ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ රවි ග්‍රහයාය. ජන්මියාගේ නොහොත් කේන්ද්‍ර හිමියාගේ ශරීර ශක්‌තිය, ප්‍රසිද්ධිය, ආත්ම ශක්‌තිය, ප්‍රදානත්වය, පිරිස් බලය, කීර්තිය ආදී දේවල්ද, රාජ්‍ය ස්‌වය ගැනද රවිගේ තත්ත්වය අනුව දැනගත හැකිය. උපත සිදුවූ අවස්‌ථාවේ රවි දුර්වලව සිටියේ නම් ආත්ම ශක්‌තියෙන් හීනවි ලෙඩ දුක්‌වලට භාජනය වෙයි. කේන්ද්‍ර සටහනේ 10 වැනි ස්‌ථානය රවිට ඉතා යහපත්ය. 11 වැන්නේ රවි සිටී නම් එයද ඉතා ශුභයි. මින් ගම්‍ය වන්නේ දොෂ නැසීමකි. භංගවීමකි. රවි ලග්න ගතව (01) සිටීමෙන් තරමක් උඩඟු අහංකාර ගති ඇති අයකු කරයි. කේන්ද්‍ර සටහනේ 02 වැන්නේ හෝ 08 වැන්නේ රවි සිටීමෙන් ඇස්‌වල ආබාධ ඇති කරයි. තුනේ රවි සිටීමෙන් බලවත් සහෝදරාදීන් සිටිය හැකිය. කිත් පැසසුම් ලබයි. පදිංචි ස්‌ථානයද යහපත් තැනක් වන්නේ පරිසරය තමාට හිතකර වන්නේ රවි 04 සිටින විටයි. දේපල අතින්ද දියුණුව සැලසේ. කේන්ද්‍ර සටහනේ 05 වැන්නේ රවි සිටීමෙන් අධ්‍යාපන කටයුතුවලින් උසස් තත්ත්වයක් හිමිකර ගනී. දරුඵල අඩුයි. 06 වැන්නේ රවි සිටීමෙන් ශරීරය නිරෝගීවේ. පාලන බලතල ලබයි.
හත්වැන්න (07) රවිට යහපත් නැත. සතුරු කරදර, විරුද්ධවාදීකම් ඇති කරගනී. එහෙත් විවාහයට ලැබන සහකරු හෝ සහකාරිය බලවත් අයෙකි. 08 වැන්නේ රවි සිටීම ශරීර ශක්‌තිය හීන කරයි. රාජ්‍ය අංශයෙන් කරදර ඇති කරයි. මෙසේ වන්නේ අදාල ස්‌ථානයේ රවි දුබලව සිටියහොත් පමණි. උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව සිටියොත් එකී අපල දුබලකම් නැතිවේ. 09 වැන්නේ රවි සිටීමෙන් උත්සාහවන්තව තම වැඩ කටයුතු කරගෙන දියුණුවට පත්වේ. 11 වැන්නද රවිට ඉතා යහපත්ය. ආදායම් තත්ත්වය යහපත්ය. අතමිට සරුවේ. 12 වැන්නට රවි නරකයි. වියදම් අධිකයි. පිට ප්‍රදේශවලට ගොස් කටයුතු කර ගැනීමට සිදුවේ. (විදේශ)
ඉහතින් දැක්‌වූයේ කේන්ද්‍ර සටහනේ රවි සිටින පිළිවලට යෙදෙන ශුභ/අශුභ තත්ත්වයන්ය. රවි උච්චවීම සාමාන්‍ය අයෙකුට එතරම් යහපත් නැත. එහෙත් වෙනත් ග්‍රහබල අනුව සාමාන්‍ය පුද්ගලයා වුව උසස් අයකු කරයි.

ග්‍රහයන් එකට එකතුවීමෙන් සංයෝග වීමෙන් ග්‍රහයෝග ඇතිවේ. එසේම ග්‍රහයන් කේන්ද්‍ර සටහනේ ශුභ/අශුභව පිහිටි ආකාරයෙන්ද යෝග උදාවෙයි. මෙම යෝග අතර අපල ඇතිකරන යෝගද. ශුභඵල උදාකරන යෝගද මිශ්‍රඵල ගෙනදෙන යෝගද ඇතිවේ. ඇතැම්විට ශුභඵල නැතිකරන යෝගද, දොෂ නැතිකරන (භංග) යෝද ඒ ඒ ග්‍රහයන්ගේ තත්ත්වය අනුව සිදුවේ. යෝග ගැන කතා කිරීමේදී රාජ යෝග, බාල අරිටු යෝග, මරණ යෝග, කාල සර්ප යෝග ආදී වශයෙන් යෝගවල නානා ප්‍රභේද ඇති වේ.
රවි ග්‍රහ සංයෝග
රවි ග්‍රහයා සමග වෙනත් ග්‍රහයන් එකතුවීමේදී සංයෝග වීමේදී එකී ග්‍රහයන්ගේ හැකියාවන් වැඩිවේ. ග්‍රහ සංයෝගය යනු රාශියක ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටිමය. එකම රාශියේ අංශක 28 කට වැඩිදුරින් ග්‍රහයන් දෙදෙනකු හෝ සිටීමෙන් ප්‍රතිඵල අඩුවේ. ග්‍රහ සංයෝග ඵලද ග්‍රහයන්ගේ ශුභඅශුභ පිහිටිම අනුව වෙනස්‌වෙයි.
