සඳහන්ය. ස්‌ත්‍රීන් කිහිපදෙනෙකුම තම සන්තකයේ සිටියදීත් වෙනත් යෞවනියන් කෙරෙහි බැල්ම හෙලනුයේ මොහුගේ අධික කාමුකත්වය හේතුකොටගෙනය. විශේෂයෙන් මොහු බැල්ම හෙලන්නේ කළු කෙල්ලන්ටය.

මොහු වෙසමුණි රජුගෙන් අවසර ගෙන යෞවනියන්ට බැල්ම හෙළන බව කියෑවේ. ඒ කුමන අවස්‌ථාවලදීදැයි විමසා බලමු. හිරු උදාවන විට හා බැස යන විට, මල් උයන්වලදී, විශාල ගස්‌ ළඟ, බටනලා වාදන අවස්‌ථාවලදී, බෙර සද්දයකදී, හස්‌තීන් ළඟදී, ගොපලු බිම් ආශ්‍රිතව, ලේ මස්‌ තිබෙන ස්‌ථානවල, මංසැල්වල, පාළු ගෙවල්, පාළු සොහොන්, හිම ආශ්‍රිත ප්‍රදේශ, ළිං, වැව් අසල, දිය කඳුරු ඕඩ ආදි අඳුරු තැන් සිට, උමංවලදී, පනින පිම්මකදී, පීල්ල ළඟ, රදා තොටුපොළ, ජල තටාක ආශ්‍රිතව, ඇඳුම් ගලවා අඳින අවස්‌ථාවල, පුළුටු මස්‌, බිත්තර බැද කා තනි මඟ යනවිට, කිරිගස්‌ යට, හුදකලාව යන එන තැන, විශාල පර්වත ආශ්‍රිතව කළු කුමාරයා බැල්ම හෙළන බව සඳහන් වේ. මාසික ඔසප් අවස්‌ථාවලදී විශේෂයෙන්ම මෙය ඉස්‌මතුවේ.

A man proposing with a ring and flowers and a woman rejecting

රෝගී තත්ත්වයේ ලක්‍ෂණ

මෙම රෝගී තත්ත්වයේ ලක්‍ෂණ ලෙස ගර්භාෂයේ අසනීප, ඇඟ කෙසඟ වීම, හන්දිපත් වේදනාව, යටිබඩ කැක්‌කුම, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, සිහිනෙන් ආහාර ගැනීම, වෙව්ලීම, තැති ගැනීම, සැක සංකාව, ඔසප් සමයේ අධික වේදනාව, දරුවන් හට නොගැනීම, ගබ්සා වීම, නිතර ඔක්‌කාරය හට ගැනීම, කැසීම, විෂර්ප (කරප්පන්) මතුවීම, ලොමුඩැහැ ගැන්වීම, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම, ශරීරයෙන් දුර්ගන්ධය හැමීම, ඇඟ නිතර දැවීම, විකෘති කතා විලාසය, අහංකාර ලක්‍ෂණ, හැඟීම් දනවන ගති ලක්‍ෂණ, මස්‌මාංශවලට ලොල් වීම, කතා විලාශය විපරිත කිරීම, නිතර කල්පනා කර කර සිටීම, විවාහය ප්‍රමාද වීම, මංගල යෝග කැඩීයැම, යුගදිවියේ ගැටලු, යුගදිවිය කලකිරීම, දියුණුව ප්‍රමාද වීම, නිල්වන් අවතාර රුව පෙනීම ආදිය දැක්‌විය හැකිය.

මෙයින් මිදීමට නම් ඔබ විසින් කළ යුතු වන්නේ අශෝභන හැසිරීම් වලින් වැළකී, සදාචාරි වීමය. හිම ආශ්‍රිත ප්‍රදේශවල තනිව වාසය නොකළ යුතුය. අරුණෝදයේ හෝ ඉර අවරට යන මොහොතේ ළිං, වැව් අසල නොසිටිය යුතුය. ගොපලු බිම් ආශ්‍රිතවද, සඳුන් වෘක්‍ෂ ළඟද තනි නොවිය යුතුය. උමං වලින් තනිව ගමන් යැමද, ගජතුන් වාසය කරන තැන්වල සිටීමද, දුටු තැන වස්‌ත්‍ර ගැලවීමද, ඇඳීමද නොකළ යුතුය. සුනඛ සංසර්ගය ඇති නැන්වල නොසිටිය යුතුයි. ලේ, මස්‌ ඇති තැන්වල තනි නොවිය යුතුය. තොටුපොළ ළඟ නෑම, හිරු උදාවන විට මෙන්ම බැස යන විටද තනි මග යැම, මල් උයන්වල තනිවීම ආදියෙන් වැලකිය යුතුය. මහ හඬින් සිනාසීම, කෑකෝ ගැසීමද නොකළ යුතුයි. විශේෂයෙන්ම මාසික ඔසප් අවස්‌ථාවේදී ප්‍රවේශම් වීම වැදගත්ය.

