ඉතිහාස පොත් බලන විට පෙනී යන ප්‍රධාන කරුණ නම් අනාදිමත් කාලයක සිට රජවරුන් විසින් ලෝකයේ රටවල් පාලනය කළ බවයි. දැනුදු ලොව ඇතැම් රටවල් රජෙකු හෝ රැජිනකගේ ප්‍රධානත්වයෙන් පාලනය වන බව අපි දනිමු. මෙවැනි ශේ්‍රෂ්ඨ තත්ත්වයකට ජන්මියා පත්කරවන ග්‍රහයෝගයක් ලෙස සිංහාසන යෝගය ප්‍රධානවේ.
මෙම ග්‍රහයෝගය පිහිටීමට නම් 2, 6, 8, 12 යන ස්‌ථානවල ශුභ ග්‍රහයින් සිටිය යුතුය. අනිත් වැදගත් කරුණ නම් සියලුම ග්‍රහයන් මේ ස්‌ථාන හතරේම යෙදී සිටිය යුතු වීමයි. යම් කිසිවෙක් මේ යෝගයෙන් උපත ලබා තරුණ වයසට පත්වේද හෙතෙම නොවරදවාම සිංහාසනේ වාඩිවන බව කිව හැකිය. මේ කාලයේ හැටියට අප රටේ නම් ජනාධිපති පුටුවේ වාඩිවිය හැකිය. එහෙත් ඒ හා සමාන විශිෂ්ට ඉගෙනීමක් ඉතා උසස් තනතුරක් මහා ධනස්‌කන්ධයක් එම යෝගය යෙදීමෙන් ලැබෙනු ඇත.
මෙම ග්‍රහයෝගය යෙදුන ජන්ම පත්‍ර සොයා ගැනීම ඉතාම දුෂ්කරය. එකී 2, 6, 8, 12 ස්‌ථානවල සියලුම ග්‍රහයින් සේදී ජනිත වන අය කාලයක් ජීවත් වන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක් වීම එයට හේතුවයි. මේ ගැන සුප්‍රසිද්ධ ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රාචාර්ය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්‌ටිගොඩ මහතා මේ දුර්ලභ ග්‍රහයෝගය ගැන මෙසේ කියයි. කේන්ද්‍රයක 2, 6, 8, 12 ස්‌ථානවල සියලුම ග්‍රහයින් නොයෙදුනත් අඩු ගණනේ ග්‍රහයින් සතර දෙනෙක්‌වත් සිටියොත් සිංහාසන යෝගය යෙදේ. පාප ග්‍රහයින් වූවොත් වඩා හොඳයි යනුවෙනි. මෙය එතුමාගේ පලාපල කියන හැටි පොතේ විස්‌තර කර තිබේ. කේන්ද්‍රයක ඉතා අශුභ ස්‌ථාන ලෙස දොaසතරේ සඳහන් වන 2, 6, 8, 12 යන භාව ස්‌ථාන පිළිබඳ ඉතා කෙටියෙන් සඳහන් කරතොත්, 2 මාරක ද, 6 රෝගද, 8 ආයුෂ මාරකද, 12 ක්‍ෂය වීමද පිළිබඳ ස්‌ථානවේ. මෙයිනුත් 6, 8, 12, 2, 12 දුෂ්ට ස්‌ථාන වශයෙන් ගණන් ගනිති. මේ ස්‌ථානවල සෑම ග්‍රහයෙක්‌ම යෙදුන කල්හි බොහෝදෙනා ළමා කාලයේදී මියයති. එසේ නැතිව දීර්ඝ කාලයක් ජීවත් වීමට වාසනාව ලද්දොa ඉතාම දියුණු වෙති. රජයෙන් සමාජයෙන් ගරු නම්බු ලබති. විශේෂයෙන් මධ්‍යම වයසේදී මහා බලවතෙකු මහා ධන කුවේරයකු වෙති.
සිංහාසන යෝගය පිළිබඳ මත කීපයක් තිබේ. ජීවනාථ ආචාර්යතුමා එය විස්‌තර කර ඇති ආකාරය පහත දැක්‌වේ. සෝලෝකයෙන් දැකගත හැකිය.
කන්‍යා, මීන, වෘෂාලි, ෙHdයදිමගාඃ
සිංසනඃ කීතිතීතඃ
කිංවෘචාපනං යුගම කම්භ හරිභො
ඛෙටානි සිංහාසනඃ
යඃ සිංහසන යොග ජොහි මනුජෝ
භූපාධි රාජෝබලි
ගජිත් කුප්ර වාජි රාජි මුකුටාරූඪො
ධාරාමන්ඩලෙ
එහි තේරුම මෙසේය. “කන්‍යා, මීන, වෘෂභ හා වෘශ්චික යන රාශි සියලුම ග්‍රහයින් උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව හෝ මිත්‍රව හෝ සිටියහොත් එය සිංහාසන යොගයවේ. ධනු, මිථුන, සිංහ, කුම්භ යන රාශිය උච්ච ස්‌වක්‍ෂේත්‍රව හෝ මිත්‍රව සියලු ග්‍රහයින් සිටිත්ද එය සිංහාසන යෝගය වේ. මේ යෝගෙන් උපන් අය රජවෙතියි කිව යුතුය. ඔවුහු භූමි මණ්‌ඩලයේ නාද කරන්නාවූ අලි ඇතුන් හා අශ්වයින් ඇත්තන්ගේ සිළුමිණක් වැනි වූවෝ වෙති.
මේෂ, තුලා ලග්නවල අයට 2, 6, 8,12 වෘෂභ, මීන, වෘශ්චික, කන්‍යා යන රාශි වෙයි. මෙකී සියලු ස්‌ථානවල සියලුම ග්‍රහයින් සිටි විට සම්පූර්ණ සිංහාසන යෝගය යෙදෙන බැව් ශ්‍රීමත් ජීවනාචාර්යතුමාගේ මතය මේ කටක මකර ලග්න හිමියන්ගේ 2, 6, 8, 12 සිංහ, ධනු, කුම්භ, මිථුන අදාළ රාශිවේ.
මේ යෝගය යෙදී නිරුපද්‍රිතව ජීවත් වීමට ලැබුණොත් ඔහු හෝ ඇය රටේ කුමන ප්‍රදේශයක විසුවත් මධ්‍යම වයසේදී විශාල ලෙස මුදල් හදල් නිවාස යාන වාහන සම්පත් එක් රැස්‌කරගෙන ඉතා බලවත් වාසනාවන්ත ප්‍රසිද්ධ අය වනවාට කිසිම සැකයක් නැත. ඇතැම් විට මොවුන් ලොතරැයි දනුම් මැණික් ලැබීම වැනි දෙයකින් හිsටි හැටියේ කෝටි සංඛ්‍යාත ධණයකට හිමිකම් කියන බව කිව හැකිය.
මේ පිළිබඳ විශේෂ ලක්‍ෂණ දෙකක් තිබේ. ඉන් එකක් නම් මෙය අල්පායුව යෝගයක්‌ද වන නිසා ළදරු, ළමා කාලවලදීම මිය යාමයි. අනෙක් කරුණ වන්නේ එසේ ඉතා අඩු වයසින් මිය යන්නේ නැතිව ජීවත් වන පුද්ගලයා රජෙක් හා සමාන බලතළ සැප සම්පත් ඇතිව ජීවත් වීමයි.
We found this article from Divaina on 2012/12/21.
Also Sinhala to English Google word to word translation can be found here