රවි – සඳු එකට සිටීමෙන් (ලග්නයේ නම්) තරමක් ආත්මාර්ථකාමීවේ. රවිගේ රශ්මියට සඳුගේ සෞම්‍ය බව ඉවත්වෙයි. එනිසා ඔරොත්තු දෙන ගතියක් ඇති කරයි. කේන්ද්‍ර සටහනේ මේ ග්‍රහයන් දෙන්නා යහපත් තැනක පිහිටියේ නම් ධනවතකු වන්නේය. 02-03, 04-05 වැනි ස්‌ථානත් 10 ත් රවිට ශුභයි.
රවි – කුජ ග්‍රහයන් දෙන්නා එකතුවී සිටීම එතරම් ශුභ දායක නැත. මේ ග්‍රහයන් උෂ්ණ ග්‍රහයන්වීම නිසා ශරීරය උෂ්ණ වැඩිවේ. ලේදොaෂ උණ රෝග වසූරිය වැනි රෝග ඇතිවිය හැකිය.
රවි – බුධ දෙදෙනා කේන්ද්‍ර සටහනේ යහපත් තැනක (කන්‍යා – සිංහ) සිටීනම් විද්‍යා විෂයයන් සේම ගණිත මිනිත කටයුතු වලටද දක්‌ෂවේ. සමාජයේ ප්‍රසිද්ධියට, කීර්තියට පත්වේ. සිංහ රාශියට බුධ නොගැලපුනත් රවි හා එක්‌වීමෙන් අයහපතක් සිදු නොවේ.
රවි – ගුරු සංයෝගයෙන් උපන් අය නිරෝගී වේ. ප්‍රසිද්ධිය හා ගෞරවය ලබයි. කතාවට දක්‌ෂයි. ලෞකික සැප ලබයි. රාජ්‍ය සේවයේ යෙදේ. ධනයෙන් දියුණුව ඇතිවේ. රවිට කේන්ද්‍ර ගතව ගුරු පිහිටියේ නම් වඩාත් ශුබඵල අත්වේ.
රවි – සිකුරු – සංයෝගයෙන් උපන් අය කලාකාමී, කලාකටයුතු ප්‍රියකරන සංගිත, නාට්‍ය. චිත්‍ර ආදී දේවලට ඇලුම්කරන්නෝ වෙති. උභය පාර්ශවයේ අයගෙන් උදව් ලබයි. වාසනාවන්ත පවුල් (විවාහ) ජීවිතයක් ගත කළ හැකිය. යහපත් ස්‌ථානයක මේ ග්‍රහයන් සිටීමෙන් යහපත් ප්‍රතිඵල ලබයි.

රවි – ශනි සංයෝගය නිසා ශනිගේ දුබලතා නැති කර දමයි. වැඩි හිටි පක්‌ෂයේ උදව් ලබයි. සිතාමතා කටයුතු කරගනී. ඉවසිලිවන්තයි. ගනුදෙනුවලට හොඳයි. තරුණ වියේ සිට ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වේ.
රවි සමඟ කේතු සිටිවිට කේතුගේ කම්වැලි කම නැතිවී කාර්යක්‌ෂම වෙයි. රවිගේ ගතිගුණ කේතුගනී රාහු සමඟද රවි සිටීමෙන් රාහු රවිගේ ගතිගුණ උකහාගනී. ක්‍රියාශීලී පුද්ගලයකු වන්නේය.
ත්‍රි-ග්‍රහ යෝග
ත්‍රි-ග්‍රහ යෝග වලදි රවි-චන්ද්‍ර-කුජ ග්‍රහයන් එකට සිටීමෙන් ඉතා ප්‍රසිද්ධියට පත්වී සතුරන්ගෙන් ජයගනී. ධනය හා බලය එකසේ ලබයි.
රවි – සඳු බුධ තිදෙනා එක්‌වූ විට බුද්ධිමත්ව කටයුතු කරයි. ඉගෙනීමට දක්‌ෂයි. පන්ඩිත බවක් දනවයි. අයහපත් ලෙස මෙම යෝගය පිහිටීමෙන් කතාවේ වෙනසක් ඇතිවන අතර, ඇස්‌වල ආබාධයන්ද සිදුවේ.
රවි – සඳු ගුරු – සංයෝගයෙන් උපන් අය ගුණවත් බලවත් අය වන්නේය. ශරීරය නිරෝගීවේ. ලෙඩ රෝග අඩුයි. 08-06-12 වැනි ස්‌ථානයක පිහිටියේ නම් මේ ගුණ නැත.
රවි – සඳු සිකුරු – එකතුවෙන් කාමාධිකයි. අනියම් ක්‍රම මගින් කම් සැප සොයයි. ගණිකා වෘත්තියේ යෙදෙයි. මුදල් අතින් පෝසත්වේ. සතුරන් සිටී.
රවි – සඳු – ශනි – ත්‍රිග්‍රහ යෝගය නිසා නිර්භීතයි. ප්‍රසිද්ධියට පත්වේ. මරණය කල්යයි. ධනවත්වේ.
We found this article from Divaina on 2014/03/23.