 කළු කුමාරයා

දැරිය මල්වර වූ විට දෙමාපියන් සතුව යම් වගකීමක්‌ වෙයි. එනම් ඇය තනි නොකිරීමට වගබලා ගැනීමයි. ඉහත කී ස්‌ථාන නොවන ඕනෑම තැනකදී යම් තරුණියක්‌ තනිවේද ඇය තමා සතුකර ගැනීමට කළු කුමාරයාට හැකිකමක්‌ වේ. මල්වර වයසේ පසුවන දැරිය ගැන විශේෂ අවධානයකින් දෙමාපියන් පසුවීම විශේෂයෙන්ම විය යුත්තක්‌ය.

තමා බැල්ම හෙළු කළු යෞවනියකට තවත් තරුණයකු ළං වෙනවාට කළු කුමාරයා කැමැති නැත. ළං වෙතත් මොනම ක්‍රමයකින් හෝ එම තරුණයාට ඇය එපා කරවන්නේය. විවාහක අයටද එසේමය, සිය ස්‌වාමිපුරුෂයා එපා කරවයි. ඔහුටද එසේම වන අවස්‌ථා බහුලය. ඇගේ ශරීරයෙන් දුර්ගන්ධය හමා යැම වැනි ක්‍රියාවන් වලින් සිය ස්‌වාමියාට ඇය එපා කරවයි. මෙය අන් අයට නොදැනෙනවා විය හැකිය. මේ අයුරින් විවාහ දිවියේ මතභේද හටගැනීම, විවාහ ප්‍රමාදය කළු කුමාරයාගේ සතුටයි.

මෙම තත්ත්වය කේන්ද්‍රයෙන් දැනගත හැකි අවස්‌ථාවන් කිහිපයක්‌ම වේ. ඒ අතරින් කුජ ග්‍රහයා අතිශයින් දුර්වල වීම ප්‍රධාන තැනක්‌ ගනී. කුජ, ශනි හෝ එවැනි තවත් පාප ග්‍රහයකු සමඟ යෝගව සිටීමද මෙම තත්ත්වය ඇතිවීමට හේතුවකි. කුජ විසි දෙවැනි දෙර්කාණාධිපතියා වීමද එසේමය. මෙම තත්ත්වය ඉස්‌මතු වන්නේ බොහෝ විට රාහු, කේතු මහ දශා, අන්තර් දශා ලැබුවායින් පසුවය. රාහු හා කේතු අසුබ අයුරකින් ජන්ම පත්‍රයේ ගෝචර වන කාලයද මෙම තත්ත්වය ඉස්‌මතු වනු ඇත. කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් එකකු ජන්ම කේන්දරයේ පස්‌වැන්නේ සිටින්නේ නම් ඔවුන්ගේ දශා, අන්තර් දශා කාලයන් ලැබුවායින් පසුව මෙම තත්ත්වය පැන නගිනු ඇත. හය අධිපතියා සමඟ සිටි කුජගේ දශාවද රවි සමඟ සිටි කුජගේ දශාවද එසේම වේ. කුජ හෝ සිකුරු යන ග්‍රහයන්ගෙන් එකෙකු හෝ දෙදෙනාම නීචව (කුජ, සිකුරු යන ග්‍රහයන් දෙදෙනාම හය, අට හෝ දොළහේ නීච වන්නට නම් කුම්භ ලග්නයෙන් උපන් අයෙකුගේ කුජ ග්‍රහයා හයවැන්නේත් සිකුරු ග්‍රහයා අටවැන්නේත් විය යුතුය). කේන්ද්‍රයේ හය, අට, දොළහ යන තැනක වීමෙන්ද, හයවැන්නාධිපතිගේ දෘෂ්ටියෙන් කුජ ග්‍රහයා දුබල වීමෙන්ද, කුජ, රාහු හෝ කේතුගෙන් පීඩා ලබද්දී හය අධිපතිගේ දෘෂ්ටියක්‌ද වේ නම් මෙකී දොaෂය ඉස්‌මතු වීමට ඇති ඉඩකඩ වැඩිය. අව පක්‍ෂයේ චන්ද්‍රයා සමඟ කුජ ග්‍රහයා හයවැන්නේ වීම තවත් හේතුවකි.

මෙම දොaෂ ඉවත් කිරීමට නොයෙක්‌ ක්‍රම එක එක අය භාවිත කරති. ඒ කෙසේ වෙතත් එය දක්‍ෂ, ගුප්ත විද්‍යා උගතෙකු ලවාම කරගත යුතුය. ඔබගේ දැන ගැනීම පිණිස එයට පිළියම් වශයෙන් ඇති ක්‍රම කිහිපයක්‌ පිළිබඳ පහත විස්‌තර කරන්නෙමි. කෙසේ වෙතත් මෙම දොaෂයන් ඉවත් කරගන්නා තුරුම සිතට, ගතට සහනයක්‌ නම් නොවේ.

 කළු කුමාරයා

කළු කුමාර කිලම්බුව

ඕං නමො සෙයිතා නාමුන්ඩියාරුම් ඔඩ්ඩිමදන පාසාන කිලම්බු පචිචිල දෂ්ටි ඉගිල වාමනේත්තුප්පුඩිසංඛ කළු කුමාර මුර්තුබන්දනේ සලිත පූට්‌ටු සලිත කිලම්බු – ගුරුළු භවන මේඝ වප්ර යක්‍ෂයා, යක්‍ෂණී උන්දු ඔට්‌ටුප්පුල්ලේ – බිහිරි යගල්දොර උපුටන් – සලිත මේඝවරන් – පළිඟුදොර කරකවන් – දෙහෙදු ගුගුරන් ඔඩ්ඩි නාරායනේ සන්නි කළු කුමාර පෝනේත්තුකෝලේ – සිලිබිලිංචික්‌කාඩුම් – උසි උසි – එන්නේත්කුක්‌කොංඩේං පූංඩරි කල්ලුං – තෙයියාරුම් – මකරහාදු වටුකා – බිලිකා හාදු බිලි කොංඩුම් එන්නයි තාංඩු ඕං ප්‍රබේරූං

ඕං හ්රිං ක්‍රනීල කොංඩේං කල්ලුදොස්‌ කුමාර – විෂ්ණු දේව පිල්ලු දේස්‌ – සූර අවතාර යක්‍ෂයා – ගිනිලත් කළු කුමාර – ඔඩ්ඩි කුමාර ඉඩහැරි – වෙසමුණි මන්චිචික්‌කට්‌ටු සර්ව යක්‍ෂයා මුර්තුප්ප්‍රලේඕඩු ආරූඩ යක්‍ෂයා මුර්තු ඉගිල ගන් – ප්‍රාණ කල්ලුම් – කළු කුමාරයා මොහු සියොළඟින් අත්හැර අහසට කිලම්බු යඃ

ඕං හ්රිං ප්‍රලාඩා හෙන ගිනි ධරණේ, ඔඩ්ඩි සන්නි කළු කුමාරයා ස්‌වර්ණ සන්නි, කළු කුමාර පේකඩ යූං – නීලයානේ, සන්නි කළු කුමාරයා තෝ ඉඩ හරු

ඕං ප්‍රලාඩා හෙන ගිනි ධරණේ – කපාල විෂධරණේ – සන්නි කතෝනා හර හර විෂ්ණු හාදු, කදිර කන්දකුමාර දේවරාජයා හාදු පිල්ලු හාදු පොස්‌ පොස්‌ භවන්තු ඊශ්වර කන්දකුමාර අණින් සන්නි කළු කුමාරයා ඉඩහරු.

මෙම මන්ත්‍රයෙන් 21 වරක්‌ තෙල් මතුරා ගානු. තුන්පාට නූල් 9 පටක්‌ ගෙන ගැට 9 ක්‌ ගසා ගැටේට 9 වර බැගින් මතුරා ගෙල බඳිනු. දෙහි 21 වරක්‌ මතුරා කපනු. කළු කුමාර ලෙඩ සුව වේ.

නාගපාසාව

ඕං නමෝ අෂ්ට බන්ද අෂ්ට භෛරවා බන්ද – ඊශ්වර භෛරවා බන්ද, විශ්ණු බන්ද, විෂ්ණු භෛරවා බන්ද – කන්ද කුමාර බන්ද – කන්ද කුමාර භෛරවා බන්ද – නාග බන්ද – නාග කුමාරයා බන්ද – කළු කුමාර දේවතාවා නාගපාසාවෙන් බන්ද බන්ද ඒස්‌වාහඃ

නූල් හත් පටට ගැට හතක්‌ ගසා ගැටේට හත්වරක්‌ බැගින් මතුරා බෙල්ලේ බඳිනු. කළු කුමාර දොaෂයට ඉතාම යහපත්ය.

තවද මදන භංගය, විෂ්ණු ආඝොර යන්ත්‍රය, ශ්‍රී විෂ්ණු යන්ත්‍රය යන යන්ත්‍රද යහපත්ය.

We found this article from Divaina on 2013/12/08.